අතේ ඇඟිලි හිරි වැටීමට ප්‍රධාන හේතු 7ක් සහ ප්‍රතිකාර ක්‍රම 10ක්

health tips

එකම ඉරියව්වක අපි වැඩි වේලාවක් සිටිද්දි  අත්වල වගේම පාදවලත්  හිරිවැටීමක් ඇතිවීම ඔබ  අත්විඳ ඇතුවාට සැක නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ ඉරියව්ව මාරු කර සුළු වෙලාවක් ගතවුණාට පස්සේ ඒ හිරිවැටීම නැතිව යනවා. නමුත් එවන් සාමාන්‍ය  හිරිවැටීම හැරුණාම තරමක් බරපතල නොසලකා හැරිය යුතු නොවන හිරිවැටීම් ගැනත් අපිට අසන්නට ලැබෙනවා. කාන්තා  පාර්ශවය නිරන්තරයෙන්ම මැසිවිලි නගන තත්ත්වයක් තමයි කිසිම වැඩක් කරගන්නට නැහැ අඩුම පොල් ටික මිරිකා ගන්නවත්  බැහැ ඇඟිලි හිරි වැටෙනවා කියන කාරණාව. පුරුෂයන්ට වඩා මේ මැසිවිල්ල නැගෙන්නේ කාන්තාවන් අතරින්. ඉතින් මේ විදියට හිරිවැටීමක් අතේ ඇඟිලිවල ඇති වෙන්නේ ඇයි. ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවද . මේ කාරණා පිළිබඳව  දැනකියා ගන්නට ඔබත් කැමති ඇති . ඒ නිසාවෙන් අපි අද කතා කරමු මේ කරුණු කාරණා පිළිබඳව.

Carpal Tunnel Syndrome  කියන රෝග තත්ත්වයේ දී අපේ අතේ වගේම ඇඟිලිවලත් වේදනාවක් වගේම හිරි වැටීමක් ඇති වෙනවා. අපේ අතේ මැණික් කටු සන්ධියේ තුළ වූ කුහරය තුළින් අපේ ප්‍රධාන ස්නායු  ගමන් කරනවා. විශේෂයෙන්ම මේ සඳහා හේතු  වෙන්නේ අපේ අතේ සංවේදන ගෙන යන median nerve කියන ස්නායුව මැණික් කටුව සමීපයේදී තෙරපීමකට ලක්වීම. මේ median nerve කියන ස්නායුව අතේ ඇඟිලි කිහිපයකටම සංවේදන සපයන නිසා ස්නායුව තෙරපීමක දී  මේ ප්‍රදේශයේ රෝග ලක්ෂණ ඇති වෙනවා. විශේෂයෙන්ම මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ඇගිල්ල ක්‍රියාත්මක වෙන්නේ මේ ස්නායුවෙන් ගමන් ගන්නා ආවේගවලින්. මේ carpal tunnel තුළ ඇතිවන ඉදිමීම හෝ ඒ පටකයේ තදවීමක් නිසා මේ median nerve  ස්නායුව පීඩාවට පත්වෙලා ඇගිලි හිරිවැටී වේදනාවක් ඇති වෙනවා. 

ඒ විතරක් නෙවෙයි දිගින් දිගටම බෙල්ල පහතට නවා ගෙන රැකියා කටයුත්තක නිරත වෙන අයෙකුට විශේෂයෙන්ම කාර්යාලයේදී පරිගණකය සමඟ වැඩ කරන ඇදුම් මසන ආදි කාර්යන්වල නිරත වෙන අයෙකුට බෙල්ල පිටුපස ප්‍රදේශයේ කශේරුකා එකට තද වීමෙන් ස්නායු හිරවීමක් කාලයක් පැවතීමත් අත්වල ඇඟිලි හිරිවැටීම සඳහා බලපාන්නට පුළුවන්.

ආයුර්වේදයේ වගේම දේශීය වෛද්‍ය  ක්‍රමය තුළත්  ඒ සඳහා ශල්ය කර්ම නොකර තෙරපුණු ස්නායු ලිහිල් කරමින් අදාල ප්‍රතිකර්ම සිදු කරනු ලබනවා.

රෝග ලක්ෂණ 

  • අතේ ඇතිවන වේදනාව සහ හිරි ගතිය මේ තත්ත්වය ඇතිවෙන්නේ මහපට ඇගිල්ල හෝ  ඒ අවට ඇති ඇඟිලිවලයි.
  • අතේ ඇඟිලිවල දුබලතා ඇතිවීම 
  • යමක් ටික වේලාවක් අල්ලා ගෙන සිටීමේ අපහසුව 
  • වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරන්නා මෙන් දැනීම 
  • ඇඟිලි නැමූ පසු දිගහැරීම අපහසු වීම 
  • රෝග ලක්ෂණ රාත්‍රි  කාලයේදී වැඩිවීම 

ඇතැම්විට වේදනාව හේතුවෙන් රාත්‍රි  නින්දෙන් පවා ඇහැරෙන්නට පුළුවන්. ඒ වගේම මැණික් කටුව ඉහළට නවා සිටින විට හෝ අල්ලා ගෙන සිටිද්දිත් මේ රෝග ලක්ෂණය වැඩි වෙන්නට පුළුවන්.

මේ රෝග ලක්ෂණ මුලින් කඩින් කඩ ඇති වුණත් පසුව ක්‍රමයෙන් ඒ ලක්ෂණ වැඩිවීමට ලක් වෙනවා.

මේ රෝග තත්ත්වය සඳහා හේතු 

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළුවලින්  පෙළීම 
  • දියවැඩියා රෝගය 
  • ආතරයිටීස් 
  • නිතර පොල් මිරිකීම, රෙදි මිරිකීම 
  • පරිගණක ආශ්‍රිත රැකියාවල නිරන්තරයෙන් නිරත වීම 
  • පෙදරේරු කර්මාන්තයේ නියැලීම  
  • ගැබ් ගැනීම 

පිළියම් 

  • උණු ජලය ටිකක් ගෙන 50 c පමණ නිවෙන තුරු ඇල් ජලය දමා එයට ලුනු කැට ස්වල්පයක් ද දමන්න.පසුව  මැණික් කටුවට මදක් ඉහළට වෙන්නට ගිලෙන පරිදි අත එහි බහා විනාඩි 5 තබා ගන්න.
  • පසුව අත පිසදමා ගන්න.
  • කපුරු තෙල්, මී තෙල් සහ කොහොඹ තෙල් සම ප්‍රමාණවලින් ගෙන කලවම් කර හැන්දකට දමා රත් කරගෙන මැණික් කටුව ආශ්‍රිතව හොඳින් ගා මහපට ඇගිල්ලෙන් හොඳින් තද කරමින් විනාඩි 10 ක් පමණ හොඳින් පිරිමදින්න.

ඉන්පසු පහත සඳහන් ව්‍යායාම එකකින් 15 බැගින් හොඳින්ම අත ඇදෙන ආකාරයට දවසට දෙවරක් සිදු කරන්න. අතේ මැණික් කටුව තමන් සිටින දෙසට (ඇතුල් පැත්තට ) අනෙක් අත භාවිතයෙන් අදින්න.  

  • රෝගී අතේ අත්ල උඩු අතට සිටින පරිදි ඉදිරියට දිගහැර අනෙක් අත භාවිතයෙන් අත්ල පහළට නවන්න.
  • අත් දෙකේම ඇගිලි එකිනෙක බැදෙන පරිදි තබා ගෙන ඉදිරියට දිග අරින්න. එවිට අත්ල පිටට පෙනෙන සේ දිස් වෙයි.
  • අතේ සෑම ඇගිල්ලක්ම අනෙක් අතින් උඩු අතට අදින්න. එක් ඇගිල්ලක් වාර 10 ක් පමණ අදින්න.
  • ව්‍යායාම් අවසානයේදී ජලය බදුනකට අයිස් කැට කිහිපයක් දමා එහි විනාඩි 15 ක් පමණ අත ගිල්වා තබන්න.

මේ රෝගී තත්වයෙන් මිදෙන්නට වගේම එයට ගොදුරු නොවී ඉන්නට  වැඩ කටයුතු කරන අතරේ අතට නිසි විවේකයක් ලබාදීම කළ යුතු වෙනවා. එකදිගට වැඩ කිරීම නිසා  ද මේ තත්ත්වය ඇතිවෙන නිසා  ඒ කාරණා  පිළිබඳව සැලකිලිමත් වෙමින් ශල්ය කර්මයකට නොයා එය සුවපත් කරගන්නට උනන්දු වීම වැදගත්. ඒ සඳහා මේ පිළියම්  නොවරදාවාම සිදු කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම