ඇස් පෙනීම අඩු පුද්ගලයන්ගේ ඇස් පෙනීම කෙටි කලකින් වැඩි කරන කැරට් පානය සතු ගුණ 22ක්

health tips

විටමින් A වැඩි ප්‍රමාණයක් අඩංගු එළවළුවක් ලෙස කැරට් හඳුනාගත හැකිය. ඊට අමතරව තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් කැරට් වල අඩංගු වේ. 

  • විටමින් A, B C
  • ප්‍රෝටීන්
  • කැරොටීන්
  • රයිබොප්ලෙවින්
  • ෆෝලික් අම්ලය
  • යකඩ 
  • තයමින්
  • සීනි
  • මේදය
  • තයසීන්
  • ජලය
  • තන්තු 

මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු කැරට් ව්‍යංජනයක් ලෙස, සලාදයක් ලෙස සුප් පානයක් ලෙස හෝ යුෂ පානයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කරගෙන නිරෝගී දිවියක් ගත කළ හැකිය. රසවත් කැරට් පානයක් සකස් ගැනීම සඳහා 

  • කැරට් අල  02
  • ලුණු ස්වල්පයක්
  • මී පැණි ස්වල්පයක්
  • වතුර කෝප්ප 1 

පළමුව කැරට් අල  ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කැබලි වලට කපා ඊට වතුර ස්වල්පයක් මිශ්‍ර කර  හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. 

පසුව අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර කර මී පැණි ස්වල්පයක් දෙහි යුෂ ස්වල්පයක් හා රස පදමට ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. 

මෙය දිනපතා පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 

කැරට් පානය කිරීමෙන් අත්කරගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

සම පැහැපත් කරයි.විටමින් A, C,E ,කැරොටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් කැරට් යුෂ පානය දිනපතා භාවිතා කරන්නේ නම් එමගින් සමෙහි ඇතිවූ ලප කැළැල් අඳුරු පැහැය දුරු කරගෙන සම පැහැපත් කර ගත හැකිය. එමෙන්ම මෙම පෝෂ්‍ය පදාර්ථ සමෙහි කොලජන් නිෂ්පාදනය වැඩි කර  තරුණ පෙනුම රැක ගැනීමට ද උපකාරී වේ. 

හිසකෙස් වර්ධනය කරයි.අකලට හිසකෙස් වැටීම ගැලවී යාම මෙන්ම හිසකෙස් වර්ධනය නොවීම වැනි ගැටලු සමනය කර හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා කැරට් යුෂ පානය දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ එනම් කැරට් වල අඩංගු විටමින් A,B,C,E හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් වර්ධනය කිරීම සිදු කරයි. 

කුරුළෑ සුව කරයි කුරුලෑ ඇති වීම හේතුවෙන් පීඩාවිඳින ගැහැණු පිරිමි දෙපාර්ශවය සඳහාම කැරට් යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කැරට් යුෂ පානය දිනපතා  භාවිතා කිරීමෙන් ඒවායෙහි අඩංගු විටමින් A,C ඇතිවූ කුරුලෑ සමනය කර නැවත කුරුලෑ ඇතිවීම වලක්වනු ලබයි.

මළබද්ධය, අර්ශස් සමනය කරයි.කැරට් යුෂ දිනපතා පානය කරන්නේ නම් එමගින් මලබද්ධය නොහොත් මලපිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සුව කරගත  හැකිය. එමෙන්ම මල බද්ධය උග්‍ර වීමෙන් ඇති වන අර්ශස් රෝගය සමනය කිරීම සඳහා ද දිනපතා කැරට් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් කැරට් වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මළ පහ පිට කිරීම පහසු කරවනු ලබයි. 

ශරීරය සිසිල් කරයි.ශරීරයේ උෂ්ණාධික භාවය පවතින විටෙක කැරට් යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් එමඟින් ශරීරය සිසිල් කර ගත හැකිය. විශේෂකොට දේශගුණික විපර්යාස නිසා හෝ ආහාර රටාව නිසා ශරීර දාහය පවතින පුද්ගලයින්ට මෙම පානය වඩාත් ගුණදායක වේ. එනම් කැරට් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීර උෂ්ණත්වය දුරු කර ශරීරය සිසිල් කරනු ලබයි. එමෙන්ම මෙම යුෂ පානය දිනපතා භාවිතා කිරීමෙන්  උෂ්ණය නිසා ඇතිවන සමෙහි රෝග ද සමනය කර ගත හැකිය.

අක්ෂි රෝග ඇතිවීම වලක්වයි.ඇස්වල පෙනීම වැඩි දියුණු කර ගැනීමට මෙන්ම ඇස් ආශ්‍රිතව ඇතිවන වෙනත් රෝග ඇති වීම වළක්වා ගැනීමට කැරට් යුෂ පානය දිනපතා භාවිතා කිරීම වඩාත් ගුණදායක වේ. එනම් ඇස් වලට හිතකර විටමින් A, 

  • බීටා කැරොටීන් වැඩි ප්‍රමාණයක් කැරට් වල අඩංගු වේ.
  • එමෙන්ම කැරට් යුෂ දිනපතා  පානය කිරීමෙන් 
  • අස්ථි ශක්තිමත් කර ගත හැකිය 
  • මතක ශක්තිය වැඩිදියුණු කර ගත හැකිය 
  • හෘද රෝග සමනය කර ගත හැකිය 
  • පිළිකා මර්දනය කර ගත හැකිය.
  • රුධිරය වර්ධනය කර ගත හැකිය 
  • බැක්ටීරියා ආසාදන සමනය කර ගත හැකිය 
  • රුධිර පීඩනය ඇතිවීම වළක්වාගත හැකිය 
  • ශරීරයේ විෂ ඉවත් කර ගත හැකිය 
  • මුඛ රෝග සමනය කර ගත හැකිය. 
  • ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය. 
  • පණු රෝග සමනය කර ගත හැකිය 
  • ආමාශ රෝග සමනය කර ගත හැකිය. 
  • ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගත හැකිය 
  • ආහාර දිරවීම පහසු කර ගත හැකිය

මේ ආදී රෝග ගණනාවක් සුව කර ගැනීමට කැරට් යුෂ දිනපතා පානය කිරීම යෝග්‍ය වේ.  නමුත් දියවැඩියා රෝගීන් කැරට් ආහාරයට ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය.