අද වැඩි දෙනෙක් බියට පත්වෙන නිතරම අසන්නට ලැබෙන රෝගයක් නේ කොලෙස්ටරෝල් කියන්නේ. මේ අධික බිය නිසාම තමන් ආස කරන කෑමක් ආහාරවලින් වැලකෙනවා වගේම ගන්නා ආහාරා පාන ගන්නේ දැඩි බියකින්. සැබැවින්ම කොලෙස්ටරෝල් කියන්නේ එසේ බිය විය යුතු රෝගයක් ද. ඒ වගේම කොලෙස්ටරෝල් බෙහෙත් නොබී සුවකර ගන්නට හැකියාවක් පවතිනවාද?. ඔබටත් මේ සම්බන්ධව විවිධ ගැටළු ඇති. එහෙනම් අපි කතා කරමු හැමෝම බියවෙන කොලෙස්ටරෝල් ගැන.
අපි හැමෝම කොලෙස්ටරෝල් කියලා හඳුන්වන මේ රෝගය තමයි Dyslipidemia කියන්නේ. මේ කොලෙස්ටරෝල් හිතකර කොලෙස්ටරෝල් අහිතකර කොලෙස්ටරෝල් ආදී වශයෙන් බෙදී පවතිනවා. දේහයේ මේද ශරීරයේ අඩුවීම හෝ වැඩිවීම තමයි ඩිස්ලිපිඩේමියා කියන්නේ. මෙහිදී වැඩිවී ඇත්තේ HDL කොලෙස්ටරෝල් ද LDL කොලෙස්ටරෝල් ද යන්න අපි හඳුනා ගත යුතු වෙනවා. අඩු ඝනත්වයක් සහිත ලිපෝ ප්‍රෝටීන හෙවත් නරක කොලෙස්ටරෝල් ධමනි තුළ ගොඩනැගෙනවා. එයින් අපට බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරනවා (LDL ). වැඩි ඝනත්වයක් සහිත ලිපෝ ප්‍රෝටීන හොඳ කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනවා. මෙමගින් අක්මාව වෙත ගමන් කරන නරක කොලෙස්ටරෝල් ඉවත් කිරීම සිදු කරනවා (HDL).
මේ කොලෙස්ටරෝල් කියන්නේ අක්මාව මගින් නිපදවෙන ඇලෙන සුළු මේද ද්‍රව්‍යයකට . ඒවා සෛල පටල, D විටමින්, ඇතැම් හෝර්මෝන නිෂ්පාදනය කරන්නටත් වැදගත් වෙනවා. මේවා ජලයේ ගමන් නොකරන නිසා තනිවම ශරීරයේ ස්ථානවලට ගමන් කරන්නට හැකියාවක් නැහැ. රුධිර සංසරණය ඔස්සේ කොලෙස්ටරෝල් ගමන් කරන්නට ලිපෝ කියන ප්‍රෝටීනය දායක වෙනවා.
කොලෙස්ටරෝල් අපේ දේහයට අත්‍යවශ්‍ය වුණත් එය ප්‍රමාණය ඉක්මවා පැවතීමෙන් ඒ මේදය රුධිරවාහිනීවල අභ්‍යන්තරයේ තැන්පත්වීම නිසා ගැටළු ඇති වෙනවා. එමගින් රුධිරවාහිනී අවහිරවීමෙන් හෘදයට රුධිර සැපයීමට බාධා ඇති වෙනවා.ඒ නිසා අධික ලෙස දේහයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම බරපතල සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වෙනවා. එයින් මිදෙන්නට ආරක්ෂා වෙන්නට අපි කළ යුත්තේ මොනවද.

කොළ පැහැ එළවලු සාමාන්‍යයෙන් කහ පැහැති එළවලුවල වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ පිෂ්ඨය. නමුත් කොළ පැහැති එළවලුවල බහුලවම තන්තු අන්තර්ගත වෙනවා. මේ නිසා කොලෙස්ටරෝල් දේහයට අවශෝෂණය කර ගැනීම අඩු වෙන නිසා කොලෙස්ටරෝල්වලින් ආරක්ෂා වෙන්නට වගේම එය පාලනයටත් මේ කොළ පැහැති එළවලු වඩාත් වැදගත් වෙනවා.
පිෂ්ඨය බහුල ආහාර කොලෙස්ටරෝල් පිළිබඳව කතා කරද්දි අපි හැමෝම බය වෙන්නේ මේදය අඩංගු ආහාරවලට. ඒ නිසාම තෙල් ආහාර ගැනීම සීමා කරනවා. නමුත් කොලෙස්ටරෝල් ඇති වෙන්නට පිෂ්ඨය විශාල බලපෑමක් කරන බව දැනගත යුතුම කාරණාවක්.
අපි ආහාරයට ගන්නා බත්,කවුපි, කඩල, ආදී සෑම ආහාරයකම වගේ බහුලව අන්තර්ගත වෙන්නේ කාබෝහයිඩ්රේට්. මේ කාබෝහයිඩ්රේට් දේහයට අවශෝෂණයේදී සීනි බවට පත්වී රුධිරයේ පවතිනවා . මේ වැඩිපුර පවතින සීනි දේහයේ තැන්පත් වෙන්නේ ලිපෝජිනේසීස් කියන ක්‍රියාවලිය හරහා මේද වශයෙන්. ඒ අනුව අපේ දේහය විසින්ම මේදය නිෂ්පාදනය කරනු ලබනවා. ඒ නිසා කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර ගැනීමත් කොලෙස්ටරෝල් ඇති කරන්නට හේතුවෙන නිසා ඒවා සීමාවක් ඇතිව ගත යුතු වෙනවා.
ශාකවලින් ලබා ගන්නා තෙල් අද බහුතරයකගේ මතයක් බවට පත්වෙලා තියෙන්නේ පොල් තෙල් ආදිය භාවිතයෙන් කොලෙස්ටරෝල් ඇති වෙන බව. නමුත් ශාකවලින් නිපදවා ගන්නා තෙල් භාවිතයෙන් කොලෙස්ටරෝල් ඇති වෙන්නේ නැහැ. නමුත් සත්ත්ව තෙල්වල කොලෙස්ටරෝල් අන්තර්ගත වෙනවා. නමුත් මේ කොලෙස්ටරෝල් ඇති කරන්නේ අපේ දේහය විසින්මයි. ඒ නිසා අපි භාවිතා කරන ආහාරයට ගන්නා සැමදෙයකින්ම කොලෙස්ටරෝල් ඇති වෙනවා කියන්නේ සාවද්‍ය කාරණයක්.
- මේදමය මාළු
- කජු ආමන්ඩ් ආදී නට්ස් වර්ග

බෙහෙත් නැතිව කොලෙස්ටරෝල් සුවකර ගන්නේ කොහොමද කොලෙස්ටරෝල් බෙහෙත් නැතුව සුවකර ගන්නට හොඳම ක්‍රමය වෙන්නේ එය රෝග ලක්ෂණ පෙන්නුම් කරන තුරු නොසිට එය හඳුනා ගැනීම මගින්. මොකද කොලෙස්ටරෝල් වැළදුණු පසුව පෙන්නුම් කරන ලක්ෂණ නිසාවෙන් ඔබ ඒ සඳහා අදාල පරීක්ශණ සිදුකර එය තහවුරු කරගන්නා විට එය ඖෂධ ලබා ගන්නා මට්ටම දක්වාම වර්ධනය වී තිබෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් පූර්ව ලක්ෂණ ඇති වෙන්නට පෙර ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම ඔබ මාස 6 ට වරක් එහෙම නැත්නම් අවුරුද්දකට වරක් හෝ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරවා ගත යුතු වෙනවා.
මේ සඳහා වූ පරීක්ෂණය සඳහා පැය 10-14 ක් කාලයක් නිරාහාරව සිටීම අවශ්‍ය වෙනවා. මේ පරීක්ෂණයේ දී total cholesterol level මට්ටම 200 කට අඩු අගයක පවත්වා ගැනීම, LDL cholesterol level 150 ට අඩු අගයක පවත්වා ගැනීම , HDL cholesterol level 60 ට වඩා වැඩි අගයක පවත්වා ගැනීම සහ Triglycerides ප්‍රමාණය 150 වඩා අඩු අගයක පවත්වා ගැනීමත් දේහයට හිතකර වෙනවා. මේ මට්ටමවල වෙනස්කමක් ඇත්නම් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත්වීම අනිවාර්ය වෙනවා.
විශේෂයෙන්ම ඔබ නිසිලෙස මහන්සි වී වැඩකටයුතු නොකරන ක්‍රියාශීලි නොවන ජීවිතයක් ගත කරන, පාලනයකින් තොරව ආහාර ලබා ගන්නා, තරබාරු අයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම රෝගයක් වැළදෙන තුරු නොසිට අදාල පරීක්ෂණ වසරකට වරක් හෝ සිදු කරගත යුතුම වෙනවා.
ඒ වගේම ඖෂධ ලබා ගැනීම මගින් රෝගයට යම් පාලනයක් ඇති වුණත් එයින් වකුගඩුවලට හානි ඇතිවීම ,ඇගපත වේදනාව ආදී අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්. මේ නිසා බහුතරයක්ම මේ කොලෙස්ටරෝල් සඳහා වන ඖෂධ ලබා ගන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් හෘදය සම්බන්ධ ගැටළුවකින් පීඩා විදින රෝගියෙක් නම් කිසිවිටෙකත් මේ කොලෙස්ටරෝල් සඳහා ලබාදෙන ඖෂධය නතර කිරීම සුදුසු නැහැ.
ඒ හැරුණාම අලුතින් කොලෙස්ටරෝල් හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුට හෘදය සම්බන්ධ ගැටළුවක් නැති පුද්ගලයෙකුට මේ කොලෙස්ටරෝල් ඖෂධය නතර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා රෝගීයාගේ ආහාර රටාව වෙනස් කළ යුතු වෙනවා. ඒ වගේම ශාරීරික ක්‍රියාකාරම් වෙනස්විය යුතු වෙනවා. දේහ බර අඩු කරගත යුතුයි. ඒ වගේම HDL ප්‍රමාණය වැඩි ආහාර මිලදී ගත යුතුයි.
නමුත් අද බොහොදෙනෙක් වෙළදපොලෙන් යම් ආහාරයක් මිලට ගැනීමේදී බලන්නේ කල්ඉකුත්වීමේ දිනය පමණයි.නමුත් ආහාරයක අඩංගු වෙන හිතකර කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල්, total කොලෙස්ටරෝල්වල ප්‍රමාණයන් පිළිබඳව අවබෝධයකින් ආහාර තෝරා ගැනීම සහ ලබා ගැනීම මගින් ඖෂධ නොමැතිව කොලෙස්ටරෝල්වලින් මිදෙන්නට හැකියාව තියෙනවා. කොලෙස්ටරෝල් ඇති අය සහ නැති අයත් දෛනිකව විනාඩි 30 ගානේ සතියකට දින 5 ක් වත් ව්‍යායාම්වල නිරත වීමත් මේ සඳහා ඉතාම වැදගත්.
ඉතින් කොලෙස්ටරෝල් හොඳින් පාලනය කර ගන්නට නම් අපේ ආහාර රටාව සහ දෛනික චර්යාවේ වෙනස්කම් සැලකිය යුතු ආකාරයට වෙනස් කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි අපේ දේහයට ලබා ගන්නා ආහාර ගැනත් වැඩි වශයෙන් සැලකිලිමත් වීම එහිදී වැදගත් වෙනවා.