ඇවිදිනකොට දණහිස් වල ටකස් ටකස් ශබ්දයක් එනවනම් දැන්ම ආහාරයට ගත යුතු දේවල් 10 ක්

health tips

වයස්ගතවීමත් සමඟ ඇතිවන සන්ධි ආබාධ සඳහා බලපාන ප්‍රධාන හේතුවක්  තමයි කාටිලේජ ගෙවීයාම. ඒ නිසාම සන්ධි චලනය වීමේදී වේදනාව ඇතිවීම, ඉදිමීම, සන්ධිවලින් ටකස් ශබ්දයන් නිකුත්වීම දකින්නට පුළුවන්. කාටිලේජ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සන්ධිවල වැදගත් අංගයක්.  85% ක් වතුර ලෙස පවතින කාටිලේජ මෘදු ඝන සහ නම්‍යශීලී බවින් යුක්තයි. විවිධ අනතුරු, අස්ථි ආශ්‍රිත පිළිකා, වැරදි ඉරියව් ආදී විවිධ සාධක හේතුවෙන් කාටිලේජ ගෙවීයාමත් නිසා සන්ධි ආශ්‍රිතව විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. මොකද කාටිලේජ ගෙවී යන්නට වගේම ඒවා වර්ධනයටත්  දිගු කාලයක් ගත වෙනවා. ඒ නිසාම අද පටන් ඔබ දියවෙන කාටිලේජ නැවත  වර්ධනය කරන්නට සමත් මේ  ආහාර ලබා ගන්නට උනන්දු වෙන්න.

  • දොඩම් ඇතුළු පැගිරි කුලයේ පලතුරු කාටිලේජවල ඇති ප්‍රධානම සංඝටයක් වන කොලජන් කියන ප්‍රෝටීන නිෂ්පාදනයට විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. තරුණ වයසේ පටන්ම ඔබ දිනකට දොඩම් ගෙඩියක් ආහාරයට ගන්නට පටන් ගත්තොත් ඔබේ අස්ථි පද්ධතිය නීරෝගි කර කාටිලේජ වර්ධනයටත් එය විශාල උදව්වක් වෙනවා.
  • දෙළුම් බහුලවම දකින්නට නොලැබෙන මිලෙන් අධික වටිනා ගුණයෙන් පොහොසත් පලතුරක් තමයි දෙළුම් කියන්නේ. දෙළුම්වල විටමින් C, විටමින් B, පොටෑසියම් ආදී පෝෂකයන් බහුලව තියෙනවා. ඒ නිසාම දිනකට දෙළුම් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් දෛනික විටමින් අවශ්‍යතාවයෙන් 1/3 ක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. කොහොමනමුත් වෛද්‍යවරුන් පවසන ආකාරයට දිනපතා දෙළුම් ගෙඩියක් ආහාරයට ගන්නට හැකි නම් එය ගෙවී ගිය කාටිලේජ ඉතාමත් ඉක්මනින් වර්ධනය කරගන්නට විශාල දායකත්වයක් සපයනවා. 
  • තද කොළ පැහැති පලා වර්ග අපි ගන්නා සකස් කරන ලද ආහාර නිසා ඇතිවන මුක්ත ඛණ්ඩක පිළිකා සෛල වර්ධනය කිරීම වගේම කාටිලේජ වර්ධන ක්‍රියාවලියත් අඩපණ කරනවා. මුක්ත ඛණ්ඩකවල හානිය නතර කරන්නට හොඳම ක්‍රමය වෙන්නේ  ප්‍රතිඔක්සිකාරකවලින් බහුල ආහාර ගැනීම. තද කොළ පැහැ පලා වර්ග එයින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නවා. විශේෂයෙන්ම නිවිති, බ්‍රොකලි, පාස්ලි ආදී පලා වර්ග ප්‍රතිඔක්සිකාරකවලින් බහුලයි. ඒ හැරුණාම මේ පලාවල මැග්නීසියම් බහුල නිසා ඒවා කාටිලේජ වර්ධනයට ඍජුවම  දායක වෙනවා.
  • දුඹුරු සහල් දුඹුරු සහල් සතු සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝ ඉහළ බව ඔබ දන්නවා. කොලෙස්ට්‍රෝල් පාලනය, ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කිරීම, රුධිරය කැටි ගැසීමේ රෝගය සුවපත් කිරීම වගේම ආතරයිටීස් ආදී සන්ධි ආශ්‍රිත රෝග සඳහා එන්නත් නිෂ්පාදනයටත් මේ දුඹුරු සහල් භාවිතා කෙරෙනවා. ඉතින් ඒ නිසාම සතියකට දෙතුන් වරක් හෝ දුඹුරු සහල් ආහාරයට ගැනීම අපේ  කාටිලේජ වර්ධනය කරගන්නට උපකාරී වෙනවා.
  • රට කජු අපි ගන්නා ආහාර අවශෝෂණය සඳහා මැග්නීසියම් ඉතා වැදගත් වෙනවා. ඉතින් රටකජුවල මැග්නීසියම් බහුලවම අඩංගු වෙනවා. ඒවා ආතරයිටීස් ආදී රෝග ඇතිවීම වළක්වමින් කාටිලේජ වර්ධනයට උපකාරී වෙනවා. 
  • අලිගැට පේර ඉතාම ඉහළ පෝෂණ ගුණයකින් සමන්විත අලිගැට පේර ලෙඩ රෝග බොහොමයකටම දිව ඔසුවක්. ඒ විතරක් නෙවෙයි අස්ථිවල කාටිලේජ වර්ධනයටත් අලිගැට පේර ඍජුවම දායක වෙනවා. අලිගැට පේරවල අත්‍යවශ්‍ය මේද  අම්ල බොහෝමයක්  අඩංගු වෙනවා. එයට අමතරව ඒක සංතෘප්ත මේද,  විටමින් E ආදී කාටිලේජ වර්ධනයටත් සන්ධිවල ඉදිමුම අවම කරන්නත්  දායක වෙන පෝෂක  බොහොමයකිනුත් අලිගැට පේර පිරී පවතිනවා. ඒ නිසා නිතරම වගේ අලිපේර ආහාරයට ගැනීමෙන් සන්ධි ආශ්‍රිත වේදනාවන් නම් ඇති නොවන බව සහතිකයි.
  • ඔමේගා 3  මේද අම්ල බහුල ආහාර ඔමේගා 3 බහුල ආහාරවල අපේ දේහයේ කාටිලේජ වර්ධනය කරන්නට අවශ්‍ය සංඝටක බොහොමයක් අඩංගු වෙනවා. ඔමේගා 3 බහුලම මාළු වර්ග සැමන් මසුන් වුණත් ලංකාවේ අපිට සැබෑම සැමන් මසුන්  ගන්නට නොහැකි නිසා ඒ වෙනුවට මැකරල්, ලින්නා, ආදී  මසුන් ආහාරයට ගන්නට හැකියාව තියෙනවා.
  • කහ කහවල ඇති කර්කියුමින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයට පිළිකා ඇතිවීමේ අවදානම අඩුකරන්නට අපූරු හැකියාවක් තියෙනවා. කාටිලේජවලට හානි කරන මුක්ත ඛණ්ඩක  නැසීම  අතින් ද ඉදිරියෙන් සිටින කහ අහාරවලට වැඩිපුර එකතු කර ගැනීම කාටිලේජ වර්ධනයට බෙහෙවින් වැදගත් වෙන්නක්.
  • ඔලිව් තෙල් අපි බහුලවම පොල් තෙල් ආහාර පිසීම සඳහා භාවිතා කළත් ආහාර පිසීමට වඩාත්ම ගුණදායක තෙල් වර්ගයක් තමයි ඔලිව් තෙල් කියන්නේ. ඔලිව් තෙල් අපේ ආහරයට භාවිතා කරන්නේ නම් කාටිලේජ නැවත වර්ධනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා. එය ආතරයිටීස් රෝගය වැළදීමේ අවදානමෙන් මිදෙන්නටත්  උපකාරී වෙනවා.
  • රතු ළූණු සහ සුදු ළූණු  රතු ළූණුවල බහුලවම අඩංගු කසටීන් කියන  සංයෝගය බී ළූණුවල අඩංගු වෙන්නේ සුළු වශයෙන් . මේ කසටීන් ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් නිසා  මුක්ත ඛණ්ඩකවලින් වන හානිය වළක්වා  කාටිලේජ  වර්ධන ක්‍රියාවලිය උත්තේජනය කරනවා. සුදු ළූනුවල අඩංගු ඇලිසීන් කියන සංයෝගය කාටිලේජ වර්ධනය වේගවත් කරන්නට සමත් වෙනවා. ආතරයිටීස් දැනට වැළදී ඇති අයෙක්ට වුණත් සන්ධි වේදනා දුරුකර ගන්නට මේ සුදු ළූණු උපකාරී වෙනවා.
  • හරිත තේ 
  • රනිල කුලයේ ශාක (බෝංචි, ග්‍රීන් පීස්, ) 

ඔබේ ස්වාභාවිකව ගෙවී ගිය කාටිලේජ නැවත වේගයෙන් වර්ධනයට ගත යුතු ආහාර ලැයිස්තුවේ මැග්නීසියම් බහුල ආහාර ගැනීම අනිවාර්ය බවත් සිහියේ තබා ගන්න.