රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝග තත්ත්වයන් නිසාවෙන් අද වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ සඳහා මූලිකම හේතුවක් වෙන්නේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය බාධා එල්ල කරන රුධිර නාල අවහිරතාවයයි . ධමනි සහ ශිරා වශයෙන් පවතින රුධිරය ගමන් කරන මේ නාල විවිධ හේතූන් මත අවහිර වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ධමනි මගින් ඔක්සිජන් සහ පෝෂක අඩංගු රුධිරය හදවතේ සිට ශරීරය පුරාම ගෙන යනවා. නීරෝගී ධමනි ශක්තිමත් නම්‍යශීලි සහ ඇදෙන සුළු ස්වභාවයකින් සමන්විතයි.
නමුත් මේදය, කොලෙස්ටරෝල් සහ වෙනත් ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ධමනි අවහිරවෙලා ඒ නාල පටු වී දෘඩ බවට පත්වීමක් සිදු වෙනවා. මේ නිසා රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ.මෙය කාලයක් තිස්සේ අපේ වැරදි ආහාර රටාවන් සහ චර්‍යා රටාවන් නිසාවෙන් ඇතිවන තත්ත්වයක්. රුධිර නාල තුළ කොලෙස්රෝල් තැන්පත්වීම නිසාවෙන්, හෘදයාබාධ, ආඝාතය,රුධිර පීඩනය වැඩිවීම ,වකුගඩු අකර්මණය වීම ඇතුළු මාරාන්තික තත්ත්වයන් පවා ඇති වෙනවා. නමුත් අපේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් එය අඩුකරගෙන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකර ගන්නට අපි ගනු ලබන ආහාර රටාව වෙනස් කිරීමෙන් හැකියාව ලැබෙනවා.
සාමාන්‍යයෙන් HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය හෙවත් හිතකර කොලෙස්ටරෝල් අපි පවත්වාගත යුත්තේ ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 40 ට වඩා ඉහළ අගයකින්. LDL කොලෙස්ටරෝල් හෙවත් නරක කොලෙස්ටරෝල් මට්ටම ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 100 ට වඩා අඩු අගයකින් පවත්වා ගැනීමයි වඩා හිතකර වන්නේ. නමුත් 100-129 ත් අතර ප්‍රමාණය හදවත් රෝග නොමැති පුද්ගලයෙක්ගේ පැවතීම විශාල ගැටළුවක් වන්නේ නැහැ. මෙහි අගය 130-159 කියන්නේ සීමා මට්ටමයි. මේ සීමා දක්වාම නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා නම් ව්‍යායාම් කිරීමටත්, ආහාර පුරුදු වෙනස් කර ගන්නටත් වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙනවා. මෙය 160-189 දක්වා අගයක පවතින්නේ නම් ඔබට ඖෂධ ලබා ගැනීමටත් සිදු වෙනවා.
කොලෙස්ටරෝල් අඩුකරන ආහාර වර්ග

- සුදු ළූණු ස්වභාවිකව ධමනි පිරිසිදු කරන්නට උපකාරී වෙන ඉතාම ගුණදායි ආහාරයක් තමයි සුදු ළූණු කියන්නේ.ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් සුදුළූණු හදවත නීරෝගී කරමින් රුධිර නාල අවහිර වීම වළක්වනවා. ඒ වගේම රුධිර නාල විශාල කරමින් රුධිර සංසරණය හොඳින්ම සිදු කරන්නටත් මහා ධමනිය දෘඩ වීම වළක්වන්නටත් දායක වෙනවා. මේ සඳහා උදෑසන හිස්බඩ අමු සුදු ළූණු බික් දෙකක් පමණ සිහින්ව කපා ජලය වීදුරුවකට දමා මද වේලාවක් තබා පානය කිරීම හෝ අමු සුදු ළූණු බික් 2 ක් ආහාරයට ගැනීමත් වැදගත්. ඒ විතරක් නෙවෙයි දිනපතාම සුදු ළූණු කුමන ආකාරයකට හෝ ශරීරයට ලබා ගන්නට කටයුතු කිරීම කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්නට මහත් සේ උපකාරී වෙනවා.
- දෙළුම් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන දෙළුම් කියන්නේ ශරීරය තුළ නිපදවෙන නිදහස් ඛණ්ඩකවල ක්‍රියාවලිය නිශේධනීය කරන්නට උපකාර කරන ආහාර වර්ගයක්.ඒ වගේම ධමනි තුළ මේද තැන්පත් වීම සහ රුධිර නාල අවහිරවීමත් වළක්වන දෙළුම් ධමනිවල රුධිර කැටි ඇතිවීමත් වළක්වනු ලබනවා. දෙළුම් යුෂවලට රුධිර නාල සිහින්වීමේ රෝගය ඇතිවීම වළක්වා ගන්නටත් අපූරු හැකියාවක් ඇති නිසා කොලෙස්ටරෝල් අඩුකර ගන්නට ගත යුතු හොඳම ආහාරයක් ලෙස දෙළුම් සඳහන් කළ හැකියි.
- නිවිති කොළ පැහැ පලාවක් වන නිවිති හදවත ඇතුළු සිරුරේ සෑම අවයවයකටම ඉතාම හිතකරයි. නිවිතිවල අඩංගු වෙන ඉහළ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය ධමනි සංකෝචනයට එරෙහිව ක්‍රියා කරන අතර ඒවායේ රුධිර කැටි සහ වෙනත් සංයෝග තැන්පත්වීම වළකනවා. එමගින් බරපතල තත්තවයන් වන හෘදයබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති මත තැන්පත්වීමත් අවම කරනු ලබන නිසා ධමනි සිහින්වීමත් අවම කරනු ලබනවා.අධි රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම වළක්වන පොටෑසියම් සහ ෆෝලික් අම්ලයත් නිවිතිවල අඩංගු වෙනවා. ඒ නිසා දිනකට නිවිති අඩු කෝප්ප භාගයක්වත් ආහාරයට ගන්නට උත්සාහ කරන්න.
- හාතවාරිය රුධිර පීඩනය අවම කරමින් රුධිර කැටි ගැසීම පාලනය කිරීමේ හැකියාව ඇති හාතවාරිය ධමනි පිරිසිදු කිරීමත් සිදු කරනවා. හාතවාරිය මගින් ප්‍රදාහයට එරෙහිව සටන් කරන ධමනි අවහිර කරන්නට හේතුවන ඔක්සිකරණ ක්‍රියාවලිය වැළැක්විය හැකි ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් සිරුරේ නිපදවීමත් උත්තේජනය කරනවා. මෙහි අඩංගු විටමින් K ධමනි දෘඩ වීම පාලනය කර කැල්සියම් ධමනි ආස්තරණයෙන් ඉවත තබා ගන්නටත් උදව් කරනවා ඒ නිසා කොලෙස්ටරෝල් ඇති අය අනුභව කල යුතුම ආහාරයක් තමයි හාතාවාරිය කියන්නේ.
- ග්‍රීන් ටී ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත ග්‍රීන් ටී ධමනි පිරිසිදුව තබා ගන්නත් නීරෝගීව තබා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම රුධිර නාලිකා ආස්තරණය කරන නිසා එන්ඩෝතීලියම් මෘදුව සහ නීරෝගීව තබා ගනිමින් හදවත් රෝග ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. ධමනි සිහින්වීම වළකා ගන්නට දිනකට ග්‍රීන් ටී 2-3 ක් පමණ පානය කිරීම ප්‍රමාණවත් වෙනවා.

- අලිගැට පේර
- කහ
- මල් ගෝවා
- වස විස නැති ඇපල්
- සව් ඇට
- ඔමේගා 3 මේද අම්ල සහිත ආහාර (ඔමේගා 3 අධික ප්‍රමාණයක් ශරීරයට ලැබීමෙන් රුධිරයේ ඝනත්වය විශාල වශයෙන් අඩුවිය හැකි නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න.)
- ගොරකා
- ජලයේ දියවන තන්තු සහිත ආහාර මේ ආහාර මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර ආහාරයේ ඇති කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කර ගැනීමත් අඩු කරනවා. (පේර, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරි, ගෝවා, කැරට්, බෝංචි, ඕට්ස්, බාර්ලි, සූරියකාන්ත ඇට)
- කජු, රට කජු, ආමන්ඩ්, වෝල් නට් ආදී ඇට වර්ග
කොලෙස්ටරෝල් මට්ටම රුධිර පරීක්ෂාවක් මගින් වසර කිහිපයකට වරක් පරීක්ෂා කරවා ගැනීමෙන් යම් අවස්ථාවක රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික බව ඔබට දැන ගන්නට හැකියාව ලැබෙනවා. එය හිතකර මට්ටම දක්වා ගෙන ඒමට ඔබ අනිවාර්යෙන්ම ඒ ආහාර වර්ග දිනපතාම වගේ එකතු කර ගන්නට කටයුතු කරන්න. ඒ වගේම ව්‍යායාම්වල නිරතවීමත් ඌරුමස්, ෆාම් ඔයිල්,එළු මස්, පොල් තෙල් ආදි සංතෘප්ත මේදය සහිත ආහාර, ට්‍රාන්ස් මේදය බහුල සකසන ලද ආහාර වර්ගත් මාගරින් ආදියත් ආහාරයට ගැනීම සීමා කිරීමත් මගින් මේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පාලනය කර ගන්නටත් හැකියාව ලැබෙනවා.