අපි දවස ආරම්භ කරද්දි ලබා ගන්නා පානයන් අතරේ කෝපි මූලික තැනක් හිමි කරගන්නවා. ඉතින් උදේට කෝපි කෝප්පයක් බීලා දවස ආරම්භ කරන අය නම් දන්නවා එය දවස ප්‍රබෝධමත්ව පටන් ගන්නට කොතරම් උත්තේජනයක් වෙනවාද කියලා. ඒ විතරක් නෙවෙයි දවසේ ඕනම වේලාවක කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අපේ වෙහෙස නැති කර අලස බව දුරුකර හොඳ ප්‍රබෝධයක් ලබාදෙනවා. ඉතින් ශරීර අභ්‍යන්තරයට ප්‍රබෝධයක් ශක්තියක දෙනවා වගේම ඔන්න අපේ රූපය ලස්සන කර ගන්නත් සමට ඉතාම හොඳ සත්කාරයන් කෝපි භාවිතයෙන් සිදු කරගන්නට අපට පුළුවන්. මුළු සිරුරම පැහැපත් කර ගන්නට, කුරුලෑ වදයෙන් මිදෙන්නට, සම වියපත්විම වළක්වා ගන්නත් කෝපි අපිට ආකාර කිහිපයකටම භාවිතා කරන්නට පුළුවන්.
සමේ අනවශ්‍ය ය රෝම ඉවත් කර මැරුණු සෛල ඉවත් කර ගැනීම සඳහා කෝපි ස්ක්‍රබ්

නිවසේදීම ඔබට ඉතා පහසුවෙන් මේ ස්ක්‍රබ් එක සාදා ගන්නට පුළුවන්. මෙමගින් සමේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන අතර මැරුණු සෛල පවා ඉවත් කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි බ්ලැක් හෙඩ්ස් ඉවත් කරමින් සමට දීප්තිමත් බවක් ලබාදෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- දුඹුරු සීනි හැදි 3 ක්
- කෝපි කුඩු මේස හැදි 3 ක්
- පොල් තෙල් මේස හැදි 3 ක්
මේ ද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න.ශරීරය හොඳින් තෙත් කර ඉන්පසුව මෙය ශරීරය පුරාම ආලේප කරලා වක්රාකාර චලිතයකින් ස්ක්‍රබ් කරන්න. වැලමිට, දණහිස් ආදී ටිකක් අඳුරු පැහැයක් සහිත ස්ථානවලට වැඩි අවධානයක් ලබාදෙන්නත් මතක තබා ගන්න.ඉන්පසුව සෝදා හරින්න. මේ ස්ක්‍රබ් එක භාවිතයෙන් පස්සේ සම වියළෙන්නේ නැති නිසා කෝපි ස්ක්‍රබ් එක ඔබට බයක් නැතිව භාවිතා කරන්නට පුළුවන්.
සම පැහැපත් කර ගැනීම සඳහා සුදු වෙන එක රැල්ලක් වෙලා තියෙන මේ කාලයේ අධික මිලට කෘතීම ආලේප වර්ග වගේම පෙති වර්ග ලබා ගන්නට බොහොදෙනෙක් උනන්දු වෙනවා.නමුත් ඒවායේ අතුරු ආබාධ ඉතාම භයානක නිසා ස්වභාවික දෙයක් භාවිතා කිරීමෙන් සම පැහැපත් කර ගැනීම තමයි ගොඩක් හොඳ. මේ සඳහා ඔබට කෝපි භාවිතා කරන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු තේ හැදි 2
- යෝගට් තේ හැදි 2
- කඩල පිටි තේ හැදි 2
මෙ සියල්ල හොඳින් මිශ්‍රකර පිරිසිදු කරගත් සමේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත්.
සම වියපත්වීම වළකන සම පෝෂණය කරන කෝපි බොඩි මාස්ක්

බොහෝදෙනෙක් මුහුණ දෙන අවධානය ශරීරයේ අනෙක් කොටස්වලට ලබාදෙන්නේ නැහැ. ඒ නිසා බොහෝවිට මුහුණේ සම ඉතා හොඳ පැහැදිලි සමක් ලෙස තිබුණත් අත්වල පාදවල ආදියේ සම වියළි බවක් දුර්වර්ණ බවක් දකින්නට පුළුවන්. ඉතින් පුද්ගලයෙකුගේ සුන්දරත්වය වැඩි කරගන්නට නම් මුළු ශරීරයේම සම එක් පැහැයකින් වගේම පැහැදිලි සමකින් යුක්ත වීම අතිශයින්ම වැදගත්. ඉතින් ඔන්න කෝපිවලින් මුළු ශරීරයටම එකම පැහැපත් බවක් ලබා ගන්නට පුළුවන්. මේ බොඩිමාස්ක් එක භාවිතයෙන් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීම, මැරුණු සෛල ඉවත් කිරීම, සම පැහැපත් කිරීම සමේ ලප කැළැල් ඉවත් කිරීම වගේම සම පෝෂණය කිරීමත් සිදු කරනු ලබනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් වතුර
- කෝපි කුඩු
- සීනි
- අලිගැටපේර
- කහ දොඩම්
- කස්තුරි කහ
මේ සියල්ල ශරීරයේ ආලේප කරන්නට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගෙන මේ බොඩිමාස්ක් එක සකසා ගන්න.මුලින්ම මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ් භාවිතයෙන් සම ඉතා හොඳින් පිරිසිදු කර ගන්න. ඉන්පසු හොඳින් තෙත මාත්තු කරගෙන ඇඟිලි තුඩුවලින් හෝ බුරුසුවක් ආධාරයෙන් ශරීරයේ ආලේප කරන්න. විනාඩි 30 ක් පමණ කවාකාරව ස්ක්‍රබ් කරමින් විනාඩි 30 ක් පමණ තබා සෝදා හරින්න. පසුව මොයිස්චරයිසර් ආලේපනයක් ගල්වන්න.
කුරුලෑ පාලනය කර සමේ දීප්තිය වැඩිකර ගැනීම සඳහා කෝපි ෆේස් පැක්

- කෝපි කුඩු මේස හැදි 1
- කස්තුරි කහ මේස හැදි 1
- යෝගට් මේස හැදි 2
මේ සියල්ල මුහුණේ ආලේප කරන්නට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගෙන මිශ්‍රකර හොඳින් පිරිසිදු කරගත් මුහුණට ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න.
වයස්ගත පෙනුම නැති කරන කෝපි ෆේස් පැක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු මේස හැදි 1
- මී පැණි මේස හැදි 1
- මේ ද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍රකර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 15 ක් තබා සෝදා ඉවත් කරන්න.
මුහුණේ අනවශ්‍ය තෙල් ඉවත් කිරීම සඳහා
කෝපි කුඩු සහ තක්කාලි යුෂ මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා ඉවත් කරන්න.ඉතින් කෝපි පානය කිරීම හැරුණාම ඔන්න බාහිරින් ආලේප කිරීම මගින් සමට බොහොමයක් ප්‍රතිලාභ ලබා ගසන්නට පුළුවන්. මේ සියල්ලම ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කර ගන්නා නිසා ශරීරයට කිසිම අහිතකර තත්ත්වයක් ඇති වන්නෙත් නැහැ.