සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුට දිනකට වරක් හෝ මළපහ පිටවීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් විවිධ හේතු නිසා එසේ මල පිට නොවීම විටෙක රෝග තත්ත්වයක් විදිහටත් විටෙක වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදියටත් හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වයෙන් පීඩාවට පත්වෙලා හිටියත් ලැජ්ජාව ආදිය නිසා හරිහමන් ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැතිකම බරපතල ගැටළු අනාගතයේදී නිර්මාණය කරන්නට හේතුවෙනවා .
ආහාර අඩුවෙන් ගැනීම, දියර වර්ග අවශ්‍ය ප්‍රමාණයට නොගැනීම, මලපහ කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම යටපත් කිරීම සහ මානසික ආතතිය ආදි විවිධ හේතු නිසා මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඒ හැරුණාම ශරීර අභ්‍යන්තරයේ විවිධ රෝග තත්ත්වයන් නිසාත් මලබද්ධය ඇති වෙනවා. මේ ගැටලුවෙන් මිදෙන්නට අපේ ආහාර රටාව චර්යා රටාව වෙනස් කරගන්නට අපට සිද්ධ වෙනවා. ඉතින් අපි අද මේ කියලා දෙන්න යන්නේ මලබද්ධයෙන් පීඩා විදින ඔයාට සාර්ථක පානයක් පිළිබඳව.
මල බද්ධය සුවපත් කරන විස්මිත පානය
අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණු බෙලි ගෙඩියක් -මේ පානය සඳහා මූලිකම අමුද්‍රව්‍ය විදිහට අපි භාවිතා කරන්නේ බෙලි. බෙලි කොතරම් වටිනා කියන ශාකයක් ද කියලා ඔබ මේ වනවිටත් දන්නවා ඇති. බෙලි ශාකයේ කිසිම අංගයක් ප්‍රයෝජනයට නොගෙන ඉවත දාන්නට හැකියාවක් නැහැ. විවිධ රෝග සුවපත් කරගන්න නිරෝගීව ජීවත් වෙන්න අපිට සුවිශාල දායකත්වයක් ලබාදෙන මේ බෙලි ගෙඩියේ මදය මළ බද්ධයෙන් පීඩා විඳින අයට ඒ ගැටළුවෙන් මිදෙන්නට භාවිතා කරන්න පුළුවන්.
විශේෂයෙන්ම ඉදුණු බෙලිවලට හැකියාව තියෙනවා මලබද්ධය සුවපත් කරන්නට. ඒ වගේම බඩ බුරුලෙන් යාම සුවපත් කරන්නට අමු බෙලිවලට හැකියාව තියෙනවා. බඩ යනකොට බෙලි කනවා. බෙලි කනකොට බඩ යනවා කියන්නෙත් එකම ශාකයෙන් මේ ගැටළු දෙකටම විසඳුම් ලබාගන්නට හැකි නිසා වෙන්නට ඇති.
රට ඉඳි ගෙඩි 4-5 ක් -රට ඉදි කියන්නේ අපේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියාගන්න දිනපතාම ආහාරයට එකතු කරගත යුතු පෝෂණීය බවින් ඉතා ඉහළම පලතුරක්. මේවායේ බහුල වශයෙන්ම තන්තු අන්තර්ගත වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියට ඉතාම හිතකර පලතුරක්.විදිහටයි රටඉඳි සැලකෙන්නේ. ඒ නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු කරමින් මලබද්ධය ඇතිවීම වළක්වන්නට රට ඉදිවලට විශේෂ හැකියාවක් තියෙනවා. එනිසාම දිනපතා රාත්‍රියට වතුර වීදුරුවකට රට ඉඳි දෙකක් පමණ දමා උදෑසන ආහාරයට ගැනීමත් දීර්ඝකාලීනව මල බද්ධය කියන ගැටලුවෙන් ඔබට මිදෙන්නට උදව් වෙනවා. මේ පානය සඳහාත් රට ඉඳි භාවිතයට ගන්නේ මේ සුවිශේෂීත්වය නිසාවෙන්මයි.
යෝගට් එකක්-probiotic අන්තර්ගත යෝගට් ආහාර ජීර්ණය සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර මාර්ගයට හිතකර විදියට බලපෑම් කරන යෝගට් ලොකු කුඩා හැමෝටම ඉතාම ගුණදායක ආහාරයක් . ඉතින් ඒ නිසාවෙන්ම බයක් නැතිව ඕනෑම වයසක පසුවෙන කෙනෙකුට යෝගට් එකක් ආහාරයට ගැනීම ගැටළුවක් නැහැ.
මී පැණි සොබාදහමේ අපූරු දායාදයක් විදිහට සැලකෙන වටිනා ඖෂධයක් තමයි මී පැණි. සීනි වෙනුවට විවිධ ඖෂධ සකස් කිරීමේදී මී පැණි අපි භාවිතයට ගන්නවා. මෙහිදී හොඳ තත්ත්වයේ මී පැණි භාවිතා කිරීම අනිවාර්ය කාරණයක්. මේ මී පැණිවල සුවිශේෂීත්වය වෙන්නේ අපි ගන්නා ඖෂධ ඉතා හොඳින් ශරීරයට අවශෝෂණය කරන්නට උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කිරීම . එනිසා ආයුර්වේදයේ වැඩි වශයෙන් මී පැණි භාවිතයට ගනු ලබනවා.
සාදාගන්නා ආකාරය

ඉදුණු බෙලි ගෙඩියේ මදය, යෝගට් එක සහ මී පැණි මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් blender cup එකට දමා ගන්න. ඉන්පසුව ඇට ඉවත් කරගත් රට ඉඳිවලට උණු වතුර ස්වල්පයක් එකතු කර මද වේලාවක් තියෙන්නට හැරලා ඒවා මෙලෙක් වුණාට පසුව සිරප් එකක් විදිහට සකස් කරගෙන එයත් blender cup එකටම එකතු කරගන්න.
මේ ද්‍රව්‍යයන් සියල්ලම දමා ජලය ස්වල්පයකුත් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දැන් ඔබේ පානය සූදානම්.
මේ පානය ඔබට උදෑසන පානයට ගන්නට හැකියාව තියෙනවා.
මෙමඟින් අපේ ශරීරයට ඉහළ පෝෂණයක් ලැබෙනවා වගේම මල බද්ධයට ක්ෂණික විසඳුමක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. මේ සඳහා භාවිතා කළේ අපි නිතර ආහාරයට එකතු කර ගන්නා ස්වභාවික පලතුරු ඇතුළු දේවල් නිසා මේ පානය භාවිතා කරන්නට ඔබ බිය විය යුතු නැහැ.