හුස්ම ගිය පුද්ගලයෙකුගේ හුස්ම පවා නැවත ලබාදෙන පැරණි පොත පතේ සදහන් විශ්මිත ශාකය මෙන්න

health tips

මෙලොව උපත ලැබූ අපි හැමෝටම මරණය පොදුයි. විවිධ ලෙඩ රෝග හදිසි අනතුරු ආදී කුමන හේතුවක් මත හෝ අපේ ආයු කෙළවර වෙනවා. ඉතින් අපි හැමෝම උත්සාහ කරන්නේ ලෙඩ දුක් අඩු කරගෙන නීරෝගීව ජීවත් වෙන්න. ඒ වගේම ජීවත් වෙන දින ගණන වැඩිකර ගන්නට. ඉතින්  අපි හැමෝටම උරුම මරණය විනාඩියකින් හරි පමා කරන්නට හැකියාවක් තියෙන විස්මිත ශාකයක් මේ මිහිපිට තියෙනවා. ඒ තමයි ප්‍රාණජීව. අමාරුවෙන් අල්ලාගෙන ඉන්න හුස්ම ටික රැක ගන්නට නැවත පණ දෙන්නට මේ ශාකයේ කොළ කොටා ගත් යුෂ බින්දුවකින්  හැකියාව ලැබෙනවා. ඉතින් අපි අද කතා  කරමු මේ විස්මිත පැලෑටිය පිළිබඳව.

රනිල කුලයට අයත් වෙන මේ ශාකය සංස්කෘතික භාෂාවෙන් නමස්කාරි විදියටත්, දෙමළ භාෂාවෙන්  තොලුකන්නි ලෙසත්   හඳුන්වනු ලබනවා. ආලෝකයට වගේම ශබ්දවලටත් මෙහි කුඩා පත්‍ර  සංවේදී බවක් දක්වනවා.  අඩි 4 ක් දක්වා උඩට වැඩෙන ඒ ශාකයේ  හට ගන්නා බීජ මගින් අලුත් පැල  බෝ කර ගන්නට පුළුවන්. මේ ශාකයේ එක ළඟ පත්‍ර  3 ක් දැක ගන්නට පුළුවන්.මේ ශාකය ස්පර්ශ වුණත් නැතත්  ගායනයක් ඇසුණාම, අත්පුඩි ශබ්දයක් ඇසුණු විටත්  කුඩා පත්‍ර  චලනය වෙන නිසා මෙය Dancing Tree  යන නමිනුත් හඳුන්වනවා. සෑම පත්‍රයටකටම උප පත්‍ර  දෙකක් පිහිටා තියෙනවා. මෙහි ඇති ලපටි පත්‍ර  ශබ්දයක් ඇසුණු විට සුළඟක් නැතිවම නැට වී  සර්පිලාකාරව  චලනය වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒවා විවිධ දිශාවලට හැරෙමින් ආලෝකය  ඇති ස්ථාන පිරික්සා බලනවා. ඒ කියවීම අනුව ප්‍රධාන  පත්‍ර  සෙමින්  වැඩි ආලෝකය ඇති දිශාවට  යොමු වෙනවා. 

මෙහි සුදු සහ කහ මිශ්‍ර  මල් දකින්නට ලැබෙනවා. මේ  මල් පසුව කරල්  බවට පත් වෙනවා.මේ ශාකයට අහසේ ඇති නයිට්‍රජන් ඇද ගන්නට හැකියාව තියෙනවා. මොකද  එය රනිල කුලයේ ශාකයක් වන නිසා.  අපේ රටේ වගේම ඉන්දියාව, බුරුමය,  වියට්නාමය. චිනය, පකිස්ථානය තායිලන්තය ආදී රටවලත් මේ ශාකය දකින්නට ලැබෙනවා.

මේ ශාකය ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළයි.  ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතා ඉහළ ප්‍රාණජීව  අපේ දේහයේ නීරෝගී පැවැත්මට විශාල මෙහෙයක් ඉටු කරනවා. ආයුර්වේදයේ   සඳහන් වෙන  ආකාරයට  මේ ශාකයේ කොළ මුල්, මල්,  ඇට පොතු ආදී සියල්ලම භාවිතයට ගැනෙනවා.මේ ශාකය කොළ කැඳ සකසා  ගැනීමේදී අපිට එකතු කර ගන්නට පුළුවන්. ඒ වගේම කොළ කොටා යුෂ ගෙන පානය කරන්නත් පුළුවන්. නමුත් මේ ශාකය අපේ රටේ සොයා ගන්නට තරමක් දුර්ලභයි. ඒ නිසාම එහි වටිනාකම තවත් වැඩි වෙනවා. 

ප්‍රාණජීව ආහාරයට එකතු කරගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ 

  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා.
  • ස්නායු උත්තේජනය කරනවා.
  • දේහයේ විෂ නසනවා.
  • උණ රෝගයට සුව සලසනවා. 
  • අතීසාරය රෝගයට ගුණදායකයි.
  • සෙංගමාලය සඳහා ගුණදායකයි.
  • මුත්‍රා  ගල් සඳහා ගුණදායකයි.
  • කුඩා දරුවන්ගේ උදරාබාධ සුව කරනවා.

මේ  සඳහා මෙයින්  දළු  දෙකක් හපා කෑම වුණත් ප්‍රමාණවත්.

  • තුවාල සුව කරනවා. මේ සඳහා ප්‍රාණජීව ශාකයේ පත්‍ර  වගේම මුල් අඹරා ඒ තුවාල ඇති ස්ථානවල ආලේප කිරීම සුදුසුයි.
  • වාත රෝග , හෘද රෝග ආඝාතය ආදී රෝග තත්ත්වයන් ඇතිවීම පාලනය කරනවා.
  • දියවැඩියාව රෝගීන්ට ගුණදායක වෙනවා.

මේ සඳහා  ප්‍රාණජීව මුල් ග්රැම් 50 ක් ජලය මිලිලීටර් 500 ක දමා තම්බා මිලිලීටර් 40 බැගින් දිනපතා පානයට ලබා දෙනවා.

  • මැලේරියාව  සඳහා ගුණදායකයි.
  • අක්මාවේ ප්‍රදාහ තත්ත්වයන් දුරු කරනවා.
  • සමේ රෝගවලට මහඟු ඔසුවක් වෙනවා.
  • වකුගඩු රෝග සඳහා සුවදෙනවා.
  • පාචනය සුව කරනවා.
  • සර්ප දෂ්ටනවලදී  භාවිතා කරනවා.

මේ සඳහා මුල් යුෂ පානයට ලබාදෙනවා. 

  • අකලට හිසකෙස් පැසීම වළකාලනවා.
  • සම තිරිහන් කරනවා.

ඉතින් දුර්ලභ වුණත් මේ ශාකය අපේ ගෙවත්තේ තිබිය යුතුම ශාකයක්. මොකද එය අපිට නීරෝගීව ජීවත් වෙන්නට  විවිධ රෝග  සඳහා  ප්‍රතිකාරවලදීත් මේ ඖෂධීය ශාකය ඉතා වැදගත් වෙන නිසා.