සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් රයිනයිටිස් තත්වය ප්‍රධාන වශයෙන්ම ඇතිවන්නේ ආසාත්මිකතා හෝ වෛරස ආසාදන හේතුවෙනි. මෙය බොහෝ ලෙඩ රෝග වල මූලික රෝග ලක්ෂණයක් ලෙස ද මතුවන්නකි.ආයුර්වේදයේ මෙය’ප්‍රතිශ්‍යාය’ නම් වේ.ශ්ලේෂ්මල පටල ප්‍රදාහයට ලක්වීම,කිවිසුම්යාම,හිසරදය,නාසය බරවීම (හොටු දියර ගැලීම),නාසය හා ඇස් වල කැසිල්ල, හා ඇතැම් විට මද උණ වැනි ලක්ෂණ මේ සමඟ ඇතිවිය හැකියි.සිරුරේ වාත දෝෂ කිපීම නිසාවෙන් ඇතිවන තත්වයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව හඳුන්වයි.සෙම්ප්‍රතිශ්‍යාව බෝවන තත්වයක් වුවත් ඊට ප්‍රතිකාර කළ හැකියි.ආයුර්වේදයේ ‘ප්‍රතිශ්‍යාය’ තත්වය එහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආකාරය අනුව උප කාණ්ඩ 4කට බෙදෙයි.
- ‘වාතජ’- වාතය කිපීමෙන් ඇතිවෙයි.නාසයේන් සොටු ගැලීම හා කිසිවුම් යාම ලක්ෂණයි.
- ‘පිත්තජ’- පිත කිපීමෙන් ඇතිවෙයි.තදබල ප්‍රදාහය ලක්ෂණ පවතින අතර ඒවා ද්විතියික ආසාදන වලට තුඬු දිය හැකියි.
- ‘කඵජ’- සෙම කිපීමෙන් ඇතිවෙයි.ඝණකම්,දුර්ගන්ධයෙන් යුතු සෙම්සොටු ගැලීම හා හිසේ බරගතියක් දැනෙයි.
- ‘රක්තජ’- රක්ත (ලේ) ධාතු කිපීමෙන් ඇතිවෙයි.නාසයෙන් ලේ බිංදු මිශ්‍ර සෙම්සොටු ගලයි.ඇස් රතු වීම සිදුවෙයි.
සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ සඳහන් ඵලදායි ප්‍රතිකර්ම

සෙම්ප්‍රතිශ්‍යාවට පිළියම් කිරීම හරහා රෝග ලක්ෂණ පාලනය කිරීම හා මෙම තත්වය යළි යළි ඇතිවීම වැළැක්වීම අපේක්ෂා කරයි. මෙය ආමාශයේ හටගන්නා තත්වයක් ලෙස විශ්වාස කරන බැවින් ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීමට ද ප්‍රතිකාර කෙරේ.යුකැලිප්ටස් තෙල් වැනි ඖෂධීය තෙල් ආඝ්‍රාණය කිරීම සියුම් සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සමනයට ගුණදායිය.මේ හරහා ශ්වසන මාර්ගය තුළ සිරවී ඇති ශ්ලේෂ්මල (සෙම්සොටු) බුරුල් වීමට සලස්වා ඒවා ඇතුළු සිරුරේ අනෙක් දෝෂ සිරුරෙන් බැහැර කරවයි.
‘ලන්ඝාන’ (උපවාස කිරීම)- මෙම ප්රතිකර්මය ආහාර ජීර්ණය වැඩිදියුණු වීමට උපකාර කරයි.සිරුරේ කිපී ඇති දෝෂ දුරු වී ආහාර ජීර්ණ මාර්ගය පවිත්‍ර වීමට නිරාහාරව සිටීම ප්‍රතිකර්මයක් ලෙස නියම කරනු ලබයි.
‘ස්වේදන’-ස්වේද ග්‍රන්ථි උත්තේජනය කර රෝගීයාට දහඩිය පිටවීමට සලස්වයි.මින් සංසරණ ක්‍රියාවලි ද උත්තේජනය වේ. හුමාල කුටියක මිනිත්තු 30-35ක් පමණ රැඳී සිටීම හොඳ පිළියමකි.ඇදුම ඇතුලු ශ්වසන රෝග ලක්ෂණ සමනය කරයි.සම වියළි, චර්ම රෝග ඇති හා පිපාසයෙන්න් සහ අප්‍රාණිකත්වයෙන් පෙළෙන අයට මෙන්ම ගර්භනී කාන්තාවන්ට සුදුසු නොවේ.ප්‍රතිකාරයෙන් පසු විවේක ගැනීමට උපදෙස් දේ.
‘නස්‍ය’-නාසයේ ප්‍රදාහය අඩුකිරීමට හා සෙම් සොටු බුරුල් වීමට සැලැස්වීම සලස්වයි.’මර්ශ නස්‍ය’ හා ‘අව්පීඩක නස්‍ය’ ලෙස මෙම ප්‍රතිකාරය දෙයාකාරයි. මර්ෂ නස්‍ය කර්මයේදී ඖෂධීය තෙල් හෝ ගිතෙල් බිංදුවෙන් බිංදුව නාසයට වත්කරයි.අව්පීඩක නස්‍ය කර්මයේදී නාසය පිරිසිදුවීම සඳහා ඖෂධ පේස්ට් එකක් හෝ යුෂ ලෙස භාවිත කරයි.’අනු තෛලය’ නාසයේ දැවිල්ල සහිත ඉදිමුම අඩුකරයි. මෙය ද නස්‍ය කර්ම වලදි යොදාගැනේ.මීට අමතරව ‘ශද්බිංදු තෛලය, නිර්ගුන්ඩි තෛලය,වියළි ඉඟුරු හෝ තුල්සි සාරය භාවිතයෙන් නස්‍ය’ කරනු ලබයි. තදබල උණ, අජීර්ණයෙන් පෙළෙන හෝ මෑතකදි උපවාස කළ රෝගීන්ට සුදුසු නැත.නස්‍ය කර්මයෙන් පසු නළල,කම්මුල්, අත්ල හා බෙල්ල පිටුපස සම්බාහනය කිරීම, උණු වතුරෙන් උගුර සේදීම වැනි ප්‍රතිකාර නියම කෙරේ.
‘දූමපාන’- ඖෂධීය දුම ආඝ්‍රාණය කිරීමට ලබාදීමෙන් ප්‍රතිකාර කිරීමයි.නස්‍ය ප්‍රතිකාරයෙන් පසු සිරුරේ අනෙකුත් දෝෂ දුරුවීම සඳහා මෙය ලබාදේ.ශ්ලේෂ්මල පටල සාමාන්‍ය අතට පත්කරවයි. රට ඉඳි හා සට්ටු නම් ධාන්‍ය කුඩු මිශ්‍රණය භාවිතයෙන් සිදුකරන දූමපාන ප්‍රතිකාරය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සමනය කරයි.ඉඟුරු සාරය ද ගුණදායකයි. ඇස් හා සමේ වියළිබව ඇති අයට මෙම ප්රතිකර්මය සුදුසු නැත.
‘භස්ති’- ශිරෝභස්ති ක්‍රමයේදි ඖෂධීය තෙල් නළලතට ක්‍රමානුකූලව වත්කිරීම හරහා සෙම්ප්‍රතිශ්‍යාවට ප්රතිකරා කරයි.
‘නාසප්රක්ෂාලන’- නාස් කුහරය වදකහ කසාය භාවිතයෙන් සෝදා පිරිසිදු කරනු ලබයි.මේ හරහා නාසයේ ඇති ස්රාවයන් බුරුල් කර බැහැර කරයි.
‘වමන’- කැස්ස සමනය වීමට හා සෙම ඉවත්කිරීම සඳහා මෙම ප්‍රතිකාරය යොදාගනියි.ගිතෙල් මිශ්‍ර ඖෂධ සාරයන් හෝ වැල්මී හා උක්ගස් මිශ්‍ර කසාය ලබාදීම හරහා වමනය වීමට සලස්වයි.උදෑසන කාලයේ ලබාදෙන ප්‍රතිකාරයකි.ලුණු වතුර මිශ්‍ර තල හා ධාන්‍ය වලින් සැකසූ කැඳක් ලබාදීමට තවත් ක්රමයකි.ප්‍රතිකාරයෙන් පසු මහ හඬින් කතා කිරීම, අධිකව ආහාර ගැනීම හා වෙහෙසකට වැඩ වල යෙදීමෙන් වැළකිය යුතු බවට උපදෙස දෙයි.
සෙම්ප්‍රතිශ්‍යාවට ගුණදායි ආයුර්වේද ඖෂධ වර්ග

තුල්සි– කොළ, කඳ හා මල් වල ඖෂධීය ගුණ බහුලයි.හීන් මදුරුතලා ලෙස ද හඳුන්වන මේවායේ කොළ තැම්බුම්සාරයක් ලෙස සකසා හෝ නැවුම් කොළ යුෂ පානයක් ලෙස සකසා මී පැණි ස්වල්පයක් සමඟ පානය කිරීම සෙම්ප්‍රතිශ්‍යාවට පිළියමකි.ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට භාවිත කළ හැකියි.මේවායේප්රතිප්රදාහක හා විෂබීජනාශක ගුණ ඇති නිසා නාසයේ ප්‍රදාහය හා ආසාදන ලක්ෂණ සමනය කරයි.
ඉඟුරු- නැවුම් ඉඟුරු හෝ වියළි ඉඟුරු යුෂ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට ගුණදායකයි.යුෂ කිරි හෝ උක්ගස් යුෂ සමඟ මිශ්‍ර කර ලබාගත හැකියි.ප්‍රතිප්‍රදාහක හා ආසාදන විරෝධී ගුණ ඇතිනිසා සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.ඉඟුරු අධිකව ගැනීමෙන් සිරුරේ පිත කිපිය හැකි නිසා භාවිතයේදි සැලකිලිමත් විය යුතුයි.
ගම්මිරිස්– ප්‍රදාහය හා නාසය අවහිරවිම් දුරුකරයි.ගම්මිරිස් කුඩු මද උණුසුම් වතුර හෝ මී පැණි ස්වල්පයක් සමඟ ලබාගන්න.
ආදතෝඩා– කොළ,මුල් හා මල් ඇතුලු මෙම ශාකයේ බොහෝ කොටස් ඖෂධීය භාවිතාවන්ට යොදාගනියි.නැවුම් ආදතෝඩා කොළ යුෂ වල සෙමහරණය කරන ගුණ අඩංගුයි. සෙම්සොටු බුරුල් කරවා අවහිරතාව දුරුකරයි.ගබ්සාවීම් අවදානම් ඇති බැවින් ගැබිණි මවුවරුන්ට අහිතකරය.
සිතෝපලාදි චූර්ණය (ගම්මිරිස්,කුරුඳු,කරදමුංගු,සීනි කැට හා උණ තන්තු වලින් සාදන සංයෝගයක් වන අතර මී පැණි හෝ ගිතෙල් සමඟ ලබාගත හැකියි)
තලිසාදී චූර්ණය (ගම්මිරිස්,තිප්පිලි,වියළි ඉඟුරු,කුරුඳු,කරදමුංගු හා උණ තන්තු මිශ්‍ර ඖෂධයකි)
ව්යාෂදී කරල් (සූදුරු,කුරුඳු හා කරදමුංගු මිශ්රය)
ත්‍රිකටු චූර්ණය (තිප්පිලි,ගම්මිරිස් හා ඉඟුරු මිශ්‍ර අතර හකුරු හෝ ගිතෙල් සමඟ ලබාගත හැකියි)
හරිද්‍ර කණ්ඩ (කහ සමඟ තිප්පිලි,වළඟසාල්,ගම්මිරිස්,ඉඟුරු හා කරදමුංගු ඇතුළු ඖෂධ අඩංගු කැටිති ස්වභාවයේ මිශ්‍රණයකි.උණුසුම් වතුර සමඟ මිශ්‍ර කර ලබාගත හැකියි).
මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.සීතල ආහාර පාන ගැනීමෙන් වළකින්න.සීතල වතුර ස්නානය නොකරන්න.දුහුවිල්ලට හා සීතල සුලඟට නිරාවණය නොවන්න.කොල්ලු,මුං ඇට, එළකිරි හා ගිතෙල්, ඉඟුරු, ගම්මිරිස්, රාබු, දුලූනු, මුරුංගා,නෙල්ලි,දොඩම් හා දෙළුම් වැනි ආහාර පාන පරිභෝජනයට එක්කරගන්න.ආහාර උණුසුම් පිට ලබාගන්න.මද උණුසුම් වතුර පානය කරන්න.දිනපතා හුමාලය ආඝ්‍රාණය කරන්න.