පිරිමින්ගේ ශුක්‍ර දෝෂ දුරු කරන කංකුං

health tips

මඩ සහිත වගුරු බිම් වල ඉතා සරුවට වැවෙන ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත් පළා වර්ගයක් ලෙස කංකුං හදුනා ගත හැකිය . වයස් භේදයකින් තොරව සියලු දෙනාටම ආහාරයට ගත හැකි මෙය එළවලුවක් මෙන්ම පළා වර්ගයක් ද වේ. ඉතා ලස්සන පැළෑටියක් වන මෙය දිගටි පත්‍රවලින් සමන්විත වේ .දණ්ඩේ පුරුක් ආශ්‍රිතව මල් හටගන්නා අතර එය සුදූ පැහැයට හුරු අලංකාර මලක් වේ.
Convolvulaceae නම් විද්‍යාත්මක නාමයෙන් කංකුං හදුන්වන අතර ශ්‍රී ලංකාව ,පිලිපීනය ,වියට්නාමය ,ඉන්දුනීසියාව ආදී රටවලද ප්‍රසිද්ධ ආහාරයක් වේ.

පෝෂ්‍ය ගුණ රැසක් සමන්විත පළා වර්ගයක් ලෙස කංකුං හදුනා ගත හැකිය .

  1. විටමින් ඒ
  2. විටමින් බී
  3. විටමින් බී2
  4. යකඩ
  5. ප්‍රෝටීන්
  6. ශර්කරා
  7. ඇමයිනෝ අම්ල
  8. කැල්සියම් යනාදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර වේ.

කංකුංවල ඖෂධීය ගුණ .

ශරීරයේ විෂ නසන ,ලේ වඩවන ගුණයන්ගෙන් යුක්ත වේ .මෙම ශාකයේ ඖෂධීය ගුණ අප බොහෝ විට ලබා ගන්නේ එය ආහාරයට ගැනීම මගිනි. ඖෂධයක් වශයෙන් වෙනම සකස් කිරීමෙන් නොවේ. කංකුං ආහාරයට ගැනීමෙන් අපට සුවපත් කර ගත හැකි රෝග රැසක් පවතී.

  • මදුමේහය සදහා
  • මලබද්ධය සුවපත් කර ගැනීමට
  • අර්ශස් සදහා
  • පණු රෝග සදහා
  • අක්මා රෝග සදහා
  • ශරීරයේ දැවිල්ල සමනය කිරීමට
  • ලිංගික අප්‍රාණිකත්වය දුරු කිරීමට
  • පීනිස සදහා
  • දද කුෂ්ඨ ආදිය සුවපත් කර ගැනීමට
  • ශරීර ශක්තිය වර්ධනය සදහා
  • ගර්භණී කාන්තාවන් සදහා
  • රක්ත හීනතාවය සදහා
  • ශුක්‍ර දෝෂ දුරු කිරීමට යනාදී බෝහෝමයක් රෝග සදහා කංකුං ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.

ඖෂධීය ගුණ

මලබද්ධය සදහා ඖෂධීය පළා වර්ගයක් වේ.කංකුංවල ඇති කෙදි සහිත ස්වභාවය නිසා කංකුං ආහාරයට ගැනීමෙන් මලබද්ධය සුවපත් කර ගැනීමට හැකියාව ලැබේ. බඩ වියළිම නිසා ඇතිවන මෙම රෝගී තත්වය මෙම ඖෂධීය පළා වර්ගය ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැකිය .මෙවැනි අවස්ථාවන්හි කංකුං මැල්ලුම ලෙස සකසා ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.

ගර්භණී මාතාවන් සදහා වඩාත් ගුණදායක ආහාරයක් වේ.කංකුං යනු පෝෂණීය ගුණයෙන් අනූන පළා වර්ගයක් වේ. මෙහි අන්තර්ගත වන පෝෂ්‍ය පදාර්ථ දරුවාගේ ශරීරය වර්ධනය සදහා මෙන්ම ඇස් පෙනීම හා හිසකෙස් වර්ධනය කිරීම සදහා උපකාරීවේ. කිරි දෙන මව්වරුන්ට මව්කිරි වර්ධනය කර ගැනීම සදහා ද ඉතා වටිනා ආහාරයක් වේ .එමෙන්ම ගර්භණී සමයේ ඇතිවන මලබද්ධය සුවපත් කර ගැනීම සදහා ද උපකාරීවේ.

ශුක්‍ර දෝෂ දුරු කරයි .කංකුං ආහාරයට එක කර ගැනීම ශුක්‍ර දෝෂ දුරු කර ගැනීම සදහා උපකාරීවේ. ශුක්‍ර ප්‍රමාණය වර්ධනය කර ගැනීම මෙන්ම ශුක්‍ර තරලවල පවතින දියරමය ස්වභාවය අඩු කිරීම සදහාත් ඉවහල්වේ. කංකුං පිසගැනීමේදී පොල්තෙල් වෙනුවට එළගිතෙල් භාවිත කිරීම මේ සඳහා වඩාත් ගුණදායකවේ.

ශරීර ශක්තිය වර්ධනය කරන ආහාරයක් වේ.කංකුං වල අන්තර්ගත වන විටමින් වර්ග ,ඛනිජ ලවණ ,හා ප්‍රෝටීන් යනාදී පෝෂ්‍ය පදාර්ථ සියල්ල ශරීරයේ ශක්තිය වර්ධනය කිරීම සදහා උපකාරී වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දක්වන ආකාරයට එළගිතෙල් භාවිතයෙන් කංකුං මැල්ලුමක් ලෙස පිස ආහාරයට ගැනීම වඩාත් ගුණදායකවේ. වයස් භේදයකින් තොරව වැඩිහිටි කුඩා සියලු දෙනාටම කංකුං මැල්ලුමක් ලෙස පිස ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකිය .

ශරීරයේ විෂ ඉවත් කරන වටිනා ඖෂධීය ආහාරයක්වේ.කංකුංවල ඇති තන්තුමය ස්වභාවය ආමාශයේ පවතින විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා උපකාරී වේ. එසේම අතීතයේ සිටම ජනයා බඹර විෂ ,දෙඹර විෂ ,මී මැසි විෂ නැසීම සදහා හොඳින් කංකුං කොටා ලබා ගන්නා යුෂ පානය කිරීම සදහා ලබා දී තිබේ .

රක්ත හීනතාවය සුවපත් කරනු ලබයි.රුධිරගත යකඩ ප්‍රමාණය අඩූ වීම නිසා ඇති වන මෙම රෝගී තත්වය කංකුං ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැකිය .රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු වූ විට ඇතිවන මෙම රෝගී තත්වය කංකුං ආහාරයට ගැනීමෙන් එහි අන්තර්ගත යකඩ රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කර රක්තහීනතාවය සමනය කරයි.

බෝහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත කංකුං අපට ,කංකුං ඩෙවෙල්,කංකුං බැදුම ,කංකුං මැල්ලුම යනාදී ලෙස විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය .මේ මොනයම් හෝ ආකාරයකින් කංකුං ආහාරයට ගන්නේ නම් එය යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට උපකාරී වේ .