එක දිගට දවස් දෙකක් එකම ඇඳුම් ඇඳීමෙන් වැළකීමට හේතු 4 ක්

health tips

එක් වතාවක් ඇඳපු ඇඳුමක් ඉඹලා බලලා ආයෙත් වතාවක් ඇඳීම අප ගොඩක් අය කරන දෙයක්.එතරම් දුගඳක් හමන්නේ නැති වුණත් ඔබේ ඇසට නොපෙනෙන බැක්ටීරියා, කුණු දුහුවිලි හා දහඩිය මේ ඇඳුම් වල තැවරිලයි තිබෙන්නේ. ඉතින්, දිනපතා භාවිත කළ ඇඳුම් සෝදා පිරිසිදු නොකර, එක දිගට ඇන්දොත් අප්‍රසන්න අත්දැකීම් වලට පවා ඇතැම් විට ඔබට මුහුණ දෙන්නට සිදුවිය හැකියි.එහෙම කියන්නේ ඇයි කියා අපි බලමු.

  1. අපිරිසිදු ඇඳුම් ඇඳීමෙන් සිරුරේ කුරුලෑ වර්ධනය විය හැකියි.

එකම ඇඳුම එක දිගට දවස් ගණනක් ඇඳීම රෙදි සෝදන්න කම්මැලි අයට පහසුවක් වුණත්, මෙය එතරම් හොඳ අදහසක් නොවෙයි.ඔබේ පපු ප්‍රදේශයේ හා පිටේ කුරුලෑ බිබිලි තියෙනවා නම්, දිනපතාම සම පිරිසිදුව තබාගැනීමට හා අලුත් ඇඳුම් ඇඳීමට පුරුදුවෙන්න.කිලිටි වූ ඇඳුමක දහඩිය වගේම බැක්ටීරියා එකතුවී තිබෙනවා.මේවා ඔබේ ඉහත සඳහන් කළ රෝම සහිත ප්‍රදේශ වල තැවරී, සමේ සිදුරු අවහිර කළ හැකියි.දහඩිය මැරුණු සමේ සෛල සමඟ මුසු වීමෙන් සමේ අපහසුතා (irritation) ඇතිවී පිට, කලවා හා තට්ටම් වල වැනි සිරුරේ විවිධ ස්ථාන වල කුරුලෑ බිබිලි මතුවීමට තුඩුදිය හැකියි.

  1. ශරීරයේ අප්‍රසන්න දුර්ගන්ධයක් ඇතිවිය හැකියි

කිහිළි වල දහඩිය ‍රැඳී ඒවායේ බැක්ටීරියා වර්ධනය වීමෙන් අප්‍රසන්න ලෙස දහඩිය දුගඳ ඇතිවේ.කිළිටි ඇඳුම් ඇඳීමෙන් මෙම දුගඳ තවත් වැඩිවිය හැකියි.

  1. විෂබීජ වලට නිරාවරණය විය හැකියි

ඔබේ සමේ ස්‍රාවය වන තෙල් හා සම බැක්ටීරියා වලට නිරාවරණය වීමෙන් සම අපිරිසිදු වේ. සාමාන්‍යයෙන් අපේ සමේ බැක්ටීරියා  ජීවත් වන අතර ඇඳුම් වල තැවරෙන බොහෝ විෂබීජ ඇතිවන්නේ අපේ සිරුරු වලින්මයි.වෙනත් අයගේ සිරුරේ සිටින බැක්ටීරියා ඇඳුම් හරහා වෙනත් අයට ද පැතිරිය හැකියි.එසේ පැතිරින බැක්ටීරියා බොහෝ විට හානිකර නොවුණත්, ඇතැම් ඒවා ආසාදන, චර්ම ගැටලු පවා ඇති කළ හැකියි.

  1. සමේ කුෂ්ඨ හටගත හැකියි

එකම ඇඳුම නිතර ඇඳීමෙන් සමේ කසන සුලු බිබිලි (‍රැෂ්)  පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.ඇඳුම් අපේ සමට ස්පර්ෂ වී තිබෙන දෙයක්.කිළිටි ඇඳුම් මෙසේ සම මත ඇතිල්ලෙන විට ,එහි තැවරී ඇති තෙල්,දුහුවිලි හා බැක්ටීරියා අපේ සමේ ද තැවරී සම මත අපහසුතා ඇතිකරවිය හැකියි.ඕනෑම කිළිටි ඇඳුම් රෙදි විශේෂයක් සමේ අපහසුතා ඇති කළ හැකි නමුත් කෘතිම (සින්තටික්) වර්ගයේ රෙදි සමට වඩාත් රළු බලපෑමක් ඇතිකරයි. ඊට හේතුව මේවායේ ස්වභාවික රෙදි අමුද්‍රව්‍ය වල මෙන් හොඳින් වාතාශ්‍රය එහාමෙහා ගමන් කිරීමේ හැකියාව අඩුවීමයි.රස්නය ‍රැ‍ඳෙන නිසා සමට අපහසුතා ඇතිවේ.