නිරෝගී දෙනෙත් හිමිවීම කියන්නේ පෙර වාසනාවක්. ඒත් පෙර පිනකට ලැබුණු ඇස්වලට යම් රෝග තත්ත්වයක් ඇති වනතුරු අපිට ඇස් වල වටිනාකම ගැන නම් හරියට වැටහෙන්නේ නැහැ. ඒ නිසා මුළු ජීවිත කාලය පුරාම ඇස් දෙක නිරෝගීව තියා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ලෝකය දකින්නට අපේ ශරීරය තියෙන එකම ඉන්ද්‍රිය ඇස් දෙක නිසා ඇස්වල යම් සුළු දෝෂයක් වුණත් නොසලකා හරින්නට නරකයි.
අක්ෂි සෞඛ්‍යය ගැන කතා කරද්දි වයස්ගත වීමත් එක්ක ඇතිවන විවිධ ලෙඩ රෝග තියෙනවා. ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ එවැනි වයස්ගත වීමත් එක්ක බහුතරයක් දෙනෙක්ට ඇතිවන රෝග තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේ ඇසේ සුද ඇති වුණොත් ඒ සඳහා ප්‍රතිකාර නිසි ලෙස නොකළොත් සදාකාලිකවම අන්ධභාවයට පත් වෙන්නටත් අපිට සිදු වෙනවා.
අද වෙද්දි අපිට අසන්නට ලැබෙන කණගාටුදායකම කාරණාව තමයි මේ ඇසේ සුද අත දරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම දෙනාට උරුමවෙන රෝගයක් බවට පත්ව තිබීම. සාමාන්‍යයෙන් බොහෝ දුරට ඇසේ සුද ඇති වන වයස් සීමාව වයස අවුරුදු 60 ඉක්ම වූ බවට පැවසුණත් අවුරුදු 40 – 45 සීමාවේ පුද්ගලයන්ටත් ඇතැම්විට උත්පත්තියෙන් දරුවන්ටත් ඇතිවෙන්න පුළුවන් රෝගයක්.
ඇසේ සුද යනුවෙන් හඳුන්වන්නේ ඇසේ අක්ෂි කාචය විවිධ හේතු මත ඝන වීමට පටන් ගැනීම. මෙසේ ඇසේ සුද ඇතිවෙන්නට බලපාන්නේ අක්ෂි කාචය. මේ කාචය සැකසිලා තියෙන්නේ ප්‍රෝටීන සහ ජලය මගින් . මේ ප්‍රෝටීන් මතින් ජලය ගමන් කිරීමෙන් අක්ෂි කාචයේ පිරිසිදු බව පවත්වා ගන්නවා. .වයසට යාම ඇතුළු විවිධ හේතු මූලික කරගෙන අක්ෂි කාච මත මුලින්ම කුඩා කොටසක් ලෙස ප්‍රෝටීන ආවරණයක් බැඳීම් සිදු වන නිසා කාචයේ පාරදෘශ්‍යභාවය එහෙම නැත්නම් විනිවිදභාවය ක්‍රමයෙන් අඩුවෙලා යනවා. මෙයට මුල් අවස්ථාවේ ප්‍රතිකාර නොකළොත් අක්ෂි කාචය මත ඒ ප්‍රෝටීන ආවරණය ව්‍යාප්තිය වැඩිවීම නිසා සුද ඇතිවීම හෝ ග්ලූකෝමා තත්ත්වයත් ඇති වෙන්නට පුළුවන්. නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ඇසේ සුද ඇතිවීම වර්ග තුනකට බෙදා දක්වනවා

අක්ෂි කාචයේ ආවරණ පටලයේ සුද ඇතිවීම මේ ආකාරයට සුද ඇතිවීම දකින්නට ලැබෙන්නේ ජන්මයෙන් ඇතැම් අලුත උපන් දරුවන්ගේ. මේ සඳහා මූලික හේතුව වෙන්නේ මවට ගර්භනී කාලයේදී රුබෙල්ලා රෝගය සෑදීම සහ ජර්මන් සරම්ප වැළඳීම . හැරුණාම දරුවා පිළිසිඳ ගත් මුල් අවධියේ දී දරු ගැබ තුළ සිදුවන යම් යම් ආසාදන සහ මව ගන්නා ඖෂධ වර්ගත් මේ සඳහා හේතු වෙන්න පුළුවන්.
ඇතැම්විට මව x-ray කිරණ වැනි කිරණවලට භාජනය වීමත් දරුවාගේ උපතින්ම සුද ඇතිවීමට බලපාන කාරණාවක්.දරුවා ඉපදී දින දෙකක් තුනක් ඇතුළතදී ලේසර් ප්‍රතිකාර ක්‍රමය මගින් හෝ ultra sound ප්‍රතිකාර ක්‍රමය මගින් ඇසේ සුද ඉවත් කිරීම සිදු කරනවා .
කුඩා දරුවන්ගේ ඇස්වල සුද ඇතිවීම සඳහා ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් එය අක්ෂි කාචය පාරදෘශ්‍ය නොවීම නිසා කුඩා කාලයේ දී ඇස භාවිතයට නොගැනීම නිසා ඇස අලස බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇසේ වපරභාවයක් ඇති වෙන්නට පුළුවන්. එහිදී සිදු වෙන්නේ විවිධ දිශාවන්ට හරවන බාහිරස්ත පේශිවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමක්.
අක්ෂි කාචයේ මැද සුද මතුවීම මේ තත්ත්වය වැඩි වශයෙන් අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයන් අතර දකින්නට පුළුවන්. මේ රෝග තත්ත්වය සඳහා වයසට යාම බලපාන්නේ නැහැ. මේ තත්ත්වය නොසලකා හැරීම ග්ලූකෝමා තත්ත්වය තෙක් වර්ධනය වෙන්නට පුළුවන්.
අක්ෂි කාචයේ ඇතුළත පටලයේ සුදු මතුවීම මේ තත්ත්වය බොහෝ විට මතු වෙන්නේ අවුරුදු 60 – 80 කියන කාල පරාසයන්වලදී. මෙසේ වර්ග කිරීමට ලක්කර ඇත්තේ සාමාන්‍යයෙන් ඇසේ සුද ඇති වන ආකාරයය සහ එයට බලපාන වයස් සීමාව සැලකිල්ලට ගනිමින්.මේ කාරණා හැරුණාම ඇසේ සුද මතුවීම සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්.
ඇසේ සුද ඇතිවීමට බලපාන අවශේෂ කාරණා
වයස්ගත වීම වයස්ගත වීමත් සමග ශරීරයේ යම් යම් පෝෂණ ඌණතා ඇති වීම මේ රෝගය ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ප්‍රෝටීනවල, ඇමයිනෝ අම්ලවල සහ විටමින් ඌනතාවයන් මේ සඳහා බලපානවා.
විජලනය ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාවන් ා සීඝ්‍රතාවයකින් සිදුවෙන්නට අපේ ශරීරයට අවශ්‍ය කරන ජලය නිසි ලෙස නොදැමුණු විජලන තත්ත්වය යටතේ කාචයේ අමතර ප්‍රෝටීන් ආවරණ මැරීමක් සිදු වෙනවා .අධික ශීත තත්ත්වයක් පවතින යුරෝපීය රටවල්් වල ජීවත් වෙන පුද්ගලයන්ට සහ ශීත කාමරවල දෛනික ජීවිත ගත් කර කරන පුද්ගලයන්ට ඇසේ සුද මතු වීමේ වැඩි අවදානමක් පවතින්නේ නිසා.
- දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය
- දීර්ඝකාලීනව දියවැඩියා රෝගයෙන් පෙළීම වයසට යාමේදී ඇතිවන ඇසේ සුදට මූලික හේතුව වෙන්නේ දියවැඩියාව. දියවැඩියාව නිසි පරිදි පාලනය නොකිරීමෙන් සුදු ඇතිවීම වළක්වා ගන්නට හැකියාවක් නැහැ.
- ඇස් අලසව දිගුකලක් තිබීම සෑම ඉන්ද්‍රියක් සෞඛ්‍ය සම්පන්නව තියාගන්නට ඒවායේ ක්‍රියාශීලී බව අතිශයින්ම වැදගත් .ඇස් වෙහෙසවා වැඩ කරන ගුරුවරුන්, කර්තෘවරුන් ආදීන්ට වඩා සාමාන්‍ය පුද්ගලයන්ට ඇසේ සුද ඇතිවීමේ සම්භාවිතාවය වැඩියි. ඇතැම් පුද්ගලයන්ට සේවයෙන් විශ්‍රාම ගත් විගස ඇසේ සුද මතුවෙන්නට පුළුවන්.
- විවිධ අනතුරු නිසා ඇසට සිදුවන හානි
- ප්‍රවේණිගත සාධක දෙමව්පියන්ට හෝ පවුලේ නෑදෑ පුද්ගලයෙකුට අක්ෂි ආබාධ පවතිනවා නම් ඔබට මේ තත්ත්වය ඇති වීමේ සම්භාවිතාවක් පවතිනවා.
- දැඩි හිරු එළියට නිතර නිරාවරණය වීම නිතර හිරු එළියට නිරාවරණය වීම නිසා යම් ප්‍රමාණයකින් හෝ පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම සිද්ධ වෙනවා. මෙය ඇසේ සුද ඇතිවෙන්නට බලපානවා.
- ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත්වෙන ඖෂධ දිගු කාලයක් භාවිතා කිරීම විශේෂෙන්ම හතිය ඇදුම රෝගවලට ක්ෂණික සහනයක් ලබාදීම සඳහා ලබාදෙන ප්‍රෙන්ඩිසිලෝන් ඇතැම් අය වෛද්‍ය අනුමැතියකින් තොරව හිතුමතේට භාවිතයට ගැනීම නිසා ඒවා විශාල ප්‍රමාණයක් ශරීරගත වීම නිසාත් ඇසේ සුද ඇති වෙන්න පුළුවන්
- විද්‍යුත් චුම්බක, කොස්මික් කිරණ, මයික්‍රෝවෙව් සහ අධෝරක්ත කිරණවලට නිරාවරණය වීම
- පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන ප්‍රමාණය වෙනස්වීම
- පටක ඉදිමීමේ රෝග තත්ත්වය
- ආතරයිටිස් රෝගය
- විවිධ වෛරස් රෝග
- ඇසට දමන බෙහෙත් වෛද්‍ය උපදේශයකින් තොරව දිගු කාලයක් භාවිතා කිරීම
ඇසේ සුදඇති වීමේ රෝගය හඳුනාගත හැකි ලක්ෂණ

- ඇස්වල පෙනීම බොඳවීම
- රාත්‍රී කාලයේදී පෙනීම ක්‍රමිකව අඩුවීම
- වර්ණ වියැකී පෙනීම
- හිරු එළිය දෙස බැලීම අපහසු වීම
- තමා අසල ඇති දේ පවා හඳුනා ගැනීමට නොහැකිවීම
- උපැස් යුවලක් භාවිතා කරන්නේ නම් එහි කාච නිතර මාරු කරන්නට සිදුවීම
- විදුලි බල්බ, පහන් දැල්ල ආදී කෘතිම ආලෝක කදම්භ සාමාන්‍යයෙන් පෙනෙනවාට වඩා වැඩි දීප්තියකින් දකින්නට ලැබීම
මෙය කෙටි කාලයක් තුළ ඇතිවෙන්න නෙවෙයි. ඇසේ සුද ඇතිවීම බොහෝ කාලයක් තිස්සේ සිදු වෙන දෙයක්. ඒ වගේම මුලින් එක් ඇසක මේ තත්ත්වය ඇතිවෙලා පසුව අනෙක් ඇසට ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඇසේ සුද ඇතිවීම මුල් කාලයේදීම හෝ තරමක මැද අවධියේ දී හෝ හඳුනා ගැනීමෙන් ග්ලූකෝමා තත්ත්වයට භාජනය නොවී නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ කරුණු කාරණා බෙහෙවින්ම වැදගත් වේවි.
නමුත් සාමාන්‍යයෙන් අපිට ඇසේ සුද ඇතිවීම වළක්වා ගන්නට නොහැකියි. ඒ නිසා මේ රෝග ලක්ෂණ ඔබ අත්විඳින්නේ නම් වහාම අක්ෂි වෛද්‍ය සායනයකට ගොස් පරික්ෂා කරවාගෙන ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කර කාච දැමීම සිදු කරගත යුතු වෙනවා.