වර්තමාන ලෝකයේ බහුතරයකට තිබෙන සෞඛ්‍ය ගැටලු අතර කොන්දේ කැක්කුම ප්‍රමඛ වේ. තවමත් පර්යේෂණ මට්ටමේ මෙම රෝගය සඳහා ප්‍රතිකාර සොයමින් පවතින අතර තාවකාලික විසඳුම් පමණක් වර්තමානයේ ක්‍රියාත්මක වේ.
කොන්ද යනු කශේරුකාවයි. අස්ථි විශාල ප්‍රමාණයක එකතුවෙන් මෙය සැකසී ඇති අතර ශරීරය සෘජුව පවත්වා ගැනීම සහ චලනයන් සඳහා උපකාරී කර ගැනීම මෙමඟින් සිදුවේ. මේ සඳහා කශේරුකාව අවට පවතින මාංශ පේශීන් දායකත්වය දක්වයි. මෙම මාංශ පේශීන් වල සහ එය අවට පවතින ස්නායුවල ඇතිවන අහිතකර තත්ත්වයන් කොන්දේ කැක්කුම ඇතිවීම සඳහා බලපානු ලබයි.
ඒ අනුව කොන්දේ කැක්කුම ඇතිවීම සඳහා වැරදි ඉරියව් සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත ව පවතින ආබාධ තත්ත්වයන් බලපාන බව බොහෝ දෙනකු උපකල්පනය කලත් කොන්දේ කැක්කුමට බලපාන සැබෑ හේතුව වන්නේ ඒවා ම නොවේ. කොන්දෙ කැක්කුම සඳහා බලපාන හේතු සාධක වන්නේ

- විශාල පාසල් බෑග් රැගෙන යාම
- පසුපස ආධාරක නොමැති ආසනවල බොහෝ වේලා සිටීම
- ක්‍රීඩා කිරීමේදී ඇතිවන අනතුරු
- කොඳු ඇට පෙළෙහි දිරීම්
- අස්ථි ගෙවීම්/ වෙනස් වීම්
- කොඳු ඇට අතර තල්ලු වීම්
- ආදිය ද කොන්දේ කැක්කුම ඇතිවීම සදහා බලපානු ලබයි.
- කොන්දේ කැක්කුම සෑදීමට හේතුවන වෙනත් රෝගයන් ද පවතී.
- වකුගඩු රෝග
- මුත්‍රා මාර්ගයේ ඇතිවන ගල්
- ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග
- අග්න්‍යාශය ආශ්‍රිත රෝග
- රුධිර වාහිනීවල වේදනාවන් ඔස්ටියෝපොරෝසිස් රෝගය
- ආතරයිටිස් රෝගය වැනි රෝගද කොන්දේ කැක්කුම ඇතිවීම සඳහා බලපාන වෙනත් රෝගාබාධ වේ.
ඒ අනුව කොන්දේ කැක්කුම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් සරල ප්‍රතිකර්ම වෙත ගොස් තාවකාලික සහනයක් අපේක්ෂා කරමින් කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. ඒ අනුව කොන්දේ කැක්කුමට බලපාන සැබෑ හේතුව අනාවරණය කරගත යුතුය.
නවීන වෛද්‍ය තාක්ෂණය තුළ ඒ සඳහා විවිධ ක්‍රම පවතින අතර රුධිර සාම්පල පරීක්ෂණ, x-ray කිරණ මගින්, එම් ආර් අයි ස්කෑන් මගින්, සී ටී ස්කෑන් මගින් කොන්දේ කැක්කුමට සැබෑ හේතුව අනාවරණය කරගත හැකිය. එසේ අනාවරණය කරගැනීමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.
කෙසේ නමුත් කොන්දේ කැක්කුම සැදුණු විට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ක්‍රම කීපයක් පවතී. මෙම ප්‍රතිකාර කොන්දේ කැක්කුම සෑදුනු ආකාරයෙන් ආකාරයට වෙනස් වෙයි.
විශාල බරක් එසවීම තුළ කොන්දෙ අමාරුව සෑදිය හැකිය.එවිට අයිස් බෑග් සත්කාරය සිදුකිරීම මගින් සහනයක් ලබාගත හැකිය.එය සිදු කරනු ලබන්නේ අයිස් බෑග් එකක් ගෙන කොන්දේ රිදෙන ස්ථානය විනාඩි පහළොවක් පමණ තවා අනතුරුව එම ප්‍රදේශය උනු වතුර පෙඟවූ තුවායකින් ද තැවිය යුතුය. දින කිහිපයක් මෙම සත්කාරය කිරීමෙන් කොන්දෙ අමාරුව සුවකර ගත හැකිය.

මීට අමතරව මතුපිට ඝනකමින් යුක්ත මෙට්ටයක් මත නිදා ගැනීම සහ නින්දට යාමේදී දණහිස් දෙක අතරින් කොට්ටයක් තබා ගෙන නින්දට යාම වැනි පුරුදු මගින් කොන්දෙ කැක්කුමට සහනයක් ලබාගත හැකිය.
කොන්දේ කැක්කුමෙන් පීඩාවිඳින පුද්ගලයින්ට ව්‍යායාම සිදු කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. විශේෂයෙන් උදෑසන අවදි වීමේ දී කොන්දේ කැක්කුම ඇති වන්නේ නම් දින කිහිපයක් උදෑසනට ව්‍යායාම සිදු කිරීම මඟින් එම තත්ත්වය මඟහරවා ගත හැකිය.
මනස හා සම්බන්ධ වන ආතතිය, පීඩනය හා නොසන්සුන්කම යන ගැටලු වලදීද කොන්දේ කැක්කුම ඇති වේ. මන්දයත් මෙවැනි අවස්ථාවලදී මස් පිඩු තද වීමක් සිදුවිය හැකි අතර එය කොන්දේ කැක්කුමට බලපායි. ඒ අනුව මානසික ආබාධවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී කොන්දේ කැක්කුමට ද සහනයක් ලබාගත හැකිය.
කොන්දේ කැක්කුම භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම හරහාද සුවකර ගත හැකිය. මේ සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයකුගේ සහාය ලබාගත යුතුය. එම පුද්ගලයා විසින් කොන්දේ කැක්කුමට බලපාන හේතු හඳුනාගන්නා අතර විශේෂයෙන් වැරැදි ඉරියව් නිසා ඇතිවන කොන්දේ කැක්කුම අස්ථිවලට සිදුවන හානි දායක තත්වයන් මෙම භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම හරහා සුවපත් කරගත හැකිය.
කොන්දේ කැක්කුම සුව කර ගැනීම සඳහා තවත් වඩාත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ සම්භාහනය කිරීමයි. මෙමඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි අතර මාංශ පේශීන් වල මනා රුධිර සංසරණයක් සම්බාහනය මගින් ඇතිවේ. විශේෂ නිල සම්බාහනය කිරීම කොන්දේ කැක්කුම සුව කර ගැනීම සඳහා වඩාත් හොඳ ප්‍රතිකාර ක්‍රමයකි.
මේ ආදී වූ හේතූන් කොන්ද ආශ්‍රිතව වේදනාවන්ට හේතුවන අතර සුළු ප්‍රතිකාර කිරීමෙන් සුව නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වීම වඩාත් වැදගත් වේ.