අපේ ශරීරයේ ජීර්ණය අවසන් කළ ආහාර කොටස් ගබඩා කර තැබීම සහ උරාගැනීමේ කටයුතු කරන්නේ මහාන්ත්‍රය. එහෙමත් නැත්නම් මහා බඩවැල්. මහ බඩවැල තෙක් ආහාර ගමන් කරද්දී ජීර්ණ ක්‍රියාවලිය අවසන් වුණත් මලපහ පිට වෙන්නට පෙර මලපහ ගබඩා වීමත්, සුළු සුළු ජීර්ණ ක්‍රියාවලීන් මහා බඩවැල තුළ සිදුවීමත් නිසා එය සැමවිටම නිරෝගිව තියා ගන්න එක හරිම වැදගත්.
මහ බඩවැල ආශ්‍රිත විවිධ රෝග තත්ත්වයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතරින් මහ බඩවැල ආශ්‍රිත පිළිකා, ගැටිති සහ තුවාල මූලික රෝග තත්වයන්. අපි අද කතා කරමු මහා අන්ත්‍රය ආශ්‍රිතව ඇති විය හැකි මේ රෝග තත්ත්වයන් හඳුනා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

මහ බඩවැලේ ඇතිවන තුවාල අන්ත්‍ර ප්‍රදාහය එහෙමත් නැත්නම් අන්ත්‍රයේ ඇතිවන තුවාල මුල් කාලයේදීම හඳුනා ගත්තොත් ඉතා පහසුවෙන් සුවපත් කරන්නට හැකියාව තියෙන රෝගයක්. මේ රෝගය කල්තියා හඳුනා ගන්නට නම් මේ තත්ත්වයේදී අපිට අත්විඳින්නට සිදු වෙන රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත්. මහ බඩවැල ආශ්‍රිත තුවාල ඇති අවස්ථාවකදී ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ අත් දකින්නට සිදුවෙන්න පුළුවන්.
- උදරයේ වේදනාව
- ශරීරයේ බර අඩුවීම
- නිතර මල පහ පිට කිරීම අවශ්‍ය වීම
- මුඛය තුළ සහ සම මත තුවාල ඇතිවීම
- රුධිරය සහිත පාචනය
- ආහාර අරුචිය
- සන්ධි ඉදිමීම
- කුෂ්ඨ රෝග තත්වයන්
- රක්තහීනතාවය
ග්‍රහණි රෝගය IBS (irritable bowel syndrome) කියන්නේ මහ බඩවැලේ තුවාල තත්ත්වයටත් වඩා දරුණු රෝග තත්ත්වයක්. නමුත් මේ සඳහා නිසි ලෙස ප්‍රතිකාර කිරීම මඟින් සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ තත්වයේදී සිදුවන්නේ උදරයේ මහා අන්ත්‍රයේ විශේෂයෙන් නොකල්හි ක්‍රියාත්මක වීමෙන් නොදිරවූ ආහාර ගුද මාර්ගයට තල්ලු කර දැමීමක්. මේ රෝගය කල්තියා හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා ඔබ මේ ලක්ෂණ ගැන දැනුවත් වීම හරිම වැදගත්.
- ආහාරයක් ගත් සැණින් මලපහ පිටවීම
- බඩ රිදෙන්නට පටන් ගැනීම
- උදරය තුළ පෙරළියක් ඇති වෙනවා යන්න දැනීම
- බඩ පිපීම
- කාංසාව
- ලිංගික දුර්වලතා
මහ බඩවැලේ ඇතිවන කුඩා ගැටිති අපේ ශරීරයේ මහ බඩවැලේ විතරක් නෙමෙයි වෙනත් ඕනෑම ස්ථානවලත් ඇතිවන ගැටිති ගැන සුළුවට ගත යුතු නැහැ. මොකද ඇතැම් විට මේ කුඩා ගැටිති විශාල වී ඒවා පිළිකා බවට පත් වෙන්නට ඉඩකඩ තියෙන නිසා. මහ බඩවැලේ ඕනෑම ස්ථානයක මෙවැනි ගැටිති ඇති වෙන්නට පුළුවන්.
ඇතැම් ගැටිති පිළිකා ඇති කරන ඒවා වුණත් ඇතැම් ඒවා එවැනි හානියක් නොකරන ගැටිති වෙන්නත් පුළුවන්. කුඩා ගැටිත්තක් මිලිමීටර දහයකට වඩා විශාල නම් එය පිළිකාවක් බවට පත්වීමේ සම්භාවිතාව වැඩියි.බඩවැලේ ගැටිති කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන තත්වයක්. එවැනි තත්ත්වයක් හඳුනා ගන්නට බොහෝ විට උදව් වෙන්නේ කොලනොස්කොපි පරික්ෂණයක් .නමුත් ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ට පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා දකින්නට පුළුවන්.
- අධෝ මාර්ගයෙන් රුධිරය වහනය වීම
- මල්පහ සමග ලේ පිටවීම
- අධිකව මලපහ වියළි යාම හෝ බඩ බුරුලට යාම
- මෙවැනි අවස්ථාවක මහ බඩවැලේ විශාල ගැටිත්තක් තිබෙන්නට පුළුවන්.
- මලපහ පිට කළ පසු නැවත මලපහ පිටකිරීමේ අවශ්‍යතාවය දැනීම
- සතියකට වඩා පවතින මලපහ පිටකිරීමේ දී වේදනාවක් හටගැනීම
- උදරයේ වේදනාව
- රක්තහීනතාවය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- ශරීරයේ අප්‍රාණික බව
මහ බඩවැලේ ගැටිති වඩාත් අනතුරුදායක වීමේ ඉඩකඩ තියෙනවා. ඇතැම් අවස්ථාවල උපතින්ම ඇතිවන ඇතැම් රෝග තත්ත්වයන් නිසා මහ බඩවැලේ ගැටිති ඇති වෙන්නට පුළුවන්. ඒ හැරුණාම පවුලේ කෙනෙකුට මහා බඩවැලේ පිළිකා ආදිය තිබීම නිසා එය ඔබට ඇතිවෙන්නට පුළුවන්. අනිත් කාරණය වෙන්නේ මේ තත්ත්වය අනතුරුදායක කරන්නට මත්පැන් හා දුම්පානය, තරබාරු බව, ව්‍යායාම් අඩුකම, දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකිරීමත් ආදී හේතුන් බලපෑම් කිරීමයි.

පිළිකා Colorectal Cancer හෙවත් මහ බඩවැල ආශ්‍රිත පිළිකා හට ගන්නේ මහ බඩවැල් අභ්‍යන්තරයේම පවතින මියුකෝසල් ස්තරයේ.මේ පිළිකා මහ බඩවැලේ ඕනෑම් කොටසකින් ආරම්භ වෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම මහා අන්ත්‍රයේ වම් පස මේ පිළිකා බහුලව ඇති වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 70% ක් තරම් ප්‍රමාණයක්
මේ මහ බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වය කාන්තා පුරුෂ දෙපාර්ශවය තුළම දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 60-70 ත් අතර වයස් සීමාවන්වල පසුවන අය අතර මේ මහ බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් බහුලවම ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා.නමුත් අද වන විට මේ පිළිකා තත්ත්වය 30, 40, 50 කියන වයස් කාණ්ඩවල අය අතරත් ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතිනවා.
- මලබද්ධය හෝ දියරමය වශයෙන් මලපහ පිටවීම
- මලපහ සමඟ රුධිරය පිටවීම
- වරින්වර වැසිකිලියාමේ අවශ්‍යතාවය ඇතිවීම
- වැසිකිලියාමෙන් පසුව නැවත මලපහ පිටකිරීමේ අවශ්‍යතාවයක් දැනීම
- උදරයේ පහළ කොටසේ වේදනාව
- කාලයක් තිස්සේ පවතින කොන්දේ කැක්කුම
- කෑම අරුචිය
- බඩවැලේ තදවීම
- බඩ පුරවා දැමීම
- සිරුර අසාමාන්‍ය ලෙස කෙට්ටුවීම හෝ බර අඩුවීම
මහ බඩවැල් නිරෝගීව තියා ගන්නට මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.
- මහ බඩවැල් නිරෝගීව තියා ගන්නට පූර්ව පරීක්ෂාවන් වෙත යොමුවීම හරිම් වැදගත්. ඒ නිසා වයස අවුරුදු 50 ඉක්මවූ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අය මේ කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමුවිය යුතු වෙනවා.
- බඩවැල ආශ්‍රිත ගැටිති ඇති පවුල් පරිසරයක් ඇති අයත් අනිවාර්යෙන්ම මේ කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ වෙත යොමු විය යුතු වෙනවා.ඒ සඳහා වයස අවුරුදු 40 දී පමණ යොමුවීම වැදගත්.
- මේ බඩවැල ආශ්‍රිත රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට කොලොනොස්කොපි පරීක්ෂණය සිදු කරනු ලබනවා. මේ පරීක්ෂණයේදී මහා බඩවැල වගේම කුඩා බඩවැල ඉතා පිරිසිදුව තබාගත යුතුයි මහ් බඩවෙඅල අශ්‍රිහ් රෝග වළක්වා ගැනීම සඳහා කළ යුතු හොඳම ක්‍රමවේදය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂණයට යොමුවීමයි.