වයස් භේදයක් නැතිව ඔබ අපි හැමෝටම ඇති වෙන්නට පුළුවන් රෝග තත්වයක් තමයි දියවැඩියාව. මේ සඳහා විවිධ නම් භාවිතා වෙනවා. ආයුර්වේදයෙහි සඳහන් වෙන විදිහට නම් දියවැඩියා වර්ග විස්සක් තියෙනවා. ඒ අතරිනුත් දාසයක් නිට්ටාවටම සුව කරන්නට හැකියාව තියෙන බව සඳහන් වෙනවා. කොහොම වුණත් දියවැඩියාව කියන්නේ මුල්කාලීනව රෝගියාගේ කැපවීම මත සුව කරගන්නට හැකියාව තියෙන රෝගී තත්ත්වයක්. නමුත් රෝගියාගේ නොසැලකිලිමත්කම නිසා වඩාත් බරපතළ සංකූලතා ඇතිවිය හැකි රෝගයක්. ඒ නිසා තමන්ගේ රුධිරයේ අඩංගු සීනි මට්ටම පිළිබඳව දැනුවත් වෙන්න ඕන අපි හැමෝම.
මේ ඇතිවන දියවැඩියාව කොටස් දෙකක් විදිහට හඳුනාගන්න පුළුවන්. එයින් එකක් ඉන්සියුලින් ශරීරය තුළ නිෂ්පාදනය නොවීම. අනිත් එක ශරීරය විසින් ඉන්සියුලින්වලට ප්‍රතිචාර නොදැක්වීම. මේ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවවෙන්නට අපි ගන්නා ආහාර පාන ඇතුළු අපේ චර්යා රටාවන් හේතු වෙනවා.
ජානමය සාධක, අපි ගන්නා කෘතීම ආහාරපාන, ජාන තාක්ෂණයෙන් සකස් කරන ලද ආහාර වැඩිපුර පරිභෝජනය, මුත්‍ර වේග දරා සිටීම, බටහිර සහ දේශීය ඖෂධ මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීම, අධික තරබාරුව මානසික ආතතිය, පිෂ්ඨය අධික ආහාර ගැනීම, ව්‍යායාම නොමැති වීම සහ දහවල් නිදා ගැනීම ආදී වූ විවිධ හේතු සාධක නිසා මේ දියවැඩියාව ඇතිවෙන්නට පුළුවන් .
දියවැඩියා රෝගියෙකුට බොහෝ වාර ගණනක් මුත්‍රා පිටවීම, ශරීරය කෘෂ වීම, හිස කරකැවිල්ල, ඇස් බොඳ වීම, ක්ලාන්තය, අධික පිපාසය, අධික ලෙස දහදිය දැමීම වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. රෝගීන්ට අහිතකර ආහාර වර්ග සහ හිතකර ආහාර වර්ග තියෙනවා. ඒවා පිළිබඳව සැලකිලිමත් වෙමින් කටයුතු කළොත් දියවැඩියාව හොඳින් පාලනය කරගන්න පුළුවන්. අපි අද ඔයාට කියන්න යන්නේ දියවැඩියාව නිට්ටාවටම සුවපත් කරගන්නට භාවිතා කරන්නට හැකි අපූරු පානයක් පිළිබඳව.
අවශ්‍ය දේවල්

කරිවිල-අපේ ශරීරයේ සීනි මට්ටම වැඩි නම් එය අඩුකර ගන්නට කරිවිල විශාල දායකත්වයක් ලබා දෙනවා .විශේෂයෙන්ම කරවිල මගින් ශරීරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩු කර ඉන්සියුලින් නිෂ්පාදනය වීමේ වේගය වැඩි කර අපේ සීනි මට්ටම පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි දියවැඩියාවත් එක්ක ඇතිවෙන අතුරු ආබාධ එනම් ඇස් පෙනීම දුර්වල වීම, හදවත් රෝග සහ කොලෙස්ටරෝල් සුව කරන්නටත් කරිවිලවලට විශේෂ හැකියාවක් තියෙනවා .
කරවිල පිස ආහාරයට ගන්නවට වඩා අමුවෙන් ආහාරයට එකතු කර ගන්නට පුළුවන් නම් එය රුධිරයේ සීනි මට්ටම අඩු කර ගන්නට විශාල උපකාරයක් වෙනවා. නමුත් අධික ලෙස කරිවිල අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් ඇතැම්විට ඔබේ දේහයේ පැවතිය යුතු මට්ටමටත් වඩා සීනි අඩුවීම නිසා බරපතළ ගැටලුවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.
පිපිඤ්ඤා-දියවැඩියාව ඇතුළු රෝග රැසක් සුව කරගන්නට උදව්වෙන හරි අපූරු එළවළුවක් තමයි පිපිඤ්ඤා. විශේෂයෙන්ම පිපිඤ්ඤාවලට හැකියාව තියෙනවා ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කරන්නට. එමගින් රුධිරයේ සීනි මට්ටම යාමනය කරන්නට විශාල දායකත්වයක් ලැබෙනවා.
කොළ ඇපල් -ඇපල් කියන්නේ කොයි කවුරුත් ආහාරයට ගන්නට කැමති පලතුරක්. ඒ අතරිනුත් හරිත ඇපල් එහෙම නැත්නම් කොළ ඇපල් මේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට ඉතාම ගුණදායක පලතුරක්. මොකද මේවායේ සීනි අඩංගු වෙන්නේ අඩු වශයෙන්.
ලෙමන් -ලෙමන් කියන්නෙත් දියවැඩියාව ඇතුළු රෝග බොහොමයක් පාලනය කර ගන්නට අපිට උදව් වෙන සුවිශේෂී පලතුරක්. විටෙක ඖෂධයක්. ඉතින් මේ සකස් කරන පානයේ ගුණාත්මක බව වැඩි කරගන්නටත් ලෙමන් භාවිතයට ගන්න පුළුවන් .
ලුණු තේ හැදි භාගයක්
සාදාගන්නා හැටි මේ සඳහා කරවිල ගෙඩි දෙකක්, පිපිඤ්ඤා ගෙඩියක්, කොල පාට ඇපල් ගෙඩි එකක්, ලෙමන් භාගයක් අවශ්‍ය වෙනවා.

මුලින්ම මධ්‍යම ප්‍රමාණයේ කරවිල ගෙඩි දෙකක් ගෙන හොඳින් සෝදා පිරිසිදු කරගෙන කැබලිවලට කපා ලුණු මිශ්‍ර ජලයේ දමා විනාඩි දහයක් පමණ තිබෙන්නට හරින්න.
පසුව පිපිඤ්ඤා සහ ඇපල් ගෙඩියේ පොතු ඉවත් කර සෝදා ගන්න. ඉන්පසුව මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබාගන්න මෙසේ සකසා ගත් කරවිල යුෂවලට ලෙමන් යුෂ සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
මේ පානය දියවැඩියාවෙන් පෙළෙන ඔබ ලබාගත යුතු වෙන්නේ හිස්බඩයි. මෙය දිනපතාම පානයට ගැනීමෙන් ඔබේ රුධිරයේ ඇති සීනි මට්ටම අඩු වෙන බව බලාගන්නට හැකියාව ලැබේවි. යම් විටෙක ඔබ දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම් මේ පානය දිනපතාම ගැනීම නිසා එකවරම ඔබේ සීනි මට්ටම අඩු වීම නිසා ජීවිතයට තර්ජනයක් වුණත් වෙන්න පුළුවන්.
ඒ නිසා ඔබ මේ පානය එකදිගට නොගෙන සතියකට දින කිහිපයක් ලබාගන්න . ඒ වගේම වෙනත් රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව මේ පානය භාවිතයට ගන්නට මතක තබා ගන්න.
දියවැඩියාවට ගුණදායක වෙනත් අත් බෙහෙත්
- රණවරා කොළ, මල්, මුල්, ඇට, පොතු සමව ගෙන වියළා කුඩුකර තබාගෙන තේ හැඳි එක බැගින් උණු ජලය කෝප්පයකට දමා නිවුණු පසුව උදේ සවස පානයට ගන්න.
- බෙලි මුල් තම්බා පානය
- අට්ටික්කා පොතු තම්බා පානය
- ඉදුණු වරකා හෝ කොස් කොළ 10ක් පමණ තම්බා පානය කිරීම
- අට්ටික්කා ගෙඩි ව්‍යංජනය ආහාරයට ගන්න .
- කුරුඳු පොතු හෝ කුඩු ආහාර වලට එකතු කර ගන්න.
- මුරුන්ගා කොල හෝ කුඩු දිනපතා පානයට ගැනීම හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට එකතු කර ගන්න.
සැලකිලිමත් වෙන්න ආහාර පාන දිනපතා එකදිගට නොගන්න. මේ අත් බෙහෙත් ගන්න විට නිතරම ඔබේ රුධිරයේ සීනී මට්ටම පරීක්ෂා කර ගන්නත් අමතක නොකරන්න. යම්විටෙක අසාමාන්‍ය ලෙස ඔබේ සීනී මට්ටම අඩුවිය හැකියි .
වෙනත් රෝග සඳහා හෝ දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම් ඒවා ලබා ගැනීමේදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ දුරු කරගන්නට පුළුවන්.
වැඩි දෙනෙක් පීඩාවට පත්වෙලා සිටින මේ දියවැඩියා රෝගය සුවපත් කර ගැනීමේ වගකීම රෝගීවූ ඔබගේ වගකීමක්. ඔබගේ ආහාර රටාව, චර්යා රටාව නිසි පරිදි වෙනස් කර ගැනීමෙන් වගේම මෙවැනි සුවිශේෂී අත් බෙහෙත් වට්ටෝරු වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගැනීමෙන් ඔබට දියවැඩියාව සාර්ථක ලෙස පාලනය කරගන්න පුළුවන්. නමුත් ඔබ කිසිම අවස්ථාවක හිතුමතයට අත් බෙහෙත් භාවිතයට නොගන්න මතක තබා ගන්න.