තරුණ වයසේදීම බරපතල සංකූලතා ඇතිකරන රෝගවලට ගොදුරු වීම කොතරම් අවාසනාවක්ද ? නමුත් අද වෙද්දි අපේ රටේ බහුතරයක්ම මේ කියන දියවැඩියාව , කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය , පිළිකා වගේ නොයෙකුත් රෝගයන්ට අඩු වයසින්ම ගොදුරු වෙලා. ඒ අතරිනුත් හදිසි හෘදයාබාධ ඇතුළු ගැටළු රැසකටම හේතුවක් තමයි රුධිරයේ අයහපත් කොලෙස්ටරෝල් මට්ටම. කාලයක් තිස්සේ වැරදි ආහාර රටාව වැරදි පුරුදු ආදිය නිසා රුධිර නාල තුළ කොලෙස්රෝල් සහ වෙනත් ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ධමනි අවහිරවෙලා ඒ නාල පටු වී දෘඩ බවට පත්වීමක් සිදු වෙනවා. මේ නිසා රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ.
රුධිර නාල තුළ කොලෙස්රෝල් තැන්පත්වීම නිසාවෙන්, හෘදයාබාධ, ආඝාතය,රුධිර පීඩනය වැඩිවීම ,වකුගඩු අකර්මණය වීම ඇතුළු මාරාන්තික තත්ත්වයන් පවා ඇති වෙනවා. නමුත් අපේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් එය අඩුකරගෙන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකර ගන්නට අපි ගනු ලබන ආහාර රටාව වෙනස් කිරීමෙන් හැකියාව ලැබෙනවා. අපි අද කියන්නට යන්නේ කොලෙස්ටරෝල් නිසා පීඩා විදින ඔයා ගත යුතුම ආහාර වර්ග කිහිපයක් ගැන
ඕට්ස් ඕට්ස් එක කප් එකකින් අපේ ශරීරයට කැලරි 300 ක් පමණ ලබා දෙනවා. ප්‍රධාන වශයෙන්ම ඕට්ස්වල අඩංගු වෙන්නේ කාබෝහයිඩ්රේට්. ඊට අමතරව ප්‍රෝටීන සහ සුළු වශයෙන් මේදයත් අඩංගු වෙනවා. ඒ වගේම ඕට්ස්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. කොලෙස්ටරෝල් කොහෙත්ම අඩංගු වෙන්නේ නැහැ. ඕට්ස්වල සීනි ඉතා අවම ප්‍රමාණයකින් අන්තර්ගත වීමත් නිසා ඉතාම විශීෂ්ට ආහාරයක්. එනිසා ඕට්ස් කැඳ විදියට හෝ නිතර ආහාරයට එකතු කරගන්න උනන්දු වෙන්න.

දෙළුම් කන්නට ආස නමුත් මිලෙන් ටිකක් වැඩි පලතුරක් නේ දෙළුම්. ඒ වගේම තමයි ගුණයෙන් ඉතාම ඉහළයි මේ දෙළුම් . ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා ශරීරය තුළ නිපදවෙන නිදහස් ඛණ්ඩකවල ක්‍රියාවලිය නිශේධනීය කරන්නට දෙළුම් උපකාරී වෙනවා. ඒ වගේම ධමනි තුළ මේද තැන්පත් වීම සහ රුධිර නාල අවහිරවීමත් වළක්වන දෙළුම් ධමනිවල රුධිර කැටි ඇතිවීමත් වළක්වනු ලබනවා.
දෙළුම් යුෂවලට රුධිර නාල සිහින්වීමේ රෝගය ඇතිවීම වළක්වා ගන්නටත් අපූරු හැකියාවක් ඇති නිසා කොලෙස්ටරෝල් අඩුකර ගන්නට ගත යුතු හොඳම ආහාරයක් ලෙස දෙළුම් සඳහන් කළ හැකියි.
හාතවාරිය රුධිර පීඩනය අවම කරමින් රුධිර කැටි ගැසීම පාලනය කිරීමේ හැකියාව ඇති හාතවාරිය ධමනි පිරිසිදු කිරීමත් සිදු කරනවා. හාතවාරිය මගින් ප්‍රදාහයට එරෙහිව සටන් කරන ධමනි අවහිර කරන්නට හේතුවන ඔක්සිකරණ ක්‍රියාවලිය වැළැක්විය හැකි ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් සිරුරේ නිපදවීමත් උත්තේජනය කරනවා. මෙහි අඩංගු විටමින් K ධමනි දෘඩ වීම පාලනය කර කැල්සියම් ධමනි ආස්තරණයෙන් ඉවත තබා ගන්නටත් උදව් කරනවා ඒ නිසා කොලෙස්ටරෝල් ඇති අය අනුභව කල යුතුම ආහාරයක් තමයි හාතාවාරිය කියන්නේ.
නිවිති නිවිති හදවත ඇතුළු සිරුරේ සෑම අවයවයකටම ඉතාම හිතකරයි. නිවිතිවල අඩංගු වෙන ඉහළ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය ධමනි සංකෝචනයට එරෙහිව ක්‍රියා කරන අතර ඒවායේ රුධිර කැටි සහ වෙනත් සංයෝග තැන්පත්වීම වළකනවා. එය බරපතල තත්තවයන් වන හෘදයබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති මත තැන්පත්වීමත් අවම කරන නිසා ධමනි සිහින්වීමත් අඩු කරනවා.
ඒ විතරක්ම නෙවෙයි අධි රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම වළක්වන පොටෑසියම් සහ ෆෝලික් අම්ලයත් නිවිතිවල අඩංගු නිසා දිනකට නිවිති අඩු කෝප්ප භාගයක්වත් ආහාරයට ගන්නට උත්සාහ කරන්න. නිවිති සුප් , මැල්ලුම් වගේ තේ වශයෙන් වුණත් නිවිති ආහාරයට ගන්නට පුළුවන්.
සුදු ළූණු ස්වභාවිකව ධමනි පිරිසිදු කරන්නට කොලෙස්ටරෝල් දියකර හරින්නට උපකාරී වෙන ඉතාම ගුණදායි ආහාරයක් තමයි සුදු ළූණු. ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් සුදුළූණු හදවත නීරෝගී කරමින් රුධිර නාල අවහිර වීම වළක්වනවා. ඒ වගේම රුධිර නාල විශාල කරමින් රුධිර සංසරණය හොඳින්ම සිදු කරන්නටත් මහා ධමනිය දෘඩ වීම වළක්වන්නටත් දායක වෙනවා.
මේ සඳහා උදෑසන හිස්බඩ අමු සුදු ළූණු බික් දෙකක් පමණ සිහින්ව කපා ජලය වීදුරුවකට දමා මද වේලාවක් තබා පානය කිරීම හෝ අමු සුදු ළූණු බික් 2 ක් ආහාරයට ගැනීමත් වැදගත්.
හරිත තේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත ග්‍රීන් ටී ධමනි පිරිසිදුව සහ නීරෝගීව තබා ගන්න උදව් වෙනවා. ඒ වගේම රුධිර නාලිකා ආස්තරණය කරන නිසා එන්ඩෝතීලියම් මෘදුව සහ නීරෝගීව තබා ගනිමින් හදවත් රෝග ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. ධමනි සිහින්වීම වළකා ගන්නට දිනකට ග්‍රීන් ටී 2-3 ක් පමණ පානය කිරීම ප්‍රමාණවත් වෙනවා.
ඇඹරැල්ලා කොළ ඇඹරැල්ලා දළු සම්බෝලය විටමින් C බහුල තන්තු බහුල පලාවක්. ඒ හැරුණාම යකඩ, කැල්සියම්, පොස්පරස් වගේම විටමින් වර්ග බොහොමයකින් ද පොහොසත් ආහාරයක්. ඒ නිසා අඩුම සතියකට දින 3-4 ක්වත් ඇඹරැල්ලා මාළුවක් හෝ දළු සම්බෝලයක් හෝ කොළ මැල්ලුමක් ආහාරයට ගැනීම සෞඛ්‍යසම්පන්න ජීවිතයට අතිශයින්ම වැදගත් වෙනවා.
විශේෂයෙන්ම කොලෙස්ටරෝල් හේතුකරගෙන හදවත ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග සියල්ලකින්ම හෘදය ආරක්ෂා කරන්නට මේ ඇඹරැල්ලා කොළවලට හැකියාව තියෙනවා.

බතල බතලවල 80% ක්ම අඩංගු වෙන්නේ ජලය. ඒ හැරුණාම එහි අඩංගු පෝෂක අතර ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්රේට්. ඒ විතරක් නොවෙයි මේදය, ප්‍රෝටීන් වගේම වියලි බරෙන් 10 % කට වැඩි ප්‍රමාණයක් තන්තු ද අන්තර්ගත වෙනවා.කහ බතලවල විටමින් A බහුල අතර දම් පැහැ බතල සතුව ප්‍රතිඔක්සිකාරක සංයෝග රැසක්ම අන්තර්ගත වෙනවා. සෑම බතල වර්ගයකම විටමින්, ඛනිජ ලවණ වගේම ප්‍රතිඔක්සිකාරක සංයෝගත් අඩංගු වෙනවා.
එනිසා කැලරි අඩු රෝග රැසකට ගුණදායක ආහාරයක් වෙන බතල කොලෙස්ටරෝල් රෝගීන්ටත් ඉතාම හිතකරයි .
තක්කාලි ශරීරයේ LDL Cholesterol මට්ටම ඉතාමත් අඩු අගයකට දමන්නට හැකි ආහාරයක් තමයි තක්කාලි. මේ සඳහා කාබනිකව වගාකරන ලද තක්කාලි තෝරා ගැනීමට උනන්දු වෙන්න.
ස්වභාවික ඔසු පැලෑටි
- කරපිංචා බැසිල්
- රෝස්මරී
- ඉඟුරු
- මින්ට්
- ඒ හැරුණාම , අලිගැට පේර
- කහ
- සව් ඇට
- ඔමේගා 3 මේද අම්ල සහිත ආහාර (ඔමේගා 3 අධික ප්‍රමාණයක් ශරීරයට ලැබීමෙන් රුධිරයේ ඝනත්වය විශාල වශයෙන් අඩුවිය හැකි නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න.)
- ගොරකා
- ජලයේ දියවන තන්තු සහිත ආහාර
- මල් ගෝවා
- වස විස නැති ඇපල්
ආදී ආහාරත් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ තත්ත්වයේ පවත්වා ගෙන යන්නට උදව් වෙනවා.