කොලෙස්ටරෝල් පාලනය කරන කොත්තමල්ලි පානය

health tips

බුද්ධ වර්ෂ 50 ක් පමණ ඈතට දිව යන ඉතිහාසයක් පවතින කොත්තමල්ලි යනු නිවසෙහි පවතින කුළු බඩු වර්ග අතර නැතුවම බැරි තවත් එක් ඖෂධීය කුළුබඩුවකි. එනම් කොත්තමල්ලි ඈත අතීතයේ සිටම ඊජීප්තු වැසියන් හා මැද පෙරදිග රටවල වැසියන් කොත්තමල්ලි භාවිතා කර තිබේ. එනම් කොත්තමල්ලි ආහාර පිසින විට කුළුබඩුවක් ලෙස මෙන්ම ඖෂධීය පානයක් ලෙස ද භාවිතා කළ හැකිය. එනම් ඉන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් සියලු රෝග සමනය කරන ඖෂධීය ගුණයන් කොත්තමල්ලි වල අඩංගුවේ.  විටමින් ඒ ,බී,සී, මැග්නීසියම්,මැංගනීස්, කැල්සියම්, යකඩ,, තන්තු,  ලිනෝලෙයික් අම්ලය, පාමටික් අම්ලය හා ඔලෙයික් අම්ලය යන පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කොත්තමල්ලිවල අඩංගුවේ. මේ නිසා කොත්තමල්ලි ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. කොත්තමල්ලි පානයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් ඉන් වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර ගත හැකිය. 

එනම් මේ සඳහා කොත්තමල්ලි කෝප්ප එකක් පමණ ගෙන හොඳින් සෝදා වියලා බැද  හොඳින් කුඩු කොටා උණුවතුර කෝප්ප එකකට ඉන් තේ හැන්දක් පමණ එකතු කර හකුරු සමඟ පානය කිරීම ගුණදායකය. එනම් ඉන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. නීරෝගී දිවියක් ගත කළ හැකිය. 

කොත්තමල්ලි වල ඖෂධීය ගුණ 

කොලෙස්ට්‍රෝල් පාලනය කිරීම සිදුකරයි.ශරීරගත කොලෙස්ටරෝල් වර්ග දෙකක් පවතින අතර හිතකර කොලෙස්ටරෝල් හා අහිතකර කොලෙස්ට්‍රෝල් ලෙස එම කොලෙස්ටරෝල් හඳුනාගත හැකිය. මෙම කොලෙස්ටරෝල් අතරින් අයපත් කොලෙස්ටරෝල් පාලනය කිරීමට කොත්තමල්ලි පානය භාවිතා කළ හැකිය. එනම් කොත්තමල්ලි වල අඩංගු තන්තු දේහ ගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සිදුකරයි. 

සම පැහැපත් කරයි.කොත්තමල්ලි දිනපතා පානය කිරීම මගින් රුධිරය පිරිසිදුවේ. ශරීරය සිසිල් වේ.  එමෙන්ම කොත්තමල්ලි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක සමෙහි කොලජන් වර්ධනය කර අඳුරු ලප කැලැල් ඉවත් කර සම පැහැපත් කිරීම සිදුකරයි. 

හෘදයට හිතකර වේ.වර්තමානය වන විට හෘද රෝග වලින් බොහෝ දෙනෙකු පීඩා විඳිනු ලබයි. එනම් එසේ හෘද රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අප ගනු ලබන ආහාර රටාව හා ගත කරන වැරදි ජීවන රටාවයි. හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම ඇතිවූ හෘද රෝග නැවත ඇතිවීම වලක්වා ගැනීමට කොත්තමල්ලි පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කොත්තමල්ලි වල අඩංගු පොටෑසියම් රුධිරය කැටි ගැසීම හා අධිරුධිර පීඩනය ඇතිවීම වලක්වා ක්‍රමවත් ව රුධිරය හෘදයට සැපයීම සිදුකරනු ලැබේ. මේ නිසා හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.

මුඛ රෝගයන් සුව කරයි.විදුරුමස් රෝග,මුඛ දුර්ගන්ධය, තුවාල ඇතිවීම… ආදී  මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සමනය කර ගැනීමට කොත්තමල්ලි පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් වැඩි වශයෙන් මෙවැනි රෝග ඇතිවන්නේ ශරීරයේ උෂ්ණාධික භාවය හේතුවෙනි. මෙවැනි අවස්ථාවක කොත්තමල්ලි පානය භාවිතා කිරීම මගින් ශරීරය සිසිල් කරගෙන එම රෝග සමනය කර ගත හැකිය. ඊට අමතරව කොත්තමල්ලි කොළ ස්වල්පයක් ගෙන කොටා එම යුෂ වලින් මුඛය සේදීම මගින්  වේදනාකාරී මුඛ රෝග සමනය කර ගත හැකිය. 

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි. දියවැඩියා රෝගීන්ට භාවිතයට සුදුසු පානයක් ලෙස කොත්තමල්ලි පානය හැඳින්විය හැකිය. එනම් කොත්තමල්ලි පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු තන්තු රුධිර ගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර දියවැඩියාව ඇති වීම පාලනය කිරීම සිදුකරයි. ඊට අමතරව කොත්තමල්ලි කොළ සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීම මෙන්ම ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස කොත්තමල්ලි ආහාර වලට එකතු කර ගැනීම ගුණදායකවේ. නමුත් කොත්තමල්ලි පානය භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත්වේ. 

පිළිකා රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.බොහෝ දෙනෙකු අදවන විට පිළිකා රෝගීන් බවට පත්ව තිබේ. එනම් ඊට හේතුව වන්නේ අප ගත කරන වැරදි ආහාර රටාව හා ජීවන රටාවයි. නමුත් දිනපතා කොත්තමල්ලි පානය කිරීම මගින් පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් කොත්තමල්ලි වල අඩංගු විටමින් ඒ, බී,සී වැනි ප්‍රතිවීමයි.ඔක්සිකාරක පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. එනම් පිළිකාවට ගොදුරු වූ පුද්ගලයින්ට මෙන්ම පිළිකා ඇතිවීම වලක්වා ගැනීමට ද කොත්තමල්ලි පානය භාවිතය වඩාත් ගුණදායකය.

රක්තහීනතාවය ඇතිවීම පාලනය කරයි. රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය ඇතිවේ. එනම් මෙසේ රක්තහීනතාවය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයට අවශ්‍ය යකඩ ඌන වීමයි. මෙම රෝග තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම ඇතිවූ රක්තහිනතාවය සමනය කර ගැනීමට කොත්තමල්ලි දිනපතා පානය කිරීම ගුණදායකය. එනම් ඉන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය ඇතිවීම වළක්වනු ලබයි. 

  • රක්තවාතය සමනය කිරීමට
  • උදරය ආශ්‍රිත රෝග සමනය කිරීමට
  • අරුධිර පීඩනය පාලනය කිරීමට
  • කැරකැවිල්ල හා සිහිමුර්ජා ගතියට 
  • ඔසප් වේදනාවන් සමනය කිරීමට
  • ආතරයිටිස් රෝගයට 
  • ශරීරය සිසිල් කර ගැනීමට
  • ඉදිමුම් වේදනාවන් සමනයට
  • අක්ෂි රෝගයන්ට.
  • මුත්‍ර රෝග සමනය කිරීමට
  • ශරීරයේ විෂ ඉවත් කර ගැනීමට.
  • සෙම්ප්‍රතිශ්‍යාව,උණ සමනයට මේ ආදී වූ රෝග සුව කර ගැනීමට ඖෂධයක් ලෙස කොත්තමල්ලි කොළ,ඇට ඖෂධ ලෙස භාවිතා කළ හැකිය.