ඕනෑම උළුක්කුවකට ඉක්මන් සහනය ගෙන දෙන සත්කාර 14 ක්

health tips

එදිනෙදා වැඩකටයුතුවලදී  අපිට නොයෙකුත් අනතුරුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ අතරින් උළුක්කුවීමක් අත් නොවිදපු කෙනෙක් නොමැති තරම්. මොකද මෙය සුලභව අපිට සිදුවෙන අනතුරු අතරින් එකක් නිසා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඇතැම් අය සිදු කරන වැරදි නිසා  ඉතා පහසුවෙන් සුවකර ගන්නට හැකි උළුක්කුවක් පවා ශල්‍ය කර්මයකින් සුව කරන්නට සිදුවන අවස්ථා පවා ඇති වෙනවා. ඒ නිසා උළුක්කුවකදී  අපි කළ යුතු දේවල් ගැන හොඳ අවබෝධයකින් යුක්ත විය යුතු වෙනවා. ඉතින් අපි අද කතා කරමු උළුක්කුවක් ඇති වෙන ආකාරය සහ ඒ වගේ අවස්ථාවක අපි අනුගමනය කල යුතු ක්රි/යමාර්ග මොනවද කියන කාරණාවන් පිළිබඳව.

ඉතින් කවදමහරි දවසක ඔබත් අත්විදපු ඒ උලුක්කුව සුලබව අත්විදින්නට සිද්ධ වෙන්නේ පාදයේ වළලුකර සන්ධිය ආශ්‍රිතවයි.ඒ වගේම දණහිස මැණික් කටුව සන්ධිය සහ ඇඟිලිවලත් උලුක්කුවීම් බහුලවම සිදු වෙනවා. . උළුක්කුවක්  කියන්නේ ශරීරයේ සන්ධියක ඇති අස්ථි එකිනෙකට සම්බන්ධ  කරන අස්ථි  බන්ධනිවලට සිදු වන අනතුරක්. මෙහිදී  අස්ථි බන්ධනි  එකක්  හෝ කිහිපයක් ඇදීමකට ලක්වෙලා ඉරීයාමක් සිදු වෙන්නට පුළුවන්. මෙවැනි උලුක්කුවක් ඇති වෙන්නට බලපාන ප්/රධාන හේතුව වෙන්නේ  අදාල සන්ධිය සාමාන්‍යක් ක්‍රියාකාරී සීමාවට වඩා ක්‍රියාකාරී වීමෙන්. එහෙමත් නැත්නම් අදාල සන්ධියේ සාමාන්‍ය චලන පරාසය ඉක්මවා යාමක්.

උළුක්කුවක් මෙසේ වෙන්කරන්නට පුළුවන්.

1. සාමාන්‍ය උළුක්කුව මෙහිදී අදාල අස්ථි බන්ධනිය  සුළු වශයෙන් ඇදීමකට ලක්වීම සිදු වෙනවා.

2. අදාල අස්ථි බන්ධනියේ කොටසක් ඉරීයාමට  ලක්වීම 

3. අස්ථි  බන්ධනිය සම්පූර්ණයෙන්ම බිඳී යාම

උළුක්කුවේ ලක්ෂණ 

  • සන්ධියේ වේදනාව 
  • ඉදිමුම 
  •  සන්ධිය රතු හෝ තද පැහැයක් ගැනීම 
  • සන්ධිය චලනය කිරීම අපහසුවීම 

උළුක්කුවකදී  කළ යුතු දේ 

මුලින්ම සිදු කළ යුත්තේ අදාල ප්‍රදේශයට විවේකය ලබාදීම.විශේෂයෙන්ම අනතුරකට ලක්වීමෙන් පසුව පැය 24-48 කාලයක් ඒ අදාල ස්ථානය නොසොල්වා  තබා ගැනීම ඉතාම වැදගත් .

අයිස්වලින් තැවීම අනතුර සිදුවී මුල් ඇය 48 තුළ මේ ප්‍රතිකර්මය සිදු කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්. මෙය සෑම පැය 3-4 ට වරක් විනාඩි 20 ක් පමණ අයිස් පැක් එකක් භාවිතයෙන් ඒ අනතුරට ලක්වුණු ප්‍රදේශය තවන්න.

නිවැරදි උපදෙස්  අනුව අනතුර සිදුවූ ස්ථානය  තෙරපෙන සේ  විශේෂ වෙළුමක් යෙදීම.

අනතුරු  සිදුවූ ස්ථානය කොට්ටයක් මත තබා මදක් ඔසවා තැබීම 

ඔබේ පාද හෘදයට වඩා ඉහළින් තබා ගැනීම වඩාත් සුදුසුයි.

ඇතිවන වේදනාව දැඩි බවක් ඔබට හැඟෙන්නේ නම් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

උළුක්කුවකදී සිදු කළ හැකි අත් බෙහෙත් 

1. බැලතන මිටක ගෙන් සිහින්ව කපා අමු කහ සමඟ කොටා එයට තල තෙල් ස්වලප්යක් මිශ්‍රකර කබලේ බැදගන්න. පසුව එය උළුක්කුව සිදු වූ ස්ථානයේ තබා රෙදි කඩකින් බදින්න.

2. වියළි ගොරකා කැබැල්ලක ලුණු දියේ පොගවා ගෙන උළුක්කුව සිදුවූ ස්ථානයේ තබා බදින්න.

3. එඩරු කොළ හා මුල් පොතු , බුරුල්ල කොළ සහ පොතු , ගොනික කොළ ආදිය කහ ලුණු දමා කොටා එඩරු තෙලින් අනා අදාල ස්ථානයේ තබා  රෙදි කඩකින් බදින්න.

4. බෙහෙත් එඩරු පස් පංගුව අමු කහ ලුණු පැසුණු පොල් මිටක් දමා මලවා උළුක්කුව වූ ස්ථානයේ බදින්න.

5. ලුණු පොට්ටනියක් බැද ඒ පොට්ටනිය නටන උණුදියෙන් රත්කර තවන්න.

6. ඉදිමුම සහිත උලුක්කුවට වල් අඹ පොතු , බැලතණ, අමු කහ දියලුණු දමා කොටා මලවා බදින්න.

7. ඉදිමුම රහිත උළුක්කුවට තෙල් එඩරු පංචාංගය බැලතණ අමුකහ දියලුණු දමා කොටා මලවා බදින්න.

උළුක්කුවක් වැටීමක්, ඇඹරීමක්, හෝ සන්ධියකට පහරක් එල්ල වීමක් ආදී හේතු නිසා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා හොඳින් ගැලපෙන පාවහන් පැළදීම ඇදවැටීම්වලින් වැළකීම සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගැනීම  ශාරීරික ව්‍යායාම්වල නිරත වීම වගේම ක්‍රීඩා කටයුතුවල යෙදීමේදී ආරක්ෂිත උපාංග නිසි පරිදි භාවිතා කිරීමත් මෙවැනි උළුක්කුවීම් වලින් ආරක්ෂා වී ඉන්නට උපකාරී වෙනවා.