බොහෝදෙනෙක් සෙම් රෝගවලින් පීඩා විදිනවා. එයට වයස් භේදයක් නැහැ.වැඩි වශයෙන් කුඩා දරුවන් අතර සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්වයන් දැකගත හැකි වුණත් ඕනෑම වයසක පුද්ගලයෙකුට මේ සෙම තත්ත්වයන් පීඩාකාරී ලෙස වධ දෙනවා. සෙම්ප්‍රතිෂ්‍යාව හැරුණාම, කැස්ස, පීනස, හිසරදය, සයනසයිටීස් නිව්මෝනියා, පෙනහලු ආබාධ ආදී සියල්ලම සෙම හේතුකරගෙන ඇතිවන රෝගී තත්ත්වයන්. ඒ අතරේ බොහෝදෙනෙක් උගුරේ සෙම පැටලීමේ තත්ත්වයෙන් පීඩා විදිනවා. මේ නිසා කතා කිරීමේ අපහසුතාවයක්, උගුරේ වේදනාවක් වගේම උණ තත්ත්වයන් පවා ඇතිවෙනවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මේ උගුරේ සෙම පැටලීම කියන තත්ත්වය සම්බන්ධවයි.
සාමාන්‍යයෙන් උගුරේ සෙම පැටලීමක් ලෙස අපි අත්විදින්නේ උගුරේ යමක් බැඳී ඇති ආකාරයට ඇතිවන දැනීමක්. මේ තත්ත්වය ඇතැම් අයට දින කිහිපයකින් සුව කරගන්නත් හැකි වුණත් ඇතැම් අවස්ථාවලදී යම් යම් පුද්ගලයන් මේ තත්ත්වයෙන් දීර්ඝකාලීනව පීඩා විදිනවා. මෙය සෙම නිසාවෙන් ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වයක් ලෙස බොහෝදෙනා සිතුවත් උගුරේ මෙවැනි අපහසුතාවයක් වෙනත් බරපතල තත්ත්වයන් නිසාවෙන් වුණත් ඇති වන්නට හැකියාව පවතිනවා.
උගුරේ සෙම බැඳීමක් ඇති වන්නට බලපාන හේතු

- සෙම්ප්‍රතිෂ්‍යා උණ සෙම්ප්‍රතිෂ්‍යා උණකදී සෙම් ගෙඩි ප්‍රදාහයන්, උගුරේ වේදනාව , ගිලීමේ අපහසුව, කනේ කැක්කුම සහ උගුරේ සෙම පැටලීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට හැකියාව පවතිනවා.
- නාස් කුහරය සිරවීමෙන් නාසයේ ඇති ශ්‍රාවයන් නිතර උගුරට පැමිණීම
- දූවිලි, දුම් ආදිය නිතර ආඝ්‍රාණය වීම
- වෛරස් සහ බැක්ටීරියා ආසාදන තත්ත්වයන්
- අධික ලෙස අමිල පිත්ත රෝගයෙන් පෙළීම
- උගුර ප්‍රදේශයේ ඇතිවන පිළිකා සහ පිළිකා නොවන ගෙඩි
මෙවන් තත්ත්වයක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකින්.
- උත්පත්තියේදී ඇතිවන යම් යම් ව්‍යාකූලතා හේතුවෙන් ගනු ලබන ආහාර උගුරේ රැඳී තිබී ඒ මත බැක්ටීරියා වර්ධනය වීම
- ආහාර ගිලීමේ අපහසුතා
- දුම්පානය
උගුරේ සෙම පැටලීමේ තත්ත්වයකදී අනුගමනය කළ හැකි ක්‍රමවේද
- ලුණු වතුරෙන් උගුර සේදීම මේ සඳහා මද උණුසුම් ජලය භාවිතා කිරීම වඩා සුදුසුයි. මෙය පැය 2 ට වරක් සිදු කිරීම මගින් හෙම්බිරිස්සාව ඇති කරන්නට හේතුවෙන බැක්ටීරියා විශබීජ විනාශ කර දමනවා. ලුණු ඉතාම හොඳ විශබීජ නාශකයක් නිසා උගුර ආශ්‍රිතව ඇති බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වේගයෙන් මර්දනයට ලුණු බෙහෙවින් උපකාරී වෙනවා.
- ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සුදු ළූණු, මුරුංගා පොතු, කළුදුරු සහ ලුණු සමව ගෙන ඇඹුල් දොඩම් යුෂයෙන් අඹරා කුඩා පොට්ටනියක් බැඳ විටෙන් විට හපමින් සෙම ඇරීම.
- උළුහාල් තේ හැදි 2 ක් නටන වතුරට දමා විනාඩි 30 ක් තම්බා ගෙන උගුර සේදීම
- උණු වතුර කෝප්පයකට කරාබු නැටි 7-8 ක් දමා තම්බා මද වේලාවකින් පානය කිරීම

- සූකිරි ආහාරයට ගැනීම මේ සුකිරිවල ඇති සීනි ගතිය නිසා උගුර මැදීමෙන් උගුරේ වේදනාවට ඉතා හොඳ සහනයක් ලැබෙනවා වගේම උගුරේ පැටලීම් ස්වභාවයත් දුරුව යනවා.
- උණුසුම් දියර වර්ග පානය උගුරේ සෙම පැටලීමක් ඇති අවස්ථාවක හා වේදනාවක් ඇති විට දියර වර්ග පානය කිරීම අපහසු වුණත් ඒ තත්ත්වය සමනය කර ගන්නට වැඩි වශයෙන් ජලය පානය කිරීම කළ යුතුමයි. හෙම්බිරිස්සා තත්ත්වයක් සැදීගෙන එන විට විශබීජ සමඟ සටන් කරන්නට සුදු රුධිරාණු වැය වෙනවා. ඒ නිසා ශරීරයේ ජල මට්ටම අඩු වුණොත් එය සිරුරේ විෂබීජ ප්‍රමාණය වැඩෙන්නටත් සුදු රුධිරාණු බොහොමයක් විනාශ වෙන්නටත් හේතු වෙනවා. ඒ නිසා උණුසුම් දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
- පාවට්ටා ගසේ කොළ, පොතු සහ මල් තම්බා එයින් වාෂ්ප ඇල්ලීම
- ආඩතෝඩා ගසේ පස් පංගුව වියළා කුඩු කර තේ මෙන් සකස් කරගෙන පානය කිරීම.
- ඇඹුල් දොඩම් යුෂ මේස හැදි 4 ක් , අමු ඉඟුරු මේස හැදි 1 ½ ක්, සූකිරි මේස හැදි 1 ½ ක් , පිරිසිදු මී පැණි මේස හැදි 2 ක් , ගෙන සියල්ල හොඳින් දියකර දවස පුරාම ටිකෙන් ටික් පානය කිරීම.ඒ හැරුණාම ,
- වායු සමීකරණ යන්ත්‍ර භාවිතය තත්ත්ව සමනය වනතෙක් නතර කිරීම.
- දුම්පානය නතර කිරීම
- මුඛය පිරිසිදුව තබා ගැනීම ආදියත් වැදගත් වෙනවා.
මේ තත්ත්වය දින කිහිපයක් තිස්සේ සුව අතට පත් නොවුණු අවස්ථාවකදී වගේම, මේ තත්ත්වය සමඟ උදරයේ දැවිල්ල, උගුරට ඒම, ආහාර ගිලීම අපහසුවීම, දින ගණනක් උණ පැවතීම , නාසය දිගින් දිගටම සිරවී තිබීම ආදී ලක්ෂණ පවතින්නේ නම් එවන් අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවීමට යාම අනිවාර්ය වෙනවා.