දේහ බර අඩුකරගන්නවා කියන්නෙම විශල අභියෝගයක්. එය කොතරම් අපහසු ද කියන කාරණා පිළිබඳව දේහ බර අඩුකර ගන්නට කැපවෙන ඔබ හොඳින්ම දන්නවා. ඉතින් අපේ ශරීරයේ බර වැඩි වෙන්නට බලපාන හේතු අතරේ මූලිකම සහ පොදු හේතුව විදියට අපි හඳුනා ගන්නේ මේද සහ කැලරි අධික ආහාර පරිභෝජනය කිරීම. ඒ හැරුණාම මානසික ආතතිය, ක්‍රියාශීලි නොවන ජීවන රටාව ආදී හේතු බොහොමයක්ම බලපෑම් කරනවා. ඉතින් මේ හේතු හැරුණාම වැඩි දෙනෙක් කතා නොකරන දේහ බර වැඩි කරන්නට දායක වෙන ප්‍රබල හේතුවක් තමයි හෝර්මෝන කියන්නේ. අපේ දේහයේ වර්ධනය, ජීර්ණය, නින්ද, ආතතිය හා ප්‍රජනනය යන පරිවෘත්තීය ක්‍රියාවලීන් ඇතුළු සියලු ක්‍රියාකාරකම් නියාමනය කරන්නට නිසි ක්‍රියාකාරිත්වය සඳහා හෝර්මෝන අත්‍යවශ්‍ය වෙනවා. අපි සිතන පතන හැමදේම කරන කියන සෑම දෙයකම තීරකයා වෙන්නේ හෝර්මෝන. ඉතින් අපේ දේහයට නැතිවම බැරි මේ හෝර්මෝනවලින් ඇතැම් ඒවා අපේ දේහයේ බර වැඩි කරන්නටත් හේතු වෙනවා. ඉතින් අපි දන්නා හෝර්මෝනවල නොදන්නාම ඒ පැතිකඩ පිළිබඳවයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ.

කෝටිසෝල් හෝර්මෝනය දේහ බර වැඩි වෙන්නට බලපාන හේතුවක් ලෙස අපි දන්නා මානසික ආතතිය මේ හෝර්මෝන හා සම්බන්ධයක් දක්වනවා. සාමාන්‍යයෙන් කාංසාව, ආතතිය, කලබලයට පත්වීම කියන තත්ත්වයන්වලදී අපේ දේහයෙන් ශ්‍රාවය කරනු ලබන හෝර්මෝනයක් වෙන්නේ කෝටිසෝල්. මෙය අධි වෘක්ක ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන්නක්. මේ හෝර්මෝනය මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ දැමීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටපත් කිරීම, ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්රේට් පරිවෘත්තීයට ලක්කිරීමට දායක වීම යන කාරණා මගින් ආතතිය අඩු කිරීම සිදු කෙරෙනවා. ඔබ නිතරම ආතතියෙන් මානසික පීඩනයෙන් සිටින්නේ නම් නිතරම මේ කෝටිසෝල් ශ්‍රාවය වන නිසා එය දේහයට හානිදායක ලෙස බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම මෙමගින් මේදය තැන්පත්වීම වගේම මේද සෛල මේරීමත් උත්තේජනය කරන නිසා එය දේහ බර වැඩි වෙන්නට හේතුවක් වෙනවා.
තයිරොක්සීන් හෝර්මෝනය තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තියෙන්නේ බෙල්ලේ ඉදිරිපස කොටසේ. මේ ග්‍රන්ථිය කුඩා ග්‍රන්ථියක්. අන්තරාසර්ග පද්ධතියට (නාල රහිත )අයත් මේ ග්‍රන්ථිය මොළයේ ඇති හයිපොතැලමස සහ පිටියුටරිය කියන ග්‍රන්ථියේ පාලනය යටතේ තමයි පවතින්නේ.මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් T3 සහ T4 එල්සිටෝන් ආදී හෝර්මෝන වර්ග නිපදවනු ලබනවා.මේ හෝර්මෝන අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නිෂ්පාදනය වීම හෙවත් මන්ද තයිරොයිඩතාවය කියන තත්ත්වය අපේ දේහ බර වැඩි කරන්නට හේතුවක් වෙනවා. මෙහිදී මේද නොව ජලය තැන්පත්වීම නිසා දේහ බර වැඩි වෙනවා. දේහ බර එක්වරම වැඩිවීමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වැදගත් වෙනවා.
ඊස්ට්‍රජන් හෝර්මෝනය කාන්තාවකගේ ශරිරයේ නීරෝගි පැවැත්ම සඳහා වගේම යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරන්නටත් මූලික වෙන හෝර්මෝනයක් තමයි ඊස්ට්‍රජන්. නමුත් මේ හෝර්මෝනය පුරුෂයන් තුළත් යම් මට්ටමකින් පවතිනවා. කොහොමවුණත් කාන්තාවකගේ උපතේ සිට මරණය දක්වාම අත්‍යවශ්‍ය වන ඊස්ට්‍රජන් පියයුරු වර්ධනයට, මොළයට, අස්ථිවලට, අක්මාවට, හදවතට සහ අනෙකුත් පටකවලටත් බලපානු ලබනවා. සාමාන්‍යයෙන් වැඩිවියට පත්වීමේදී වගේම ගර්භනී සමයේදීත් ස්වභාවිකවම කාන්තාවකගේ සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළයාමක් සිදු වෙනවා. නමුත් එවැනි තත්ත්වයන් හැරුණාම අසාමාන්‍ය ලෙස ඊස්ට්‍රජන් හෝර්මෝනය ඉහළ යාම අසාමාන්‍ය තත්ත්වයක්.
ඊස්ට්‍රජන් දේහයේ අධිකව නිශ්පාදනය වීමෙන් ඉන්සියුලින් නිපදවන සෛල ආතතියට පත්වීම සිදුවෙනවා. මේ නිසාවෙන් ඒ පුද්ගලයා ඉන්සියුලින්වලින් වලය ප්‍රතිරෝධය දැක්වීමට පටන් ගන්නා නිසා එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමෙන් දේහ බර වැඩි වෙනවා. ආහාර රටාවේ වෙනසක් සිදු නොකර ගන්නා ලද අවස්ථාවකදී එක්වරම ශරීරයේ බර වැඩිවීමක් විශේෂයෙන් උකුළ ප්‍රදේශය එකවර මහත්වීමක් ඇත්නම් ඒ පිළිබඳව විමසිලිමත්විය යුතුයි.
ඒ හැරුණාම ආර්තවහරණය සිදුවීම ආසන්න කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම පහළ බැසීම නිසා දේහය විසින් දේහයට අවශ්‍ය ඊස්ට්‍රජන් සැපයුම පිරිමසා ගැනීමට සෑම ශක්තිම මූලාශ්‍රයක්ම මේද බවට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසත් දේහ බර වැඩිවීම සිදු වෙනවා.
ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය මේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ලිංගික හා ස්ටෙරොයිඩ් කාණ්ඩයේ හෝර්මෝනයක්. මේ හෝර්මෝනය පුරුෂයන් තුළ විතරක් නෙවෙයි කාන්තාවන් තුළත් යම් ප්‍රමාණයකින් නිපදවෙනවා. නමුත් මේ හෝර්මෝනය කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ දේහයේ වැඩි වශයෙන් නිපදවෙනවා. එස පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වීම සිදු වෙනවා. ඒ වගේම ඒ හෝර්මෝනය පුරුෂයන්ගේ වගේම කාන්තාවන්ගේ අස්ථි ශක්තිමත් කිරීම සඳහාත් දායක වෙනවා. යම් විටෙක ආතතිය හෝ වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අධික ලෙස පහළ බැසීමට ලක්වීමෙන් දේහ බර වැඩිවීම සිදු වෙනවා.ඒ වගේම අස්ථිවල ඝනත්වය අඩුවීම හා පේශීවල ස්කන්ධය අඩුවීමත් මේ නිසා සිදු වෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්නට නිතර දිවීම, දිවීම, වේගයෙන් විදීම, පිහිනීම, පාපැදි පැදීම, බරක් සමඟ කඳු නැගීම ආදී ව්‍යායාම්වල නිරතවීම සහ තන්තු බහුල පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමත් සුදුසුයි.

ප්‍රොජෙස්ටරෝන් දේහයේ පැවැත්ම සඳහා දායක වෙන තවත් හෝර්මෝනයක් වන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පැවතිය යුතු ප්‍රමාණයට වඩා පහළ බැසීමෙන් දේහ බර වැඩිවීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පහළ බැසීම සඳහා මානසික ආතතිය, උපත් පාලක පෙති භාවිතය හෝ ආර්තවහරණය කියන හේතු බලපානු ලබනවා.
මෙලටොනින් නිදාගැනීම සහ අවදිවීම පාලනය කරන මේ හෝර්මෝනය නින්දේ සිටියදී සිරුර සුවපත් කරන්නට ශරීර සංයුතිය වැඩිදියුණු වීමට සහ මාංශපේශී වර්ධනය සඳහා ඉවහල් වන වර්ධක හෝර්මෝන ශ්‍රාවය සිදු කරනු ලබනවා. නමුත් නිසි පරිදි නින්දක් නොලැබීමෙන් ආතතිය ඇතිවී අවසානයේ ප්‍රදාහය ඇතිවී දේහ බර වැඩි වෙනවා.
ඒ හැරුණාම බඩගිනි ඇතිකරන ග්රෙලින් හෝර්මෝනය,කැලරි වැඩියෙන් භාවිතා කරමින් අඩුවෙන් ආහාර ගන්නා බවට සංඥා නිකුත් කරන හෝර්මෝනයක් වන ලෙප්ටින් හා ඉන්සියුලින් ආදී හෝර්මෝනවලත් යම් යම් අසමතුලිතාවයන් පවා අපේ දේහ බර වැඩි කරන්නට බලපානු ලබනවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි අපේ සෞඛ්‍ය කෙරෙහි අවධානයක් ලබාදෙමින් හෝර්මෝන සමතුලිතතාවය නිසි පරිදි පවත්වා ගන්නට කටයුතු කළ යුතු වෙනවා.