සොබාදහම මිනිසාට දයාද කරන තවත් අපුරු ශාකයක් ලෙස කජු ශාකය හදුනා ගත හැකිය. පෝෂණීය ගුණයෙන් ඉතා ඉහළ කජු ලොකු කුඩා සෑම දෙනෙකුගේම ප්‍රියතම පළතුරක් වේ. විශාල ප්‍රමාණයේ ශාකයක් වන කජු ශාකයේ පත්‍ර තද කොළ පැහැයක් ගනී. කජු ඵලය රසයෙන් යුතු වන අතර එහි පවතින බීජය ආහාරයට ගන්නේ පුළුස්සා ගැනීමෙනි .කජු පෝෂ්‍ය පදාර්ථ බහුලව අන්තර්ගත පළතුරකි. එනම් කජුවල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.
- 1. ශක්තිය
- 2. ප්‍රෝටීන්
- 3. මේදය
- 4. නියසීන්
- 5. විටමින් සී
- 6. රයිබොප්ලෙවින්
- 7. කැල්සියම්
- 8. පොස්පරස්
- 9. යකඩ
- 10. තයමින්
- 11. කැරොටින්
- 12. කාබෝහයිඩ්‍රේට් ආදී පෝෂ්‍ය ගුණ රැසකින් කජු සමන්විතවේ.
කජු ශාකයේ ඖෂධීය ගුණ

දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී විවිධ රෝග සුවපත් කිරීම සදහා කජු ශාකයේ විවිධ ශාක කොටස් භාවිත කරනු ලැබේ. එසේම යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමට කජු පුහුලම්,කජු ඇට ආහාරයට ගැනීම යෝග්‍යවේ.
- අර්ශස් සදහා ගුණදායකවේ .කජු ශාකයේ දළු අර්ශස් සදහා ගුණදායකය. එනම් නොමේරු කජු දලු මිටක් ගෙන තම්බා එය සිහින්ව ලියාගෙන එයට රතු ලූණු ,කරපිංචා ,අමුමිරිස් ,මිරිස්,ලුණු කුඩු ,තුනපහ ආදියද යොදා පොල්කිරි එක්කර ලිපෙන් තබා සිදුනු පසුව ලිපෙන් බා ආහාරයට ගැනීම මඟින් අර්ශස් රෝගය සමනය කර ගත හැකිය.
- කජු මද ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි .එසේම එය පිළිකා නසන ගුණයෙන් ද යුක්ත වේ.
- මල පිට කිරීම පහසු කරවයි.
- කජු ගසේ පොතු හොඳින් තම්බා ගෙන ලබා ගන්නා ජලය පානය කිරීමෙන් ,මල හොඳින් පිටවීම සිදුවේ.
- සන්ධි ඉදමුම් සමනය කරයි.
- උපදංශයේදී හටගන්නා සන්ධි ඉදිමුම් වලට ගුණදායකය.
- දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
- දියවැඩියාව සදහා කජු ආහාරයට ගැනීම ගුණදායකවේ .
- කජු තෙල් කජූ ලෙලිවල ඇති තෙල් ලාදුරු වල ඇතිවන හිරි ගතියට ,පොතුකබර සදහා ,ඉන්නන් සදහා ආලේප කිරීමට ,පණුවන් නැසීමට භාවිතා කළ හැකිය.
- සංකාව දුරු කරයි .කජු මානසික සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගන්නට ද උපකාරී වේ. සාංකාව නිසා ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස තුලනය කිරීමට කජු වලට හැකියාව පවතී .කජු වල අන්තර්ගත මැග්නීසියම් හා සින්ක් යන සංඝටක මේ සදහා උපකාරී වේ. බටහිර රටවල සාංකාව සදහා ප්‍රතිකාර කිරීමේදී කජු ආහාරයට ලබා දීම සිදු කරනු ලැබේ .
- රුධිර පීඩනය අවම කරයි .මිනිසාට ඇතිවන භයානක රෝගී තත්වයක් වන අධි රුධිර පීඩනය සමනය කර ගැනීම කජු ග්‍රෑම් 30 ක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.එනම් ඉන් ශරීරයේ රුධිර පීඩනය සාමාන්‍ය ආකාරයට පවත්වා ගෙන යාමට හැකියාව ලැබේ. කජුවල අන්තර්ගත ඇමයිනෝ අම්ල මේ සදහා ප්‍රධාන වශයෙන් උපකාරීවේ.

- හදවත ආරක්ෂා කරයි .ශරීරයට හිතකර මේදය ලබා ගැනීමට කජු ආහාරයට ගැනීම ගුණදායකය. එමෙන්ම ශරීරය තුළ අහිතකර මේදය තැන්පත් වීම වළක්වා ගැනීමට ද කජු ආහාරයට ගැනීම සුදුසුවේ. එනම් ඉන් රුධිර ධමනි අවහිර නොවී නිසි පරිදි හෘදයට රුධිරය සැපයීම සිදුවේ. මේ නිසා හෘදයේ ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව සිදුවේ.
- අස්ථිවලට ආරක්ෂාව සපයයි.කජූ වල අන්තර්ගත මැග්නීසියම් හා පොස්පරස් අස්ථි පෝෂණය සදහා වැදගත්වේ. මෙහි අන්තර්ගත විටමින් කේ අස්ථි වර්ධනය සදහා අවශ්‍ය කැල්සියම් ද අවශෝෂණය වේගවත් කිරීමට ඉවහල් වේ. මේ නිසා සෑම දෙනාටම පාහේ කජු වටිනා ආහාරයක්වේ.
- ශරීරයට අවශ්‍ය ඇන්ටිඔක්සයිඩර් ලබා දෙයි.ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය ඇන්ටිඔක්සයිඩර් කජු තුළ අන්තර්ගත වේ. මෙමගින් ශරීරයේ අභ්‍යන්තරය ආරක්ෂා කිරීම සිදු වන අතර එමගින් ලෙඩ රෝගවලින් අප ආරක්ෂා කරනු ලබයි .
- ක්ෂණික ශක්තිජනකයක් ලෙස භාවිත කරනු ලැබේ .ප්‍රමාණයෙන් කුඩා වුවත් අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් පවතින නිසා රෝගී වූ විට මෙන්ම ගර්භණී ත්ත්වයේ පසුවන විට කජු ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. ඊට හේතුව එහි අන්තර්ගත ශක්තිය ක්ෂණිකව ශරීරයට අවශෝෂණය වීමයි.
- හිසකෙස් දීප්තිමත් කර ශක්තිමත් කරයි .කජුවල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ හිස කෙස් දීප්තිමත් කර ශක්තිමත් කරයි. එසේම හිසකෙස් වල වර්ණය වැඩි කිරීමට ද කජු ආහාරයට ගැනීම ගුණදායකය.
- ශරීරයට ජවසම්පන්න බවක් ලබා දෙයි .කජුවල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය සදහා උපකාරීවේ. කජු ආහාරයට ගැනීමෙන් පරිවෘත්තීය සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට ද උපකාරී වන නිසා ජවසම්පන්න බවක් ඇති වනු ලැබේ.
- දන්ත සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට උපකාරීවේ.කජුවල අන්තර්ගත ඇනකාඩික් අම්ලය දත් දිරා යාමට හේතූ වන බැක්ටීරියා විනාශ කර දත් ශක්තිමත්ව පවත්වා ගැනීමට උපකාරී වේ .

- ඉරුවරාදය සුවපත් කරයි .ශරීරයේ මැග්නීසියම් ඌනතාව නිසා නිතර නිතර හිසරදය ඇති වීම සිදුවේ. එබැවින් දිනපතා කජු ආහාරයට ගැනීමෙන් ශරීරයේ අන්තර්ගත මැග්නීසියම් තුලනය වී ඉරුවරාදය සුවපත් වීම සිදුවේ.
- ඇස් ආරක්ෂා කිරීමට ඉවහල් වේ .අපගේ ඇස් නීරෝගීව පවත්වා ගන්නට උපකාරී වන lutein ,Zeaxanthin නම් ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු ආහාරයක් ලෙස කජු හදුනා ගත හැකිය .දිනපතා කජු ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට හැකිය . එනම් කජු වල අඩංගු Zeaxanthin මගින් දෘෂ්ටිවිතානයට හානිකර පාරජම්බුල කිරණවලින් අපේ ඇස් ආරක්ෂා කරනු ලබයි .
මේ ආදී වශයෙන් පෝෂණීය ගුණ පිරි කජු ආහාරයට ගැනීමේදී දිනකට ගෙඩි 4-5ක් පමණ ආහාරයට ගැනීමට කටයුතු කළ යුතුය. ප්‍රමාණය ඉක්මවා ආහාරයට නොගත යුතුය.