සතියකට වතාවක් ආහාරයට ගැනීමෙන් පෙනීම අඩු පුද්ගලයන්ගේ පෙනීම පවා වැඩි කරන මල් ගෝවා

health tips

ගෝවා අපේ එදිනෙදා ආහාර වේලට නිතර එකතු වෙන එළවලුවක්. ගෝවා මල් එහෙමත් නැත්නම් මල් ගෝවා කියන්නෙත් ගෝවා වගේම ගොඩක් අය කන්නට ආස එළවලුවක්. මල්ගෝවා පෝෂණ ගුණ රාශියකින්ම  සමන්විතයි. මේ මල් ගෝවාවල නිජ බිම විදිහට සැලකෙන්නේ සයිප්‍රසය. මේවා ලෝකයේ තියෙන ආහාරවලින් ඉතාම ගුණදායක ආහාරයක් ලෙස සැලකෙනවා. මොකද මල් ගෝවාවල  අපේ සෞඛ්‍යයට හිතකර ශාක රසායන විශාල  ප්‍රමාණයක් අන්තර්ගතයි . ඒ නිසාම අපි අද කතා කරන්න සිතුවා මල් ගෝවා ආහාරයට ගත්තොත් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබව දැනුවත් කරන්න.

 මේවායේ විශේෂත්වය ගැන කතා කළොත් ඒවා ප්‍රතිඔක්සිකාරකවලින්  පරිපූර්ණයි.  ඒ වගේම අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන විටමින්, කැරටිනොයිඩ්, තන්තු, සීනි, ඛනිජ සහ  ෆිනෝලික සංයෝග අඩංගු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි කාබෝහයිඩ්‍රේට්, රයිබොෆ්ලෙවින්, තයමින්, ප්‍රෝටීන්, මේදය, මැග්නීසියම්, පොස්පරස් සින්ක්, ජලය ආදී අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂක රාශියකින්ම මේ මල් ගෝවා සමන්විතයි. මේ මල් ගෝවා තෙම්පරාදුවක් ලෙස ව්‍යංජනයක් ලෙස වගේම අනෙකුත් ආහාර සමඟ මිශ්‍ර කර සකසා ගන්නත් හැකියාව තියෙනවා. 

  • ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා.
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විෂ ඉවත් කරනවා.
  • පිළිකා ඇතිවීම වළක්වා ගන්න. 
  • බඩවැල්වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා. 
  • හෝමෝන අසමතුලිතාවයන් තුලනය කරනවා.

කිරි ආහාර, මාංශ ආහාර, ඊස්ට් මිශ්‍ර ආහාර ගැනීමෙන් ඇතිවන හෝමෝන අසමතුලිතතා වළක්වන්නට මල් ගෝවා ආහාරයට ගැනීම සුදුසු වෙනවා. එනිසාම බොහෝ අය මස් වර්ග පිසිද්දි මල් ගෝවා ස්වල්පයක් මිශ්‍ර කිරීම දකින්නට ලැබෙනවා.

  • අස්ථි දුර්වලතා ඇතිවීම වළක්වනවා. ඒ නිසාවෙන් අස්ථි දුර්වල වීමත් සමග ඇතිවන ඔස්ටියෝපොරෝසිස් ආතරයිටීස් ආදී රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව සැලසෙනවා .
  • හදවත් රෝග ඇතිවීම පාලනය කරනවා.
  • පිළිකා ඇතිවීම වළක්වනවා.

පිළිකා ඇතිවීම වළක්වා ගන්නට වගේම ඇතිවුණු පිළිකා මර්දනය කරන ගන්නටත් මල් ගෝවා උදව් වෙනවා. මල් ගෝවා ආහාරයට ගැනීමෙන් මහ බඩවැල් ආශ්‍රිතව, පියයුරු ආශ්‍රිතව, පෙණහලු ආශ්‍රිතව සහ අක්මාව ආශ්‍රිතව ඇතිවන පිළිකාවලින් ආරක්ෂාව සලසා ගන්නට උදව් වෙනවා.

  • රුධිර නාල හැකිලීම වළක්වා රුධිර සැපයීම ක්‍රමවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වනවා.
  • ප්‍රදාහය ඇතිවීම වළක්වනවා.
  • මලබද්ධය නැති කරනවා.
  • අර්ශස් රෝගීන්ට හිතකරයි.
  • ශරීරයේ අනවශ්‍ය මේද දහනය කරමින් දේහ බර අඩු කරන්නට උපකාරී වෙනවා.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. 
  • රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිදියුණු කරනවා.
  • සමේ රෝග සමනයට උදව් වෙනවා.
  • ඇස් රෝග සුවකර ගන්නට දායක වෙනවා.
  • දියවැඩියාවට ගුණදායකයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.
  • මොළය ආශ්‍රිතව ඇතිවන ඇල්ෂයිමර් ආදී  රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • සිරුරේ විෂ ඉවත් කරනවා.

 මල් ගෝවාවල ෆොර්පේන්, ග්ලුකොබ්‍රසින්, ග්ලූකෝපෙනින්, ග්ලූකොනස්ටියන් ආදී සංඝටක  අඩංගු වෙනවා. මේ පෝෂක අක්මාවේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙමින් විෂහරණයට උදව් වෙනවා. 

 මල් ගෝවා ව්‍යංජනයක් ලෙස සලාදයක් ලෙස වාෂ්පයෙන් තම්බා එහෙමත් නැත්නම් සුප් වශයෙන් සකසා ආහාරයට ගන්නට පුළුවන්. මේවායේ ශරීරයට හිතකර පෝෂක සංඝටක රාශියක්ම අඩංගු වෙන නිසා සතියකට කිහිප වරක් ආහාරයට එකතු කර ගැනීම ගැටළුවක් නැහැ. නමුත් කැසීම් ඇති වීම, පලු ඇතිවීම, මුහුණ අත් සහ පාද ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතා ආදී අසාත්මික ලක්ෂණ පෙන්නුම් කළොත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.