නිරන්තරයෙන් කතාබහට ලක්වුණත් රෝගීන්ගේ වැඩිවීමක් මිස රෝගීන්ගේ අඩුවක් දකින්නට නැති ඉතාම පීඩාකාරි රෝග තත්වයක් තමයි අමිලපිත්ත රෝගය. මේ රෝගය බොහෝ දෙනෙක් සුළුවට ගත්තත් මෙය ශරීර අභ්‍යන්තරයේ තුවාල කරන්නටත් ඒ තුවාල කාලයක් ගත වෙද්ද පිළිකා බවට පත් වෙන්නටත් හැකියාව ඇති වඩාත් දරුණු රෝගයක් බව හැමෝම දැනගත යුතුමයි . ආමාශයේ ආම්ලිකතාවය අධික වීම නිසා ශ්ලේෂ්මල පටල ප්‍රදාහයට පත්වෙන මේ රෝගය බහුලව දක්නට ලැබෙන්නේ අවුරුදු 14 න් ඉහළ ළමා විය ඉක්මවන අය සහ වැඩිහිටි පුද්ගලයන් අතර.
එදිනෙදා වැඩකටයුතුවලට බාධා කරන අමිලපිත්ත රෝගය සුවපත් කර ගන්නට ඔබේ කැපවීම අනිවාර්ය වෙනවා. විශේෂයෙන්ම අනෙක් සෑම රෝගයක් වගේම මේ රෝග තත්ත්වය සඳහා වැඩි වශයෙන් අපේ ආහාර පුරුදු සහ චර්යා රටාවන් බලපානවා. මේ පීඩාකාරී රෝගයෙන් මිදෙන්නට ඔබට මේ ලිපිය වැදගත් වේවි නිසැකයෙන්ම .
අමිල පිත්ත රෝගය හඳුනා ගත හැකි ලක්ෂණ

- බඩ පපුව දැවිල්ල
- බඩ පිපුම
- බඩේ කැක්කුම
- ආහාර රුචිය නැතිවීම
- ආහාර ගත් විගස උගුරට ඒම
- ඔක්කාරය
- පපුවේ වේදනාව
- නිතර පවතින හිසරදය.
- ඇඹුල් රසයක් උගුරට ඒම
- පපුව මැද දැනෙන වේදනාව
- හිස කරකැවිල්ල
- සිරුරේ අප්‍රාණික බව
- බඩ බුරුල් කර යාම හෝ මල බද්ධය
- නිතර අධෝගත වාතය පිටවීම
අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු
අද ගෑස්ට්‍රයිටීස් විදියට හැඳින්වුණාට මේ රෝගය පැරැන්නන් හැඳින්වූයේ “බඩේ ඇඹුල් පිත ” කියලා. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ රෝග ඇතිවෙන්නේ වාත පිත කප කියන දෝෂවල සමබරතාවයන් නැති වී ගියවිට. ඒ අතරින් පිත දෝෂ සහ සෙම නැත්නම් කප දෝෂය දූෂණයෙන් තමයි අමිල පිත්ත රෝගය ඇතිවෙන්නේ. මොකද ආහාර ජීර්ණයේදී සුවිශේෂීම කාර්යභාර්යක් ඉටු කරන්නේ පිත මගින්. පිතේ කාර්යබාරය නිසිලෙස ඉටු නොවුණාම මේ රෝගය සඳහා පසුබිම සැකසෙනවා.ඉතින් මුලින්ම මේ ඇඹුල් පිත ඇතිවෙන්නට බලපාන හේතු පිළිබඳව සලකා බලමු.
- නිරාහාරව බොහෝ වේලාවක් සිටීම
- දුම්පානය සහ මත්පැන් භාවිතය
- නිරන්තරයෙන් වෛද්‍ය උපදේශයකින් තොරව වේදනා නාශක ඖෂධ ගැනීම.
මේ ඖෂධ දිගුකාලීනව භාවිතයෙන් ආමාශය, ග්‍රහණිය වැනි ඉන්ද්‍රියන් තුවාල වී ඒ තුවාල පිළිකා බවටත් පත්විය හැකියි.
- අම්ලාධික ආහාර අධික ලෙස ගැනීම (අඹ, තක්කාලි, අඹ, විනාකිරි යෙදූ ආහාර )
- උෂ්ණාධික ආහාර වැඩි වශයෙන් ගැනීම (තක්කාලි, බල මාලු, දෙල්, ඉස්සො, දැල්ලෝ )
- කෘතීම හා ක්ෂණික ආහාර වර්ග නිතර ගැනීම
- ජලය අඩුවෙන් පානය
- රාත්‍රී නිදිවැරීම හා දවල් නිදා ගැනීම
- නිසිලෙස ව්‍යායාම්වල නිරත නොවීම
- අලස බව
- අධික මානසික ආතතිය
- අධිකව තරහ යාම
- අධික ශෝකය හෝ බිය ආදි තත්ත්ව
අමිල පිත්ත රෝගීන් සඳහා වඩාත් සුදුසු ආහාර
- අළු කෙසෙල්
- වැටකොළු
- පතෝල
- බෝංචි
- ගොටුකොළ
- නිවිති
- සාරණ
- මුකුණුවැන්න
- දිය ලබු
- පුහුල්
- වම්බටු
- හාල්මැස්සන් ආදී කුඩා කරවල සහ මාළු වර්ග
- මුං ඇට, සෝයා, කව්පි, නිවුඩ්ඩ සහිත සහල්
- කිරිබත්
- යෝගට්
- මුදවපු කිරි
- සව් කැද
- හීන් බෝවිටියා, හාතවාරිය, වැල් පෙනෙල, හෝ කරල් සැබෝ කැඳ
අමිල පිත්ත රෝගයට ආයුර්වේද පිළියම්

- ඉරමුසු, නෙල්ලි, කලාඳුරු, ආඩතෝඩා මුල් කලන් 3 බැගින් ගෙන පත 8 එකට සිදුවා පත භාගයක් උදේ සවස මී පැණි දමා පානය කරන්න.
- අරළු, බුළු, නෙල්ලි කලං 4 බැගින් පත අට එකට සිඳ හොඳින් ඇල්මැරුණු පසු පත භාගය බැගින් උදේ සවස මී පැණි දමා පානය කරන්න.
- කීකිරිදිය දිය නුමුසුව කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂවලට මී පැණි දමා පානය කරන්න.
- පාවට්ටා, ඉරමුසු, කලාදුරු, සුදු හඳුන් කලං 3 බැගින් ගෙන පත 8 එකට සිද පත බාගය බැගින් උදේ සවස මී පැණි සමඟ පානය කරන්න.
- අරළු, බුළු, නෙල්ලි, කොහොඹ පොතු, රසකිඳ, දුනම්මැල්ල කලං දෙක බැගින් ගෙන පත 8 සිද භාගය බැගින් උදේ සවස මී පැණි දමා පානය කරන්න.
දාහය නසන ගුණදායක ආයුර්වේද පානය
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා පිත්තක්
- තැඹිලි ගෙඩියක්
- මී පැණි ස්වල්පයක්
- මී කිරි ස්වල්පයක්
සකස් කර ගන්නා ආකාරය මුලින්ම කෝමාරිකා පිත්ත දෙකට පලා එහි ඇති සුදු පැහැ කෝමාරිකා ජෙල් කොටස සූරාගත යුතුයි. එහිදී කෝමාරිකා පොත්තේ කොළ පැහැ කොටස් එකතු නොකරන්නට වගබලා ගත යුතුයි. මේ සූරාගත් කෝමාරිකා ජෙල් ටිකට තැඹිලි ගෙඩියක වතුර, මී කිරි මේස හැදි 2 ක්, මී පැණි ස්වල්පයක් එකතු කර සියල්ලම බ්ලෙන්ඩර් කර ගන්න.
මේ පානය අමිල පිත්ත රෝගීන්ට වගේම රෝගය වැළදී නැති අයට වුණත් ගුණදායක පානයක්. සිරුරේ දාහය නසන ඖෂධීය පානයක්. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ සති දෙකක් මෙය පානය කිරීමෙන් පීඩාකාරී අමිල පිත්ත රෝගය නිට්ටාවටම සුව කරගන්නට හැකියාව තියෙනවා.
සැලකිලිමත් විය යුතුයි
මෙහි අඩංගු සියලු දෑ සිසිල් නිසාවෙන් සෙම අධික අය සීමා සහිතව භාවිතා කිරීමට වගබලා ගත යුතුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කැහිපිත්තන් කොළ ස්වල්පයක්
- කෝමාරිකා පිත්තක්
- සුදු හදුන් කුඩු
- සැවැන්දරා මුල් කුඩු
- ඉඟිනි ඇට කුඩු
සකස් කර ගන්නා ආකාරය කැහිපිත්තන් කොළ හොඳින් සෝදා කොටා එය ඇල් දියෙන් මිරිකා එයට කෝමාරිකා යුෂ එකතු කරන්න. ඉන්පසුව සුදු හදුන්, සැවැන්දරා මුල් කුඩු , ඉගිනි ඇට කුඩු ආදිය ද එයට කලවම් කර තබා පසුදා උදේ හිස් බඩ ජෙලි මෙන් මිදී ඇති මෙය කිතුල් හකුරු සමඟ ආහාරයට ගන්න.
බෙලි දළු කඩා ඇල්දියෙන් සෝදා වතුර වේලෙන්නට හරින්න. මෙසේ දින කිහිපයක් අව්වේ වියලාගෙන හොඳින් කුඩු කරගෙන වරකට කුඩු තේ හැදි එක බැගින් තේ කෝප්ප එකකට නටන උණුවතුර දමා විනාඩි දෙකක් වසා තබන්න. පසුව පෙරා තේ වෙනුවට පානය කරන්න. මේ පානය දවසට දෙවරක් හෝ තෙවරක් පානය කිරීමෙන් බඩ දැවිල්ල, පිපුම් ආදී රෝග තත්ත්වයන් සුවකර ගත හැකියි.
බෙලි කොළ කොටා තැඹිලි වතුරෙන් අනා සුළං නොවදින සේ දින තුනක් වසා තබා පසුව එම යුෂ මිරිකා උක් හකුරු සමඟ දියකර අනුභවය ඉතා ගුණදායකයි.
අට්ටික්කා ගසේ පොතු වියළා කුඩු කර උදේ වරුවේ බටර් සමඟ අනා වරකට මෝර ගෙඩියක් පමණ ආහාරයට ගෙන එළකිරි පානය කිරීම.
සැලකිය යුතුයි මේ ප්‍රතිකාරයන් කිරීමට පෙර දේශීය වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න.