තරුණ මුහුණේ වයසක පෙනුම ඇති කරන කම්මුල් එල්ලා වැටීම වළකන සම්බාහන ක්‍රම 7 ක්

health tips

වයස්ගත වන විට මුහුණේ සම එල්ලා වැටීමට සහ ‍රැළි වැටීමට පටන් ගනියි. ඊට හේතුව වන්නේ මුහුණේ මාංශ පේශීන් ක්‍රමයෙන් දුර්වල වී යාම සහ සමේ කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදන ක්‍රියාවලිය පහත බැසීමයි. එමෙන්ම මුහුණේ අස්ථින් විතැන්වීම නැතිනම් එහාමෙහා වීම මුහුණේ වයස්ගත පෙනුමක් ඇතිවීම කෙරෙහි බලපාන තවත් සාධකයක්. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණේ ඕවලාකාර හැඩය වෙනස් වී ගොස් කම්මුල් සහ නිකට ප්‍රදේශය එල්ලා වැ‍ටුණු ස්වභාවයකට පත් වීමට වැඩි ඉඩක් තිබෙයි.ජපන් ජාතික Chiyo Hayashi නම් පුද්ගලයා විසින් මෙයට හොඳ විසඳුමක් සොයාගැනීමට කටයුතු කර තිබෙනවා. ඔහු විසින් සමේ පටක අතර ක්ෂුද්‍ර සංසරණ ක්‍රියාවලින් වැඩිදියුණු කරවමින් මුහුණේ ස්වභාවය මුල් කාලීන ස්වරූපයට නැතිනම් යථා තත්වයට පත්කිරීමට උපකාරි  වන ආකාරයේ විශේෂ සම්බාහන ශිල්ප ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම විශේෂ සම්බාහන ක්‍රියාවලිය හඳුන්වන්නේ “කොරුගි ” (Korugi)යනුවෙනි.අද අපි ඔබට කියාදෙන්නේ මේ සම්බාහන ක්‍රම නිවැරදිව සිදුකරන්නේ කොහොමද කියලයි!

ඊට කලින් මේ කරුණු කිහිපයත් ඔබේ මතකයේ තියාගන්න.

  • මාංශ පේශි සවිමත්බව (muscle tone) කාලයත් සමඟ අඩුවී යන අතර මේද කොටස් නැවත බෙදීයාමකට ලක්වේ. තරුණ අවදියේදී මේද සමජාතීය ස්තරයක් ලෙස තැන්පත් වේ. නමුත් වයසට යන විට ඒවා සමේ විවිධ කලාපයන් ආශ්‍රිතව තැන්පත් වීමට පටන් ගනියි.
  • මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර කණ්ණාඩියක් ඉදිරියට ගොස් තෙල් වලින් මුහුණ සම්බාහනය කරන්න. එය ඔබ නිවැරදිව චලනයන් සිදුකරනවා දැයි ඔබටම බලාගත හැකි ක්‍රමයකි. සම්බාහනය කිරීමේදී දැඩි පීඩනයක් ,ඝර්ෂණයක් ඇති නොවන ලෙස සිදුකිරීමට සැලකිලිමත් වන්න. සම්බාහනයට පෙර ඔබේ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගෙන සිටින්න.
  • ඔබ උගුර, කන්, නාසය සම්බන්ධව රෝග ගැටලු ඇති අයෙක් නම්, වසා වාහිනි පද්ධතිය ආශ්‍රීත රෝග පීඩා වලින් පෙලෙන්නෙක් නම්, නිදන් ගත චර්ම රෝග වලින් පෙලෙන හෝ මුහුණේ තුවාල ආදිය ඇති කෙනෙක් නම් මේ සම්බාහන ක්‍රම කිසිසේත්ම නොකල යුතුයි.
  • සම ඇතිල්ලීම සහ පීඩනය ලබාදීම තරමක් තදින් සිදුකල යුතු වුවත් සමට එය පීඩාකාරී බවක් ඇති නොකල යුතුයි.
  • මෙම කොරුගි සම්බාහන ක්‍රම මඟින් ඔබේ මුහුණේ අනවශ්‍ය මහත ස්වභාවය අඩු කරගැනීම සඳහා ඔබට උපකාරී වනු ඇත.

දැන් අපි එම ව්‍යායාම ක්‍රම ගැන දැනගනිමු

  1. කම්මුල් එල්ලා නොවැටීමට

මේසයක් මත ඔබේ දෙවැළමිට තබාගන්න. අත් මිට මොළවා ගන්න. දැන්, ඔබේ අත් දෙක කම්මුල් ඇට ප්‍රදේශවලට එරෙහිව ඇඟිලි මුහුණ දෙසට හැරවී ඇති සේ තබාගන්න. මුහුණේ මාංශ පේශීන් වඩාත් ලිහිල්ව තිබිය යුතුයි. මෙම ඉරියව්වෙන් තත්පර 5ක් පමණ සිටින්න.

  1. නළල සම්බාහනය කිරීම

හිස මදක් පි‍ටුපසට නවන්න. අත් මිට මොළවා ගන්න. ඔබේ මැද ඇඟිල්ලේ පුරුක හිසකෙස් සීමාවේ නළල කොටසේ තබා මදක් තෙරපන්න. එසේ තෙරපවමින් ඒ සීමාව ඔස්සේ නළල කෙලවර සහ කන් පෙති දක්වා වන තුරු අත් දෙපසින් පහළට ගෙන එන්න.ඉන්පසුව, සෙමින් ඔබේ ඇඟිලි ඔබේ බෙල්ල දිගේ අකු ඇටය (collarbone) දක්වා පහළට චලනය කරන්න.

  1. කම්මුල් වල මෘදු බව වැඩිකරගැනීමට

මහපට ඇඟිලි දෙක සෘජුව තිබෙන සේ අත් එකිනෙක පටලවාගන්න.ඔබේ දකුණු අතේ මහපට ඇඟිලි තුඩ වම් ඇසට යටින් නාසයට ආසන්නයෙන් තබාගන්න. එහි සිට කන දෙසට මෘදුව සම තෙරපවමින් ඇඟිල්ල චලනය කරන්න. ඉන්පසුව, බෙල්ලේ රේඛාව දිගේ පහළට මහපට ඇඟිල්ල තෙරපවමින් ගමන් කරවන්න. පසුව, නක් පෙති සිට අකු ඇටය දක්වා ක්‍රමයෙන් ඇඟිල්ල ගමන් කරවන්න. මෙම සම්බාහන ක්‍රමයේ අවසන් පියවර දෙවරක් පමණ නැවත සිදුකරන්න.

මෙම ව්‍යායාමය ඔබේ මුහුණේ දකුණු පැත්තටත් එලෙසින්ම සිදුකරන්න.

  1. නළලතේ මෘදු බවට

අත් මිට මොළවා ගන්න.මැද ඇඟිලි පුරුක් ඇහි බැමි වලට උඩින් සිටින සේ තබා හිසකෙස් සීමාව තෙක් ඉහළට අතුල්ලමින් අත චලනය කරන්න.අත් නැවත ආරම්භක ඉරියව්වට ගෙන එමින් මදක් දෙපසට වන සේ අත් තබා නැවත අත් ඉහළට යවමින් පෙර පරිදි සම්බාහන චලනය සිදුකරන්න. මේ ආකාරයෙන් නළලේ සම්පූර්ණ මතු පිට ක්‍රමයෙන් සම්බාහනය කරමින් මෘදු කරවාගන්න.

  1. ඇස් වලට

අත මිට මොළවා ගන්න. අතින් ඔබේ ඇහි බැමි ඉහළට ඔසවන්න. දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ලේ පුරුක් වලින් ඇහි බැමි දිගේ අත චලනය කරමින් සම්බාහනය කරන්න.

  1. මුහුණේ පහළ ප්‍රදේශය සඳහා

දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල සෘජුව සිටින සේ අතක් මිට මොළවා ගන්න (මැද පුරුක් වලින් මදක් නැවි තිබිය යුතුයි).මෙම සම්බාහන චලනයන් සිදුකල යුත්තේ මෙම ඇඟිලි දෙක භාවිතයෙන් පමණයි.

නිකටේ සිට නළල කෙළවර දක්වා තරමක් පීඩනය යොදමින් සම තෙරපවමින් ඉහළට ඇදීම සිදුකරන්න. කටේ කොන් වලට පහළින් පිහිටා ඇති සීමාවේ සිට මෙම සම්බාහන චලනය ආරම්භ කරන්න.තෙරපීම සහ ඇදීම අතර පරතරය සීමා විශාල නොවිය යුතුයි. මෙසේ චලන වාර 7-8ක් පමණ සිදුකිරීම ප්‍රමාණවත් ය.

  1. සම්බාහනය කිරීම අවසන් කිරීමේ පියවර

දෙඅල්ලේ ඇඟිලි හොඳින් දිගහරින්න. දැන්, ඇඟිලි ඔබේ නළලත මත තබාගන්න. ක්‍රමයෙන් නළල කෙළවර දක්වා දෙපසට ඇඟිලි තුඬු මෘදුව ගමන් කරවන්න. පසුව, ඔබේ ඇඟිලි ඉතා සෙමින් ඔබේ කම්මුල් වල සිට බෙල්ලේ පැත්තක් දිගේ අකු ඇටය දක්වා චලනය කරන්න. මෙම සම්බාහනය සතියකට වරක් සිදුකිරීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි වේවි.

‘කොරුගි සම්බාහන ක්‍රම’ වලින් ඔබට ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක්ම තිබෙනවා:

  • මෙම සම්බාහන ක්‍රම මඟින් ඔබේ මුහුණේ වෙහෙසකර බව , ඇස් වටා අඳුරු බව, දුරු කරමින් මුහුණට හොඳ දීප්තිමත් බවක් ලබාදෙයි.
  • සමේ නම්‍යශීලි බව වැඩි වන නිසා සමේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය නැතිකරගැනීමට දායක වේ.
  • එල්ලා වැ‍ටුණු සම වඩාත් මෘදු සුමුදු අතට පත්කරමින් සමේ පැයැය දීප්තිමත් කිරීම සිදුකරයි.
  • මුහුණේ ඕවලාකාර හැඩය වඩාත් ක්‍රමවත් කරමින් මුහුණේ ලක්ෂණයන් මූර්තිමත් පෙනුමකට පත් වේ.
  • සමේ රුධිර සංසරණ ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සමඟ සමේ ස්වභාවය වඩාත් නිරෝගි තත්වයකට පත් වීම සිදුවේ.