ගැස්ට්‍රයිටිස් සුව කරන වෙරළු 

health tips

ලොකු කුඩා බෝහෝමයක් දෙනා ප්‍රිය කරන පෝෂණීය ගුණයෙන් අනූන පළතුරක් ලෙස වෙරළු හදුනා ගත හැකිය .Ceylon olive යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන වෙරළු Elaeocarpus Serratusy යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. වෙරළු ශාකයේ හටගන්නා ඵලය ඉලිප්සාකාර කුඩා ඵලයක් වේ. පුංචි ඵලයක් වුවද එහි අන්තර්ගත පෝෂ්‍ය සංඝටකයන්හි නම් අඩුවක් නැත . මෙම පළතුරෙහි බෝහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ. ඒ අතර

  • ප්‍රෝටීන්
  • කාබෝහයිඩ්‍රේට් 
  • පොස්පරස් 
  • කැරටීන්
  • නියසීන්
  • ශක්තිය 
  • මේදය 
  • කැල්සියම් 
  • යකඩ 
  • රයිබොප්ලේවින්
  • විටමින් සී ආදී පෝෂ්‍ය ගුණයෙන් අනූන වේ. 

වෙරළු ශාකයේ ඖෂධීය ගුණ 

Depressed
  • ගර්භණී සමයේ කාන්තාවන්ට අගනා පළතුරක් වේ.කාන්තාවක් ගැබ්ගත් මුල් කාලයේ හටගන්නා අප්‍රිය සහගත තත්වයන් සමනය කිරීමට වෙරළු ගෙඩියක් කටේ තබාගෙන සිටීම යෝග්‍ය වේ. එසේම ගර්භණී සමයේ පළමු මාස කිහිපය තුළ ඇතිවන හිසරදය ,වමනය ,ඔක්කාරය ,ශරීරයේ ඇති වන වෙනස්කම් ,කටේ ඇතිවන කෙල එකතුවීමේ ස්වභාවය යනාදී තත්වයන් සමනය කිරීමට වෙරළු ආහාරයට එක් කර ගත හැකිය. එසේම එහි අන්තර්ගත විටමින් C ,ඛනිජ ලවණ ,ෆයිබර් යනාදී පෝෂක ගර්භණී සමයෙහි මෙන්ම ඉන් පසුවත් ලබා ගැනීමට වෙරළු ආහාරයට ගැනීම ගුණදායකය. එමෙන්ම විටමින් C පළමු මාස තුන තුළ කළලයේ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. එසේම ශරීරයට ලැබෙන යකඩ අවශෝෂණය කිරීමට ද විටමින් C අවශ්‍යවේ. ඒ අනූව වෙරළු ආහාරයට ගැනීමෙන් මේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමට ගර්භණී කාන්තාවන්ට හැකියාව ලැබේ. 
  • හිසකෙස් වර්ධනය කරයි .අතීතයේ සිටම කාන්තාවන්ගේ සුරූපීබව රැක ගන්නට භාවිත කළ ඖෂධීය ශාකයක් ලෙස වෙරළු හදුනා ගත හැකිය. හිසකෙස් සදහා ඉතා හොඳ ඖෂධයක් ලෙස වෙරළු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සළකනු ලැබේ. වෙරළු කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ හිසකබල මත නෑමට පෙර ආලේප කිරීම මගින් හිසේ උකුණන් හිස්සොරි ඉවත් කිරීමට මෙන්ම හිසකේ පෝෂණය කර වර්ධනය කර ගැනීමට ද උපකාරීවේ. 
  • වෙරළු වල ප්‍රතිජීවක ගුණ ඇති නිසා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස ද වෙරළු හදුනා ගත හැකිය. 
  • ගැස්ට්‍රයිටිස් රෝගය සුවපත් කරන අතර ආහාර ජීරණය මනාව සිදු වීම උදෙසාද වෙරළු උපකාරීවේ. 
  • වෙරළුවල අන්තර්ගත අධික සිසිල් බව නිසාම රත්පිත් වැනි රෝග සුවපත් කිරීම සදහා ද උපකාරී වේ. 
  • වෙරළු විටමින් බහුලව පවතින ආහාරයක් නිසා රක්ත අල්පතාවය නම් රෝගය ද සුවපත් කිරීමට හැකියාව ඇත . 
  • කාන්තාවන්ගේ ශරීරයේ අධික උෂ්ණත්වය මෙන්ම මූත්‍ර ආශ්‍රිත රෝග සුවපත් කිරීමට වෙරළු ආහාරයට ගැනීම ගුණදායකය. 
  • රක්තවාතය ඇති පුද්ගලයන්ට  මෙන්ම දාහය සමනය කිරීමට වෙරළු පානය උපකාරී වේ. 
  • වෙරළු විටමින් C බහුලව අන්තර්ගත පළතුරක් වන නිසා දත් ආශ්‍රිතව ඇතිවන රෝග සදහා ගුණදායක වන අතර පණු රෝග  නැසීමට ද උපකාරී වේ. 
  • වෙරළු පානය භාවිත කිරීමෙන් බෝහෝමයක් රෝග සුවපත් කර ගත හැකිය. ඒ අතර
  • ශරීරයේ මේදය පාලනය කරයි .
  • කුසගිනි නිවයි.
  • උදරය නෙරා ඒම පාලනය කරයි .
  • කාන්තාවන්ගේ ඔසප් දින සදහා ඉතා ගුණදායකවේ.
  • ශරීරයට ශක්තිය ලබා දෙයි.
  • කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කරයි. 
  • වෙරළු අච්චාරු ආහාරයට ගැනීමෙන් ,බඩපිපුම ,අහාරය දිරවීම ,බඩේ අජීර්ණ ,යනාදී උදරය ආශ්‍රිතව හටගන්නා රෝග සුවපත් කිරීමේ හැකියාව පවතී. 
  • හිසෙහි ඇතිවන රෝග සදහා වෙරළු පත්‍ර ඔසුවක් වේ .මෙහි ඇති ඔසු ගුණ මගින් ස්නායු වර්ධනය කරයි .හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ලැබීමට ඉඩ සළසයි .ඇස්වල තෙතමනය රදවා තබා ගනී. 
  • •වෙරළු සීනි ,කොලෙස්ටරෝල් පාලනය සදහා ද උපකාරීවේ. 
  • දරුවන්ගේ අස්ථි ශක්තිමත් කර රුධිරය පිරිසිදු කරයි. 
  • වෙරළු භාවිත කර සකසා ගන්නා ආහාර වර්ග ද පවතී .

වෙරළු බීම ,වෙරළු අච්චාරු, චට්නි ඒ අතර ප්‍රධානවේ. වෙරළු ආහාරයක් ලෙස ගැනීමේදී අගුණ වන අවස්ථා නොමැත.නමුත් සෙම් බහුල අය වෙරළු ආහාරයට ගැනීමේදී තරමක් සැළකිලිමත් විය යුතුය.ඊට හේතුව වෙරළු ශීත ගුණයෙන් යුතු පළතුරක් වීමයි. එසේම දියවැඩියාව වැනි රෝග පවතින පුද්ගලයින් වෙරළු ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.