පපුවේ වේදනාව ආයුර්වේදයේ ‘උර ශුල’ යනුවෙන් හඳුන්වන අතර මෙය තීව්‍රතාව අතින් වෙනස් විය හැකි පපුවේ විවිධ ස්ථාන වල මතුවිය හැකි,යටින් පවතින රෝග හෝ ගැටලුවක බලපෑමින් මතුවිය හැකි රෝග ලක්ෂණයකි.කැස්ස හා පපුවේ අවහිරතාව පපුවේ වේදනාව ඇතිවීමට තුඬු දෙන ප්‍රධාන හේතු දෙකකි.
පපුවේ වේදනාවට හේතුවිය හැකි වෙනත් හේතු

- අජීර්ණය-ආහාර ආමාශය තුළ ඛණ්ඩනය වීම, අවශෝෂණය වීම හා බැහැර වීම යන ක්‍රියාවලි වලට බාධාවීම හෝ යම් යම් අසමතුලිතතා ඇතිවීම අජීර්ණයට හේතුවෙයි.ඉහළ උදරයේ(පපුව පහළ) අපහසුවක් හෝ වේදනාවක් මතුවිය හැකි අතර බඩපිපුම,ඔක්කාරය හා වමනය වැනි වෙනත් පීඩාකාරි ලක්ෂණ ද ඇතිවිය හැකිය,
- අධිආම්ලිකතාව (අම්ලපිත්තය)-වාත දොස් උත්තේජනය විම හා පිත අසමතුලිතවීමෙන් ආමාශයික අම්ල අධිකව ස්රාවය වීමේ තත්වයයි.මෙම අම්ල අන්නස්‍රෝතය දක්වා නැවත ගමන් කිරීම හේතුවෙන් පපුවේ හා උගුර ආශ්රිත වේදනාවක් හා දැවිල්ලක් දැනිය හැකිය.
- පපුවේ සීරුම් තුවාල/පපු ප්‍රදේශය අනතුරකට ලක්වීම -තුවාල හා තැලුම් ආශ්රිත එක්වරම වේදනාව මතුවිය හැකි අතර ඇතැම් විට කැස්ස සමඟ ලේ බිඳිති පිටවිය හැකිය.
- පෙනහළු තුළ තරල එකතුවී තිබීම -ප්ලූරාව හෙවත් පෙනහළු බාහිර පටල ආශ්‍රිතව තරල එක් රැස් වීම නිසා පපුවේ වේදනාව,හුස්ම හිරවීම, මද උණ හා වැතිරී සිටින විට මහත් අපහසුවක් දැනීම වැනි ලක්ෂණ මතුවිය හැකිය.
- ඇදුම -(bronchial asthma) නිදන්ගත ප්‍රදාහක රෝගයකි. ශ්වසනය අපහසුවීම හා පපුවේ වේදනාව ප්‍රධාන මතුවිය හැකියි.වාත හා සෙම් දොස් කිපීමෙන් උග්‍ර වන තත්වයකි.සෙම වැඩිවීම නිසා නිදහස් වායු මාර්ග අවහිර වී යන අතර ඒ හේතුවෙන් ඇදුම රෝග ලක්ෂණ වර්ධනය වේ.කැස්ස වැඩිවීම හා අධික විෂ ද්‍රව්‍ය සිරුරේ එකතුවීම ද ඇදුම ඇතිවීමට හේතුවිය හැකි බව පෙන්වාදේ.
- හෘද රෝග -ආයුර්වේදයේදි ischemic heart disease නම් තත්වය නිර්වචනය කර ඇත්තේ හෘදය වෙත එල්ලවන අධික ආතතිය හේතුවෙන් හෘදය ආශ්‍රිතව ඇතිවන පපුවේ වේදනාව ලෙසයි.වාත,පිත හා සෙම් දොස් කිපීමෙන් මතුවිය හැකි අතර නිසි ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්ය.මෙම රෝග හා ගැටලු තත්වයන්ට ප්‍රතිකාර කිරීමෙන් පපුවේ වේදනාව ඇතුළු අනෙකුත් රෝග ලක්ෂණ බොහෝදුරට පාලනය කළ හැකියි.
ආයුර්වේදයේ පපුවේ වේදනාව දුරුකරවන ප්‍රතිකාර
- වමන-රෝගියා වමනය කරවා ආමාශයේ ඇති දෑ හා කිපී ඇති සෙම් හා පිත් දොස් බැහැර වීමට සලස්වයි.මෙහිදි ආමාශයේ එකතුවී ඇති විෂ ද්‍රව්‍ය ද ඉවත්වී යයි.ඒ හරහා ආමාශය පිරිසිදු වේ.ශරීර වාහිනි පැහැදිලි වෙයි.ඇදුම හා කැස්ස වැනි තත්වයන්හිදි සෙම ඉවත්කරවීම සඳහා තිප්පිලි භාවිතයෙන් රෝගියා වමනය කරවීමට සලස්වයි.කොහොඹ කොළ දියර සාරය හෝ පතුල සාරය ද මේ ප්‍රතිකාර වලට භාවිත කෙරේ.
- විරේචන-සිරුරේ කිපී ඇති සියලු දෝෂ හා විෂ අපද්‍රව්‍ය ගුද මාර්ගයෙන් බැහැර වීමට සලස්වයි.සිරුරේ අධික පිත දුරුකිරීමට මූලිකව යොදාගන්නා ප්‍රතිකාරයකි.මෙහිදි ඖෂධ පැළෑටි හා විවිධ ඖෂධ වල සුසංයෝග භාවිත කෙරේ.අරලු හා එන්ඩරු තෙල් අධික පිත හේතුවෙන් ඇතිවිය හැකි අජීර්ණයට විරේචන ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනේ.අධිආම්ලිකතාවට ‘ත්රිව්රිත චූර්ණ,අභ්යාරිෂ්ට හා ත්‍රිඵලා චූර්ණ’ වැනි ඔසු භාවිත කෙරේ.
- භස්ති-මහාඅන්ත්රය හා ගුදය පවිත්‍ර කරවීම හෙවත් වස්ති ප්‍රතිකාරයයි.ඖෂධ වර්ග කසාය, තෙල් හෝ මිශ්‍රණ (පේස්ට්) ලෙස සකසා ගුදය හරහා ඇතුල් කරයි.සිරුරේ කිපී ඇති දෝෂ සමතුලිත කර විෂ අපද්‍රව්‍ය බැහැර කරයි.මලබද්ධය හා අජීර්ණය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කෙරේ.
පපුවේ වේදනාවට ප්‍රතිකාර කරන ආයුර්වේදීය ඖෂධ

- තුල්සි (හීන් මදුරුතලා)- ජීර්ණ මාර්ගය, ස්නායු හා ශ්වසන පද්ධති නීරෝගිකරයි.වේදනා සමනය කරයි;ප්රතිභ්රාස (ගැස්ම ඇතිවීම් වළකන්) ගුණ ඇත.බැක්ටීරියානාශක හා පැසවීම වළකන ගුණ අඩංගුය.ඕනෑම කැස්ස රෝගයකට ගුණදායිය.ඇදුම හා බ්රොන්කයිටිස් වැනි ශ්වසන ගැටලු වලට ප්‍රතිකාරයකි.ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි. විෂ අපද්‍රව්‍ය බැහැර කරයි.තැම්බූ වතුර, යුෂ, ගිතෙල් මිශ්‍ර කර හෝ කුඩු ලෙස ලබාගත හැකියි.
- ආඩතෝඩා-දියවැඩියාමර්දක හා මූත්‍රාවර්ධක ගුණ අඩංගුය. වේදනාව හා උණ ලක්ෂණ සමනය කරයි.සමස්ත ශරීර පද්ධති නීරෝගිකරයි.වෙනත් ඖෂධ වල ගුණ බලපෑම් ප්‍රවර්ධනය කරයි.හෘද රෝග,නාසයේ,උගුර හා ආමාශයේ ශ්ලේෂ්මල පටල වල ප්‍රදාහයට ප්‍රතිකාර කරයි.ආඩතෝඩා කොළ යුෂ පපුවේ තුවාල (ulcerative lesions) වලට ප්‍රතිකාර කිරීමට ප්රයෝජනවත්ය.ඇදුම රෝග ලක්ෂණ පාලනය කරයි.
- කහ-ආහාර ජීර්ණ, ශ්වසන , මූත්‍රා හා රුධිර සංසරණ පද්ධති නීරෝගීකරයි.ඇදුම, කැස්ස හා අජීර්ණය වැනි ගැටලු ලක්ෂණ පාලනය කරයි.කසාය, තැම්බූ වතුර හෝ කිරි සමඟ මිශ්‍ර කර පරිභෝජනය කළ හැකියි.
- තිප්පිලි-ප්‍රජනන,ශ්වසන හා ජීර්ණ පද්ධති ක්රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.පරපෝෂි පණු රෝග ආසාදන වළකන ගුණ ඇත;සෙමහරණය කරයි;වේදනාව සමනය කරයි; වාතහරණ ගුණ ද අඩංගුය.කැස්ස තත්වයට ලබාදෙන බොහෝ ආයුර්වේද ඖෂධ වල ප්‍රධාන වශයෙන් අඩංගු අමුද්‍රව්‍යකි.ලුණු හා ලෙමන් යුෂ සමඟ තිප්පිලි මුසු කොට අජීර්ණ රෝගීන්ට ලබාදෙයි.තිප්පිලි තෙල්, කුඩු හෝ තැම්බු වතුර ලෙස භාවිත කළ හැකියි.

- පිටසුදුසාරණ-ස්නායු, රුධිර සංසරණ , ආහාර ජීර්ණ හා ස්ත්‍රී ප්‍රජනන පද්ධති නීරෝගිකරයි.මූත්‍රාවර්ධක, සෙමහරණය කරන හා සිරුර යළි ප්‍රාණවත් කළ හැකි ගුණ අඩංගුය.වමනය ඇතිකරවන ගුණ ද ඇත.මේවායේ මුල් වලින් සකසන කසාය ඇදුම, හෘද රෝග හා අභ්‍යන්තර ප්‍රදාහ රෝග වලට ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ.මේවා යුෂ, කසාය, කුඩු, තෙල් හෝ පේස්ට් ලෙස භාවිත කළ හැකියි.
- කටුකරෝසන-ආහාර ජීර්ණ මාර්ගයේ, ස්නායු හා බහිස්රාවී මෙන්ම ස්ත්‍රි ප්‍රජනන ඇතුළු පද්ධති වල නීරිඅගි බව වඩවයි.ඇදුම හා බ්රොන්කයිටිස් තත්වයන් පාලනය කරයි. හෘදය ආරක්ෂා කරන ගුණාංග අඩංගු ඖෂධයකි. ටින්ක්චර් (මද්යද්රාවිත),කුඩු, පෙති හෝ සාරය ලෙස ලබාගත හැකියි.
- අරළු-ආහාර ජීර්ණ ,ශ්වසන, රුධිර සංසරණ, ස්නායු හා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඇතුළු සිරුරේ පද්ධති ක්‍රියාකාරීත්වයට ප්රතිලාභ දේ.සිරුර යළි ප්‍රාණවත් කරයි; සෙමහරණය කරයි;පණුරෝග ආසාදන වළකයි. ඇදුම, කැස්ස ,බඩ පිපුම හා පාචනය වැනි තත්වයන් පාලනයට ඵලදායිය.මේවා කසාය,පේස්ට්,කුඩු හෝ උගුර සේදුම් දියරයක් ලෙස සකසා භාවිත කළ හැකියි.මීට අමතරව සිතෝපලාදි චූර්ණය,සූත්ශේකර,හිංවස්ථක චූර්ණය,රසෝනදි වති වැනි ආයුර්වේදීය ඖෂධ වර්ග ද භාවිත කෙරේ.
- මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න
තවත් උපදෙස් කිහිපයක්
- රෝග ලක්ෂණ පවතියි නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.
- නිතිපතා ‘ප්‍රනායම’ වැනි ශ්වසන අභ්‍යාසවල යෙදෙන්න. එය පෙනහළු ක්‍රියාකාරීත්වයට හිතකරයි.
- පහසුවෙන් ජීර්ණවන හා තන්තු බහුල ආහාර ලබාගන්න. පපුවේ තුවාල හේතුවෙන් ඇතිවන පපුවේ වේදනාවට ප්‍රතිකාර කිරීමේදි එළකිරි හෝ එළුකිරි මිශ්‍ර කළ මුං ඇට කිරි බත් ඉතා ගුණදායි ආහාරයකි.
- නිතිපතා ආහාර වේල් අතර යම් පරතරයක් තබාගන්න.
- දුම්බීමෙන් වළකින්න. එවැනි ස්ථාන වලට නිරාවරණය වීමෙන් පවා වළකින්න.
- රාත්රියේදී හොඳ නින්දක් ලබාගන්න.
- සෙම වැඩිකරන ආහාර වලින් වළකින්න.
- සීතල ආහාර පාන වලින් වළකින්න.
- සීතලට නිරාවරණය වීම අවම කරන්න.
- සිරුර අධිකව වෙහෙසවීමින් වළකින්න.
- වියළි හා රළු කසට ගතියක් ඇති ආහාර අධිකව ගැනීමෙන් වළකින්න.