ගුණයෙන් ඉහළ බොහෝ එළවලු අපේ ආහාරවේලෙන් ඈත්වෙලා තිබීම නම් අවාසනාවක්. එකම එළවලු ලිස්ට් එකක් කිසිම විවිධත්වයක් නොමැතිව ගන්නට පුරුදු වෙලා ඉන්න බෝහෝදෙනෙක්ට චව් චව් වගේ ගුණයෙන් ඉහළ එළවලු අමතකවෙලා ගිහින් . අඩු මිලකට මිලට ගන්නට හැකි ගුණයන් බොහොමයකින් සපිරුණු මේ චව් චව් ආහාරයට ගන්නට වැඩිදෙනෙක් කැමැත්තක් දක්වන්නෙත් නැහැ. එය දියර එළවලුවක් ලෙඩ කෑමක් කියමින් ආහාර තේරීම නිසා අද අපිට පෝෂ්‍යදායි ආහාර බොහොමයක්ම මගහැරී ගිහින්.නමුත් ලෙඩරෝග බොහොමයකින් ආරක්ෂා වී සිටින්නට මේ එළවලුව ඉහළ දායකත්වයක් සපයන බව හැමෝම දැනගත යුතු වෙනවා. ඉතින් ඒ නිසාම අද අපි කතා කරමු චව් චව් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.
මේ එළවලුව ලාංකීය අපිට ඉතා අපහසුවෙන් සොයා ගන්නට පුළුවන්. ඒ නිසාමද මන්දා ඇතැම් අය මේ එළවලුව නිකන් දුන්නත් නොගන්නා තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. බොහෝ ගෘහණියෝ ච්ව් චව් ව්‍යංජනය පිසින්නේ වෙනත් එළවලුවක් නිවසේ නැති අවස්ථාවකදී. කොහොමවුණත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මේ ආහාරය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරටට පැමිණි ඉන්දියානු ජනයා සමඟ එන්නට ඇති බව සිතන්නට පුළුවන්. තමිල්නාඩු ජනයාට චුව් චුව් වුණු සුද්දාට චෝ චෝ වුණු මේ අපූරු ආහාරය ලාංකීය අපිට චව් චව් වුණා.
මෙය ඉතා රසවත් ආකාර කිහිපයකට ආහාරයට ගන්නත් පුළුවන්. කිරට, මිරිසට, තෙලට, මැල්ලුම් වශයෙන් ඇඹුල වශයෙන් කොස් ඇට සමඟ පරිප්පු සමඟ වෙනස් රසවලින් මෙය අපේ ආහාරවේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෝසි වැනි අතුරුපස සකස් කරගන්නටත් ඒවා රස ගන්වන්නටත් මේ චව් චව් භාවිතා කරන්නට පුළුවන්. 94% ක්ම ජලය අඩංගු සංතෘප්ත මේදය අඩංගුව ඇති චව් චව් ග්‍රෑම් 100 ක ශක්තිය කිලෝ කැලරී 16 ක් අඩංගු වෙනවා. ඒ වගේම චව් ග්‍රෑම් 100 ක පොටෑසියම් මිලිග්‍රෑම් 155 ක් අඩංගු වෙනවා.

තන්තු බහුල චව් චව් ගෙඩියක් ආහාරමය තන්තු ග්‍රෑම් 3-4 ක් පමණ අන්තර්ගත වෙනවා. මේ ප්‍රමාණය මිනිස් දේහයට දෛනිකව අවශ්‍ය කරන තන්තු ප්‍රමාණය මෙන් 14% ක් වෙනවා.මේවායේ කැල්සියම්, යකඩ, පොස්පරස්, සෙලෙනියම්,සින්ක් මැග්නීසියම්, සහ විටමින් බහුලව අඩංගු වන නිසා අස්ථිවල නීරෝගී බවටත් ඉතාම වැදගත්. ඒ නිසාම දේශීය වෙදකමේදී අස්ථිවල බිඳීම් වූ විට ඒව නැවත පෑස්සසීමටත් චව් ච්ව් ඇට භාවිතා කරනු ලබනවා. මේ පෝෂක හැරුණාම චව්ව්වල නියසීන්, තයමින්, රයිබොෆ්ලෙවින්,පැන්ටොතනික් අම්ලය, පිරිටොක්සීන් ආදී B කාණ්ඩයේ විටමින් මෙහි බහුලයි. ඊට අමතරව විටමින් C,විටමින් E, සහ විටමින් K වලින් ද ප්‍රතිඔක්සිකාරකවලින් ද මේ චව් චව් පොහොසත්.
ඉතින් මේ චව් චව් මදය, ඇටය වගේම ඒවායේ කොළත් ඉතා ඉහළ ඖෂධීය ගුණයෙන් සමන්විතයි. මේ චව් චව් ඇටවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වන valine ,isoleucine,leucine ආදී අන්තර්ගත වෙනවා.එය වෙජිටේරියන් පුද්ගලයන්ට බෙහෙවින් වැදගත් වන ආහාරයක්. විවිධ කසාය වර්ග සැකසීමේදී නිතරම හෙළ වෙදැදුරන් මේවායේ පත්‍ර භාවිතයට ගනු ලබනවා. ඒ හැරුණාම මේ පත්‍ර තම්බා තේ මෙන් සකසා පානය කරන්නටත් පුළුවන්. එමගින්ද අපේ ශරීරය ලැබෙන වාසි අතිවිශාලයි.
චව් චව් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යයමය ප්‍රතිලාභ
- ශරීරයේ බර වැඩිවීම පාලනය කරයි.
- අහිතකර කොලෙස්ටරෝල් අඩුකර එය යහපත්ව පවත්වා ගන්නට දායක වෙයි.
- රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගනියි.ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමට අනුව දෙහි යුෂ මිශ්‍රකළ චව් චව් යුෂ අඩු කෝප්ප 2 ක් බැගින් දිනපතා උදේ සවස සති 2 ක් පානය කිරීමෙන් රුධිර පීඩනය පාලනය වෙනවා.
- හදවතේ සෞඛ්‍ය නීරෝගී කරයි.
- ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට දායක වෙයි.
- අන්ත්‍රවල, තුවාල ආසාදන සහ පිළිකා සුව කරයි.
- ආඝාතය ඇතිවීමේ අවදානම පහත හෙළයි.
- දියවැඩියාව පාලනය කරයි.

- රක්තහීනතාවයට ගුණදායකයි.
- මලබද්ධය සමනය කරයි.
- අර්ශස් රෝගය පාලනය කරයි.
- අස්ථි ශක්තිමත් කරයි.
- වකුගඩු ගල් දිය කරයි.
- මුත්‍රාකාරක ගුණ සහිතයි.
- අක්මාවේ මේදය තැන්පත්වීම වළකයි.
- කැල්සියම් බැඳීමෙන් ඇතිවන රුධිර නාල ඝනවීමේ රෝගය වළකයි.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.ගැබ් ගෙල පිළිකා. අන්ත්‍රවල පිළිකා සහ ලියුකේමියාව ආදී ඇතැම් පිළිකා සෛලවල වර්ධනය මන්දගාමී කරනු ලබනවා.
- වයසට යාම පාලනය කරයි.විටමින් C බහුල බැවින් එය සමේ කොලජන් නිෂ්පාදනයට දායක වෙයි. එය තරුණ සමක් ලබා ගන්නට දායක වෙනවා.
- ගැබිනි මව්වරුන්ගේ දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 25% සපුරා ගත හැකියි. එමගින් නොමේරු දරු උපත ඇතිවීමේ අවදානම අඩු කරයි.
සැලකිය යුතුයි.රුමෑටික් ආතරයිටිස් රෝගීන්ට හා නිදන්ගත වකුගඩු රෝගීන්ට චව් චව් අහිතකර බැවින් ඔවුන් මේ ආහාරයෙන් වැළකිය යුතුයි.ඉතින් මිලෙන් අඩු සුලභ එළවලුවක් වුණත් එහි ගුණය අතින් බැලුවම ඉතා ඉහළ බව ඔබ දන්නවා. අද ලෙඩ ගොඩකට හේතුව අපි ගන්නා විවිධ ආහාරපාන. ඒ නිසා ආහාරවල පෙනුමට තත්ත්වයට වඩා එහි ගුණය ගැන සලකා ආහාර තෝරා ගැනීම ඔබ සැමගේ වගකීමක්.