ශරීරය කෘෂ අයෙක් හැරුණාම ශරීරය මහත් කර ගන්නට බහුතරයක් දෙනා කැමති නැහැ. මොකද තරබාරු වුණාම අපේ ශරීරයේ හැඩය නැති වෙනවා වගේම වි විවිධාකාරයේ ලෙඩ රෝගවලට ඇති අවදානමත් ඉහළ යනවා. නමුත් අපි සිතන පතන විදියට අපේ ශරීරය පවත්වා ගන්නට තරමක් අපහසුයි. මොකද අපි කන බොන දේ වගේම අපේ නොයෙකුත් වැරදි පුරුදු නිසා ශරීරය කෙට්ටු කරගන්නට අවශ්‍ය අයෙකුගේ දේහ බර වැඩි වෙන්නට පුළුවන්. ඒ පුරුදු මොනවද කියලා අපි දැනුවත්ව සිටීමෙන් ඒවායින් මිදීමට හැකියාව ලැබෙනවා. අපි බලමු ඒ සඳහා අපි මිදිය යුතු පුරුදු මොනවද කියලා.

ආතතියෙන් නින්දට යාම අද මානසික සැහැල්ලුව සහිතව නින්දට යන්නේ කීයෙන් කී දෙනාද. දවල් දවසේම කාර්යබහුලව දවස ගත කරන අපි රාත්‍රි නින්දට යන්නේ පසුදින කළ යුතු වැඩ කටයුතු සම්බන්දයෙන් පීඩනයක් මනසේ රඳවා ගෙන. මෙසේ මානසික අතතියෙන් නින්දට යාම නිසා සුවදායි නින්දක් ලබා ගන්නට නොහැකි වෙනවා වගේම එය අපේ දේහයේ බර වැඩි කරන්නටත් හේතුවක් වෙනවා. මානසික ආතතිය අපේ ආහාර රුචිය පාලනය කරන හෝර්මෝනයටත් බලපෑම් කරන නිසා වෙනදාට වඩා වැඩිපුර ආහාර ගන්නට අවස්ථාව ලැබෙනවා.එයත් දේහ බර වැඩි වෙන්නට පුළුවන්. මේ නිසා මානසික ආතතියෙන් මිදීම සඳහා නින්දට පෙර ඔබ කැමති සංගීත නාදයක් ශ්‍රවණය කිරීම හෝ භාවනා කිරීම සඳහා යොමු වෙන්නට පුළුවන්.
රාත්‍රි ආහාරය සහ නින්ද අතර පරතරය අඩුවීම කාර්යබහුලව ගතකරන ජීවන රටාවත් එක්ක අපි ගන්නා ආහාර වේල් අතර නිසි පරතරයක් තබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් එය අපේ ශරීරයේ බර වැඩි කරන්නට බලපාන මූලිකම හේතුවක්. දවල් කාලයේ දී අපේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත්ව සිදු වුණත් රාත්‍රි කාලයේදී එය තරමක් මන්දගාමී වෙනවා.ඒ වගේම අපේ නින්ද සඳහා උපකාරී වෙන මෙලටොනින් හොඳින්ම ශ්‍රාවය වන රාත්‍රි කාලයේදී ආහාර ගැනීමේදී අප තුල ඇති වැරදි පුරුදු දේහ බර වැඩි කරන්නට හේතු වෙනවා.
විශේෂයෙන්ම රාත්‍රි නින්දට පැය 3 ක් 4 ක් පමණ පෙර ආහාර ගෙන අවසන් කිරීමෙන් නින්දේදී සිරුරේ බර වැඩිවීම පාලනය කර ගන්නට හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දී තියෙනවා. ඉතින් නින්දට ආසන්නව රාත්‍රි ආහාරය ගන්නා එක සෞඛ්‍යයටත් ගැටළු ඇති කරන නිසා ඒ පුරුද්ද නතර කර ගන්නා එක තමයි සුදුසු.
කැෆේන් පානය උදෑසනට කැෆේන් අඩංගු පානයක් ගැනීම අපේ ගතට සිතට ප්‍රබෝධයක් එකතු කළත් රාත්‍රියේදී කැෆේන් අඩංගු පානයන් ගැනීම මගින් නින්දට බාධා ඇති වෙනවා. නිසි පරිදි නින්දක් ලබා නොගැනීම අපේ දේහ බර වැඩි කරන බව ඔබ දන්නවා. ඒ නිසා ඔබට කැෆේන් අඩංගු පානයක් ගන්නට අවශ්‍යම නම් එය රාත්‍රි නින්දට පැය 6 ට වත් පමණ පෙර හෝ එවැනි පානයක් ගැනීම තමයි ඉතා සුදුසු වෙන්නේ.
රාත්‍රි ආහාරවේලට ලබාදිය යුතු ප්‍රමුඛතාවය රාත්‍රි ආහාරය සැහැල්ලු ආහාරයක් ලෙස ලබා ගන්නට සුදුසු බව අපි හැමෝම දැන සිටියත් කඩිමුඩියේ අවදි වී වැඩට යන බොහෝදෙනෙක් උදේට ලබා ගන්නේ සරල සැහැල්ලු ආහාරයක්. දහවලේදීත් නිවසින් පිටදී කුමන හෝ දෙයක් බඩට දා ගන්නවා. නිවසේ හැමෝටම එකට හිද ආහාර ගන්නට ලැබෙන්නේ රාත්‍රි කාලයේදී නිසා රාත්‍රි ආහාරවේල හොඳට බරට ගන්නටයි අපි කටයුතු කරන්නේ . දිවා කාලයේදී මෙන් රාත්‍රි කාලයේදී අපේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය කාර්යක්ෂම නොවන නිසා ශරීර මහත වැඩි වෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම රාත්‍රි කාලයේදී ක්‍රියාශීලි බව අඩු නිසා කැලරි දහනයවීමත් සිදු වෙන්නේ මන්දගාමීව. ඒ නිසා රාත්‍රි ආහාරය සැහැල්ලු එකක් ලෙස ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

ආහාර ගැනීමෙන් පසු ක්‍රියාශීලි නොවීම ආහාරවේලක් ගැනීමෙන් පසුව නිදා ගැනීම හෝ එක තැනක වාඩිවී සිටීම දේහ බර වැඩි කරන්නට හේතු වෙනවා. ආහාර ගැනීමෙන් පසුව සුළු වේලාවක් ඇවිදීම මේ තත්ත්වයෙන් මිදෙන්නට උදව් වෙනවා. රාත්‍රි ආහාරයෙන් පසුව ඇවිදීම එතරම් ප්‍රායෝගික නොවුණත් එක් තැනක වාඩි වී රූපවාහිනිය නරඹනවාට වඩා ඇවිදිමින් යම් කාර්යක නිරතවීම මගින් දේහ බර වැඩිවීම පාලනය කර ගන්නට පුළුවන්.
පිටතින් ලබා ගන්නා ආහාර තමන්ගේ නිවසේ පිළියෙල කර ගතහැකි ගුණදායි ආහාරවේලක් ගන්නවාට වඩා අද වැඩි දෙනෙක් පිටතින් ලබා ගන්නා කොත්තු රයිස් ආදී කෑමවලට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. වැඩ ඇරී එද්දි මහන්සිය නිසා නැවත උයන්නට අපහසු නිසා වගේම තවත් අය වෙනසකට කියලා වගේම තවත් අය පුරුද්දක් විදියටත් පිටතින් ආහාර ගන්නට පුරුදු වෙලා ඉන්නවා.නමුත් මේ පිටතින් ගන්නා ආහාර වැඩි ප්‍රමාණයක් කන්නට හැකි නිසා වගේම අධිකව දේහයට ලුණු තෙල් සහ කැලරි ලැබීමත් නිසා එය දේහ බර වැඩි කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා නිතරම තමන්ගේ කෑමවේල නිවසේදීම පිළියෙළ කර ගන්නට උත්සාහ ගන්න.
සිරුර ක්‍රියාශීලීව තබා නොගැනීම දේහයට නිසි පරිදි ව්‍යායාම් නොලැබීම හෝ ක්‍රියාශීලී බව අඩුවීම රාත්‍රි කාලයේදී දේහබර වැඩි කරන්නට හේතුවක් වෙනවා. අපි ක්‍රියාශීලී නොවෙන විට සෛලවල ගබඩා වී ඇති අමතර ශක්තිය රාත්‍රි කාලයේදී මේදය ලෙස සිරුරේ තැන්පත් වෙනවා. එමගින් අපේ දේහ බර වැඩි වෙනවා.
ඉතින් රාත්‍රි කාලයේදී අපි එතරම් නොසිතා කරන මේ වැරදි නිසා දේහ බර අඩු කර ගන්නට කොතරම් ආහාර පාලනය කළත් ව්‍යායාම් කළත් එයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා පිළිබඳව හැමෝම සැලකිලිමත්වීම වැදගත්.