මධ්‍යයතන යුගයේ යුරෝපයේ කුරුඳු අති සුඛෝපභෝගී කුළුබඩුවක් සේ සලකනු ලැබීය. අරාබි වෙළඳුන් ඒවා අලෙවියෙහි ආධිපත්‍යය උසුළන්නට වූහ. නමුත්, ඒ කාලයේ මෙම කුළුබඩු වර්ගය මිලදී ගැනීමට තරම් වත්කමක් තිබුනේ රදළ පවුල් වැනි පොහොසතුන්ට පමණි. වර්තමානයේ නම් කුරුඳු කියලා කියන්නේ ඕනම මුළුතැන්ගෙයක පහසුවෙන් සොයාගත හැකි කුළුබඩුවක්. ආහාරවල රසවත් බව වැඩි කරනවා වගේම කුරුඳු වලින් වෙනත් ප්‍රයෝජනත් ඔබට හිමිවෙනවා.
මේ කියන්න යන්නේ කුරුඳු වලින් අපේ සෞඛ්‍යය සහා රූප සොබාව රැකගන්න උදවු කරන්නේ කොහොමද කියලයි.
- කුරුලෑ ඇති වීම අවම කරවයි.

කුරුඳු වල ක්ෂුද්‍ර ජීවී නාශක ගුණයන් පවතිනවා.එම නිසා මෙම කුළුබඩුවට හැකියි ඔබේ සමේ කුරුලෑ ඇති කරවන බැක්ටීරියා සහා දිලීර වර්ග විනාශකර දැමීමට. ඒවගේම කුරුඳු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහිත මූලාශ්‍රයක් ලෙස අහිතකර මුක්තකණ්ඩ නිසා ඔබේ සමට සිදුවන හානිවලින් ආරක්ෂා කරනු ලබයි. අහිතකර මුක්තකණ්ඩ නිසා සම මත ඉදිමුම සහිත දැවිල්ලක් ඇති කරවයි. එසේ සිදුවන විට සමේ පවතින සිදුරු අවහිර වී යාමෙන් කුරුලෑ හට ගැනීම සිදුවේ.
- සම වියපත් වීම අවම කරයි.

අහිතකර මුක්තකණ්ඩ නිසා අඩුවයසකින්ම සම වයස් ගත පෙනුමක් ඇති කරවයි. ඒවගේම සම රැළි වැටීම, පිග්මන්ටේශන් ඇති වීම,සමේ අඳුරු ස්වභාවයක් ඇති වීම ආදී සමේ ගැටලු මතුවීමට පටන්ගනී. කුරුඳු මඟින් කොලැජන් නිෂ්පාදනය කරමින් සමේ කොලැජන් මට්ටම වැඩිදියුණු කරවයි.
- සමට ඒකාකාරි වර්ණයක් සහිත පෙනුමක් ලබාදේ.

කුරුඳු මඟින් රුධිර සංසරණය ක්‍රමවත් කරනු ලබන නිසා ඔබේ සමට හොඳින් රුධිරය සහා ඔක්සිජන් සැපයුම සිදුවේ. එහි ශරීර පටක හකුළුවන සුලු රසායනික ද්‍රව්‍යයක් අඩංගු වේ. ඒවා ඔබේ සම වඩාත් සුමුදු සහා ඒකාකාරී ස්වභාවයක් ගැනීමට උපකාරී වේ. ඒ වගේම සම ඇතුලතින්ම සහා පිටතින්ද නිරෝගීමත් කරයි.
- ප්‍රති-ප්‍රදාහක ගුණාංග සහිතයි.

ප්‍රදාහය මඟින් ඔබේ සිරුරේ වෛරස් වලට එරෙහිව සටන් කරනු ලබන අතර හානී වූ පටක අලුත්වැඩියා කරනු ලබනවා. නමුත් ප්‍රදාහය ඔබේ සිරුරේම පටක වලට එරෙහිව සිදුවේ නම් එය භයානක විය හැකියි. කුරුඳු වල ඇති ප්‍රති-ප්‍රදාහ ගුණය නිසා ඉදිමුම් ඇති වීම වළක්වනු ලබනවා.
- හෘද රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.

පර්යේෂණයකින් අනාවරණය වී ඇති පරිදී ඔබේ ආහාර වේලට කුරුඳු එක් කරගැනීමෙන් ඔබේ හදවත නීරෝගී වේ. ඒ සඳහා භාවිතා කල මීයන්ගෙන් කුරුඳු එක්නොකර සැදූ අධික මේද සහිත කෑම ආහාරයට ගත් මීයන්ට වඩා සති 12 ක් පුරාවට කුරුඳු එක්කරමින් සෑදූ අධික මේද සහිත කෑම ආහාරයට ගත් මීයන් බරින් ඉතා අඩුවී සිටිබව හඳුනාගැනීමට හැකිව ඇත. ආහාර වල මේදය අධික වීම නිසා හෘද රෝග වලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත්,ඔබේ ආහාර වේලට කුරුඳු එක්කිරීමෙන් මේ අවදානම ඔබට බොහෝ දුරට අවම කරගැනීමට හැකිවෙනු ඇත.
- බර අඩු කරගැනීමට උපකාරී වේ.

කුරුඳු වල කෙඳි ස්වභාවයක් පවතී. එම නිසා නිතර බඩ පිරුණු ගතිය දැනීම නිසා ඔබේ ආහාර වලට ඇති ගිජුකම යම් ලෙසකින් පාලනය කරගන්නට ඔබට උපකාර කරයි. පරිවෘත්තීය ක්‍රියාවලින් ක්‍රමවත් කරයි. ඊට හේතුව වන්නේ අනෙක් ආහාර වලට මෙන් නොව කුළුබඩු ජීර්ණය කිරීමට ඔබේ සිරුරේ ශක්තිය අධික ලෙස වැයවීමයි.
- මතක ශක්තිය වැඩි කවරවයි.

කුරුඳු මඟින් ඔබේ මොලය වයස්ගත වීම ප්‍රමාද කරවනවා.හිපොකැම්පසයේ සුවිකාර්යතාව උත්තේජනය කරනු ලබනවා (මතකය සම්බන්ධ මොලයේ කොටසකි). Alzheimer’s සහා Parkinson’s වැනි රෝග ලක්ෂණ නිවාරණය සඳහා උපකාරී වන කුළුබඩුවකි.