වයස් භේදයකින් තොරව සියලු දෙනාටම අත් විදීමට සිදුව තිබෙන ඉතා කරදරකාරි තත්වයක් ලෙස හිසේ සිටින උකුණන් හදුනා ගත හැකිය .සාමාන්‍යයෙන් උකුණෙකු මිලි මීටර් 4ක් පමණ වර්ධනය වන අතර ආයු කාලය දවස් 42ක් පමණ වේ. උකුණෙකු සාමාන්‍යයෙන් දිනකට බිත්තර දහයක් පමණ දමනු ලැබේ .
උකුණන් බෝ වීම සදහා හිස අපිරිසිදු ව පවත්වා ගැනීම ,හිසකෙස් හොඳින් නොපිරීම, ඉස්සොරි බෝවීම ,නිතිපතා ස්නානය නොකිරීම ,කුණු දූවිලි එකතු වීම මෙන්ම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම ද සිදු වේ .
යම් කෙනෙකුගේ හිසේ උකුණන් සිටිනු දැකීම ඕනෑම කෙනෙකුට අප්‍රිය දසුනක් වේ. මේනිසා බොහොමයක් දෙනා මානසිකව පීඩා විදිනු ලබයි . හිසේ ජීවත්වන පරපෝෂී ජීවී කොට්ඨාස යක් වන උකුණන් නිසා හිසේ ඇතිවන කැසීම් ඉතා කරදරකාරි වේ. මෙම තත්වයෙන් අපට අත්මිදෙන්නට නිවසේදී ම කළහැකි ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම රැසක් පවතී .
උකුණන්ගේ කරදරයෙන් මිදීමට කළහැකි ප්‍රතිකාර ක්‍රම

හිසේ උකුණන් ඉවත් කිරීමට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය පැවතියත් ඒවා භාවිත කිරීම අපේ ශරීර සෞඛ්‍යය සදහා බලපෑම් ඇති කරනු ලැබේ එනිසා ස්වාභාවික උකුණු මර්දන ක්‍රම සදහා යොමු වීම අත්‍යාවශ්‍ය වේ. එනම්
හිසේ සිටින උකුණන් ඉවත් කර ගැනීම සදහා අප පළමුව අපේ හිසේ පිරිසිදු බව පවත්වා ගත යුතුය . හොඳින් හිසකෙස් පීරීම, නිතිපතා ස්නානය කිරීම , තමන් භාවිත කරන කොට්ට ,ඇද ඇතිරිලි, පනා ,ට්‍රවල් ආදිය පිරිසිදුව තබා ගැනීම කළ යුතුය. එසේම පෞද්ගලිකව පරිහරණය කරන දේවල් පොදුවේ භාවිත කිරීම සිදු නොකළ යුතුය .(පනා ,ටවල් ආදිය ) එවිට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට උකුණන් බෝවීම වළක්වා ගත හැකිය .
කිසියම් කෙනෙකුගේ හිසේ උකුණන් බෝවීම වැඩි නම් වෛද්‍ය උපදෙස් මත ෂැම්පු වර්ග ආලේපන වර්ග භාවිත කළ යුතුය .හිසේ උකුණන් ඉවත් වන තෙක් එම ප්‍රතිකාර භාවිත කිරීම සිදු කළ යුතුය. මෙම ප්‍රතිකාර ක්‍රමයන්ට අමතරව අපට ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම ද හිසේ උකුණන් ඉවත් කිරීම සදහා භාවිත කළ හැකිය .මෙම සෑම ප්‍රතිකාර ක්‍රමයකදීම අප ,පනාවෙන් හිසකෙස් හොඳින් පීරීම කළ යුතුය .එමගින් පහසුවෙන් උකුණන් ඉවත් කරගත හැකිය. එමෙන්ම මෙම සත්කාරයන් සිදු කරන දිනයන්හි ඔබ භාවිත කරනු ලබන කොට්ට මෙට්ට පනා ආදිය වඩාත් හොඳින් පිරිසිදු කිරීම අවශ්‍ය වේ.
සුදු ලූණු සත්කාරය .මේ සදහා සුදු ලූණු ගෙඩියක් ,පෙපර්මිට් කොළ ස්වල්පයක් , දෙහි ගෙඩියක් යනාදී ඖෂධීය ද්‍රව්‍ය ගෙන පළමුව කුඩා කැබලිවලට කපා ගන්න. එම කපාගත් කැබලි හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව ඒවා ස්නානය කිරීමට පෙර හිසේ හොඳින් ආලේප කර සම්බාහනය කර පැයකට පමණ පසුව ඒවා ෂැම්පු වර්ගයක් භාවිත කර සෝදාහරින්න. මෙම සත්කාරය මාසයක් පමණ භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රථිඵල ලබා ගත හැකිය .
විනාකිරි සත්කාරය .මෙම සත්කාරය සිදු කිරීමෙන් ද අපට හිසේ උකුණන් ඉවත් කර ගත හැකිය .මෙහිදී ලුණු මේස හැදි එකකට විනාකිරි මේස හැදි කාලක් පමණ එකතු කර ජලය ස්වල්පයක් මිශ්‍ර කර එම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කිරීම මගින් පහසුවෙන් උකුණන් ඉවත් කර ගත හැකිය.
කොත්තමල්ලි කොළ සත්කාරය .කොත්තමල්ලි කොළ මිටක් පමණ ගෙන එයට වර්ජින් කොකනට් ඔයිල් නැතිනම් ඔලිව් ඔයිල් මිශ්‍ර කර හොඳින් අඹරා හිසකෙස් මත ආලේප කර විනාඩි 5කින් පසුව හිසකෙස් හොඳින් සෝදා හරින්න.
දෙහි සහ උළුහාල් සත්කාරය .මෙම සත්කාරය හිස්සොරි ඉවත් කිරීම ,හිස පිරිසිදු කිරීම ,උකුණන් ඉවත් කර ගැනීම යනාදී ගැටලු සියල්ල සදහා ම ප්‍රතිකාරයක් වේ. උළුහාල් සහ දෙහි හොඳින් තම්බා බ්ලෙන්ඩර් කර ගෙන පේස්ට් එකක් සාදා ගන්න.පසුව එය හිසකෙස් අතර හොඳින් ආලේප කර පැය භාගයකින් පමණ පසුව හොඳින් සෝදා හරින්න. මෙම සත්කාරය මගින් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීම සදහා මාසයක් පමණ එක දිගට සිදු කිරීම අවශ්‍ය වේ.

අමු නෙල්ලි කොළ සත්කාරය.අමු නෙල්ලි කොළ හොඳින් තම්බා ගන්නා ලද යුෂ හෝ අමු නෙල්ලි කොළ හොඳින් අඹරා ලබා ගන්නා යුෂ හිසේ ආලේප කර මිනිත්තු පහළොවක් පමණ ගිය පසුව හොඳින් සෝදා හරින්න.මෙමගින් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීම සදහා මාසයක් පමණ මෙම සත්කාරය සිදු කළ යුතුය.
කීකිරිඳිය සත්කාරය .හිසකෙස් සදහා බහුලව භාවිත කරන ශාක පෝෂකයක් වන කීකිරිඳිය හිසේ උකුණන් ඉවත් කර ගැනීමට ද භාවිත කරනු ලැබේ. මේ සදහා ,
- කීකිරිඳිය
- හාතාවාරිය
- කොතල හිඹුටු
- වැල් පෙනළ
- සැවැන්දරා
- ගෙඩි පහ කොළ
- අට්ටික්කා ගෙඩි සහ කොළ
- කුරුදු පොතු සහ කොළ
- වෙනිවැල් ගැට මුල් සහ දලු
යනාදී ඖෂධීය ද්‍රව්‍ය සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන මද පවනේ වියළා කුඩු කර කොහොඹ තෙල් මිශ්‍ර කර හිසකෙස් මත ආලේප කර පැයක් පමණ ගත වූ පසු හිස හොඳින් සෝදා හරින්න .මෙම ස්වාභාවික ශාක ඖෂධීය සත්කාරය උකුණන් ඉවත් කිරීමට මෙන්ම හිසකෙස් පෝෂණය කිරීමට ද උපකාරී වේ .
ගොඩපර සත්කාරය .ගොඩපර ගෙඩි හොඳින් තම්බා ගන්නා ලද ජලයෙන් හිසකෙස් සේදීම ද උකුණන් ඉවත් කිරීමට භාවිත කළ හැකි ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයක් වේ .
ඔලිව් ඔයිල් සත්කාරය .හිසකෙස්වලට ඔලිව් ඔයිල් දමා හොඳින් සම්බාහනය කර සාළුවකින් කොණ්ඩය හොඳට ඔතා තබන්න .මිනිත්තු 40කින් පමණ පසුව සිහින් දැති ඇති පනාවකින් හිස පීරා උකුණන් ඉවත් කිරීම කළ යුතුය . මෙයද උකුණන් ඉවත් කිරීමට වඩා හොඳ ස්වාභාවික සත්කාරයක් වේ.
නෙලුම් කොළ යුෂ සත්කාරය.නෙලුම් කොළ කිහිපයක් ගෙන හොඳින් කොටා ලබා ගන්නා යුෂ හිසේ හොඳින් ගල්වා පැය භාගයකට පමණ පසුව හොඳින් සෝදා හරින්න .
කොහෝකිරිල්ල ගෙඩි සත්කාරය .කොහෝකිරිල්ල ගෙඩි වල මදය සූරා හිසකෙස් අතර හොඳින් ආලේප කර පැයකින් පසුව පමණ සෝදා හරින්න .
මෙම ස්වාභාවික සත්කාරයන් සිදු කිරීමට පෙර ආසාත්මිකතාවයන් ඇති වේ දැයි පරීක්ෂා කර බැලීම වැදගත් වේ.