කට පරිස්සම් නැතිකම හින්දා ඇතිවන රෝග බොහෝමයක් අතරින් කොලෙස්ටරෝල් කියලා කියන්නේ වැඩි දෙනෙක් අද පීඩාවට පත් කරන්න සමත් වෙලා තියන රෝගයක්. අපි ගන්නා පෝෂණයෙන් හීන කෘතීම ආහාර විතරක්ම නෙවෙයි ව්‍යායාම අඩුකම, චර්යාවේ විවිධ ගැටලු ආදිය නිසාත් මේ රෝග තත්ත්වය ඇති වෙනවා.
අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමේ අහිතකර ප්‍රතිඵලය තමයි ඒවා රුධිරනාල මත තැන්පත් වෙලා ඒ නාල සිහින් කරන එක. අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය, ඔක්සිජන්, ජලය ආදී හැමදෙයක්ම පරිවහනය කරන්නේ රුධිර නාල හරහා. මේ රුධිර නාල ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වුණොත් මේ කාර්යය හරියට කරගන්න බැරි වෙනවා. එනිසා හදවත වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කරන්නට උත්සාහ ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට හදවත අනවශ්‍ය විදිහට වෙහෙසට පත්වෙලා හෘදයාබාධ වගේ ක්ෂණික මරණය ඇතිකරන බරපතල රෝග පවා ඇතිවෙනවා.
මේ රුධිර නාලිකාවල කොලෙස්ටරෝල් තැන්පත්වීම හෘදයාබාධ විතරක් නෙවෙයි ආඝාතය තත්ත්වයන් සහ ඒ නිසා හටගන්නා අංශභාග රෝග තත්ත්වයන් පවා ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා.

කොලෙස්ටරෝල් අපේ ශරීරයට වැදගත් කෘත්‍යන් රාශියක්ම ඉටු කරන දෙයක් වුණාට අපේ වැරදි ආහාර රටාව සහ වැරදි චර්යා රටාව නිසාම එහි සමතුලිතතාවය බිඳී ගිහිල්ලා කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය විදිහට වැඩි වුණොත් මේ වගේ භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා රුධිරය ගෙන යන රුධිර නාල පිරිසිදුව අවහිර නොවී තියා ඇනීම සම්බන්ධයෙන් අපිට නැවත වරක් සිතා බලන්න සිද්ධ වෙනවා. නිරෝගීව ඉන්න ගුණදායි ආහාර ගන්න. ව්‍යායාම් කරන්න. ඔබේ චර්යා රටාව යහපත්ව තියාගන්න කියලා කොතරම් කිව්වත් ගොඩක් දෙනෙක් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ .ඇතැම් අයට ඒ සඳහා වෙලාවක් නැහැ. ඒ නිසා අපි අද කියන්න යන්නේ කොලෙස්ටරෝල් නිසා අවහිර වෙලා තියෙන රුධිර නාල පිරිරිසුදු කරන්නට උදව් වෙන අපූරු ක්‍රමයක් ගැනයි.
රුධිර නාල පිරිසිදු කර ඒවායේ නමයිශීලීත්වය වැඩි කර රුධිරයේ විෂ නසන්නට, රුධිර සංසරණය ක්‍රමවත් කරන්නට විවිධ වූ ක්‍රමවේද තියෙනවා. ඒ අතරින් සාමාන්‍යයෙන් බෙහෙත් ක්‍රම, පාරම්පරික චිකිත්සක ක්‍රම, ලේසර් තාක්ෂණය සහ ප්ලස්මාපෙරසිස් වගේ ඕනෑ තරම් ක්‍රම තියෙනවා. නමුත් මේවායේ යම් යම් අතුරු ආබාධ ඇති නිසා ඒවා අවසන් උත්සහක ක්‍රම විදිහට භාවිතා කිරීම තමයි වඩාත් උචිත වෙන්නේ.
ඔබ කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔබ ඔබේ ආහාර රටාව ගැන චර්යා රටාව ගැන ඔබේ සෞඛ්‍ය ගැන එතරම් හිතන්නේ නැති කෙනෙක් නම් ඔබට මෙන්න මේ අපූරු ක්‍රමය අත්හදා බලන්න පුළුවන් ඔබගේ රුධිර නාල පිරිසිදු කරගන්නට.
අවශ්‍ය දේවල්
- උණු කරන ලද ජලය ලීටර් තුනක්
- සුදු ළුණු බික් හතරක්
- සාමාන්‍ය ප්‍රමාණයේ ලෙමන් ගෙඩි හතරක්
සදා ගන්නා ආකාරය
- මුලින්ම සුදු ලූණු ටික හොඳින් සෝදා පිරිසුදු කර ගන්න.
- ඉන්පසුව උතුරන වතුරට පෙති වශයෙන් කපාගත් ලෙමන් එකතු කරන්න. එයටම සුදු ළූණුත් එකතු කරන්න.මේ සියල්ලම එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
- මේ විදිහට අඹරාගත් සුදුළූණු ලෙමන් මිශ්‍රණය වීදුරු බෝතලයකට දමා උණු වතුර ලීටර් තුනක් එකතු කරන්න. ඉන්පසුව බෝතලය හොදින් වසා ශීතකරණය දවස් තුනක කාලයක් තබන්න. දවස් තුනකට පසුවයි මෙය භාවිතයට ගත යුත්තේ. මතක තියාගත යුතු කාරණාව තමයි ශීතකරණයේ තබා තිබියදී ම මේ පානය ඔබ භාවිතයට ගැනීම කළ යුතුයි.

භාවිතා කරන ක්‍රමය මෙහි උපරිම මාත්‍රාව ආහාර ගැනීමට පෙර දිනකට තුන් වරක් මිලි ලීටර් 50ක් පමණයි . මුලින්ම මේ පානය ලබාගැනීම ආරම්භ කළ යුත්තේ තේ හැඳි 1 ක් හෝ දෙකක් ගැනීමෙන්. එවිට ඔබට අපහසුතාවක් දැනෙන්නේ නැත්නම් ක්‍රමයෙන් මාත්‍රාව උපරිම නිර්දේශ අගය දක්වා (මිලිලීටර් 50ක් ) ඉහළ දමන්න .
මේ අපූරු පානයෙන් ලැබෙන වාසි
- සැලකිය යුතු මට්ටමකින් ඔබගේ රුධිරය සංසරණය ඉහළ දමනවා.
- කොලෙස්ටරෝල් අඩු කරනවා.
- රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වාගෙන යාමට උදව් කරනවා.
- ධමනි බිත්ති ශක්තිමත් කරනවා. ධමනි සිහින් වීම වැළැක්වීම සඳහා උදව් වෙනවා.
- පිළිකා වර්ධනය වීම වළක්වනවා.
මෙය වසර දහස් ගණනක් තිස්සේ රුසියානු ගැමි වෛද්‍ය විද්‍යාවේ භාවිතා කර ඇති පිළියමක්. ඉතින් ඒ නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානම ආඝාතය ඇතිවීමේ අවදානම අඩුකර ගන්නට රුධිර නාල පිරිසිදුව තියා ගන්නට රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කර ගන්නට භාවිතා කළ හැකි මේ පිළියම ඔබටත් උත්සාහ කර බලන්නට පුළුවන්.
ඔබ වෙනත් රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට අමතක නොකරන්න.