පළා වර්ග අතර ප්‍රධාන තැනක් ගනු ලබන ගොටුකොළ යනු බොහෝ ඖෂධීය ගුණයෙන් අනූන පළා වර්ගයකි. එනම් Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුනවන ගොටුකොළ ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් ගොටු කොළ යනු දීර්ඝායුෂ ලබාදෙන, මතකය හා නුවණ වඩවන ස්වාභාවික දිව්‍යමය ඖෂධයකි. එනම් ආයුර්වේදය තුළ ගොටුකොළ “දිව්‍යා” ආදී නම්වලින් ද හඳුන්වනු ලැබේ. බොහෝ ගෘහණියන් ගොටු කොළ අමුවෙන් සලාදයක් ලෙස හෝ මැල්ලුමක්,කැඳ පානයක් ලෙස බහුලව භාවිතා කරයි. මෙසේ ඕනෑම ආකාරයකට සකසා ගන්නා ගොටුකොළ ආහාරයට එකතු කර ගැනීම මගින් ශරීරයේ නොයෙකුත් රෝග තත්ත්වයන් සුව කර ගත හැකිය. එනම් ගොටුකොළ වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් A සහ C කැල්සියම්, යකඩආදී විටමින්, ප්‍රෝටීන්,ඛනිජ ලවණ රාශියක් ඒ අතරවේ.
ගොටුකොළ වල ඖෂධීය ගුණ

උණ සමනය කරයි.උණ රෝග ඇති විටක එම රෝග සමනය කිරීම සඳහා ගොටුකොළ ඖෂධයක් ලෙස ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. එනම් ඒ සඳහා ගොටුකොළ සමාන ප්‍රමාණයකට ගම්මිරිස් සහ තුල්සි කොළ අඹරා පෙති සාදා වියළා ගබඩා කර උණ ඇති විට එම පෙත්තක් පානය කිරීම මගින් උණ සුව කරගත හැකිය.
දත්වල ඇති පැල්ලම් ඉවත් කරයිවිවිධ හේතුන් මත ඇතිවන දත් වල ඇති ලප කැළැල් ඉවත් කර ගැනීමට මෙන්ම විදුරුමස් රෝග සමනය කර ගැනීමට ගොටුකොළ පත්‍ර වියළා කුඩු කර දත් මදිනවිට භාවිතා කළ හැකිය.
රක්තහීනතාවය සමනය කරයි.රක්තහීනතාවය යනු රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය ඇතිවන්නේ ශරීරයේ යකඩ ඌනතාවක් ඇති වූ විටකය. මෙම රෝගය සමනය කිරීම සඳහා යකඩ අඩංගු ආහාර භාවිතා කළ යුතුය. එසේ භාවිතා කළ හැකි ගුණදායක පළා වර්ගයක් ලෙස ගොටුකොළ හැඳින්විය හැකිය. එනම් ගොටුකොළ සලාදයක් ලෙස හෝ කැඳ පානයක් ලෙස දිනපතා භාවිතා කරන්නේ නම් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කර රක්තහිනතාවය සමනය කිරීම සිදුකරනු ලැබේ. ඊට අමතරව ගොටුකොළ යුෂමේස හැන්දකට මී පැණි තේ හැදි 1 ක් මිශ්‍ර කර දිනකට එක්වතාව බැගින් මාසයක් පමණ භාවිතා කිරීම මගින් රක්තහීනතාවය සමනය කර ගත හැකිය.
තෙහෙට්ටුව සමනය කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන තෙහෙට්ටුව සමනය කිරීම සඳහා ගොටුකොළ, රතුළූණු, සුදුළූණු සහ ගම්මිරිස් සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් තෙහෙට්ටුව සමනය කර ගත හැකිය.

සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි සෙම්ප්‍රතිශ්‍යාව ඇති විටක එම රෝගය සමනය කිරීම සඳහා ගොටුකොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ගොටුකොළ වියළා එම කුඩු මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමනය කර ගත හැකිය. එනම් මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගත හැකිය.
ඇස් පෙනීම වැඩි දියුණු කරයි.වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි දුර්වලතාවයන් මග හරවා ගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට ගුණදායක ආහාරයක් ලෙස ගොටුකොළ හැදින්විය හැකිය. එනම් ගොටුකොළ වල අඩංගු විටමින් ඒ ඇස් පෙනීම වැඩි දියුණු කර අක්ෂි රෝග ඇතිවීම වලක්වනු ලබයි. එනම් උකුස්සෙකුගේ ඇස් මෙන් ඇස් පෙනීම වැඩිදියුණු කරන බව සඳහන්වේ.
මතක ශක්තිය වැඩි කරයි.බාල මහළු සෑම සියලු දෙනාගේම මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඖෂධීය ගුණයෙන් යුතු පලා වර්ගයක් ලෙස ගොටුකොළ ආහාරයට එකතු කරගත හැකිය. ඊට අමතරව
ගොටුකොළ පත්‍ර වියලා කුඩු කර වතුර වීදුරුවකට දමා ඊට මීපැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට දෙවරක් පානය කිරීමෙන් මතක ශක්තිය වැඩිදියුණු කර ගත හැකිය.
චර්ම රෝග සුව කරයි.බොහෝ දෙනෙකුට පවතින සම ආශ්‍රිත ඇතිවන රෝග සමනය කිරීමට එනම් දද,කුෂ්ඨ වැනි සමේ රෝග සඳහා ගොටුකොළ ගුණදායක ඖෂධයකි. එනම් මේ සඳහා ගොටුකොළ පත්‍ර, එළකිරි සහ ගිතෙල් මිශ්‍ර කර තම්බා සිසිල් කර සම මත ආලේප කිරීමෙන් චර්ම රෝග සමනය කර ගත හැකිය.

සුවබර නින්දක් ලබාදෙයි.කාර්ය බහුල ජීවන රටාවත් සමඟ නින්ද නොයෑමේ රෝග තත්ත්වය ඇතිවේ. එවැනි අවස්ථාවක සුවබර නින්දක් ලබා ගැනීම සඳහා
ගොටුකොළ පත්‍ර තේ හැදි එකක් එනම් ජලයේ තම්බා පෙරා නින්දට පෙර පානය කිරීම මගින් සුවබර නින්දක් ලබාගත හැකිය.
දියවැඩියාව පාලනය කරයි බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා ගොටුකොළ යනු ගුණදායක පලා වර්ගයකි. එනම් මේ සඳහා ගොටුකොළ සම්බෝල,කැඳ ගූණදායකය.
සම පැහැපත් කරයි.සම පැහැපත් කිරීමට හා සම පෝෂණය කර ගැනීමට ගොටුකොළ පලා වර්ගයක් ලෙස හෝ සලාදයක් කැඳ වර්ගයක් ලෙස සකස් කර දිනපතා පානය කිරීමෙන් සමෙහි ඇති දද කුෂ්ඨ ලප කැළැල් කුරුලෑ වැනි රෝග තත්ත්වයන් සමනය කර සම පැහැපත් කර ගත හැකිය.
ස්නායු රෝග සමනය කිරීමට,කටහඬ මිහිරි කිරීමට,අම්ල පිත්තයට මේ ආදී බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ගොටුකොළ භාවිතා කළ හැකිය.