පන්ති භේදයක් නැහැ කාන්තා පිරිමි භේදයක් නැහැ අපි හැමෝම අපේ ඇඟ හැඩට තියා ගන්න කැමතියි. එහෙමයි කියලා ආසා කෑමක් බීමක් නොකා නොබී ඉන්නත් බැහැ නේ. රස කෑම ජාති ඇතිවෙන්න කාලා ඇඟ ෂේප් එකට තියාගන්න අපි හැමෝම කැමති වුණත් අද ගොඩක් දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්නේ මේ උදරය නෙරා ඒම ශරීරය මහත්වීම නිසා. ඒ නිසාම තමයි ගොඩක් අය ආස දේවල් කන එක සීමා කරල ජිම් එකට ගිහිල්ලා ටිකක් වැඩිපුර ව්‍යායාම කරන්නේ.
සාමාන්‍යයෙන් ගොඩක් කාන්තාවන්ට ගර්භණී සමයේ ඇතිවන උදරය දරු ප්‍රසූතියෙන් පසුව කාලයක් ගත වුණත් යථා තත්වයට පත් නොවීම නිසා ඇගේ හැඩය කැත වෙලා උදරය විශාලව පෙනෙන්නට පුළුවන්. ඒ හැරුනහම ප්‍රධාන වශයෙන්ම මේ උදරය ඉදිරියට නෙරා එන්නට බලපාන්නේ මේදය තැන්පත් වීම සහ උදරයේ මාංශපපේෂී වල ශක්තිමත් බව අඩු වීම. මේ සඳහා හේතු කීපයක්ම බලපානවා.
දහවල් නිදා ගැනීම, ව්‍යායාම්වල නිරත නොවීම, සිසිල් ආහාර නිතර ගැනීම, අධික පැණි රසැති, තෙල් සහිත සහ පිටි සහිත ආහාර ගැනීම ඒ අතරින් හේතු කිහිපයක්.

මේ තත්ත්වයන් හැරුනහම උදරයේ වාතය පිරීම, අමිල පිත්තය, මාන්දම, පිළිකා, සිරෝසිස් වගේ වැනි රෝග නිසාත් උදරය විශාල වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔබට වෙනත් අපහසුතාත් දැනෙන්නට පුළුවන් මේ ලක්ෂණයට අමතරව. එවිට පමා නොවී වෛද්‍යවරයෙකු හමු වෙලා අදාළ පරීක්ෂණ කරවා ගෙන ප්‍රතිකාර ලබාගත යුතුයි. ඔන්න අපි අද කියන්න යන්නේ සාමාන්‍යයෙන් අපේ වැරදි ජීවන රටාව සහ සැලකිලිමත් නොවන ආහාර රටාව හේතු කරගෙන ශරීරයේ තරබාරු බව සහ උදරය ඉදිරියට නෙරා ඒම කියන ගැටළුවට පිළියම් කිහිපයක් ගැන.
මේ සත්කාරය කරන අතරේ මේ උපදෙස් පිළිපැද්දොත් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
- ජලයට දෙහි යුෂ එකතු කර පානයට ගැනීමෙන් දවස ආරම්භ කරන්න.
- දිනපතාම රසකිඳ තම්බා වතුර පානයට ගන්න.
- අරළු, බුළු, නෙල්ලි සමානව ගෙන කුඩු කර තබා තේ හැඳි බාගයක් නටන උණුවතුර වතුරට දමා විනාඩි දහයක් වසා තබා පෙරා දිනකට දෙවරක් පානයට ගන්න.
- ශාරීරික ක්‍රියාකාරකම්වලට මූලිකත්වය ලබා දෙන්න.
- ආතතියෙන් මිදෙන්න.
- පැය 7-8 ක සුවදායි නින්දක් ලබා ගන්න.
- ප්‍රෝටීන අඩංගු ආහාර ගන්න.
- ඇපල් සයිඩර් විනාකිරි හෝ මිදි විනාකිරි ආහාරවේලට එකතුර ගන්න. මේවා තරමක් ආම්ලික නිසා තනුක කර ආහාර වේලට එකතු කරගන්න.
- නාසයෙන් හොදින් හුස්ම ගන්න.
- සුදු සහල් අනුභවයෙන් වැළකී රතු සහල් සහ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගන්න.
- සුදු ලූනු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.
- හොඳ හුස්මක් ගෙන තත්පර තුනහතරක් එය පෙනහල්ලේ සහ උදරයේ තබාගෙන පිට කිරීම මගින් යටිබඩ උස් පහත් වීමෙන් සහ මේදය දහනයට අවශ්‍ය කරන ඔක්සිජන් ලැබීමෙන් උදරයේ මේදය හොඳින් දහනය කර ගන්න පුළුවන්.
- හොඳින් ජලය පානය කරන්න.
- ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න.
ඇවිදින විට සිටගෙන සිටින විට කුදු වී සිටීම නිසා යටිබඩ සහ උදරය ඉදිරියට නෙරා ඒම සිද්ධ වෙනවා. ඒ නිසා කොන්ද කෙළින් තබාගෙන ශරීර අභ්‍යන්තරය ඍජුව තබාගෙන සිටීමෙන් උදරය අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා.
දින 5 ක් තුළ ආහාර පාලනයකින් තොරව ව්‍යායාම් කිරීමකින් තොරව යිදරය සම්පූර්ණයෙන්ම අඩුකර ගැනීමට මේ විශ්මිත පානය ඔබට උදව් වේවි.
අවශ්‍ය දේවල්
කහ කුඩු මේස හැඳි 6 ක් – කහවල ආහාරමය තන්තු අඩංගු වෙනවා. ඒ නිසා අතිරික්ත මේදය අඩු කරගෙන බර අඩු කරගන්නට කහ සුවිශේෂීම ඔසුවක්.
ගම්මිරිස් කුඩු මේස හැඳි එකහමාරක් -ගම්මිරිස්වල අඩංගු වෙන පොලිටෝ නියුට්‍රියන්ස් කියන සංඝටකය නිසා ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවන් ක්‍රමවත් වෙනවා. මෙය හේතු කරගෙන ශරීරයේ ඇති අනවශ්‍ය බර ක්‍රමානුකූලව ඉවත් කරගන්නට හැකියාව ලැබෙනවා .
ඉඟුරු කුඩු මේස හැඳි එකහමාරක්-ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන සංඝටක රාශියක් සහ පරිවෘත්තීය වේගවත් කරන සංඝටක රැසක් ඉඟුරුවල අඩංගු වෙනවා. ඒ නිසාම ආහාර රුචිය අඩු කරන්නට ඒවාට හැකියාව තියෙනවා. ඒ නිසා ආහාර වේලකට විනාඩි තිහකට පමණ පෙර ඉඟුරු පානයක් ගැනීම පවා එක ශරීර බර අඩුකර ගන්නට ඉතාම වැදගත්.

කුරුඳු කුඩු – බර අඩු කරන්නට කුරුඳුවලට සුවිශේෂී හැකියාවක් පවතිනවා. කුරුදු තේ පානයකින් හෝ ආහාරවලට නිතර කුරුඳු භාවිතා කිරීමෙන් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉතා පහසුවෙන් දියකර හරින්නට හැකියාව ලැබෙනවා.
සාදා ගන්නා හැටි- කුඩා ප්‍රමාණයේ වීදුරු බෝතලයක් අරගෙන පළමුව කහ කුඩු බෝතලයට දමා ඉන්පසු අනෙක් සියලුම දේවල් දමා බෝතලය සොලවමින් හොඳින් කලවම් කරගන්න. මේ මිශ්‍රණයෙන් දිනපතාම උදෑසන හිස් බඩට සහ රාත්‍රී නින්දට පෙර තේ හැඳි එක හමාරක ප්‍රමාණයක් ගෙන උණුවතුර වීදුරුවකට දමා හොඳින් මිශ්‍ර කර පානයට ගන්න.
සැලකිලිමත් වෙන්න-ගර්භනී කාන්තාවන්ට, වකුගඩු රෝගීන්ට වගේම අමිල පිත්ත රෝගයෙන් පෙළෙන අයට මේ පානය එතරම් හිතකර නොවෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.