මහාන්ත්‍රය හෙවත් මහ බඩවැල සිදුකරන ප්‍රධානම කාර්යබාරය තමයි එයට ඇතුළු වන තරලමය ද්‍රව්‍ය බවට හැරුණු ආහාර කොටස් වලින් ජලය උරාගෙන,එම ද්‍රව්‍ය අර්ධ ඝන තත්වයට පත්කිරීම.මහාන්ත්‍රයට ඇතුළු වූ එම ද්‍රව්‍ය ගුද මාර්ගයට ඇතුළු වූ පසු ඒවා මල වශයෙන් හඳුන්වයි. මේ ආකාරයෙන් ජීර්ණය වූ ආහාර වලින් සිරුරට අවශ්‍ය පෝෂක උරාගෙන, අනවශ්‍ය දෑ සිරුරෙන් බැහැර කිරීම සඳහා මහ බඩවැල ක්‍රියාකරයි.මේ හරහා සිරුරේ නීරෝගි පැවැත්මට විශාල දායකත්වයක් එමඟින් සිදුකෙරෙයි.
සිරුරේ පැවැත්මට මහ බඩවැලේ කාර්ය කොතරම් වැදගත් වුවත් එහි නීරෝගී බව ගැන අප අවධානය යොමුකරන්නේ නැතිතරම් නේද? මහාන්ත්‍රය පිරිසිදුව පවත්වාගැනීමට එහෙමත් නැත්නම් එය හොඳින් ශුද්ධ වීමට උපකාර කරන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

හර්බල් ටී පානය කරන්න කෝමාරිකා,පෙපර්මින්ට්,සෙනෙහෙ කොළ ඇතුළු ඖෂධීය තේ වල ස්වභාවික විරේචක ගුණ අඩංගුයි.වැසිකිළි අවශ්‍යතාවන් වලදී ඔබට යම් යම් අපහසුතා දැනෙයි නම් හර්බල් ටී පානයෙන් ඔබට හොඳ ගුණයක් අත්කරගත හැකිවේ.
ග්‍රීන් ටී පානය කරන්න හර්බල් ටී පමණක් නොව ග්‍රීන් ටී ද මලබද්ධය වැනි අපහසුතා මතුවීම වළක්වනවා.ජීර්ණ මාර්ගය සමනය කරමින් ආහාර පාන වඩාත් පහසුවෙන් ජිර්ණය වීමට හා මහාන්ත්‍රය හරහා ගමන් කිරීමට ඉඩ සලසයි.
යුෂ පාන වර්ග පානය කරන්න යුෂ පාන වර්ග ද බඩවැල් නීරෝගීව පවත්වාගැනීමට සහය දේ. සීනි අඩු තන්තු අන්තර්ගතය වැඩි නිෂ්පාදන වඩාත් යෝග්‍යයි.යම් කාලයකට පලතුරු හා එළවළු යුෂ පමණක් පරිභෝජනය කිරීම juice detox නම් විෂහරණ ක්‍රමය ලෙස හඳුන්වයි.මෙම ක්‍රමය බඩවැල් වලට ඉතා හිතකර බව අධ්‍යයන පෙන්වාදෙයි. ක්‍රැන්බෙරි,බීට් රූට්,තක්කාලි,ඇපල්සහ දොඩම් වගේ යුෂ පාන වර්ග වඩාත් සුදුසුයි. නිවසේදීම පලතුරු හා එළවළු යුෂ පාන සකසාගත හැකියි නම් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේවි.

හොඳින් ජලය පානය කරන්න ජීර්ණ ක්‍රියාවලිය වඩාත් හොඳින් සිදුවීමට හොඳින් ජලය පානය කරන්න.ජලය අවුන්ස 8 බැගින් වීදුරු 8ක් දිනකට පානය කරන්න පුරුදුවන්න. නැතිනම් ලීටර් 1.5-2 අතර ප්‍රමාණයක් පානය කරන්න.සිරුරේ සජලතාව ආරක්ෂාවන තරමට බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව සිදුවේ.සිරුරේ ඇති වස විස ඇතුළු අපද්‍රව්‍ය ඉවත්වීමට ද ජලය උපකාර කරයි.මද උණුසුම් ජලය පානය කිරීමට පුරුදුවන්න.ජලය අන්තර්ගතය වැඩි පලතුරු සහ එළවළු ආහාරයට ගන්න. පැණි කොමඩු,සැල්දිරි,පිච්,ඇපල්,පෙයාර්ස්,තක්කාලි,පිපිඤ්ඤා වැනි ආහාර ඊට උදාහරණයි.
ලුණු මිශ්‍ර ජලය පානය කරන්න ලුණු ස්වල්පයක් එක්කළ මද උණුසුම් ජලය වීදුරුවක් හිස්බඩ පානය කරන්න.මෙය ඔබට වැසිකිළි යාමේ අවශ්‍යතාව ඇතිකරවන බව සඳහන්.උදෑසන හා සවස් කාලයේ කිරීම වඩාත් සුදුසුයි.මෙය salt water flush ක්‍රමයයි. මේ සම්බන්ධ ස්ථීර නිගමන තවමත් නොමැති නිසා ක්‍රමය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේවි.
ශාකමය ආහාර පරිභෝජනය කරන්න එළවළු ,පලතුරු පමණක් නොව ඇට වර්ග, ධාන්‍ය වර්ග සහ නට් වර්ග,පලා වර්ග ද ඔබේ පරිභෝජනයට එක්කරගන්න.ශාකමය ආහාර වල සෙලියුලෝස් තන්තු බහුලයි.ජීර්ණය හා මල අපද්‍රව්‍ය බඩවැල් හරහා ගමන් කිරීම පහසු වන්නේ එම අන්තර්ගතය නිසයි.බඩවැල් පිරිසිදුව පවත්වාගැනීමට සහය වෙන ප්‍රීබයෝටික් හිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනයට ද සෙලියුලෝස් උපකාරී වේ. කාන්තාවන් සඳහා දෛනික තන්තු අවශ්‍යතාව ග්‍රෑම් 21-25 අතර වේ. පුරුෂයින් සඳහා එය ග්‍රෑම් 30-38අතර ප්‍රමාණයකි. එළවළු ආහාරයට ගන්නා විට ඒවායේ පෝෂණ ගුණ විනාශ නොවීමට නම් ජලයේ තැම්බීමෙන් තොරව හුමාලයෙන් තැම්බීම හෝ අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව අධ්‍යයන පෙන්වාදේ.
ප්‍රෝබයෝටික් පෝෂණය ප්‍රෝබයෝටික්ස් යනු මුහුන් කළ ආහාර වල සිටින ක්ෂුද්‍රජීවීන්ය.ආමාශය පිරිසිදු කරමින් ජීර්ණ මාර්ගය ශක්තිමත් කරවන හිතකර බැක්ටීරියාවන් ගහණය වැඩිකිරීමට මේවා ගුණදෙයි.ඒවා මඟින් ජීර්ණ පද්ධතියේ ප්‍රදාහය වළකයි.අච්චාරු,යෝගට්,කෙෆීර්,සවර්ක්‍රෝට් (ලුණු යොදා මුහුන් කල ගෝවා) ආදී ආහාර වල මෙම පෝෂක බහුලයි.
ඇපල් සයිඩර් විනාකිරි බඩවැල් පවිත්‍ර වීමට හා ජීර්ණය වැඩිදියුණු කිරීමට ඇපල් සයිඩර් විනාකිරි ඉතා ගුණදායි බව පෙන්වාදේ.මේවායේ ඇති ප්‍රෝබයෝටික් පෝෂක මඟින් හානිකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් විනාශ කර දමයි.
ප්‍රතිරෝධක පිෂ්ටය (resistant starch) අඩංගු ආහාර පරිභෝජනය කරන්න ප්‍රතිරෝධක පිෂ්ටය බඩවැල් වල හිතකර බැක්ටීරියාවන්ට ආහාරයක් වී ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් වීමට ඉඩ සලසයි.කෙසෙල්,අල,බත්,ධාන්‍ය වල ඇත්තේ මෙම පිෂ්ටයයි.මේවායේ හිතකර පිෂ්ටය අඩංගුයි.කොළ පැහැති කෙසෙල් වඩාත් ගුණදායකයි.එතරම් ඉදී නොමැති තරමට ඒවායේ ඇති ප්‍රතිරෝධක පිෂ්ටය බහුලයි.