සමබල ආහාරවේලක් ගැනීම ලොකු පොඩි කාටත් අනිවාර්‍යයි කියලා අපි පොඩිකාලෙ ඉදලම ඉගෙන ගෙන තියෙනවා නේ. ඉතින් මේ ආහාරවේල සමබල වෙන්නට නම් කොළ මැල්ලුමක් එකතු වෙන්නම ඕන. ඉස්සර ගැමියෝ ආහාරයට ඕන කරන පලා කොළ ටික අවටින්මයි හොයාගත්තේ. එහෙම බලද්දි ආහාරයට ගන්නේ නැති පලාවක් තිබුණෙ නැති තරම් . ඒත් අපි ඕවායින් ගොඩක්ම වල් පැලෑටි විදියට සලකන නිසාම ලෙඩ රෝගත් අපිව හොයාගෙන එන්නෙ හරි වේගයෙන් . ඉතින් අද මේ කියන්න යන්නේ වියදමක් නැතිව බත්පත රස කරන ගෙවත්තේ පලාවක් ගැන. ඒ තමයි මඤ්ඤොක්කා .
ඉස්සර ඉදලම මඤ්ඤොක්කා අල තම්බලා එහෙමත් නැත්නම් ව්‍යන්ජනයක් විදියට අපේ ආහාරයට එකතු වුණා නේ. ම්ඤ්ඤොක්කා අල විතරක් නෙවෙයි මඤ්ඤොක්කා කොළ කියන්නෙත් පෝෂණ ගුණය අතින් ඉතාම ඉහළ පලාවක්. මේ මැල්ලුමේ රස දන්නා අය නම් මඤ්ඤොක්කා කොළ මැල්ලුම් හැමදාම වුණත් කාවි. කොහොමවුණත් ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා දිනපතා ආහාරයට ගන්නෙ නැතුව සතියකට තුන් හතර වතාවක් මේ මැල්ලුමක් කෑවට වැරැද්දක් නැහැ. තිබ්බටු කොච්චි දාල හදන මඤ්ඤොක්කා කොළ මැල්ලුම , අගුණකොළ කරපිංචා කතුරු මුරුංගා ආදිය දාලා හදන කලවම් මැල්ලුම්වලටත් මඤ්ඤොක්කා කොළ හරි අගෙයි. සමහරු සිහින් වෙන්න ලියලා වගේම වංගෙඩියේ කොටලත් මේ මැල්ලුම සකස් කරගන්නවා. ඉතින් රසයෙන් ගුණයෙන් පිරුණු මඤ්ඤොක්කා කොළ ගැනයි මේ කතා කරන්නේ.

මඤ්ඤොක්කා අල වගේම කොළත් සයනයිට්වලින් පොහොසත් ආහාරයන්.මෙහි ලිනමරීන් කියන රසායනික සංයෝගයක් ද අඩංගු වෙනවා. මේ සයනයිට් ප්‍රමාණයන් නීරෝගී පුද්ගලයෙකුට විවිධ අපහසුතා ඇති කරන්න නම් ශක්තිමත් නැහැ. නමුත් මඤ්ඤොක්කා සමඟ ඉඟුරු ආහාරයට ගතහොත් මේ ලිනමරීන් එන්සයිමය ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් ලෙසට ක්‍රියා කරනවා. මෙයින් සිදු වෙන්නේ සාමාන්‍ය තත්ත්වයට වඩා සයනයිට් මුදාහැරීමයි. මෙය සංවේදී පුද්ගලයන්ට අහිතකර ප්‍රතිඵල ඇති කරන්නට පුළුවන්. එනිසා මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා .
ප්‍රෝටීන් බහුල මඤ්ඤොක්කා කොළවල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය බිත්තරයක තියෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන බව සඳහන් වෙනවා . ඒ වගේම සෝයා බෝංචිවල තිබෙන ඇමයිනෝ අම්ල සංයුතියට වඩා විශිෂ්ඨ වෙනවා.මඤ්ඤොක්කා කොළ ග්‍රෑම් 100 ක යකඩ මිලිග්‍රෑම් 6-27 ක් තරම් ප්‍රමාණයක් ද අන්තර්ගත වෙනවා. ඒ අනුව මඤ්ඤෝක්කා කොළ යකඩවලින් පොහොසත් පලාවක් මේ අගය බිත්තර 4 ක තියෙන ප්‍රමාණයටත් වඩා වැඩි අගයක්. මදසරුභාවය වළක්වන සින්ක් එහෙමත් නැත්නම් තුත්තනාගම් ඛනිජය මඤ්ඤොක්කා කොළ ග්‍රෑම් 100 ක මිලි ග්‍රෑම් 6-2 අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.
දියර කිරි මිලිලීටර් 100 ක ඇති කැල්සියම් මෙන් දෙගුණයක් මඤ්ඤොක්කා කොළ මිටක තියෙනවා. ඒ වගේමයි කිරි බිත්තර සහ මස්වලටත් වඩා විටමින් මඤ්ඤොක්කා කොළවල අඩංගු වෙනවා. විටමින් A සහ C බහුලයි . විටමින් කේ සහ බී කාණ්ඩයේ විටමින් වර්ගත් අඩුවක් නැතිවම මඤ්ඤොක්කා කොළවල අඩංගු වෙන නිසා රෝග සියගණනින් අපිට ආරක්ෂාව සලසා ගන්නට මේ පලාව උදව් වෙනවා.
මඤ්ඤොක්කා කොළ ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
- පිළිකා සෛල විනාශ කරයි.
- සිරුරේ වේදනාවන්ට ගුණදායකයි.
- වයස්ගතවීමත් සමඟ ඇතිවන අමතකවීමේ රෝගය දුරු කරයි.
- තරුණ පෙනුම රැකදෙයි.
- ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
- මතක ශක්තිය වර්ධනය කරයි.
- කුසගිනි ඇති කරයි .
- මලබද්ධය දුරලයි .
- අස්ථි ශක්තිමත් කරයි .
- ලිංගික බෙලහීනතාවයට ගුණදායකයි .
- අධික රුධිර පීඩනයට ගුණදායකයි.
- මඳසරුබව නැතිකරයි .
- හිසරදය සුව කරයි.
- විවිධ බැක්ටීරියා, වයිරස් සහ දිලීර හේතුවෙන් ඇතිවන පාචනය සුව කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම් සකස් කර ගන්නා ආකාරය
- මඤ්ඤොක්කා ලපටි කොළ ග්‍රෑම් 250 ක්
- තිබ්බටු ග්‍රෑම් 100 ක්
- වියළි මිරිස් කරල් 2 ක්
- රතු ළූණු ගෙඩි 5ක්
- හීන් කොච්චි කරල් 6 ක්
- සුදු ළූණු බික් 2 ක්
- ගා ගත් පොල් කෝප්ප 2 ක්
- පිරිසිදු පොල්තෙල් මේස හැදි 3 ක්
- අබ ඇට තේ හැදි භාගයක්
- ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය

ළපටි මඤ්ඤොක්කා කොළවල නාරටි කඩා ඉවත් කර සෝදා ගෙන, එයට නැටි ඉවත් කර සෝදා ගත් තිබ්බටු දමා වතුර ඉවත් වනතුරුතබා හොඳින් කොටා ගන්න. මේ සඳහා ලී වංගෙඩියක් භාවිතයට ගන්නට පුළුවන්.
මඤ්ඤෝක්කා කොළ සහ තිබ්බටු කුඩා කැබලිවලට කැඩුණු පසුව එයට ගා ගත් පොල් සහ හීන් කොච්චි දමා තවදුරටත් කොටා ගන්න.
පසුව පීරිසි කෝප්ප බාගයක් පමණ ජලය එකතු කර භාජනයක් ලිප තබා එයට කොටාගත් කොළ මිශ්‍රණය සහ ලුණු දමා විනාඩි 5 ක් පමණ පියන වසා නොගෙන තම්බා ගන්න. එවිට මේ මඤ්ඤොක්කා කොළවල ඇති විෂ ඉවත්ව යනවා. මෙහිදී මැල්ලුමේ කොළ පැහැය ඉවත් නොවන ලෙස තම්බා ගත යුතුයි.
පසුව භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත් වුණාට පස්සේ අබ දමා ඒවා පුපුරන විට රම්පේ කරපිංචා යන්තමට තලාගත් සුදු ළූණු, රතුළූණු කපාගත් වියළි මිරිස් ආදිය දමා තෙම්පරාදු කර ගන්න. පසුව එයටම කොටාගත් මඤ්ඤෝක්කා කොළ සහ තිබ්බටු එකතු කර විනාඩි 5 ක් පමණ තෙම්පරාදු කර අවශ්‍ය නම් නිවුණු පසුව දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කර ගන්න.
සැලකිලිමත් වෙන්න.
- මඤ්ඤොක්කා කොළ සිහින්ව ලියා මැල්ලුම් සකස් කර ගැනීමේදී සිරුරට අගුණ වෙන්නට ඉඩ තියෙනවා.
- ඒ නිසා මේ කොළ මැල්ලුමක් ලෙස සකස් කර ගැනීමේදී සුදුසුම ක්‍රමය වෙන්නේ කොළ උණු වතුරෙන් තම්බා සිහින්ව ලියා ගැනීමයි.
- එසේත් නැත්නම් මඤ්ඤොක්කා කොළ පිරිසිදු ජලයෙන් සෝදා වංගෙඩියේ කොටා ගැනීම සුදුසුයි .
- මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුමට කරපිංචා කොළ මිටක් එකතු කර කොටා ගැනීමෙන් එහි ගුණය තවත් වැඩි කර ගන්නටත් පුළුවන්.
- මඤ්ඤොක්කාවල විෂ වැඩියෙන්ම තියෙන්නේ ඉහළම තියෙන දල්ලේ වගේම අලයේ පිට පොත්තේ.ඒ නිසා ඉහළ අග දල්ලේ සිට කොළ 8 කට පමණ පසුව ඇති කොළ මඤ්ඤොක්කා කොළ මැල්ලුමට ඉතා සුදුසුයි.
මඤ්ඤොක්කා කොළ විෂහරණය කර ආහාරයට ගැනීමෙන් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එනිසා හැමදාම කන කොළ මැල්ලුමට වෙනසක් විදියට ගුණයෙන් ඉහළ මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් එකතු කර ගන්නට අමතක කරන්න එපා.