ජීවිතය පවා නැති කර හැකි රෝග කල්තියා හැදෙන්න කලින් පෙන්නුම් කරන ලක්ෂණ 22 ක්

health tips

මිනිස් සිරුර සැබැවින්ම හරිම විස්මයජනකයි. අපේ දේහයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට යම් ආකාරයේ බාධාවක් ඇති වුණු වහාම විවිධ වූ රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කරනවා. ඉතින් මේ වගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝග තත්ත්වයන් මූලික අදියරේ දීම අපේ ශරීරය විසින් විවිධ සංඥාවලින් අපිට දැනුම් දුන්නත් අපි ඒවා දිගින් දිගටම නොසලකා ඉන්නවා නම් ඒ රෝග තත්ත්වයන් උත්සන්න වෙලා අභ්‍යන්තර අවයවයන්ට බරපතළ ලෙස හානි සිද්ධ වෙනවා. ඒවා පාලනය කළ නොහැකි මට්ටමක් දක්වාම වර්ධනය වෙනවා. 

ඒ නිසා අපේ ශරීරයෙන් පෙන්නුම් කරන පුංචි වෙනස්කමක් වුණත් අපේ  අවධානයට අනිවාර්යෙන්ම ලක් විය යුතුමයි. බලන්නකෝ ඔයා දිගින් දිගටම මෙන්න මේ වගේ රෝග ලක්ෂණවලින් පෙළෙන කෙනෙක් ද කියලා. එහෙම නම් ඔයාටත් සිද්ධ වෙනවා පමා වෙන්නේ නැතිව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්න.

පැහැදිලි හේතුවක් නැතිව ඇස්වලවල වේදනාවක් ඇතිවීම සාමාන්‍යයෙන් ඇස්වල ඇතිවන වේදනාකාරී බව සන්සන්ධිතදාහය  (Conjunctivitis ) නමින් හඳුන්වනවා. මේක බැක්ටීරියා වෛරස් හෝ වෙනත් ආසාත්මිකතාවල බලපෑම් හේතු කරගෙන ඇස්වල ඇතිවන පීඩාකාරී ඉදිමීම් තත්ත්වයක්. ඒ වගේම මේ වේදනාව සමගම ඇස්වල වෙනත් සංකූලතා ඇති වෙන්නටත් ඉඩකඩ පවතින නිසා වහාම ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙනවා. 

පෙනීම බොඳවීම ළඟකදි ඉඳලා ඔබට අවට දේවල් බොඳ වෙලා පේනවා නම් ඇතැම්විට එය ඔබ දියවැඩියාවෙන් හෝ අධික මානසික ආතතිය ආදි රෝගවලින් පෙළෙමින් සිටින බවට පෙන්නුම් කරන ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසාත් මේ වගේ ඇස්වල ගැටළු ඇති වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

ඇස් රතුවීම සහ කඳුළු ගැලීම මේ වගේ ලක්ෂණයක් දකින්නට ලැබෙන්නේ ඇස් කාච පළඳින කෙනෙක් තුළ. මොකද එවැනි අයගේ ඇස් ආසාදනයට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම කාච හොඳින් පිරිසිදු නොකිරීම, අපිරිසිදු අත්වලින් ඇස් ඇල්ලීම ආදිය හේතු කරගෙන ඇස්වල වේදනාවත් සමඟම ඇස් රතුවීම වීමක් සහ කඳුළු ගැලීමක් දකින්නට ලැබෙනවා.

දෙක වී පෙනීම  ( Double vision ) තෙහෙට්ටුවෙන් සිටින අවස්ථාවකදී මේ වගේ ලක්ෂණයක් අත් දකින්නට ලැබෙන එක සාමාන්‍ය වුණත් නිතරම යමක් දෙකක් වගේ පේනවා නම් එය බොහෝ විට අධි රුධිර පීඩනය හෝ අංශභාගය ඇතිවීමේ පූර්ව සංඥාවක් වීමේ ඉඩකඩ පවතින නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

එක ඇසක් නොපෙනීම වටපිටාව දෙස බලද්දී එක ඇසකට කිසිවක් නො නොපෙනී යනවා නම් එය බොහෝවිට ඉරුවාරදය  තත්ත්වයක් නිසා ඇති වෙන තත්ත්වයක් . ඉරුවාරදය රෝගයෙන් පෙළෙන කෙනෙක් නොවුණත් මේ වගේ ලක්ෂණයක් පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක වැදගත්. 

ක්ලාන්තය පැහැදිලි හේතුවක් නැතිව ක්ලාන්ත වෙලා ඇද වැටෙනවා නම් එය ග්ලූකෝස් මට්ටම අඩු වීමක් හෝ රුධිර පීඩනයේ  අඩු වීමක් නිසා ඇතිවෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි හදවතේ ගැටලුවක් හෝ ෆිට් එක වගේ හදිසි ආබාධවලදී වුණත් මෙය ඇති වෙන්න පුළුවන්.

තද හිසරදය දැඩි ලෙස දැනෙන හිසරදය ඇතැම් අවස්ථාවල මොළයේ  රුධිර වහනයක් නිසා මතුවන ලක්ෂණයක් වෙන්න  පුළුවන්. ඒ නිසා එය නොසලකා හැරිය යුතු නොවෙයි.  

යටි බඩේ වේදනාව මේ වගේ ලක්ෂණයක් බොහෝ වෙලාවට ඇපෙන්ඩිසයිටිස්, බඩවැල් අවහිර වීම, පිත්තාශයේ ගල්, හර්නියා, බඩවැල් කෝෂ සෑදී ඒවා ඉදිමී ආසාදනය වීම වගේ බරපතළ රෝග හේතු කරගෙන ඇතිවන ලක්ෂණයක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ගිලීම  අපහසු වීම සාමාන්‍යයෙන් කෙළ ගිලීමට පවා අපහසුතාවක් දැනෙනවා නම් එය බරපතළ ගැටලුවක් නිසා ඇති වන තත්වයක් වෙන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු හේතුවෙන් ගිලීම අපහසුවීම් ඇතිවෙන්න පුළුවන්.

පැය 6 කට වඩා මුත්‍රා පිට නොවීම-බොහෝ විට මෙසේ වෙන්නේ විජලනය හේතු කරගෙනයි. ඒත් වතුර පානය කළත් මුත්‍රා පිට නොවීමේ ගැටලුවක් තියෙනවා නම් එය  බොහෝ විට වකුගඩු අක්‍රිය වීම නිසා ඇතිවන තත්ත්වයක් වෙන්න පුළුවන්. වේ නිසා පමා නොවී වෛද්‍ය උපදෙස් පැතිය යුතු වෙනවා.

පැය විසි විසි හතරකට වඩා පවතින වමනය-දවසටත් වැඩි කාලයක් එක දිගට වමනය පිට වෙනවා නම් ඒ  වෛරස් ආසාදන රෝගයක් හෝ ආහාර විශ වීමක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරය විජලනයට ලක්වීමත් මෙයට හේතුවක් විය හැකි නිසා ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. 

පැය 24 කට වඩා පවතින පාචනය– මේ වගේ තත්ත්වයකදී ශරීරයේ පොටෑසියම් මට්ටම දරුණු ලෙස පහර ගැසීමෙන් ශරීරයේ වෙනත් සංකූලතා මතුවීමේ අවදානම ඉහළ යන්න පුළුවන්. ඒ නිසා බලා නොසිට රෝගීයාව රෝහල්ගත කරන්න. 

බෙල්ලේ ඇතිවන තද ගතිය-මේ ලක්ෂණයත් සමගම හිසරදයත් ඔබට නිරන්තරයෙන්  ඇති වෙනවා නම් එය බොහෝ විට මොළයේ   ආසාදනයක් නිසා ඇති විය හැකි තත්ත්වයක්.  එහිදී ආලෝකයට සංවේදී බවක් ඇති වීමත් දැකගන්න පුළුවන්.

පාද, යටිපතුල් සහ වළලුකර ඉදිමීම-හදිසියේම මේ ස්ථානවල ඉදිමුමක් දකින්නට ලැබෙනවා නම් එය රෝග තත්ත්වයන් බොහොමයක් නිසා ඇතිවන ලක්ෂණයක් විදිහට දකින්න  පුළුවන්. හෘද අකරණිය අක්මා රෝග තත්ත්වයක පූර්ව රෝග ලක්ෂණක්  විදියටයි මෙය සැක කෙරෙන්නේ.

අධික ලෙස දහදිය දැමීම-උණුසුම් දේශගුණය, ශරීරය වෙහෙස වන ආකාරයේ වැඩ කටයුතුවල නිරතවීම වගේ හේතු නිසා ශරීරයට දහඩිය දැමීම ගැටළුවක් නොවෙයි.  නමුත් පැහැදිලි හේතුවක් නැතිව අධිකව දහඩිය දැමීම නම් එය හදවත් රෝගයක් හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලුවක් නිසා වෙන තත්වයක්.

සිරුර කසන සුළු බව -කෘමි සතුන්ගේ දෂ්ඨ කිරීමක් හෝ ආහාර අසාත්මිකතාවයක් නොමැතිව සම කසන්නට පටන් ගැනීම සාමාන්‍ය කාරණයක් නොවෙයි. මේ ලක්ෂණය ඇතැම්විට දියවැඩියා රෝගය නිසා වුණත් ඇති වෙන්නට පුළුවන්.

ජනෙල් විවර කරන්නට අකමැති වීම -අධික උෂ්ණ කාලගුණයක් ඇතිවිටෙක පවා ජනෙල් විවර කරන්නට අකමැති නම් හෝ නිතරම සීතල දැනෙන්නේ නම් එයත් ඔබ මන්ද තයිරොයිඩතාවයෙන් පෙළෙන බවයි හඟවනු ලබන්නේ. ශරීරයේ අයඩීන් ඌණ වූ විට එවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ ලක්ෂණවලින් පීඩා විදිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

හුස්ම ගැනීම වේගවත් වීම-මහන්සිය නිසා යම් යම්  ක්‍රියාකාරකම් නිසා හුස්ම ගැනීම වේගවත් වුණත් හේතුවක් නොමැතිව ස්වසනය වේගවත් වෙනවා නම් එය බොහෝවිට පෙනහලුවල රුධිර කැටි සිරවීම නිසා ඇතිවිය වන තත්වයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙය හෘද ගැටළු තත්ත්වයක් හෝ ඇදුම රෝගය නිසාත් ඇති වෙන්න පුළුවන්.

උගුරේ සිට ආරම්භ වී පැතිරෙන වේදනාව-මෙය  උගුරේ වේදනාව උගුරේ තුවාල ඇතිවීම නිසාත් දකින්න පුළුවන්. නමුත් පපුවෙන් පටන් අරගෙන ඇතිවන උගුරේ  වේදනාවට හේතුව නම් හදවතේ ගැටලුවක් සඳහා පදනම සැකසී ඇති බවයි.

ඇහි බැම සිහින් වීම අද කාන්තාවන් හැමදෙනාම වගේ සිදු කරන ඇහි බැම සැකසීමේදී ඇහි බැම සිහින් කිරීම සාමාන්‍ය දෙයක් වුණාට එවැනි හේතුවක් නොමැතිව ඇහි බැම සිහින් වන්නේ නම් එය සැලකිලිමත් විය යුතු කාරණයක්. මොකද මෙය මන්ද තයිරොයිඩතාවයේ ලක්ෂණයක්. ඒ වගේම අධික වෙහෙස, මල බද්ධය,බර වැඩිවීම ආදියත් මේ මන්ද තයිරොයිඩතාවයේදී දැක ගන්නට පුළුවන්. මේ රෝගය ගැබිනි මව්වරුන්ට ඉතාම භයානක වන නිසා මේ ලක්ෂණය නොසලකා හරින්නට එපා.

රෝස පාට දෙපතුල් සමේ ආරක්ෂාවට වගේම පෙනුම සඳහාත් විවිධ ආලේපන ගැල්වුවත් එවැනි ආලේපනවලින් දෙපතුල්වල පැහැය වෙනස් කිරීම අපහසුයි. ඒ නිසා දෙපතුල් රෝස පැහැයක් ගැනීම, ඒවා කෙට්ටු රැලි වැටීම, කකුල් බොහෝසෙයින් වේදනාවක් නැගීම යන අවස්ථා නොසලකා හැරිය යුතු තත්ත්වයන් නම් නෙවෙයි. මේ ලක්ෂණවලින් කියවෙන්නේ ඔබේ රුධිරයේ සීනි මට්ටමේ වැඩිවීමක් ඇති බවයි. ඔබේ සීනි මට්ටම වගේම වෛද්‍යවරයෙකු හමුවී හෝර්මෝන මට්ටමත් පරීක්ෂා කර ගන්නට අමතක කරන්න එපා.

චෞරෝන්මාදය -යම් දෙයක් ඔබට මිලට ගන්නට හැකියාව තිබියදී එය සොරකම් කරන්නට සිතෙන්නේ නම් එය ඩිමෙන්ෂියා රෝගයෙන් ඔබ පෙළෙන බව හඟවන එක් ලක්ෂණයක්. මෙය ඒ රෝගයේ මූලික අවස්ථාවක් ලෙසයි හඳුනා ගනු ලබන්නේ.ඒ නිසා මෙවැනි තත්ත්වයකදී ඔබ මනෝ වෛද්‍යවරයෙකුගෙන් සහ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.