අක්මාව පිරිසිදු කරන කරවිල

health tips

අප බෝහෝමයක් දෙනා එළවලු ආහාරයට ගැනීම සදහා තේරීමේදී ගුණදායක එළවළු බෝහෝමයක් ආහාරයට එක් කර ගන්නේ නැත. ඒවායේ ඇති යම් යම් ගුණාංග ඒ සදහා හේතූ වේ. එනම් බෝහෝ අවස්ථාවල තිත්ත රසය ඇති එළවලු ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙලෙස බෝහෝමයක් දෙනා ආහාරයට එක් කර නොගන්නා නමුත් ඖෂධීය ගුණ මෙන්ම පෝෂණීය ගුණයන්ද පිරි එළවලුවක් ලෙස කරවිල හදුනා ගත හැකිය. එනම් කරවිල තිත්ත රසැති වුවද ගුණයෙන් ඉතා ඉහළ එළවළුවකි.කරවිල බීජ මගින් වගා කරන අතර වැල් වශයෙන් ව්‍යාප්ත වේ. ඒවායේ හට ගන්නා මල් කහ පැහැයක් ගනී. සරුසාර පස් ඇති තැන්හි වගා කළ විට වඩාත් සරු අස්වැන්නක් ලබා ගත හැකිය. කරවිලවල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ලෙස ,

  • විටමින් A
  • විටමින් C
  • විටමින් K
  • යකඩ
  • සින්ක්
  • පොටෑසියම් ප්‍රධාන වේ.

කරවිල අපට විවිධ ආකාරයෙන් රසවත් ලෙස සකසා ආහාරයට ගත හැකිය.

  • කරවිල බැදුම
  • කරවිල ව්‍යංජනය
  • කරවිල සම්බෝලය
  • කරවිල පානය

යනාදී ලෙස විවිධාකාරයෙන් සකසා ආහාරයට ගත හැකිය. කවරාකාරයකින් හෝ අප කරවිල ආහාරයට ගන්නේ නම් එයින් බෝහෝමයක් රෝග සුවපත් ගැනීමට හැකියාව ලැබේ.

කරවිලවල ඖෂධීය ගුණ

-වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විදින රෝගයක් වන දියවැඩියාව සදහා ඉතා වටිනා ඖෂධයක් ලෙස කරවිල හදුනා ගත හැකිය. එනම් කරවිල ශාකයේ සියලුම කොටස් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. කරවිල ආහාරයට ගැනීමෙන් අතිරික්ත සීනි ප්‍රමාණය පාලනය කර පරිවෘත්තීය ක්‍රියාවලිය ද ක්‍රමවත්ව කරනු ලැබේ. නමුත් දියවැඩියාව පවතින රෝගීන් ඖෂධ සමග කරවිල ආහාරයට එක් කර නොගත යුතුය.

පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සදහාකරවිල යනු ප්‍රතිඔක්සිකාරක සංයෝග සහිත ඉතා වටිනා ඖෂධයකි. මෙම ඖෂධීය ගුණයෙන් , අග්න්‍යාසය ආශ්‍රිතව ඇතිවන පිළිකා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකා පියයුරු පිළිකා, මහබඩවැල ,අක්මාව ආශ්‍රිතව ඇතිවන පිළිකා, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා  යනාදී පිළිකා රෝගී තත්වයන් ඇති වීම වළක්වා ගත හැකිය.

කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහා කරවිල ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා ඉතා ගුණදායක වේ. එමගින් අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම රුධිර පීඩනය පාලනය කරමින් අධිරුධිර පීඩනය ඇතිවීම ද පාලනය කරයි.

ඇස් පෙනීම සදහා කරවිලවල අන්තර්ගත බීටා කැරෝටීන් හා විටමින් යනාදී පෝෂ්‍ය සංඝටක මගින් ඇස්වල සුද ඇති වීම, හා දෘෂ්ටි ආශ්‍රිත රෝග තත්වයන් ඇති වීම වළක්වනු ලැබේ. එමෙන්ම ඇස් පෙනීම වර්ධනය කරනු ලැබේ.

ප්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා කරවිල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ඖෂධීය ගුණ වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. එමෙන්ම කරවිල විවිධ රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනු ලැබේ.

පිෂ්ටය දහනය කිරීම සදහා ශරීරයේ පිෂ්ටය අධික ලෙස තැන්පත් වී ඇති විට ඒවා දහනය කරමින් යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගන්නට කරවිල උපකාරී වේ. අධික ලෙස ඇති පිෂ්ටය දහනය කිරීම මගින් ශරීරයේ තරබාරු බව, අධි රුධිර පීඩනය ,දියවැඩියාව වැනි රෝග තත්වයන් ද පාලනය කීරීමට සමත් ඔසුවක් ලෙස කරවිල හදුනා ගත හැකිය.

වකුගඩුවල ගල් ඉවත් කිරීමට කරවිල එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමෙන් එහි ඇති පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණ ද ශරීරයට මනාව ලැබේ. එමගින් වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් ඖෂධ භාවිතයකින් තොරව දියකර හැරීමට හැකියාව ලැබේ.

කිරි දෙන මව්වරුන් සදහා කරවිල වල අන්තර්ගත විටමින් K ,ලයිකොපීන් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් කිරිදෙන මව්වරුන්ට ඉතා ගුණදායක වේ. එමගින් ඔවුන්ගේ මව්කිරි වර්ධනය කරයි.

අක්මාව පිරිසිදු කිරීම සදහා කරවිල පානය මේ සදහා ඉතා ගුණදායක වේ. එනම් බඩවැල් පිරිසිදු කිරීම සදහා මෙන්ම අක්මාව ආශ්‍රිතව ඇතිවන ගැටලු සදහා ද කරවිල පානය යෝග්‍ය වේ.

සම පැහැපත් කර හිසකෙස් නීරෝගී කිරීම සදහා කරවිල වල අන්තර්ගත විටමින් A ,විටමින් C ආදී ප්‍රබල ප්‍රතිඔක්සිකාරක  සම රැලි වැටීම වළක්වා සම පැහැපත් කරයි.එමෙන්ම සම UV කිරණ වලින් ද ආරක්ෂා කිරීමට උපකාරී වේ. එමෙන්ම හිසකෙස් යාම ,රළු හිසකෙස් ,හිසේ කැසීම් ,ඉස්සොරි ,යනාදී තත්වයන් සදහා ද කරවිල යුෂ හිසේ හොඳින් ආලේප කිරීම යෝග්‍යය. එමගින් හිසකෙස් වැටීම වළක්වා කෙස් පෝෂණය කර ගත හැකිය.

ශරීරයේ බර අඩු කර ගැනීම සදහා කරවිල වල අන්තර්ගත වන්නේ ඉතා සුළු කැලරි ප්‍රමාණයකි. එමෙන්ම එහි අඩංගු තන්තු නැවත නැවත කුසගිනි ඇතිවීම වලක්වනු ලබයි. මේ නිසා ශරීර බර  පාලනය වීම සිදුවේ.

මේ ආදී වූ රෝග රැසකට ඖෂධයක් ලෙස කරවිල ආහාරයට එක්කර ගත හැකිය. නමුත් දියවැඩියාව වැනි රෝග පවතින පුද්ගලයින් ඖෂධ සමග කරවිල ආහාරයට නොගත යුතුය.