ලොකු කුඩා සෑම දෙනාම පාහේ පීඩා විදින තවත් රෝගී තත්ත්වයක් ලෙස පපුවේ සෙම ඇති වීමේ රෝග තත්ත්වය හඳුනාගත හැකිය. එනම් සෙම ඇති වන්නේ නම් ඔහු නීරෝගී පුද්ගලයෙකු බව පිළිගනී. එනම් ඊට හේතුව සෙම මගින් පිටවන්නේ ආස්වාසයේදී නාස් කුහරය තුළින් ඇතුළුවන දූවිලි,දුම්, වෛරස් වැනි දේවල්ය. නමුදු මෙම තත්ත්වය ඉබේ සුව වේ යැයි සිතා රෝගය නොසලකා හැරීම මගින් එම තත්ත්වය දරුණු විය හැකිය. එනම් ඊට හේතුව මෙම තත්ත්වය නොයෙක් රෝග සංකූලතා ඇති කිරීමට හේතු පාදක වීමයි. එනම්
- කැස්ස
- සෙම්ප්‍රතිශ්‍යාව
- හුස්ම ගැනීමේ අපහසුතා
මෙම රෝගය නිසා ඇතිවනු ලැබේ. එමෙන්ම ක්‍රමයෙන් සෙම පපුවෙහි තැන්පත් වී නාසය අවහිරවීම සිදුවේ. එමෙන්ම පෙනහළු වලට ඉන් හානි සිදුවිය හැකිය. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යය වේ. ඊට අමතරව පපුවේ සෙම ඉවත් කර ගැනීමට නිවසේ පවතින ස්භාවික ඖෂධ වර්ග භාවිතා කළ හැකිය.

වාෂ්ප ආග්‍රහණය කිරීම.ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝග ඇති විටක උණුසුම් වාෂ්ප ආග්‍රාහණය කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඉන් පපුවේ සෙම බුරුල් කර පහසුවෙන් ඉවත් කර ගත හැකිය. ඊට අමතරව මෙමගින් හුස්ම ගැනීමේ අපහසුතා සමනය කරගත හැකිය. වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට දෙවතාවක් පමණ වාෂ්ප ඇල්ලීම සිදු කළ යුතුය.
කහ ශ්වසන අපහසුතා සමනය කර ගැනීම සඳහා කහවල අඩංගු කර්කියුමින් වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් සෙම් රෝග පවතින අවස්ථාවක එම සෙම ඉවත්කර ගැනීමට උදෑසන පානය කරන කිරි වීදුරුවට කහ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් ඉන් පපුවේ සෙම පහසුවෙන් ඉවත්කර ගත හැකිය.
ලුණු සෙම ඉවත් කර ගැනීම සඳහා ලුණු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා වතුර වීදුරුවකට ලුණු තේ හැදි 2 ක් පමණ මිශ්‍රකර දිනකට දෙවතාවක් පමණ උගුර සේදීම මගින් සෙම් ගෙඩි ඇති වීම හා ඇතිවූ සෙම ඉවත් කර ගැනීම සිදු කළ හැකිය.
උණුසුම් දියරමය පාන වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීම.පපුවෙහි සෙම පවතින විට ශීත කළ දියර වර්ග භාවිතයෙන් වැළකිය යුතුය. එනම් වැඩි වශයෙන් මෙම රෝගය සඳහා සුදුසු වන්නේ උණුසුම් පාන වර්ගයන්ය. එනම් සුප් වර්ග, ග්‍රීන් ටී ,උණුසුම් ඇපල් යුෂ ,තේ, උණුසුම් ජලය වැඩි වශයෙන් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් පපුවෙහි සහ නාසයෙහි පවතින සෙම ඉවත් කරගැනීම පහසු කර හුස්ම ගැනීමේ අපහසුතාවය දුරු කර ගත හැකිය.
ලෙමන් පපුවෙහි තැන්පත් වූ සෙම ඉවත් කර ගැනීමට ඈත අතීතයේ සිටම ලෙමන් යුෂ භාවිතා කර තිබේ. එනම් මේ සඳහා උණු වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැදි 2 ක් සහ මී පැණි මේස හැදි 1 ක් එකතු කර දිනකට දෙවරක් පානය කිරීම මගින් පපුවේ සෙම ඉවත් කර ගත හැකිය.

ඉඟුරු සෙම් රෝග සමනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකිය. එනම් ඉඟුරු නිතර භාවිතා කරන්නේ නම් සෙම් රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් මේ සඳහා උණුසුම් වතුර වීදුරුවකට ඉඟුරු කැබැල්ලක් දමා තැම්බෙන තුරු වසා තබා පෙරා ඊට මී පැණි හැන්දක් මිශ්‍රකර පානය කිරීම මගින් සියලු සෙම් රෝග සුවකර ගත හැකිය. එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා සමනය කරගත හැකිය.
කුරුඳු කුරුඳු යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඖෂධීය කුළු බඩුවකි. එනම් සෙම පවතින විට එම සෙම පහසුවෙන් සුවකර ගැනීම සඳහා කුරුඳු තේ පානයක් ලෙස සකසා භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් තේ පානයට කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ඊටම මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
මී පැණි සෙම් රෝග සමනය කර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම මී පැණි ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් පැණි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම වළක්වයි. එනම් සෙම් රෝග පවතින විටෙක මී පැණි හැන්දක් මද උණුසුම් වතුරට දමා පානය කිරීම මගින් ශ්වසන අපහසුතා සමනය කරගත හැකිය.