සර්ප දෂ්ඨයෙන් පණ යන්න ගිය ලෙඩ්ඩු පවා සුව කරපු විශ්මිත ශාකය

health tips

ස්වාභාවික පරිසරය තුළ විවිධ ඖෂධීය ගුණ සහිත ශාක, පැළෑටි , හා වැල් වර්ග ඕනෑ තරම් පවතී. ඒ අතර ඖෂධීය ගුණ සහිත වැල් වර්ගයක් ලෙස දිවිපහුරු වැල් ශාකය හදුනා ගත හැකිය. දිවිපහුරු Connvolvulaceae නම් උද්භිද ශාක කුලයට අයත් වන අතර රළු බූවක් සහිත වීම මෙම වැල් වර්ගය තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. මෙහි හටගන්නා පත්‍රයක් අතක ඇගිලි මෙන් පත්‍රිකා 7-9 අතර ප්‍රමාණයකට බෙදී පවතී. පත්‍ර තලය උඩ සහ යට දෙපැත්තෙහිම දැඩි බූවක් සහිත වේ. මෙහි හට ගන්නා මල් පුනීලාකාර ස්වරූපයක් ගනී. පුෂ්ප මංජරිය සුදු , රෝස හෝ දම් පැහැයක් ගනී. ඵලය අණ්ඩාකාර ස්ඵෝටිකාවක් වේ. ඵලය තුළ කලු පැහැති සියුම් බූවක් සහිත කුඩා බීජ පිහිටා ඇත.දිවිපහුරු වැල් ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝගවිෂනාශක ගුණ සහිත මෙම සම්පුර්ණ ශාකයම ඖෂධ වශයෙන් භාවිත කරනු ලැබේ. දිවිපහුරු විශේෂයෙන් විවිධ විෂ නැසීමට ප්‍රකටව භාවිත කරනු ලබයි.එනම් දේශීයව මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී  බෝහෝමයක් ව්‍යාධීන් සුවපත් කරන්නට දිවිපහුරු ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ. ඒ අතර

  • හිසරදය සදහා
  • චර්ම රෝග සදහා
  • බඹර විෂ සදහා
  • ඉදිමුම් සදහා
  • සර්ප දෂ්ඨ කිරීම් සදහා
  • කුරුලෑ සදහා
  • දිවිමකුළු විෂ සදහා
  • ඇසේ සුද කැපීම සදහා
  • උණ සදහා
  • පිළිකා සදහා
  • උදර රෝග සදහා
  • පිළිස්සුම් තුවාල සදහා
  • පිළිස්සුම් නිසා හට ගන්නා දියබුබුළු සමනය කිරීම සදහා යනාදී වශයෙන් නොයෙකුත් රෝග සුවපත් කරන්නට ඔසුවක් ලෙස දිවිපහුරු වැල් භාවිත කරනු ලැබේ.

දිවිපහුරු යොදා ගෙන රෝග සදහා සකසන අත් බෙහෙත්

  • දිවිමකුළු විෂ නැසීම සදහා ගුණදායක ඔසුවක් වේ.විෂ නැසීමට බහුලව භාවිත කරන ඔසුවක් වන දිවිපහුරු දිවිමකුළු විෂ නැසීම සදහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.
  • මේ සදහා දිවිපහුරු පත්‍ර දියසෙවල සමග අඹරා ආලේප කිරීම කරනු ලබයි.
  • දිවිපහුරු කොළ ,දියසෙවල, මකුළුවැන්න කොළ ,මුඩුමහණ කොළ, තල් කොළ, තල් පොතු ,එරබොදු පොතු ,කිතුල් මුල්, කිතුල් පොතු යනාදී ඖෂධීය ද්‍රව්‍ය සමව ගෙන පොල් සමග හොඳින් කොටා තෙල් සිද ආලේප කිරීම මෙන්ම පානය කිරීම ගුණදායක වේ.දිවිමකුළු විෂ සදහා දිවිපහුරු කොළ යුෂ දෙහි ඇඹුල් ස්වල්පයක් සමග පෙවීම ගුණදායක වේ.
  • සර්ප විෂ සදහා නාග විෂ හා මාපිල් විෂ නැසීම සදහා දිවිපහුරු කොළ අඹරා සර්ප දෂ්ඨ මුඛයේ තබා බැදීම මගින් එම විෂ සමනය කර ගත හැකිය.
  • පිස්සු බලු විෂ සදහා මේ සදහා දිවිපහුරු සම්පුර්ණ වැල් ශාකයම ගෙන හොඳින් කොටා ලබා ගන්නා යුෂ පානය කිරීම සදහා ලබා දීම මෙන්ම නස්‍ය කිරීම හා සපා කෑ ස්ථානයෙහි ආලේප කිරීම ගුණදායක වේ.
  • පිළිස්සුම් තුවාල සදහා දිවිපහුරු කොළ අමුකහ සමග අඹරා ආලේප කිරීමෙන් පිළිස්සුම් තුවාල සුවපත් කර ගත හැකිය.
  • පිළිස්සුම් නිසා හටගන්නා දියබුබුළු සදහා පිළිස්සුම් නිසා ඇතිවන දියබුබුළු වලට ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා දිවිපහුරු යුෂ ආලේප කිරීම යෝග්‍යය වේ.
  • හිසරදය
  • ඉදිමුම්
  • බඹර විෂ
  • උදර රෝග
  • පිළිකා
  • උණ
  • කුරුලෑ ආදී රෝගී අවස්ථාවන්හි ද ප්‍රතිකාර කිරීම සදහා දිවිපහුරු ශාකය විවිධාකාරයෙන් භාවිතයට ගනී.
  • ඇසේ සුද නැති කිරීම සදහා ඇස් සදහා කරනු ලබන වෙදකමේ දී ඇස්වල සුද කැපිම හෙවත් සුද ඉවත් කිරීම සදහා දිවිපහුරු කොළ ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ. මෙහිදී දිවිපහුරු කොළ දිවිතෙලෙන් මලවා බැදීම සිදු කරනු ලබයි.එමෙන්ම දිවිපහුරු කොළ ,පුපුළු දළු ,එඩරු දළු දොඩම් පැගිරෙන් හා ගිතෙලින් අඹරා  බැදීම සිදු කරනු ලබයි.
  • චර්ම රෝග සදහා නිලීකා නම් චර්ම රෝගය සදහා දිවිපහුරු ඇට, පුහුල් කොළ යුෂ වලින් අඹරා ආලේප කිරීමෙන් සුවපත් කර ගත හැකිය.දිවිපහුරු යනු විවිධ විෂ නැසීම සදහා බහුලව භාවිත කරන ඖෂධයක් වේ. බෝහෝමයක් සත්ව විෂ නැසීමේ හැකියාව මේ සතුව පවතී.