ශරීරයේ අභ්‍යන්තරය සිසිල් කරන පාන වර්ග 4 ක්

health tips

බොහෝ පුද්ගලයන්ට උපතින්ම උෂ්ණාධික ශරීරයක් හිමිව තිබේ.  ඊට අමතරව ගනු ලබන ආහාර මෙන්ම දේශගුණය ද ශරීර උෂ්ණත්වය සඳහා බලපෑම් ඇති කරයි.  එසේ ශරීරය උෂ්ණාධික වීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් නිතර ඇති වනු ලැබේ. එනම් බොහෝ විට සම ආශ්‍රිතව දද, කුෂ්ඨ රෝග ඇති විය හැකිය. මෙම තත්ත්වය සමනය කර ගැනීමට පලමුව කළ යුත්තේ ශරීරයේ අභ්‍යන්තරය සිසිල් කර ගැනීමය. මේ සඳහා ඖෂධ වර්ග ,ආහාර වර්ග,පාන වර්ග භාවිතා කළ හැකිය. එනම් නිරතුරුව එවැනි පාන වර්ග භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව සමනය කරගෙන ශරීරය සිසිල් කර ගත හැකිය. 

ශරීරය සිසිල් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි පාන වර්ග. 

රණවරා මල් පානය රණවරා යනු ඈත අතීතයේ සිටම නොයෙක් රෝග සමනය කිරීම සඳහා භාවිතා කළ ඖෂධීය ගුණ ඇති පානයකි. එනම් රණවරා පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගෙන ශරීරය සිසිල් කර ගත හැකිය. එනම් මේ සඳහා රණවරා මල් මිටක් ගෙන වතුර කෝප්ප හතරක් දමා එකක් වන තුරු තම්බා හකුරු සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන හෝ සවස පානය කිරීම යෝග්‍ය වේ. 

එනම් ශරීරය සිසිල් කර ගැනීමට අමතරව මෙම පානයෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 

  • රුධිරය පිරිසුදු කිරීමට 
  • සම පැහැපත් කිරීමට 
  • ආර්තව වේදනාවන් සමනය කිරීමට 
  • මලබද්ධය සමනය කිරීමට 
  • මේ ආදී වූ රෝග සමනය කිරීමට ද රණවරා පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. 

බෙලි මල් පානය දිව්‍යමය ඖෂධීය ගුණයෙන් යුතු පානයක් ලෙස බෙලිමල් පානය හැඳින්විය හැකිය. එනම් බෙලිමල් ,පොතු, බෙලි කටු ,බෙලි ගෙඩි තම්බා පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව දුරු කොට ශරීරය සිසිල් කර ගත හැකිය. එනම් බෙලි යනු ඈත අතීතයේ සිට ම  ඒ සඳහා භාවිතා කළ තවත් එක් ප්‍රචලිත පානයකි. 

මේ සඳහා බෙලි කටු, බෙලි මල් ,පොතු ,බෙලි ගැට යන ආදියෙන් එක් වර්ගයක් භාවිතා කළ හැකිය. බෙලි මල් මිටක් පමන ගෙන බඳුනකට දමා වතුර කෝප්ප හතරක් පමණ එක් කොට එකක් වන තුරු සිඳවා උදෑසන හෝ සවස දිනපතා හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකිය. එමෙන්ම ශරීරය සිසිල් කර ගැනීමට අමතරව

  • චර්ම රෝග සුව කර ගැනීමට 
  • ශරීර දාහය දුරු කර ගැනීමට 
  • දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට 
  • ආහාර රුචිය වර්ධනය කර ගැනීමට 
  • රුධිරය පිරිසිදු කර ගැනීමට 
  • සම පැහැපත් කර ගැනීමට 

මේ ආදී වූ රෝග සමනය කර ගැනීමට  බෙලි මල් පානය ගුණදායකය. නමුදු දියවැඩියාව වැනි රෝග පවතින්නේ නම් බෙලි මල් පානය භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. 

ඉරමුසු පානය ඉරමුසු යනු ආයුර්වේදයේ වැඩි වටිනාකමක් හිමිකර ගත් ඖෂධීය වැල් විශේෂයකි. එනම් ඉරමුසු තම්බා පානය කිරීම මගින් ශරීරය සිසිල් කර ගත හැකිය. මේ සඳහා ඉරමුසු ශාකයම ගෙන සෝදා තම්බා පානය කිරීම ගුණදායකය.එනම් ඉන් ශරීරය සිසිල් කර ගත හැකිය. ඊට අමතරව 

  • රුධිරය පිරිසිදු කර ගැනීමට 
  • චර්ම රෝග සමනය කිරීමට 
  • දියවැඩියාව ඇතිවීම පාලනය කිරීමට 
  • සම පැහැපත් කර ගැනීමට

මේ ආදී වූ රෝග සමනය කර ගැනීමට ද ඉරමුසු භාවිතය සුදුසුය. නමුත් දියවැඩියාව සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. 

හාතාවාරිය-හාතාවාරිය යනු ගුණයෙන් අනූන ඖෂධයකි. එනම් හාතාවාරිය කොළ කැඳ පානය මේ සඳහා ගුණදායකය. එනම් හාතාවාරිය කොළ මිටක් පමණ ගෙන කොටා යුෂ වෙන් කර ගෙන කැකුළු සහල් මිටක් පමණ ගෙන සාමාන්‍ය බතක් ලෙස පිස ගෙන ඊට පොල් කිරි එක්කොට මදක් උතුරවා ඊට හාතාවාරිය කොළ යුෂ සහ රස පදමට ලුණු එකතු කර උතුරවා නිවුණු පසු හකුරු සමඟ පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගෙන ශරීරය සිසිල් කර ගත හැකිය. ඊට අමතරව 

  • දාහය සමනය කර ගැනීමට
  • රුධිරය පිරිසිදු කර ගැනීමට 
  • කුෂ්ට සුව කිරීමට 
  • ශරීරය සිසිල් කිරීමට 
  • ශුක්‍ර වර්ධනය කිරීමට 
  • උදරගත වේදනාවන්ට 
  • මුත්‍ර රෝග සමනය කිරීමට 
  • අක්ෂි රෝග සුව කිරීමට 
  • අතීසාරය සමනය කිරීමට. 
  • ආදී රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 
  • කුරක්කන් කැඳ පානය
  • කිතුල් පිටි කැඳ පානය
  • බාර්ලි පානය
  • සව් කැඳ පානය
  • කස කසා ඇට පානය
  • මොනර කුඩුම්බිය කොළ කැඳ පානය
  • ගොටුකොළ කැඳ පානය
  • එළබටු කොළ කැඳ පානය මේ ආදී වූ පානයන්ගෙන් එක් වර්ගයක් දිනපතා පානය කිරීම මගින් ශරීරයේ දාහය සමනය කරගෙන ශරීරය සිසිල් කර ගත හැකිය.