අත් සහ අතැගිලි  හිරිවැටීම එක රැයකින් සුව කර හැකි හැකි සත්කාර 3 ක්

health tips

අද ගොඩක් දෙනෙක් අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක් තමයි අත් හිරිවැටීම සහ අතැගිලි හිරිවැටීම  කියන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ  Carpal tunnel syndrome ලෙස හඳුන්වන මේ රෝගය ආයුර්වේදයේදී  වාත රෝගයක් ලෙසටයි සලකන්නේ . කොහොම වුණත් දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දෑත් හිරිවැටීම හෝ යම් වැඩ කටයුත්තක් කිරීමට නොහැකිව දෑත් හා ඇඟිලි හිරිවැටීම ගණන් නොගෙන සිටීම නම් නුවණට හුරු නැහැ.  බොහොවෙලාවට  මේ රෝගය වයස අවුරුදු 40 – 45 අතර වයස්වල පසුවන පුද්ගලයන් අතර සුලබව  දකින්නට ලැබෙන රෝග  තත්ත්වයක්. මේ රෝගය කුමන හේතුවක් මත ඇතිවුණත් එය අපේ එදිනෙදා කටයුතුවලට දැඩි බාධාවක් එල්ල කරන රෝගයක් නිසා එය සුවපත් කරගන්නට උනන්දු වීම වැදගත්.

මැණික් කටුව අස්ථි ප්‍රදේශයෙන් ගමන් කරන ස්නායුව හිර කිරීමෙන් පීඩාවට ලක්වීමෙන් හට ගන්නා මේ තත්ත්වයේ දී මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල යන ඇඟිලි තුනේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා. එහි මූලිකව ඇතිවෙන ලක්ෂණය තමයි හිරිය කියන්නේ. මුල්කාලීනව මේ හිරි වැටීමට ප්‍රතිකාර නොකර සිටීමෙන්  අත්ලේ මාංශ පේශීවල ක්‍රියාකාරිත්වයට අඩපණ වෙනවා. 

අතේ හිරිය ඇති වෙන්නට බලපාන හේතු 

  • නිතර පරිඝනයක් භාවිතා කිරීම 
  • නිතර ලිවීම 
  • අධිකව දෑත් වෙහෙසවන ආකාරයේ රැකියාවල නිරත වීම 
  • ස්ථුලතාවය 
  • පිළිකා හා  ගෙඩි 
  • තයිරොක්සීන් හෝමෝනවල වෙනස්කම් 
  • සන්ධිගත වාත තත්ත්වයන් ආදියට නිසි ලෙස ප්‍රතිකාර නොගැනීම 
  • දැඩි ලෙස කම්පන ඇතිවන උපකරණ භාවිතා කිරීම 
  • ගර්භනී අවස්ථාවලදී හෝර්මෝනවල තත්ත්වය වෙනස්වීම 
  • වැටීම් කැඩීම් ආදී අනතුරු 
  • කශේරුකාවේ ඉහල කොටසේ කැඩීම හා ස්නායු තෙරපීම් 
  • දියවැඩියාව 
  • ඇතැම් ඖෂධ වර්ග 

රෝග ලක්ෂණ 

  • අතේ ඇගිලිවල වරින් වර නලියන ස්වභාවය 
  • හිරිවැටීම 
  • අත අප්‍රාණික  වීම 
  • යමක් වැඩිවෙලාවක් අල්ලා ගෙන සිටිය නොහැකිවීම  
  • අත මිට මොළවා යමක් කිරීමේදී වේදනාව හා හිරිය ඇතිවීම (පොල් මිරිකීම ආදියේදී )
  • එකදිගට ලිවීමේ අපහසුව 

අත් හිරිවැටීම් ඇතිවීම වළක්වා ගන්නට කළ හැකි දේ 

  • තද ඇදුම් ඇදීමෙන් වැළකීම 
  • විටමින් සහ ඛනිජ ලවණ නිසි පරිදි ලබාගන්න. 

විශේෂයෙන්ම B6 , B12සහ පොටෑසියම් ඌණතාවයත් අත් සහ පාද හිරිවැටෙන්නට බලපෑ හැකියි.

බෝ නොවන රෝග සඳහා නිසි පරිදි  ප්‍රතිකාර ලබා ගැනීම තයිරොයිඩ්  ග්‍රන්ථියේ  ගැටළු හේතුකරගෙන ස්නායුක සංවේදනය අඩපණ වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ  තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමේ අඩුපාඩු අත් සහ පාද හිරිවැටීමට බලපානවා. එනිසාවෙන්  ඒ සඳහා ප්‍රතිකාර නිසි පරිදි ලබාගැනීම වැදගත්.

ඒ වගේම දියවැඩියාව හේතුකරගෙනත් මේ අත්පාද  හිරිවැටෙන්නට පුළුවන් . විශේෂයෙන්ම රුධිරයේ සීනී අධි සාන්ද්‍රණය  නිසා පාදවල ඇති ස්නායු පෙගි පෙගී තිබීමෙන් මෙලෙස ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙලා හිරිවැටීම් ඇතිවෙනවා . එනිසා දියවැඩියාවත් හොඳින් පාලනය කරගැනීම වැදගත්.

නිවැරදි ඉරියව්වෙන් වාඩි වීම වැරදි ඉරියව්වකින් වාඩිවීම නිසා උරහිස් ආශ්‍රිත ස්නායුවලට හානිවෙන්නට පුළුවන්.  ඒ තත්ත්වය අතට වගේම මැණික් කටුවටත් අයහපත් ආකාරයට බලපානු ලබනවා.

වැඩ කටයුතු කරන විට දෑත්වලට විවේකයක් ලබා දෙන්න. සෑම පැය 2-3 ට වරක්ම දෑත්  සඳහා විවේකයක් ලබා දිය යුතු වෙනවා.

දෑත්වලට ව්‍යායාම් ලබාදීම දෑත්වල මැණික් කටු සන්ධිය චලනය කිරීම මගින් මැණික් කටුවට ව්‍යායාම් ලබාදීම වගේම යතුරු පුවරුවක්  සමඟ වැඩ කරන විට අත් නැමීමකින් තොරව තබා ගෙන වැඩ කරන්නටත් වග බලා ගන්න.

මැණික් කටුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා wrist splint වැනි මෙවලමක් පැළදීම 

අතේ හිරිය සඳහා සරල ප්‍රතිකාර 

මැණික් කටුව ප්‍රදේශය අයිස්වලින් තැවීම වැඩ කටයුතු කිරීම අවසන් කිරීමෙන් පසුව අයිස් ඇට කිහිපයක් ගෙන රෙදි කෑල්ලකින් ඔතා විනාඩි 5-10 ක් පමණ මැණික් කටුව හා ඒ වටා මාංශපේශී තැවීමෙන්  ඒ වේදනාවෙන් සහනයක් ලබා ගන්නට පුළුවන්.

  • මුරුංග පොතු, කුරුඳු කොළ,නික කොළ, තෙල් එරඩු කොළ, සුදු ළූණු එකට කොටා පොට්ටනි බැද හුමාලයෙන් තම්බා තවන්න.
  • නික කොළ බෙලි කොළ, සුදු ළූණු  රතු ළූණු, එඩරු කොළ අමු ඉඟුරු ආදී සියල්ල එකට කොටා ගෙන පොට්ටනියක් ලෙස සකසා ගන්න. එය හුමාලයෙන් තම්බා වාත තෙලක් ආලේප කිරීමෙන් පසුව අත්ල ආශ්‍රිත වේදනාව සහ හිරිය ඇති ප්‍රදේශය තවා ගන්න.
  • දෙහි කොළ, දෙහි පොතු කොටා පොට්ටනි ලෙස සකස් කර වණ්ඩුවේ තම්බා තවන්න.

මේ ප්‍රතිකර්ම මගින් තාවකාලික සුවයක් ලැබුණත් නැවත නැවත දෑත්  හිරිවැටීම් තත්ත්වයන් ඇති වෙන්නේ නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ඒ  සඳහා සුළු  ශල්‍ය කර්මයක් කරන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ විවිධ තෙල් වර්ග ආලේප කර සම්බාහනය, තැවීම් ආදිය මගින් මේ රෝග තත්ත්වය නිට්ටාවට සුවකර ගන්නට හැකියාව පවතිනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් ඔබත් පීඩා විදින අයෙක් නම් එය සුළුවට නොගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න කටයුතු කරන්න.