දවසට වෙරළු ගෙඩි 8ක් ආහාරයට ගැනීම ආරම්භ කල විට සිරුරට සිදුවෙන වෙනස්කම් 16 ක්

health tips

Ceylon olive යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන වෙරළු යනු පලතුරු අතර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු පලතුරකි. එනම්  වෙරළුවල

  • විටමින් C
  • පොස්පරස්
  • කැරටීන්
  • නියසීන්
  • ශක්තිය
  • ප්‍රෝටීන්
  • රයිබොප්ලේවින්
  • කාබෝහයිඩ්‍රේට්
  • මේදය
  • කැල්සියම්
  • යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.

මේ නිසා වෙරළු ගෙඩි 8 ක් පමණ දිනපතා ආහාරයට ගන්නේ නම් ඉන් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය.වෙරළු යුෂ පානයක් සකස් කර නිතර භාවිතා කරන්නේ නම් ඉන් බොහෝ රෝග සුව කර ගත හැකිය.

වෙරළු ජූස් සකස් කරන ආකාරය.

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු වෙරළු ගෙඩි 20-30 ක් පමණ
  • වතුර කෝප්ප එකක්
  • ලුණු ස්වල්පයක්
  • දෙහි යුෂ ස්වල්පයක්

බඳුනක් ලිප තබා එයට සීනි සහ වතුර කෝප්ප එකක් එක්කර මද ගින්දරේ තබා සිරප් එකක් ලෙස සකස් කර ගත් යුතුය. එනම් මද වේලාවක් ගිය විට සීනි දියවී ඇලෙන ස්වභාවයක් ඇති වේ. එවිට එය ලිපෙන් බා ලුණු ස්වල්පයක් එකතු කර නිවෙන්නට තැබිය යුතුය.  පසුව ඉදුණු වෙරළු හොඳින් සෝදා පිරිසිදු කර නැටි ඉවත් කර  බඳුනකට දමා වතුර ස්වල්පයක් එක් කර අතින් හොඳින් පොඩි කළ යුතුය.  හොඳින් පොඩි කර ඊට දෙහි යුෂ සහ වතුර කෝප්ප එකක් පමණ මිශ්‍ර කර වෙරළු ඇට ඉන් ඉවත් කර ගත යුතුය. ඉන් පසු එය හොඳින් බ්ලෙන්ඩර් කර යුශ පෙරා වෙන් කර ඊට නිවුනු සීනි සිරප් එක එක් කර හොඳින් මිශ්‍ර කර  වෙරළු යුෂ පානය සකස් කර ගත හැකිය.මෙය පානය කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.

වෙරළු වල අඩංගු ඖෂධීය ගුණ

ශරීරය සිසිල් කිරීම සඳහා උෂ්ණ කාලවලදී ශරීරයේ ඇතිවන උෂ්ණත්වය දුරු කර ගැනීම සඳහා වෙරළු ගෙඩි ආහාරයට ගැනීම මෙන්ම වෙරළු යුෂ පානය සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

ගර්භණී මව්වරුන් සඳහා ගර්භනී අවදියේදී ඇති වන ඔක්කාරය,වමනය, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීමට වෙරළු ගෙඩි ආහාරයට ගැනීම යෝග්‍ය වේ.  එමෙන්ම වෙරළුවල අඩංගු විටමින් C ,ඛනිජ ලවණ ,ෆයිබර් වැනි පෝෂ්‍ය පදාර්ථ කලලය වර්ධනයට උපකාරී වේ. එනම් මේ නිසා වෙරළු පානය සකස් කර භාවිතා කිරීම ගර්භනී මව්වරුන්ට වඩාත් සුදුසුවේ.

හිසකෙස් වර්ධනය කිරීම සඳහා වෙරළු යුෂ පානය දිනපතා භාවිතා කරන්නේ නම් ඉන් ඉන් හිසකෙස් ගැලවී යාම, කැඩී යාම වැනි හිසකෙස් සම්බන්ධ ගැටලු ඇති වීම වළක්වා ගත හැකිය. එමෙන්ම බාහිර සත්කාරයක් ලෙස ද හිසකෙස් වර්ධනය කර ගැනීමට වෙරළු කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ හිසකබල මත නෑමට පෙර ආලේප කිරීම යෝග්‍යය වේ. එනම් ඉන් හිසෙහි උකුණන්, හිස්සොරි ඉවත් කර හිසකෙස් නීරෝගී කර වර්ධනය කර ගත හැකිය.

සම පැහැපත් කර ගැනීම සඳහා සම පැහැපත් කර ගැනීම සඳහා වෙරළු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් වෙරළුවල අඩංගු විටමින් C ,කැරොටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ සමෙහි අඳුරු පැහැය ඉවත් කර සම පැහැපත් කරයි. එනම් දිනපතා වෙරළු යුෂ පානය සකස් කර භාවිතා කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

ගැස්ට්‍රයිටිස් සමනය කිරීම සඳහා ලොකු කුඩා සෑම දෙනාටම පාහේ පවතින ගැස්ට්‍රයිටිස් රෝගය හා එම රෝගය නිසා ඇතිවන රෝග සංකූලතා සමනය කිරීමට වෙරළු යුෂ පානය කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඉන් හොඳින් ආහාර ජීර්ණය වී නැවත නැවත ගැස්ට්‍රයිටිස් ඇතිවීම පාලනය වේ.

දියවැඩියා රෝගීන් සඳහා දියවැඩියා රෝගීන් සඳහා වෙරළු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දිනකට වෙරළු ගෙඩි 8 ක් පමණ ආහාරයට ගැනීමෙන් වෙරළු වල අඩංගු තන්තු මඟින් රුධිර ගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය.

දන්ත රෝග සඳහා දත් දිරා යාම, විදුරුමස් වලින් ලේ ගැලීම වැනි දන්ත ගැටලු සමනය කිරීමට වෙරළු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් වෙරළුවල අඩංගු විටමින් C , කැල්සියම් පෝෂ්‍ය පදාර්ථ දන්ත රෝග සමනය කිරීම සිදුකරයි. මේ නිසා වයස් භේදයකින් තොරව දන්ත රෝග ඇතිවීම වලක්වා ගැනීමට වෙරළු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.මීට අමතරව

  • ශරීරයේ මේදය පාලනය කිරීමට
  • ශරීරයට ශක්තිය ලබා ගැනීමට
  • මුත්‍ර රෝග සමනය කිරීමට
  • ආර්තව වේදනාව සමනයට
  • උදරය නෙරා ඒම පාලනය කිරීමට
  • මව් කිරි වර්ධනය කිරීමට
  • අස්ථි ශක්තිමත් කිරීමට
  • රුධිරය පිරිසිදු කිරීමට
  • ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට
  • මලබද්ධය සමනය කිරීමට

මේ ආදී වූ රෝග රැසකට වෙරළු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් දියවැඩියා රෝගීන් වෙරළු ආහාරයට ගන්නා විට රුධිරගත සීනි මට්ටම පිළිබඳව නිතර සැලකිලිමත් විය යුතුය.