දණහිස ඇතුළු සන්ධිවල වේදනාවට ක්ෂණික සහනය ගෙනදෙන සත්කාර 6 ක්

health tips

අද බහුතරයක් දෙනා පීඩා විදින රෝගයක් තමයි දණහිස් සහ හන්දි ආශ්‍රිත වේදනාව. මේ සන්ධි ආශ්‍රිත වේදනාවන් නිසා  රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, නිවසේ කටයුතු  ආදී එදිනෙදා සිදු කරන මෙකී නොකී සියල්ලක්ම කර ගැනීමට බාධා එල්ල වෙනවා. මේ නිසාම අපිට අපේ ජීවිතය නීරස වීමක් වෙනවා. සාමාන්‍යයෙන් නිතර ක්‍රීඩාව ආදී කටයුතුවල නිරත වන අයෙක්ට දණහිස් අමාරු ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම විශාල බරක් එසවීමේදී මේ තත්ත්වයන් වැඩි වෙන්නත් පුළුවන්. කොහොමනමුත් මේ දණහිස් වේදනාව ඇතුළු සන්ධි වේදනාවන් පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර බහුල වෙනවා.ඉතින් මෙවන් හන්දිපත් අමාරුවක් ඇති විටෙකදී නිවසේදීම ඒ වේදනාවන්ට සුවයක් සලසා ගන්නට හැකි පිළියම් බොහොමයක් පවතිනවා. අද අපි ඔබට කියන්නට යන්නේ එවන් පිළියම් කිහිපයක්  පිළිබඳවයි.

දණහිස කියන්නේ අපේ ශරීරයේ පිහිටා තියෙන වඩාත්ම සංකීර්ණ සන්ධියක්. විශාල කලවා පේශීන් මගින් දණහිසට ශක්තිය වගේම  චලන හැකියාවත් ලබාදෙනවා.  ඒ වගේම ශරීරයේ ඉහළ කොටසේ බර දරා සිටින්නෙත් මේ දණහිස් දෙක මගින්. ඇවිදින විට, දුවන විට ඇතිවන ගැස්සීම් අවශෝෂණය කරන්නෙත් දණහිස් මගින්. දණහිස අපේ ශරීරයේ පැවැත්මට විශාල මෙහෙයක් සිදු කරන අවයවයක්. මේ විශාල කාර්යබාරය නිසාම ඉතා ඉක්මනින් දණහිස් විඩාවට සහ වේදනාවයත් පත්වෙනවා.මෙහිදී  සාමාන්‍යයෙන් දණහිසේ අස්ථි සම්බන්ධ  කරන  බන්ධනිය ඇදීමකට ලක්වෙනවා . මේ නිසා ස්නායු ඇදීමකට ලක්වෙලා අධික වේදනාවක් දැනෙනවා. 

 සාමාන්‍යයෙන් ක්‍රීඩාවේදී ,විශාල බරක් එසවීමේදී මේ තත්ත්වයන් වැඩි වෙන්නත් පුළුවන්. කොහොමනමුත් මේ දණහිස් වේදනාව ඇතුළු සන්ධි වේදනාවන් පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර බහුල වෙනවා. කාන්තාවන්ගේ ආර්තවහරණයත් සමඟ දණහිස් ඇතුළු සන්ධි ආශ්‍රිත ප්‍රදේශවල වේදනාවන් දැඩිව ඇතිවෙන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථුලතාවයත් දණහිස්වල වේදනාවන් ඇති කරන්නට හේතුවක් වෙනවා.

ඒ හැරුණාම තාවකාලිකව විවිධ අනතුරු ආදිය හේතු කරගෙන දණහිසේ සහ වෙනත් සන්ධිවල වේදනා ඇති වෙන්නත් පුළුවන්. ඒවගේ අපහසුතා සහ වේදනා කාලයක් ගත වෙද්දි සුව අතට පත් වුණත් දීර්ඝකාලීනව සන්ධිවල වේදනාවක් ඇත්නම් එය වෙනත් රෝග ලක්ෂණ ලෙස හඳුනා ගන්නත් හැකි වෙනවා. එවන් අවස්ථාවක වෛද්‍ය   ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

දණහිස් අමාරුවක් හඳුනා ගත හැකි ලක්ෂණ 

  • දණහිස ආශ්‍රිත ප්‍රදේශය රතුවීම 
  • ඉදිමීම 
  • දුර්වල වීම 
  • දණහිස නැවීමට අපහසු වීම 

දණහිස ඇතුළු සන්ධිවල වේදනාවන් පහසුවෙන් සුවකර ගැනීමට නිවසේදී කළ හැකි ප්‍රතිකාර 

  • දෙහි ආලේපය දෙහි හෝ ලෙමන් ගෙඩියක් ගෙන කුඩාවට පෙති වශයෙන් කපාගෙන කුඩා රෙදි කෑල්ලකින් ඔතා තල තෙල් ස්වල්පයක ගල්වන ලද දණහිස් විනාඩි 15  ක් පමණ තවන්න. දිනකට දෙවරක් මේ සත්කාරය කිරීම මගින් දණහිස් වේදනාව සුවකර ගන්නට පුළුවන්.
  • අන්නාසි, කුරුඳු සහ ධාන්‍ය දණහිස් ඇතුළු සන්ධි වේදනාවන් බොහෝමයකට හේතු වෙන්නේ අපේ ශරීරයේ ඇති යම් යම් පෝෂණ ඌණතාවයන්. අපේ ශරීරය දුර්වල වෙද්දි සන්ධි ආශ්‍රිතව මෙවැනි වේදනාවන් ඇතිවී අපහසුතා ගෙනදෙනවා.  මේ අන්නාසි, කුරුඳු සහ ධාන්‍ය මිශ්‍රණයෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ඉතාම පහසුවෙන් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.මේ සඳහා
  • වතුර කෝප්ප 1 ක්
  • ධාන්‍ය  කෝප්ප 1 
  • මී පැණි තේ හැන්දක් 
  •  අන්නාසි කැබලි කෝප්ප 3 ක් 
  •  ස්වභාවික දොඩම් යුෂ කොප්ප 1 ක් 
  •  කුරුඳු කුඩු ස්වල්පයක් 
  •  ආමන්ඩ් කුඩු ස්වල්පයක් 
  • වතුර හොඳින් රත්වෙද්දි පිරිසිදු කරගත් ධාන්‍ය අන්නාසි සහ දොඩම් යුෂ මී පැණි  කුරුඳු කුඩු සහ ආමන්ඩ් එකතු කර ගන්න. මේ සියල්ල හොඳින් මිශ්‍ර වුණාම රසවත් පානයක් ඔබට ලැබෙනවා. මේ පානය දිනපතා උදෑසන පානය කිරීමෙන් හන්දිපත් වේදනාවන් ඉතාම ඉක්මනින් සුව කරගන්නට හැකියාව ලැබෙනවා.
  • පොල්තෙල් මේද  ද්‍රව්‍ය අඩංගු වෙන ස්වභාවික ස්නේහකයක් වන පොල්තෙල් සන්ධිවල වේදනාවන් ඉතාම ඉක්මනින් සුවකර දෙනවා. මෙය රාත්‍රී  නින්දට යාමට පෙර මද වශයෙන් රත් කරගත් පොල්තෙල් දණහිස් ඇතුළු සන්ධි ආශ්‍රිතව ආලේප කරන්න. ප්‍රතිඵල ලබාගත හැකි මේ සාර්ථක ක්‍රමය ඔබත් අත්විදින්න.
  • ඇපල් සයිඩර් විනාකිරි දණහිස් ඇතුළු සන්ධිවල වේදනාවන් සමනයට ඇපල් සයිඩර් විනාකිරිවලට ඇත්තේ අපූරු හැකියාවක්. ඒ නිසා දිනපතා සතියක කාලයක් පුරාවට ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ජලයේ මිශ්‍රකර ටිකෙන් ටික් පානය කිරීම මගින් හන්දිපත් ආශ්‍රිත වේදනාවන් ගෙන් පහසුවෙන්ම මිදෙන්නට හැකියාව ලැබෙනවා. ඒ හැරුණාම ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක්  ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර වේදනා සහිත ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. මෙමගින් ඒ සන්ධි ආශ්‍රිතව ඇති වේදනාවන්  මගහරවා ගන්නට පුළුවන්.
  • ඉඟුරු සිරුරේ ඉදිමුම් තත්ත්වයන්ට වේදනාවන්ට අනාදිමත් කාලයක සිට ඉඟුරු භාවිතා කළා. ඒ නිසා හන්දිපත් වේදනාවන් සඳහා ඉතා බලගතු ඔසුවක් ලෙස ඉඟුරු හඳුන්වා දෙන්නට පුළුවන්. රත් වූ උණු වතුරට කපාගත් ඉඟුරු පෙති කිහිපයක් දමා ටික වේලාවක් තබා එයට දෙහි යුශ සහ මී පැණි එකතු කර පානය කිරීම මගින් මේ අපහසුතා මගහරවා ගන්නට පුළුවන්. මෙය සතියක් පමණ දිනපතාම පානය කිරීමෙන් ඒ අපහසුතා ක්‍රමයෙන් අඩුකර ගන්නට පුළුවන්.
  • සන්ධි වේදනාව සඳහා තෛලයක් 
  • අවශ්‍ය ද්‍රව්‍ය  
  • එඩරු තෙල්  
  •  මී තෙල් 
  • කපුරු පෙති 

මේ සියල්ල අවශ්‍ය ප්‍රමාණයට පිත්තල බදුනකට දමා විනාඩි 2 ක් පමණ වේලාවක් පහනින් රත්කර ගන්න. මෙහිදි කපුරු දිය වී තිබිය යුතුයි. ඉන්පසුව මෙය වීදුරු බෝතලයක දමා තබාගෙන භාවිතයට ගන්න.

මේ තෙල් ආලේපයට පෙර දිය ලුණු ටිකක් බදුනකට දමා රත්කර පොට්ටනික සේ සකසා ඒ වේදනා සහිත ස්ථාන තවන්න. ඉන්පසුව ඒ තෙල් දකුණු පසට මෘදුව සම්බාහනය කරමින් ගල්වා ගන්න. මෙය උදේ සවස භාවිතා කළ හැකියි.

මේ සත්කාර හැරුණාම සන්ධි වේදනාවකදී අපි වෙනස් කරගත යුතු ඇවතුම් පැවතුම් ද පවතිනවා.වාතය  සහිත ආහාරවලින් වැළකීම (වම්බටු, මෑකරල්, කඩල්, අර්තාපල්, කොස්, පොලොස් ) අධික සීතල ජලය භාවිතයෙන් වැළකීම ආදියත් මේ ප්‍රතිකාර සිදු කිරීමේදී සැලකිලිමත් වුණොත් ඉතා අපහසුවෙන් මේ හන්දිපත් වේදනාවන් සුවකර  පුළුවන්.