දවසට එකපාරක් දත් මැදීමෙන් මාසයක් යනකොට දත් මුල් දියවීම නතර කරන කුඹුක් ශාකයෙන් ඔසුවක්

health tips

කුඹුක් ශාකය මීටර් 25ක් පමණ උසට වැඩෙන සුදු හෝ රෝස පැහැයෙන් යුතු පොතු පතුරු මෙන් ගැලවී යන කඳකින් යුතු ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. එනම් Combretacea උද්භිද කුලයට අයත් මෙම ශාකය ආයුර්වේදය තුළ අර්ජුන යන නාමයෙන් ද නොයෙක් ප්‍රදේශ වල කුකුභ යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙහි  පත්‍ර සරල සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටි පත්‍ර වන  අතර පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර ලන්සාකාර හැඩයෙන් යුතු වේ.මල් වෘන්ත රහිත කොළ හෝ කහ පැහැති මල් සංයුක්ත ඒකාක්ෂ  පුෂ්ප මංජරියේ හටගනු ලබන අතර අෂ්ටලයක් වූ ඵලය නොපැලෙන සුළුය.  එහි දුඹුරු පැහැති බීජයක් අඩංගුවේ.

මෙය ආයුර්වේදයේ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරන අතර ශාකයේ සුඹුළු ,ගෙඩි, කුඹුක් කොළ, කුඹුක් පොතු ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා කරයි.

කුඹුක් ශාකයේ ඖෂධීය ගුණ භාවිතය

  • දියවැඩියාව පාලනය කිරීම සඳහා
  • රක්ත අතීසාරය සඳහා
  • පෙනහලු රෝග සඳහා
  • සුදු කබර රෝගය සඳහා
  • අධි රුධිර පීඩනය සඳහා
  • විදුරුමසින් ලේ ගැලීම සඳහා
  • පාණ්ඩුව සඳහා
  • ඉදමුම සුව කිරීම සඳහා
  • රක්ත අර්ශස් රෝග සඳහා
  • වණ සමනය සඳහා
  • පණු රෝග සඳහා
  • හෘද රෝග සඳහා
  • යන ආදී රෝග සුව කිරීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය.

කුඹුක් ශාකයේ ඖෂධීය භාවිතය.

ශරීරගත ඉදිමුම් සුව කිරීම සඳහා නොයෙක් රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ශරීරගත ඉදමුම සුව කිරීම සඳහා බාහිරව  ඖෂධයක් ලෙස කුඹුක් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කුඹුක් මල් අබරා එම ප්‍රලේපය ඉදිමුණු ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ. 

යටි පතුල් පැලීම සඳහා දේශගුණික හා විපර්යාස මත හෝ ගනු ලබන ආහාර නිසා යට පතුල් පැලීම සුලබව දැක ගත හැකිය. මෙම තත්ත්වය සුව කිරීම සඳහා කුඹුක් ශාකයේ පොතු කුඩු කර කෝපි මෙන් පානය කිරීම යෝග්‍ය වේ.

මල බද්ධය සඳහා බඩ වේලිම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා කුඹුක් දලු මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් එහි අඩංගු තන්තු මල බද්ධය සමනය කිරීම සිදු කරනු ලැබේ.

දන්ත රෝග සඳහා බොහෝ දෙනෙකුට ඇතිවන දන්ත රෝග දත් සෙලවීම, දත් කැක්කුම ,දත් පණුවන් කෑම, විදුරුමස්වලින් ලේ ගැලීම ආදී දන්ත රෝග සුවකර ගැනීම සඳහා කුඹුක්  සුඹුළු කුඩු කර දත් මැදීම යෝග්‍ය වේ.

ශුක්‍ර මේහය සඳහා බොහෝ දෙනෙකුට පවතින ශුක්‍ර මේහය නම් රෝග තත්ත්වය සුව කිරීම සඳහා කුඹුක් ශාකය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් කුඹුක් පොතු ,සුදු හඳුන් සම ප්‍රමාණයන්ගෙන් ගෙන කෂාය සකසා භාවිතා කිරීම මේ සඳහා යෝග්‍ය වේ. මීට අමතරව කාන්තාවන්ට ඇතිවන ස්වේත ප්‍රදරය නැමැති රෝග තත්ත්වය සඳහා, චර්ම රෝග සඳහා,ඉරුවාරදය සඳහා , ශරීර ශක්තිය වර්ධනය කිරීම සඳහා ද මෙම ඖෂධ යෝග්‍ය වේ.

පිළිකා සෛල මර්ධනය කිරීම සඳහා.බොහෝ දෙනෙකුට ඇතිවන මාරාන්තික රෝගයක් වන පිළිකාව ඇතිවීමට හේතු වන පිළිකා සෛල මර්දනය කිරීම සඳහා කුඹුක් පොතු කඳේ සංඝටක සහ පොතු වල සංඝටක සුදුසු වන බව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රක්ත අතීසාරය සඳහා ඈත අතීතයේ සිටම රක්ත අතීසාරය සුව කිරීම සඳහා කුඹුක් පොතු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් ඒ සඳහා කුඹුක් පොතු, කිරි කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.

පපුවේ දැවිල්ල සඳහා පපුවේ දැවිල්ල සුව කර ගැනීම සඳහා කුඹුක් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා කුඹුක් පොතු චූර්ණය ඖෂධයක් ලෙස යොදා ගනී එනම් කුඹුක් පොතු ඖෂධ සඳහා භාවිතා කරන විට රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතු භාවිතා කළ යුතුය. එනම් කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොල යුෂවල රැයක්  බහා තබා පසුදින උදෑසන අඹරා ගිතෙල් සමග ආහාරයට ගත යුතුය. එනම් ඉන් පපුවේ දැවිල්ල ඇති වීම මෙන්ම ක්ෂය රෝගය ,රක්ත පිත්ත වැනි රෝග ද සුව කර ගත හැකිය.

වන සුව කරගැනීම සඳහා සුව නොවූ වන ඉක්මනින් සුව කරගැනීම සඳහා කුඹුක් කොළ තම්බා වන සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වනය මත ආලේප කිරීම හා කුඹුක් කොළයකින් වසා තැබීම යන ප්‍රතිකාර ක්‍රම කිරීම මගින් වන ඉක්මනින් සුව කරගත හැකිය.

කුරුලෑ සඳහා කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීම සඳහා
කුඹුක් පොතු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කුඹුක් පොතු මී පැණියෙන් ගලගා කුරුලෑ ඇති ස්ථානවල ආලේප කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

මෙවැනි රෝග ගණනාවකට කුඹුක් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එමෙන්ම මෙම ශාකය දැව නිෂ්පාදනය සඳහා මෙන්ම පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා ද ජලාශ  ආශ්‍රිතව සිටුවනු ලැබේ.