උණු වතුර මිශ්‍ර ඇල් වතුර පානය කරන්න එපා

health tips

වර්තමානය වනවිට බොහෝදෙනකු නොයෙකුත් රෝග තත්ත්වයන්ට ගොදුරු වී තිබේ. ඒ අතර වැඩි දෙනෙකුට වකුගඩු රෝග වැලඳී තිබේ. එනම් එවැනි රෝග ඇතිවීමට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ අපිරිසිදු ජලය පානය කිරීමයි. ජලය පානය කිරීමේ දී අප ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඊට හේතුව බොහෝ විට ජලයේ නොයෙක් විෂ රසායනිකයන් එකතු වී පැවතෞමයි. ඒ නිසා ජලය පානය කිරීමට පෙර ෆිල්ටරයකින් ජලය හොඳින් පෙරා හෝ නොමැති නම් හොඳින් උතුරුවා නිවාගත් ජලය පානය කළ යුතුය. නමුත් වර්තමානය වන විට ගතකරන කාර්යබහුල ජිවන රටාව සමග බොහෝ දෙනෙකු උණුවතුර නිවා පානය නොකරයි. එනම් ඊට ඇල් වතුර කලවම් කර උණු වතුර සහ ඇල් වතුර යන දෙකම පානය කිරීම සිදුකරයි. එය එතරම් සුදුසු නොවන බව කරන ලද පරීක්ෂණවලින්  තහවුරු වී තිබේ. 

වර්තමානය වන විට බොහෝ දෙනෙකු උතුරවා ගත් ජලය මදක් නිවුණු පසු වතුර වීදුරුවක් පමණ ගෙන ඊට දෙහි යුෂ ස්වල්පයක් එක් කොට පානය කිරීම සිදුකරයි. එනම් එය ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර වන අතර බොහෝ රෝග ඇතිවීමද වලක්වනු ලබයි. 

ඇල් ජලය සහ උණුසුම් ජලය මිශ්‍ර කර පානය කිරීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක්වේ.  

එනම් ආයුර්වේද වෛද්‍ය මතයට අනුව ප්‍රතිවිරුද්ධ ආකාරයේ වර්ග දෙකක් එකට මුසු කිරීම සුදුසු නොවන බව සඳහන් කර තිබේ. එනම් ඊට හේතුව උණුසුම් සහ ශීත යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ග දෙකක් වේ. මෙය එකට මිශ්‍ර කර පානය කිරීම සුදුසු නොවේ. 

ඊට අමතරව උතුරවා නිවා ගත් ජලය තුල බැක්ටිරියා වෛරස් නොමැති අතර ඇල් ජලය තුළ බැක්ටීරියා වෛරස්  බොහොමයක් පවතී. එමෙන්ම මෙම ජලය කලවම් කර භාවිතා කිරීම මගින් බැක්ටීරියා වර්ධනය වීමට ඉවහල්වන පරිසරයක් ගොඩනැගෙන අතර ඉන් බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. ඇල් ජලය තුළ ජීවත්වන බැක්ටීරියාවන් උණුසුම් ජලයේ උණුසුමින් ආරක්ෂා වීමට සෛල බිත්තියක් නිර්මාණය කරගන්නා අතර එය ශරීරය තුළදී වුවද වඩාත් හොඳින් වර්ධනය වේ. එනම් ඉන් ආමාශගත ආසාදන තත්වයන්ද ඇතිවනු ලැබේ. එමෙන්ම ඇල් ජලය සහ උණු ජලය එකට මිශ්‍ර කර පානය කිරීමෙන් නොයෙක් රෝගාබාධ ඇති වනු ලැබේ. ඒ අතර 

  • ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදු නොවීම. 
  • උදරගත ආම්ලික තාවය වැඩි වීම. 
  • ශරීරගත උෂ්ණත්වය ඉහළ යාම. 
  • මූත්‍ර රෝග ඇතිවීම. 
  • රුධිර ගත සීනි මට්ටම ඉහල යාම. 
  • වකුගඩු රෝග ඇතිවීම. 
  • අක්මාවේ තෙල් තැන්පත් වීම. 
  • ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීම. 
  • හන්දි වේදනාවන් ඇතිවීම. 
  • සම ආශ්‍රීතව රෝග හටගැනීම. 
  • මේ ආදී වූ රෝග තත්ත්වයන් ඇතිවීමට ඇල් ජලය පානය කිරීම හේතුකාරක වේ. 

උණු ජලය පානය කිරීම මගින් සලසාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

මානසික ආතතිය පාලනය කරයි.වර්තමානය වන විට බාල මහලු සෑම දෙනෙකුම පාහේ මානසික ආතතියට ගොදුරු වී තිබේ නම් එම තත්ත්වය සමනය කර ගැනීමට උණුසුම් වතුර පානය කිරීම ගුණදායකය. එනම් ඉන් මධ්‍ය ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වී මානසික ආතතිය කනස්සල්ල සමනය වේ. 

මල බද්ධය සමනය කරයි.බඩ වේලිම හෙවත් මලපහ පිට කිරීමට අපහසුවී මේ රෝග තත්ත්වය මලබද්ධය ලෙස හැඳින්විය හැකිය. මෙම තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ මල බද්ධය සමනය කිරීමටද උණු වතුර පානය කිරීම යෝග්‍යවේ. එනම් උණු වතුර පානය කිරීමෙන් ආහාර හොඳින් ජීර්ණය වීමත් මල බුරුල් වීමත් සිදුවේ. 

සෙම් රෝග හේතුවෙන් නාසයේ ඇතිවන අවහිරතා සමනය කිරීම සිදුකරයි. බොහෝවිට සෙම් රෝග, සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන විට නාසයෙ අවහිරතා ඇති වී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. එවැනි අවස්ථාවක උණුසුම් ජලය පානය කිරීමෙන් එහි පවතින වාෂ්පශීලී ගුණය ආස්වාස  ප්‍රාස්වාස වී සෙම් රෝග තත්ත්වයන් නිසා ඇතිවන අවහිරතා සමනය කිරීම සිදු කරනු ලැබේ. එමෙන්ම මින් උගුරේ පවතින ශ්ලේෂ්මල නීරෝගීව පවත්වා ගත හැකිය. 

රුධිර සංසරණය ක්‍රමවත් කරයි.වෛද්‍යවරු පවසන්නේ උණුසුම් ජලය පානය කිරීමෙන් හා ස්නානය කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් කරගත හැකි බවයි.  එනම් ඉන් රුධිරය ගමන් කරන ශිරා ධමනි හොඳින් ක්‍රියාත්මක වන බව සොයාගෙන තිබේ. 

ශරීර විජලනය දුරු කරයි.ශරීරගත විචරනය දුරු කර ගැනීම සඳහා ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ නම් උණුසුම් ජලය පානය කිරීම මගින් ශරීරයේ විචරනය දුරුකර ශරීරය සජලීකොණව තබාගත හැකිය. එනම් උණුසුම් දේශගුණයක හෝ වියළි දේශගුණයක ජීවත් වන පුද්ගලයින්ට ද උණුසුම් ජලය පානය කිරීම යෝග්‍ය වේ. 

සීතල නිසා ඇතිවන වෙව්ලීම සමනය කරයි.දේශගුණ විපර්යාසයන් එනම් විශේෂයෙන්ම සීතල කාලය තුළ ඇතිවන වෙව්ලීම සමනය කරගැනීමට උණුසුම් වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් සීතල මෙන්ම වෙවිලීම සුව කරගත හැකිය. මීට අමතරව

  • ශරීර බර පාලනය කර ගැනීමට. 
  • උගුර ආශ්‍රිතව ඇතිවන රෝගවලින් ආරක්ෂාව සලසා ගැනීමට 
  • සෙම් රෝග ඇති වීම වළක්වා ගැනීමට 
  • ස්වර තන්තු යහපත්ව පවත්වා ගැනීමට 
  • බැක්ටීරියා වෛරස් ආසාදන ඇතිවීම වලක්වා ගැනීමට මේ ආදී වූ රෝග ගණනාවකින් ආරක්ෂා වී සිටීමට උණුවතුර නිවා පානය කිරීම හෝ  උතුරවා මද උණුසුම් ජලය පානය කිරීම ගුණදායකවේ.