සම හැරුණාම අපේ ශරීරයේ ඇති දෙවන විශාලතම ඉන්ද්‍රිය විදියට සැලකෙන්නේ අක්මාව. අක්මාව අපේ ශරීරයේ යහපත් පැවැත්ම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අක්මාවේ දුර්වලතාවයක් ඇති වුණොත් එය අපේ සමස්ත දේහයටම විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේ අක්මාව රැකගන්න එක හරිම වැදගත්.
නමුත් අවාසනාවට අපේ රටේ බහුතරයක් දෙනා විවිධ අක්මා රෝගවලින් පීඩා විඳිනවා. ජානමය හේතූන්, සෙංගමාලය එහෙමත් නැත්නම් වෛරස් ආසාදන, අධික මධ්‍යසාර භාවිතය කියන හේතු නිසා බහුල වශයෙන්ම මේ අක්මා රෝගීන් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. අක්මාව සම්බන්ධ රෝග තත්ත්වයන් පිළිබඳව කතාකරද්දී සිරෝසිස් කියන රෝග තත්ත්වය ගැන අපිට අමතක කරන්න බැහැ. මොකද මේ රෝගයෙන් අද අපේ රටේ බහුතරයක් දෙනා පීඩා විදින නිසා. මේ සිරෝසිස් කියන රෝග තත්ත්වය කාලයක් තිස්සේ දිගින් දිගටම අක්මාවට සිදුවන හානිවල ප්‍රතිඵලයක් විදිහට තමයි ඇති වෙන්නේ .
මේ සිරෝසීස් රෝගීන්ගේ අක්මාවෙන් සීයට 75ක් ආසාදනයට ලක්වෙලා සෛල විනාශ වීම සිදු වෙනවා. මේ විදිහට අක්මාව ක්‍රමයෙන් අක්‍රීය වීම තමයි සිරෝසිස් රෝගයේදී ඇති වෙන්නේ. මුලින් සඳහන් කලා වගේ දීර්ඝ කාලීනව අධික ලෙස මත්පැන් භාවිතය මේ රෝගයට මූලික හේතුවක් වුණත් ඒ හැරුනහම fatty liver කියන රෝග තත්ත්වය මේ සඳහා මූලික හේතුවක්.
අක්මාවේ මේද තැන්පත් වීමේ ප්‍රමාණය වැඩිවෙමින් වසර විස්සක් පමණ කාලයක් පුරා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම සිරෝසීස් තත්ත්වය වැළඳෙන්නට හේතුවක්. ඒ වගේම දියවැඩියාව ඇති අයට මේ අවදානම ඉතාමත් වැඩි බවත් මතකයේ තබා ගත යුතුයි. ඒ වගේම තෙල් සහිත ආහාරවලින් වැළකීම, ශාරීරික ව්‍යායාම්වල නිරතවීම, කුසගින්නේ සිටීම කියන තත්ත්වයන් මේ සිරෝසිස් ඇති වෙන්නට හේතු වෙනවා.
මොකද ඒ නිසා අපේ අක්මාවේ මේද තැන්පත් වීම වැඩි වෙන නිසා. ඒ වගේම තමයි තැලසීමියා රෝගියෙකුට නිතරම රුධිරය ලබා දීමේදී ලේවල යකඩ අඩංගු වීම හේතු කරගෙන සිරෝසීස් තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. නමුත් එය ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන තත්ත්වයක්.

මේ රෝගයේ දී බොහෝ වෙලාවට රෝග ලක්ෂණ මතු වෙන්නේ අක්මාව අතිශයින්ම අක්‍රිය වන අවස්ථාවේදී .මෙහිදී මූලික වශයෙන් කකුල් බඩ ආදිය ඉදිමෙන්නට පටන් ගන්නවා. ඒ වගේ අක්මාවේ සෛල විනාශ වෙලා අක්මාව ඇකිලිලා යන අවස්ථාවකදී ස්නායු වගේම රුධිර නාල සිහින් වීම නිසා අක්මාව තුළ රුධිර පීඩනයක් හට ගන්නවා. මේක අධි රුධිර පීඩන තත්වයක්. ඒ නිසා රුධිර නාල පිපිරීමට ලක් වෙනවා. ඒ තුළින් රුධිරය වහනය වෙනවා. මේ රුධිරය ගලනාලය ඔස්සේ වමනය විදියට පිටවෙනවා
ඒ අනුව රෝගියා ලේ වමනය දාන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ රුධිරය ගුද මාර්ගයෙන් බැහැර වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී රෝගියාව කඩිනමින් රෝහල වෙත රැගෙන නොගියොත් රෝගය උත්සන්න වෙලා රෝගියාව මරණයට පත් වෙනවා.
ඉතින් මේ සිරෝසිස් කියන රෝග තත්ත්වය විවිධ අවධීන් පසු කරනවා. මෙහි child grade ඒ, බී කියන තත්ත්වයේ අවදානම අඩුයි. 75% ක ප්‍රමාණයක් අක්මාව විනාශ වුණු කෙනෙකු කෙනෙකුගේ සී අවධියේදී අක්මාවක් බද්ධ ක්රන්න බැහැ.කළ හැක්කේ අක්මාව තවදුරටත් විනාශ වීම අවම කරන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ මෙන්න මේ විදිහට සිරෝසීස් රෝගයෙන් පෙළෙන රෝගියෙක් අනුගමනය කරන්නට ඕන පිළිවෙත් කිහිපයක් ගැන. විශේෂයෙන්ම ආහාරපාන ගැන ඔබ වැඩි වශයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි ඖෂධ ප්‍රතිකාර හැරුනහම.
මත්පැන් භාවිතයෙන් වළකින්න.මුලින්ම ඔබ මත්පැනට ඇබ්බැහි වූ කෙනෙක් නම් එහෙමත් නැත්නම් හදිස්සියේ කලාතුරකින් මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් යන කුමන කාණ්ඩයට අයත් අයෙක් වුණත් ඔබ මේ සිරෝසීස් රෝගීන් පෙළෙනවා නම් ඔබ සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුමයි.
- කැරට්, බීට්, බිත්තර, යෝගට්, සලාද, පාන් ආදී ආහාරවලින් වැළකිය යුතුයි.
- චීස්, ටින් කරන ලද ආහාර, අච්චාරු, කරවල, තැඹිලි, ජාඩි, ලුණුදෙහි, සෝස් අජිනමොටෝ ආදී ලුණු සහිත ආහාරවලින් වැළකිය යුතුයි.
- ලුණු භාවිතය හැකිතාක් සීම කළ යුතුයි.
සිරෝසිස් රෝගියකුට ඇතිවෙන ප්‍රධාන සංකූලතාවලින් එකක් තමයි ශරීරය ඉදිමීම. විශේෂයෙන්ම පාද මෙයට මූලිකම හේතුව වෙන්නේ ශරීරයේ අධික වශයෙන් ලුණු පැවතීම. ඒ නිසා ලුණු භාවිතය සීමා කිරීම අත්‍යවශ්‍යම කාරණයක්. ඒ සඳහා ශරීරයේ ඉදිමුමක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. ඉදිමුම් නොමැති අවස්ථාවක වුණත් සිරෝසීස් රෝගියෙක් දවසකට ලුණු ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් ගැනීම තමයි වඩාත් සුදුසුයි.
සාමාන්‍යයෙන් තේ හැන්දක පුරවන ලද ලුණු ප්‍රමාණය ගත්තොත් ග්‍රෑම් 6 ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට සිරෝසිස් රෝගියෙක් ගත යුත්තේ මේ තේ හැන්දකින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා මේ සිරෝසීස් රෝගීන්ගේ ශරීරයේ අධික ලෙස ලුණු එකතු වෙන එක අවම කරන්න ඖෂධ ලබා දෙනවා.
අඩු සෝඩියම් ප්‍රමාණයක් ආහාරවලට එකතු කර ගැනීමට නම් ආහාරවල රසය වැඩිකර ගන්නට ගම්මිරිස් සුදුළූණු ඇතුළු දේශීය කුළුබඩු ඔබට භාවිතා කරන්නට පුළුවන්.
විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණවත්ව ලබාගත යුතුයි.සිරෝසිස් රෝගියෙක් දෛනිකව ප්‍රමාණවත් තරම් විටමින් සහ ඛනිජ ලවණ ලබා ගැනීම කළ යුතුයි. මොකද නැවුම් එළවළු සහ පලතුරු කියන්නේ අපේ ශරීරයේ අනිකුත් අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයටත් අවශ්‍ය පෝෂකයන් නිසා.
විටමින් a බහුල තක්කාලි, පීකුදු, කැරට්, මාළු, කිරි, පලාවර්ග, පිපිඤ්ඤා, බඩඉරිඟු, ඇප්‍රිකට් ආදීය සහ විටමින් සී බහුල ආහාර, මාලු, බිත්තර කහමද, ඌරු මස් විටමින් සී බහුල ලෙමන් ඇතුළු පැඟිරි කුලයට අයත් පලතුරු, ලොකු ළූණු ,බෙල්පෙපර්, ගෝවා, අඹ, රාබු, කොත්තමල්ලි, පේර ආදී ආහාරපාන නිතර ලබා ගන්න.
ඒ වගේම බී කාණ්ඩයේ විටමින් අඩංගු බිම්මල්, කුකුළු මස්, කොළ එළවළු, බෝංචි, බිත්තර එළු සහ බැටළු මස්වලින් සාදන චීස්, ආමන්ඩ්, සෝයා කිරි, බ්‍රොකලි, රතු බත්, කාමරංගා ,මිරිස්, අලිගැට පේර ආදියත් ඔබේ ආහාරවේලට නිතර එකතු කරගන්න.
තන්තු අඩංගු ආහාර ගත යුතුයි.අක්මාවේ සෞඛ්‍යයට තන්තු අඩංගු ආහාර ඉතාම හිතකරයි. ඒ නිසා සිරෝසීස් රෝගීන් තන්තු බහුල ආහාර පරිභෝජනය කිරීම හරිම වැදගත්.එය අක්මාවේ විශ ඉවත් කරන්නට උදව් වෙනවා . ඒ නිසා තන්තු අඩංගු වෙන එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ,ගෝවා මල්, ගෝවා වගේ ආහාර සිරෝසීස් රෝගීන්ට හිතකරයි.

ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුයි.සිරෝසීස් රෝගියකුගේ ශරීරය නිතරම අධිකව විචලනය තත්ත්වයක පවතින්නේ. ඒ නිසා දෛනිකව ජලය ලීටර් 1.5-2 අතර ප්‍රමාණයක් පානය කිරීමට පුරුදු වෙන්න ඕන. එමගින් ශරීරයේ ජල සමතුලිතතාවය හොඳින් පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙනවා. අක්මාව සිසිල් කරන්නටත් ශරීරයේ ඇතැම් විෂ ද්‍රව්‍ය බැහැර කරන්නටත් මේ විදිහට ප්‍රමාණවත් තරම් ජලය ලබා ගැනීම හරිම වැදගත්.
ප්‍රෝටීන අඩංගු ආහාර සීමා සහිතව ලබා ගත යුතුයි.සිරෝසීස් රෝගීන්ට ප්‍රෝටීන් අඩංගු ආහාර සුදුසු නොවන බවට පැවති මතය මේ වනවිට වෙනස් වෙලා තියෙනවා. මොකද සිරෝසීස් රෝගයේදී ප්‍රෝටීන් වැඩිපුර වැයවීම නිසා රෝගියාට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් ලබාදිය යුතුයි. ඒ අනුව දෛනිකව ලබාගත යුතු ප්‍රෝටීන ප්‍රමාණය රෝගියාගේ බර අනුවයි තීරණය වෙන්නේ.
ප්‍රෝටීන් 1.5 g × රෝගියාගේ බර ලෙසයි.
සිරෝසීස් රෝගීන්ගේ සිහි කල්පනාව වෙනස් වීම කියන සංකූලතා අවස්ථාවේදී ප්‍රෝටීන ප්‍රමාණය අඩු කළත් ඉහත ප්‍රමාණයට ප්‍රෝටීන ලබාදීම කළ යුතුයි.
සීනි සහ තෙල් අඩංගු ආහාර අඩුවෙන් ලබාගත යුතුයි.සිරෝසියස් රෝගියෙක් නිරෝගී පුද්ගලයකුට වඩා අඩුවෙන් තමයි සීනි සහ තෙල් අඩංගු ආහාර ලබා ගත යුත්තේ. මොකද රෝගියා කොලෙස්ටරෝල් රෝගයට එහෙම නැත්නම් දියවැඩියා රෝගී තත්ත්වයකට ගොදුරු වුණොත් රෝගියාට ඇතිවන සංකූලතා බරපතළ වෙන නිසා.
- පලිබෝධනාශක යොදා නිෂ්පාදනය කළ එළවළු පලතුරු භාවිතය හැකිතාක් අවම කරන්න. ඒවා භාවිතයට ගන්නවා නම් හොඳින් පිරිසිදු කර ආහාරයට එකතු කර ගන්න
- සකස් කළ කෘතීම ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි.මෙවැනි ආහාරවල කල්තබා ගන්නා ද්‍රව්‍ය වගේම කෘතිම වර්ණක ආදිය අඩංගු වෙනවා. එය අක්මාවේ සෞඛ්‍යයට ඉතාම අහිතකරයි.
ඉතින් සිරෝසිස් රෝග තත්ත්වය ඇති වුණාම එය සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අක්මාව තවදුරටත් විනාශ නොවී පවත්වාගෙන යන්නට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.එහිදී ජීවන රටාවේ සහ ආහාර රටාවේ අහිතකර වෙනස්කම් නැතිකර ගන්නට අපිට සිද්ද වෙනවා .ඒ සඳහා ඔබට මේ කරුණු කාරණා අතිශයින්ම වැදගත් වේවි.