ඔබේ වකුගඩු දෙක නරකක්වී ගෙන එන බව කල්තියා දැනගත හැකි ක්‍රම 10 ක්

health tips

බාහිරින් ඇතිවන විවිධ ශාරීරික ගැටළු  අපිට හඳුනා ගන්න පහසු වුණත් ශරීර අභ්‍යන්තරයේ ඇති වන ගැටළු  පහසුවෙන් හඳුනා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසාම ඒ ගැටළු බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන තුරු අපිට හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන්නෙත් නැහැ.  ඉතින් වකුගඩු රෝගවලටත් මේ කාරණාව පොදුයි. 

වකුගඩු රෝගවලින් පෙළෙන අයගෙන් 10% ක් පමණ සුළු ප්‍රමාණයක් තමයි ඔවුන් වකුගඩු රෝගයෙන් පෙළෙන බව දැනුවත් වෙලා ඉන්නේ. තමන් වකුගඩු රෝගියෙක් බවට නොදන්නා බොහෝ පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ වගේ පුද්ගලයන් මේ  රෝගය  හඳුනා ගන්නේ ගොඩක් බරපතළ තත්ත්වයට පත් වුනාට පස්සේ. ඒ වගේ අවස්ථාවකදී රෝගියාගේ ජීවිතයට ඇතිවිය හැකි බලපෑම් වඩාත් සංකීර්ණයි . ඒ නිසා අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔබේ වකුගඩු හරිහැටි ක්‍රියාත්මක නොවෙන වග හඳුනා ගන්නට හැකි ක්‍රම කිහිපයක් ගැන. 

 මේ රෝගය සඳහා පවුල් ඉතිහාසයක් තියෙනවා නම්, ඔබ අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් හෝ ස්ථුලභාවයෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට වකුගඩුවලට යම් ආපදාවක් වෙන්න තියෙන අවදානම වැඩියි. ඒ නිසා මෙවැනි පුද්ගලයන් වසරකට සැරයක් රුධිර පරීක්ෂාවක් මුත්‍රා පරීක්ෂාවක් මගින් ඔබගේ වකුගඩුවල සෞඛ්‍ය තත්වය පරික්ෂා කරවා ගත යුතුයි. ඒ  හැරුනහම ඔබට හැකියාව තියෙනවා අද අපි මේ කියන ලක්ෂණ අනුව ඔබේ වකුගඩුවල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්නට. 

සමේ ඇතිවන කැසීම්  -වකුගඩු අකර්මණ්‍යවෙමින්  පවතින බව  හඳුනා ගන්නට හැකි පොදු ලක්ෂණය වෙන්නේ සම කැසීම සහ වියළී යාම.සිරුරේ විෂ ඉවත් කිරීම වකුගඩුවලින් සිදු කෙරෙන නිසා යම් විටෙක වකුගඩුවල දෝෂයක් ඇතිවූ විට ඒ විෂ ද්‍රව්‍ය ශරීරයේ සෙම හරහා හෝ දහදිය ලෙස ඉවත් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් විදියට සමේ කැසීම් කුශ්ට ආදිය මතු වෙන්නට පුළුවන්.

  • ඉදහිට ඇතිවන  නින්ද නොයාම 
  • නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය 

වකුගඩුවලින් පෙරුණු පසුවත් සිරුරේ විෂ ඉතිරි වූ බව සංවේදනය වන නිසා තිබෙන මුත්‍රා බැහැර කර තවත් වටයකින් රුධිරය පිරිසිදු කරන්නට මොළයට විදාන ලබා දෙනවා. ඒ නිසා නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.විශේෂයෙන්ම නින්දේ සිටියදී මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය මත අවදිවීම සිදුවෙනවා. 

මුත්‍රාවල ලේ අඩංගු වීම මුත්‍රා කරන විට රුධිරය එහි මුසු වී තිබීම වකුගඩු අකර්මණ්‍ය වන බවට පෙන්නුම් කරන තවත් ලක්ෂණයක්. රුධිරය පෙරීම සහ ඒ විෂ ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර කර ඉවත් කිරීම ආදිය වකුගඩු මගින් සිදු කරන මූලික කාර්යයන්. නමුත් වකුගඩු නරක්වෙමින් පවතින විට ඒ පෙරීමේ කාර්ය නිසි පරිදි සිදු නොවෙන නිසා එහි සෛලවලින් ලේ වල ඇති රතු රුධිරාණු කාන්දු වෙනවා. 

  • මුත්‍රා  කිරීමෙන් පසු ඉතා ඉක්මනින් බිඳී නොයන ලෙස පෙන ඇතිවීම
  • හිටිහැටියේ වළලුකර, දණහිස් ආදිය ඉදිමීම හා අපහසුව 

විශේෂ වැඩ කටයුත්තක් කිරීමෙන් පසුව වැඩි වේලාවක් හිටගෙන සිටීමෙන් පසුව හෝ ඇතිවෙන තත්ත්වයකට වඩා හේතුවක් නැතිව මේ ඉදිමුම ඇති වෙන්නට පුළුවන්. වේදනාව එතරම් නැතිවුණත් ඒ ඉදිමුණු ස්ථානය අතින් තද කළ විට යම් වේලාවක් සම ඇතුළට ගිය ස්වභාවයෙන්ම පවතී නම් එය වකුගඩු අකර්මණ්‍ය වීමක් සිදුවෙන්නට යන බව හඟවන ලක්ෂණයක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ වකුගඩුවලින් නිසි ලෙස විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් නොවී සිරුරේ යම් යම් ස්ථානවල තැන්පත්වීම නිසා. විශේෂයෙන්ම සෝඩියම් පමණට වඩා ශරිරයේ එකතු වීමෙන් ලවණ සමතුලිතතාවය විකෘති වීම නිසා මේ වළලුකර හා දෙපා ඉදිමෙන්නට හේතුවෙනවා.

මුඛයෙන් දුර්ගන්ධයක් නිතර හැමීම මේ ගන්ධය ඇමෝනියා ගන්ධයකට හුරු ආකාරයේ එන ගන්ධයක් වන අතර එවැනි අවස්ථාවක ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා ඔබේ වගඩුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව.

මස්පිඩුවල ඇතිවන ගැස්ම අතක පාදයක මුහුණේ ආදී ස්ථානවල යම් රිද්මයකට මස් පිඩුවල ගැස්මක් ඉබේම හට ගැනීම වකුගඩුවල ක්‍රියාකාරිත්වයට යම් ගැටළු පවතින බව හඟවන ලක්ෂණයක් වීමේ ඉඩකඩ වැඩි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. 

  • යකඩ රසක් හෝ මලකඩ රසක් වැනි ස්වභාවයක් මුඛයට නිතර දැනීම 
  • ශරීරයේ පිටුපස පහළ උකුල් ප්‍රදේශයේ ඇතිවන වේදනාව 

මෙය බොහෝවිට නිදා සිටින විට පහලට ඇලවී ඇති ප්‍රදේශයේ ඇතිවන වේදනාවක්.ඒ හැරුණාම මුත්‍රා පිට කිරීමකදී පවා ඇතිවිය හැකි මේ වේදනාව කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.