දිනකට වෙරළු ගෙඩි 15ක් ආහාරයට ගන්න දියවැඩියාව නිකන්ම සුවවෙනවා

health tips

වෙරළු ශාකය Elaeocarpus serratus විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන Eleocarpaceae කුලයට අයත් පළතුරකි. ඉංග්‍රීසියෙන් Ceylon olive ලෙස හඳුන්වන ලංකාව තුළ ව්‍යාපාරික වැවිල්ලක් ලෙස වගා නොකළත් බොහෝ ප්‍රදේශවල මේ පළතුරු ශාකය දැක ගත හැකිය. මෙය හැඩයෙනුත් ඔලිව් ගෙඩියක ඇති ඉලිප්සාකාර හැඩයට සමානයි. වෙරළු අමුවෙන් වුවත් ආහාරයට ගත හැකි නමුත් ඉදුණු පසු රසවත්ව ආහාරයට ගත හැකිය. එමෙන් ම මෙය රසවත් පානයක් ලෙස ද සකසා පානය කළ  හැකිය. 

වෙරළු ශ්‍රීලංකාවට හා ඉන්දියාවට ආවේණික ශාකයකි. මීටර් 15 ක් පමණ උසට වැඩෙන වෙරළු ගස පළල්ව පැතිරුණු අසමමිතික හැඩයක් ඇති වියනකින් යුක්තය. පෙබරවාරි, මාර්තු හා සැප්තැම්බර්, ඔක්තෝම්බර් යන මාසවලදී වෙරළු මල් හටගනී. වරකට විශාල වශයෙන් පිපෙන වෙරළු මල්වලින් එයටම ආවේණික සුවඳක් නිකුත් වේ. සාමාන්‍යයෙන් ඕවලාකාර හැඩැති වෙරළු ගෙඩි ඒවායේ විශාලත්වය, රසය සහ පැහැය යනාදියෙන් විවිධත්වයක් පෙන්වයි. 

වෙරළු පත්‍ර දීර්ඝ දැති සහිතයි. පත්‍ර මෝරන විට කොළ පැහැය රතු පැහැහට හැරෙයි. වෙරලු ගෙඩියක තිබෙන්නේ එක් ඇටයයි. අමු වෙරළු ඇඹුල් රසයකින් යුක්ත වුනත් ඉදුන වෙරලු ඇඹුල් රස සමග පැණි රස ගතියකින් ද යුක්තය. රෝග රැසකට ගුණ දෙන වෙරළු ශාකයේ ගෙඩි පමණක් නොව කොළ හා පොතු ද ඉතා වටිනා ඖෂධීය ගුණයෙන් යුක්තය. 

ඒ අනුව දේශීයව හඳුනාගත හැකි වෙරළු ප්‍රභේද ලෙස,

  • මස් වෙරළු
  • පොල් වෙරළු
  • ගල් වෙරළු
  • නිල් වෙරළු (විදේශයෙන් හඳුන්වා දී ඇත.)ආදී ලෙස වෙරළු වර්ග ගණනාවක් හඳුනාගත හැකිය. 

ගල් වෙරළු යනු ආහාරයට නොගන්නා වෙරළු විශේෂයකි. එහෙත් එහි බීජයේ මදය කොට්ටම්බා මෙන් ආහාරයට ගන්නා බව පැවසේ. ඉහත කී වෙරළු විශේෂ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල හා ගෙවතුවල දක්නට ලැබේ. 

වෙරළු ඉදුණු ඵල නැවුම් පලතුරක් ලෙස ද, පැසුණු ඵල තම්බා හෝ අච්චාරු ලෙස සකසා ගැනීමෙන් ද ආහාරයට ගනියි. ඉදුණු ඵල යොදාගෙන රසවත් බීම හා ආහාර වර්ග පිළියෙල කළ හැකි අතර, වෙරළු ඵල හා පත්‍ර ආයුර්වේදයේ දී පාචනය, අතීසාරය, හිස්හොරි හා පටපණුවන් මර්ධනයට ඔසු ලෙස භාවිතා කරයි. එමෙන් ම ශරීරයේ මේද නසන බඩගින්න වඩන, බඩ අඩු කරන වෙරළු කාන්තාවන්ගේ මාස් ශුද්ධියටත් ඉතාම ගුණදායක ය. උදරයේ රෝග නසන, ආහාර දිරවීම පහසු කරන වෙරළු අච්චාරුව ද ඉතා රසවත් ය. 

වෙරළු මී මැසි පාලනයේදී රොන් ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස ද යොදාගනි. එසේම වෙරළු උද්‍යාන අලංකරන කටයුතුවලට භාවිතා කළ හැකි අලංකාර ශාකයකි. කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ. අතීතයේ සිටම ගර්භනී මවුවරුන් වෙරළු ආහාරයට ගනු ලැබීය. විටමින් C  , ඛනිජ ලවණ  මෙන්ම මෙහි ඇති ෆයිබර් ගුණාංග නිසා ලොකු කුඩා සැමටම කිසිදු සැකයකින් තොරව අහාරයට ගත හැකියි. 

වෙරළු වැනි පළතුරු ගස් යටම කුණු වෙලා ගියත් ඒවා ආහාරයට ගැනීමට වර්තමාන සමාජය උනන්දු නොවුන ද අතීතයේ දරුවන් අතර වෙරලු බොහොම ජනප්‍රිය ආහාරයකි. පාසල් ඇරී නිවසට එන ගමනේ වෙරළු අච්චාරු ගොට්ටක් ගෙන මග දිගට ඒවා කෑමට ඔවුන් පුරැදු වී සිටිය ද වත්මන් සුපිරි වෙළදසැලේ ඇසුරුම් සහිත පලතුරු මිස මේ වගේ පළතුරු ගැන කිසිම උනන්දුවක් නොමැත. වෙරළු රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරකි. 

  • වෙරළු මද ග්රෑම් 100 ක ගුණ 
  • ජලය – 80.2g
  • ප්‍රෝටීන් 1.2 mg
  • කාබොහයිඩ්රේට 1.8 mg
  • පොස්පරස් 29.2 mg
  • කැරටින් 33 mg
  • නියසින් 0.4 g
  • ශක්තිය කැලරි 72
  • මේදය 1.2 g
  • කැල්සියම් 18 mg
  • යකඩ 2.1 mg
  • රයිබොප්ලේවින් 11 mg
  • විටමින් සී 20 mg 

වෙරළු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන 

ගැහැණු පිරිමි හෝ වයස සීමාවකින් තොරව සැමදෙනා වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. ගොඩපර ගෙඩි දෙහි සහ උළුහාල් සමඟ තම්බා සාරය හිස්කබලේ ඇතිල්ලීම, පේර කොළ යුෂ ප්‍රතිකාරය  අතර වෙරළු කොළ යුෂ වලිනුත් අපූරුවට මේ රෝගය සුව වේ. වෙරළු කෙස්වලට ඉතාම ගුණය. ඉස්හොරි සමනයට මෙන් ම කෙස්වල වියලි බව දුරු කිරීමට සහ සිනිදු සහ දීප්තිමත් බව ආරක්ෂා කර ගැනීමට ඉතාම හිතකර විදිහට මේ සේදුම්කාරක යොදා ගත හැකිය. 

දොළ දුක් අම්මලාට බය සැක නැතිව කන ඇඹුල්  වර්ග අතර වෙරළු මූලික වේ. ඒ කාලයට කන ලොවි, අඹ ගැට වැනි වෙනත් ඇඹුල්වල ඇති අධික ආම්ලික ගතිය, ආහාර උඩට එන ගතිය  වෙනුවට ඇඹුල් වූවත් වෙරළු ගෙඩියේ ඇති අඩු ආම්ලිකතාවය වැදගත් ය.  

වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාව රෝගය වැලක්වීමේ හැකියාව ඇති  පලතුරු අතරේ වෙරළු ඉදිරියෙන් සිටියි. 

විටමින් සි, ලවන වර්ග ,යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්‍රතිශක්තිය එකතු කිරීමටත්, මල බද්ධය වැලක්විමටත් හේතු වේ.

සිංහල වෙදකමේදී සන්ධි ආබාධ ඇතුළු විවිධ රෝගාබාධ සුවයට වෙරළු කොළ, ඇට, පොතු සහ මුල් යොදාගෙන ඇත. සන්ධි ආබාධ දුරලන වේදනා නාශකයක් ලෙස ද වෙරළු ඉතා ගුණදායකය. ශරීරය සිසිල් කරයි. ඇස්වල දීප්තිය ඇති කරයි. දත් රෝගවලට ගුණ දෙයි. 

සමේ රෝග, දිලිර ආසාධන, හිස් කබලේ ආසාධන, උකුණන් වඳ කිරීම, වේදනා නාශක, ප්‍රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත් හිසකුඩිච්චි වලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගනියි. 

කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවනි. 

වෙරළු දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන හොඳම දේශීය පලතුරකි. වෙරළුවල අඩංගු Polyphenol නමැති සංඝටකය දියවැඩියාව පාලනයටත්, අග්න්‍යාශය ප්‍රාණවත් කිරීමටත් හේතු වේ. දියවැඩියා රෝගියා මුලින් ම රුධිර වාර්තාවක් අරගෙන සති දෙකක්  දිනකට වෙරළු ගෙඩි 15ක් බැගින් ආහාරයට ගෙන රුධිර පරීක්ෂණයක් කළහොත් සීනී මට්ටමේ අඩු වීමක් දැකගත හැකිය. අඩු පිෂ්ඨයක් හා වැඩි තන්තුවලින් යුතු මඳ කහට රසැති වෙරළු දියවැඩියාව ක්‍රමයෙන් පාලනය  කරයි. දියවැඩියාවට සුදුසුම දේශීය පළතුර  වෙරළු බවට මේ වන විට  විවිධ පර්යේෂණවලින් තහවුරු ව තිබේ.

වෙරළු කොලෙස්ටරෝල් සඳහා  ඉතා ගුණදායකය. දිනකට වෙරළු ගෙඩි පහළොවක් අවම වශයෙන් ආහාරයට ගත හැකි නම් හිතකර කොලෙස්ටරෝල් මට්ටම යහපත් ලෙස පවත්වා ගත හැකිය. 

පිළිකා නසන ලොව අංක එකේ පළතුර වන්නේත්  වෙරළු ය. මෑතක පළතුරු පිළිබඳව කෙරුණු විශේෂ  හැදෑරීමකින් ඒ බව ප්‍රකාශ වී තිබේ. උදරයේ, මහාන්ත්‍රවල හා පියයුරු පිළිකා වැළකිය හැකි Polyphenol නමැති සංඝටකය වෙරළුවලින් ලැබේ. 

සිරුරේ විෂ හරණය කිරීමේ ප්‍රබල ගුණයක් වෙරළු සතුය. ශරීරයේ විෂ ප්‍රතිචක්‍රීයකරණයේ නියැළෙන glutathione සංඝටකය වර්ධනය කරන වෙරළු අධිරුධිර පීඩනයට ද ගුණ දෙයි. හෘද කපාටවලට හා ධමනිවලට වන හානි වළකන මේද වර්ග වෙරළුවල අන්තර්ගතය. 

ගර්භනී කාන්තාවන්ගේ පූර්ව කාලීන ඔක්කාර හා වමන ගතිවලටත්  සහනය සලසන වෙරළු කාන්තා රෝගවලට, පණු රෝග, මල බද්ධය හා ඉදිමුම්වලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් ද යුක්තය. 

වෙරළු කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම හා මුත්‍රා රෝගවලට සුව දෙන ඉතාම ගුණදායක පළතුරකි. 

පාදවල ඇඟිලි කරුවල මඩ තැවරී සෑදෙන දිලීර නිසා ඇතිවන කැසීම් ආදී චර්ම රෝග රැසකටත්,  සමේ ලප කැළැල් දුරු කර ගැනීමටත් සම පහැපත් කිරීමටත් වෙරළු කොළ යුෂවලට ඇති හැකියාව විස්මිත ය. 

මානසික රෝග සඳහා යොදන හිස් ගැල්වුමට වෙරළු පස් පංගුව යොදා ගනියි. හිසේ රෝග රැසකට ගුණ දෙන වෙරළු ස්නායු වර්ධනය කරයි. හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ලබා දීමට ක්‍රියා කරයි. 

මෙලෙස හෘදයාබාධ ඇතිවීම වැළැක්වීම, පිළිකා සෛල වර්ධනය වීම වැළැක්වීම, ආහාර දිරවීම පහසු කිරීම, ශරීරයේ තැන්පත් වන මේද ප්‍රමාණය අඩුකිරීම, සම ශක්තිමත් කිරීම හා ලේ පිරිසිදු කිරීම ආදී බොහෝ ගුණ වෙරළු ආහාරයට ගැනීමෙන් උරුම වේ. 

වෙරලුළුවලින් සැකසිය හැකි රසවත් ආහාර 

වෙරලු පානය ඉදුනු වෙරලු ගෙඩි කීපයක් අර ගෙන එහි මද ඉවත් කරගෙන එයට ප්‍රමාණවත් තරම් වතුර, සීනි සහ ලුණු ඉතාම ස්වල්පයක් එක් කර ගෙන බ්ලෙන්ඩ් කරගන්න. නැතිනම් හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ඉවත් කරගන්නවා. ඉන්පසු ඊට පොල්කිරි කැමති නම් සීනි අවශ්‍ය පමණක්, ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ඉන්පසු අවශ්‍ය පමණ වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කරගැනීමෙන් හොඳ රස පලතුරු බීමක් සාදාගත හැකිය. 

පොල්කිරි වෙනුවට එළකිරි ටිකක් හා අයිස් ක්‍රීම් ටිකක් පොඩිකර ගත් වෙරළුවලට එක්කර ගැනීමෙන් දරුවන්ට ගුණයෙන් පිරි, හොඳ වෙරළු පානයක් සකසා දිය හැකිය. වඩාත් රසවත් වීමට අයිස් කැට කීපයක් හා කසකසා ඇට ටිකක් එක් කරන්න. මෙය ඉතා රසවත් ගුණවත් පානයක්. ශරීරයේ මේදය නසයි. බඩගින්න නිවාගනී. උදරය බසී. කාන්තාවන්ගේ මාස් දිනවලට ඉතාම ගුණයි. ශක්තිය උදාකරයි. කිරිමව්වරුන්ට කිරි වර්ධනය කරයි. 

වෙරළු අච්චාරු හොඳින් පැහුණු වෙරළුවලට ලුණු, ගම්මිරිස්, මිරිස් ස්වල්පයක් එකතු කර වංගෙඩියකට දමා තලා ගත් විට හොඳ අච්චාරුවක් සකසාගත හැකිය. 

එමෙන් ම වෙරළු කහ එක්කර තම්බාගෙන එයට විනාකිරි ද ස්වල්පයක් එක්කර ගන්න. මෙයට ලුණුඇඹරැල්ලා ගෙඩි කීපයක් පොත්ත ශුද්ධ කර කෑලි කපා එක්කරන්න. අන්නාසි, ඇඹුල් ලොවි, අඹ ජපන් බිලිං (ඇඹුල් නෙල්ලි) මිරිස් කුඩු සමඟ තම්බාගත් වෙරළුවලට දමා හොඳට කලවම් කරගන්න. අවශ්‍යනම් සීනි ස්වල්පයක් එක්කරගන්න. විනෝද චාරිකාවක් යන විට රැගෙන යාමට සවස් වරුවේ විනෝද අවස්ථාවකට ගැළපෙන සිංහල ආහාරයක් වශයෙන් සඳහන් කිරීමට හැකි අතර මෙයින් උදරයේ ඇති රෝග නිවාරණය සිදුවේ. බඩ පිපුම ආහාර දිරවීම අජීර්ණතාවයන් සුව කිරීමට මෙම අච්චාරුවට හැකියාව ඇත.

වෙරළු තම්බලා පැසුණු වෙරළු කහ, ලුණු සමග තම්බා ආහාරයට ගත හැකිය. හොඳින් පැසුණු වෙරළු තම්බා ගත් විට එය ඉරි තලා එහි තද ගතිය නැතිවී යයි. එහිදී ඇටය ඉවත්කර ගැනීම පහසු ය. 

පැණි තැවරූ වෙරළු ඉතා හොඳින් ඉදුණු වෙරළු හැන්දකින් යන්තම් පොඩි කර එයට කිතුල් හෝ මීපැණි ටිකක් එකතු කර ගන්න. 

වෙරළු ව්‍යාංජනය වෙරළු මදයට රතුළූණු, අමුමිරිස්, උම්බලකඩ, තුනපහ, මිරිස්කුඩු, කහකුඩු ස්වල්පයක් දමා දියකිරෙන් තැම්බෙන්නට හැර පසුව ඒවා මිටිකිරෙන් සිඳුවා පිසගන්න. 

වෙනත් පළතුරු මෙන් නොව මෙම පළතුර අගුණ වන අවස්ථා  ඉතා දුර්ලභය. කුඩා දරුවන්ට පවා හිතකර මේ පළතුර ශ්‍රී  ලංකාවේ ඕනෑම අයෙකුට පහසුවෙන් ලබා ගත හැකි ඉතා ගුණදායක පළතුරකි. වෙරළු  ඉදවීමට, කල්තබා ගැනීමට වෙනත් පළතුරුවලට මෙන් විවිධ කෘතීම රසායනිකයන් එකතු නොකීරිම එහි ගුණය තවදුරටත් ආරක්ෂා කරයි. මේ අනුව වෙරළු ඉතා රසවත් මෙන් ම ගුණවත් පළතුරක් ලෙස හදුනාගත හැකිය.