උදෑසන අවදි වූ පසු කෝපි කෝප්පයක් පානය කරන්න ඇතැම් අය පුරුදුවෙලා ඉන්නවා.ඔබටත් මේ පුරුද්ද තිබෙනවා නම් ඒ ගැන දෙවරක් හිතන්න හිතෙන තොරතුරක් ගැනයි අද ඔබට කියන්න යන්නේ.උදෑසන ආහාර වේල ගන්න කළින් කෝපි පානය කිරීම ඇතැම් බරපතල බලපෑම් ඔබේ සිරුරට ඇතිකළ හැකි බවයි කියන්නේ.රුධිර සීනි මට්ටම් ඉහළ දැමීම සහ කාංසා ස්වභාවය ප්‍රබල වීම වගේ බලපෑම් ඊට උදාහරණයි.
උදේ ආහාර වේලට කළින් කෝපි පානය කළොත් මේ වගේ බලපෑම් ඇතිවිය හැකි බව ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් පෙන්වාදෙනවා.
- රුධිර සීනි මට්ටම් කෙරෙහි බලපෑ හැකියි

කෝපි වලට ආදරය කරන ගොඩක් අයට කෝපි කෝප්පයක් නොබී දවස පටන්ගන්නේ කොහොමද කියා සිතාගන්නටවත් බැරිව ඇති.නමුත් උදේ අවදි වූ පසු පළමුවෙන්ම ඔබ පරිභෝජනය කරන්නේ කෝපි වගේ දෙයක් නම්,ඉන් ඔබේ සිරුරේ රුධිර සීනි මට්ටම් 50% කින් පමණ එක්වර ඉහළ යාමට ඉඩ තිබෙනවා.මින් කියන්නේ කෝපි බොන්න එපා කියන එකනම් නොවේ. අධ්‍යයන පෙන්වාදෙන ආකාරයට අනුව මෙවැනි අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා මුළින්ම උදෑසන ආහාර ලබාගෙන පසුව ඔබේ ප්‍රියතම කෝපි කෝප්පය රසවිඳින්න.
- කෙණ්ඩා පෙරළීම් වැනි තත්වයක් අත්දකින්නට සිදුවිය හැකියි

ඉඳ හිට හෝ රාත්‍රියේදි විටින් විට අවදිවීම අපි කවුරුත් අත්දකින තත්වයක්.නමුත් උදෑසන අවදි වූ පසු කෝපි කෝප්පයක් පානය කරන්න පුරුදු වෙලා ඉන්න අයට නම් මේ බලපෑම ඉතා වැඩියි.මෙය ඔබේ රාත්‍රී නින්දට බාධාවන ආකාරයේ බලපෑම් ඇතිකරවන බව සඳහන්. විශේෂයෙන්ම කෝපි වල අඩංගු කැෆේන් සිරුරේ රුධිර සීනි මට්ටම් ඉහළ යාමට හේතුවක් වේ.එය කෙණ්ඩා පෙරළීම් වැනි රාත්‍රි කාලයේදී ඔබේ නින්දට බාධා ඇති කරවමින් ඔබව අවදියෙන් තබන පීඩාකාරී තත්වයන්ට තුඬු දෙයි.
- සම වියළී යා හැකියි

කෝපි යනු ප්‍රබල මූතාවර්ධක පානයක්.එනම් කෝපි පානය කරන විට වැඩි වාර ගණනක් මූත්‍රාපහ කිරීමේ අවශ්‍යතාව කෙනෙකුට ඇතිවිය හැකි බවයි.ඉඳහිට කෝපි පානය කිරීමෙන් සිරුර බරපතල ලෙස විජලනයට ලක්වන්නේ නැහැ.එසේවුවත් කෝපි ඔබේ සිරුරේ දියර සිරුරෙන් ඉවත්ව යාමට බලපායි.එම නිසා කෝපි පානය කරන අය දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතා වැදගත්.සිරුරෙන් ඉවත්වන දියර ප්‍රමාණය තරමට සිරුරට ප්‍රමාණවත් තරම් දියර වර්ග නොලැබෙන විට, එය ඔබේ සමේ නීරෝගිබවට බලපෑම් ඇතිකරයි.විශේෂයෙන්ම සම අධිකව වියළී යාමට හේතුවිය හැකියි.
- මනසේ ප්‍රබල නොසන්සුන් බවක් දැනෙන්නට පටන්ගත හැකියි

උදෑසන අවදි වන විට අපේ සිරුරේ කෝර්ටිසෝල් හෙවත් ආතති හෝර්මෝන එහි ඉහළම මට්ටමේ පවතියි.උදෑසන ආහාර වේල ලබාගන්න කළින් ඔබ කෝපි පානය කළ විට, කෝපි වල අඩංගු කැෆේන් කෝර්ටිසෝල් මට්ටම් සමඟ ඝට්ටනයක් ඇති වී සිරුර තුළ පවතින ආතතිය වැඩිවී යයි.උදෑසන අවදි වි පැයක් පමණ ගත වූ පසු ඔබේ කෝපි කෝප්පය රසවිඳින්න පුරුදු වෙන්න. ඊට කළින් හොඳින් වතුර පානය කර සිටීම හෝ උදෑසන ආහාර වේල ලබාගෙන සිටීම වඩාත් හිතකර බවයි පෙන්වාදෙන්නේ.