හිමාලයේ සෘෂිවරු පවා හිස්බඩට කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීමට හේතු 12 ක්

health tips

පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වන කොත්තමල්ලි යනු ආයුර්වේදය තුළ ඉහළ වටිනාකමක් හිමිකර ගත් ඖෂධීය කුළු බඩුවකි. එනම් රෝග  ගණනාවක් සුව කර ගැනීමට එක් කොත්තමල්ලි  වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසු වන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

එනම් එනම් අඩි දෙකක් පමණ උසට වැඩෙන කොත්තමල්ලි ශාකය ළා කොළ හෝ දම් පැහැති කඳක් දරණ ශාකයකි.  පත්‍ර ඒකාන්තර සංයුක්ත පත්‍ර වන අතර  වර්ග දෙකකින් දැකගත හැකිය.ගසේ ඉහළ කොටසේ  හටගන්නා පත්‍රවල නටුව කෙටි වන අතර පහළින් හටගන්නා පත්‍ර වල නටුව දිගුය. එමෙන්ම ශාකයේ පත්‍ර ඛණ්ඩ යුගල කිහිපයකට බෙදී පවතී. ඒක ලිංගික හෝ ද්වී ලිංගික මල් කඳෙහි පැහැය අනුව සුදු හෝ දම් පැහැයෙන් යුතුවේ.  කුඩා වටකුරු මනිපත්‍ර මිරිකූ විට  කැඩී අර්ථ ගෝලාකාර කෝෂ්ඨ දෙකකට වෙන්වන අතර කෝෂ්ඨයක එක් බීජයක් අඩංගුවේ. එනම් මෙම ඵලයෙහි වාෂ්ප වී යන තෙල් වර්ගයක් අඩංගු වන අතර බීජ සුවඳවත් වේ.

පෙර සඳහන් කළ පරිදි කොත්තමල්ලි වීදුරුවක් පානය කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. ඊට හේතුව කොත්තමල්ලිවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි.

  • විටමින් A,B,C,K
  • මැග්නීසියම්
  • මැංගනීස්
  • යකඩ
  • තන්තු

ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර වේ. එනම් කොත්තමල්ලි බීජ ගෙන සෝදා හොඳින් වියළා  කබලේ බැද කුඩු කොටා ඉන් තේ හැඳි එකක් උණුසුම් වතුර වීදුරුවකට  දමා තැම්බෙන්නට තබා  හකුරු සමඟ  පානය කිරීමෙන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. ඊට අමතරව කොත්තමල්ලි කොළ ආහාර පිසින විට හෝ සලාද සකස් කර භාවිතා කරනු ලැබේ.

දිනකට කොත්තමල්ලි වීදුරුවක් පානය කිරීමෙන් සුවකරගත හැකි රෝග.

ශරීරගත දාහය සුව කර ගත හැකිය.බොහෝ දෙනෙකුට ඇතිවන ශරීර ගත දාහය සමනය කරගැනීමට කොත්තමල්ලි පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය එනම් කොත්තමල්ලි වල අඩංගු සිසිල් ගුණය ශරීර ගත දාහය සමනය කර ශරීරය සිසිල් කරනු ලැබේ.

ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීම පාලනය කරගත හැකිය.ගැස්ට්‍රයිටීස් රෝගය ඉතා පීඩාකාරී රෝග රැසකට අත වනන තවත් එක් නිදන්ගත රෝගයකි. එනම් මෙය ලොකු කුඩා සෑම දෙනාටම පාහේ වර්තමානය වනවිට පවතින අතර මෙය සුව කර ගැනීම සඳහා කොත්තමල්ලි පානය භාවිතා කිරීම සුදුසු වේ. එනම් කොත්තමල්ලි මගින් උදරගත ආම්ලික තාවය වැඩිවීම පාලනය කර ගැස්ට්‍රයිටිස් ඇති වීම වළක්වනු ලැබේ.

උණ සුව කරගත හැකිය.උණ රෝගීන් සදහා කොත්තමල්ලි පානය ලබාදීම වඩාත් සුදුසු වේ. එනම් කොත්තමල්ලි වල අඩංගු විටමින් A,B,C ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර උණ සහ උණ රෝග හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා පාලනය කිරීම සිදු කරනු ලැබේ.

පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කර ගත හැකිය.මිනිසාගේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වීම අත්‍යවශ්‍ය වේ. එනම් මේ සඳහා කොත්තමල්ලි පානය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් කොත්තමල්ලිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කර මේදය දහනය කිරීම හා ශරීරයේ බර අඩු කිරීම සිදුකරනු ලැබේ.  එනම් මේ නිසා  පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කර ගැනීමට පමණක් නොව ශරීරයේ බර අඩු කරගැනීමට ද කොත්තමල්ලි පානය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

ආහාර ජීර්ණය පද්ධතිය ක්‍රමවත් කර ගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්  ඇතිවීම වළක්වා ගැනීමට හා සුවකර ගැනීමට කොත්තමල්ලි වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ. එනම් කොත්තමල්ලි වල අඩංගු තන්තු බඩවැල්වල ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලැබේ. එනම් ඉන් හොඳින් ආහාර ජීර්ණය වීම සිදුවේ.

ආමාශගත රෝග සුවකර ගත හැකිය.ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන ආමාශගත රෝග එනම් උදරගත බඩ පිපුම, අජීර්ණය, කෑම නොදිරවීම, කෑම අරුචිය වැනි රෝග සුවකර ගැනීම සඳහා කොත්තමල්ලි  පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් සියලු උදරගත රෝග සුවකර ගත හැකිය. ඊට අමතරව  වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින්  ගෙන සිනි  දමා  හෝ නොදමා  උදේ  සවස පානය කිරිමද ගුණදායකය.

ආර්තවය හේතුවෙන් ඇතිවන වේදනාවන් සුව කරගත හැකිය.බොහෝ කාන්තාවන් ආර්තවය හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා නිසා පීඩාවට පත්ව සිටි. එනම් එම රෝග සංකූලතාවයන් සමනය කරගැනීමට කොත්තමල්ලි පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. වඩාත් සුදුසු ප්‍රතිඵල ලබා ගැනීමට උදෑසන හිස් බඩට මෙය පානය කිරීම යෝග්‍ය වේ.මීට අමතරව

  • අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා
  • රක්තහීනතාවය සුවකර ගැනීම සඳහා
  • දියවැඩියා රෝගීන් සඳහා
  • ස්වසන රෝගීන් සදහා
  • රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා

දද කුෂ්ට රෝග සුවකර ගැනීම සඳහා මේ ආදී වූ රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා කොත්තමල්ලි පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. නමුත් නිදන්ගත රෝග වන දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් සදහා කොත්තමල්ලි පානය කරන්නේ නම් රුධිරගත සීනි මට්ටම නිතර පරීක්ෂා කර බැලිය යුතුය. ඊට අමතරව වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නම් වඩාත් සුදුසුවේ